ඇවන්ගාඩ් අල්ලස් සිද්ධිය : චුදිතයන්ට ඇපදීම නිවැරදි බව මහාධිකරණය තීන්දු කරයි

Published in පුවත්
Friday, 30 June 2017 16:54

රක්නා ආරක්ෂක ලංකා ආයතන්යේ හිටපු සභාපති හා ඇවන්ගාඩ් සමාගමේ සභාපතිවරයා අල්ලස් චෝදනාවක් මත අත් අඩංගුවට ගත්තද මහෙස්ත්‍රාත් අධිකරණය විසින් එදිනම ඇප ලබාදීම සම්බන්ධයෙන් වන තීන්දුව අභියෝගයට ලක් කරමින් අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ නඩු පැවැරූ අතර එහි තීන්දුව අද දින ප්‍රකාශයට පත් කරමින් විනිසුරු පියසේන රණසිංහ මහතා පැවසූවේ මහෙස්ත්‍රාත් අධිකරණය ඇප ලබා දීමේ තීන්දුව නිවැරදි බවය. ඒ අනුව අල්ලස් කොමිසම එම ඇප අවලංගු කරන ලෙස කළ ඉල්ලිම ප්‍රතික්ෂේප කෙරිනි.

දක්‍ෂිණ මුහුදු තීරයේ පාවෙන අවි ගබඩාවක් ස්ථාපිත කිරීම සම්බන්ධව කරන ලද විමර්ශනයේදී රුපියල් ලක්‍ෂ 355ක මුදලක් අල්ලස් වශයෙන් පිරිනැමූ බවට සහ එය ලබාගත් බවට චෝදනාවට සැකපිට අත්අඩංගුවට ගත් ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපතිව සහ රක්නා ලංකා සමාගමේ සභාපතිව සිටි විශ්‍රාමික මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දුව ඇප මත මුදාහරිමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා 2016 සැප්තැම්බර් 6 වැනි දින රාත්‍රියේදී ලබාදුන් නියෝගයට එරෙහිව අල්ලස් කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් ඩිල්රුක්‍ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය මහාධිකරණයට මෙම ප්‍රතිශෝධන අයැදුම්පත ගොනු කර තිබිණි.


ඇවන්ගාර්ඩ් අධිපතිවරයා විසින් පාලිත ප්‍රනාන්දු පදනමට ක්‍රීඩා සංවර්ධනය වෙනුවෙන් කළ ප්‍රදානයක් ලෙසින් මෙම මුදල ලබා දුන් බව පැවැසේ. එවකට පාලිත ප්‍රනාන්දු මහතා මළල ක්‍රීඩා සංගමයේ සභාපතිවරයාව කටයුතු කළේය. එහෙත් මෙම මුදල් ප්‍රදානය ඇවන්ගාර්ඩ් සමුද්‍රාරක්ශක කටයුතු වෙනුවෙන් රක්නා ලංකා සමගමේ නිලධාරීන්ගේ සහය ලබා ගැනීමට ප්‍රදානය කළ අල්ලසක් බවට අල්ලස් කොමිසම චෝදනා කළේය.

එහෙත් මුදල් ප්‍රදානය කළ එම පදනම නිත්‍යාණුකූල බවත් එම ගනු දෙනුව බැංකු හරහා සිදුව තිබීමත් හා අනෙකුත් ලියකියවිලි නියමාකාරයෙන් පැවතීමත් නිසා මෙය අල්ලසක් ලෙස හැඳින්විය නොහැකි බව මෙන්ම මෙය වැටලීමක් නොවීමත් ආදී කාරනා නිසා මෙය අල්ලසක් ලබාදිමක් ලෙස සැලකිය නොහැකි බව විත්තිකරුවන්ගේ පාර්ශ්වයේ නිතිඥවරු පෙන්වා දෙයි. මෙම පදනම අරමුදල සඳහා සේනාධිපති මහතා ඇතුලුව තවත් 5 දෙනෙකු ද අරමුදල් සපයා දී තිබේ.

2016 වසරේ සැප්තැම්බර් 30 දා අත් අඩංගුවට ගැනීම සිදුවන විට ඇවන්ගාර්ඩ් සමාගම රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ පූර්ණ ආශිර්වාදය අනුව එම ව්‍යාපාර සිදු කරගෙන යෑමත් මෙම අත් අඩංගුවට ගැනීම වැටලීමක් නොව විවෘත පරීක්ෂණයක් වීමත් විවෘත පරීක්ෂණ වලදී අත් ආඩංගුවට ගන්නා සැකකරුවන්ට ප්‍රථම අවස්ථාවේදීම ඇප ලබාදීමේ පූර්වාදර්ශයන් තිබීමත් තු‍ටු පඬුරක් ලෙස ලබා දුන් මෙම මුදල අදාල භාරය තුල පරිහරණයට නොගෙන වසර ගනනාවක්ම ස්ථාවර තැන්පතුවක් ලෙස පැවැතීමත් එම පෞද්ගලික ගිණුමක් නොවීමත් පළමු සැකකරු යුධ හමුදාවේ ක්‍රියාන්විත රාජකාරියේ සිටියදී සිදු කළ මෙහෙයත් දෙවන සැකකරුගෙ රෝගී බාවයත් ආදී සුවිශේෂි කරුණු මත මෙම ඇප ලාබා දීම සිදු කර තිබිණි. එමෙන්ම මෙම සුවිශේෂි කරුණු අසත්‍යක් බව විමර්ශන වලදී හෙළි වුවහොත් පමණක් ඇප අවලංගු කරන බවත් එහිදී දැන්වීය.

මෙහිදී පාලිත ප්‍රනාන්දු මහතා වෙනුවෙන් නීතිඥ ගාමිනී මාරපන මහතාද නිශ්ශංක සෙනාධිපති මහතා වෙනුවෙන් නීතිඥ රොමෙෂ් ද සිල්වා යන මහත්වරු පෙනී සිටියහ. අල්ලස් කොමිසම වෙනුවෙන් එහි හිටපු කොමසාරිස් රජයේ නීතිඥ ජනක බණ්ඩාර මහතා පෙනී සිටියෙය.


ඇවන්ගාර්ඩ් මෙරිටයිම් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා විසින් රක්නා ලංකා සමාගමේ සභාපති ලෙස කටයුතු කළ මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු වෙත අල්ලසක් ලබා දීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර තිබෙන නඩුව අගොස්තු 28 වනදා නැවත කැඳවීමට නියමිතය.

මේ කෙසේ නමුත් ඇවන්ගාර්ඩ් සමාගම, ශ්‍රිලංකා නාවික හමුදාව විසින් සමුද්‍රාරක්ෂක කටයුතු සඳහා නිකුත් කරනු ලබන අවි ගබඩාකර තබා ගැනීම තව දුරටත් සිදු කරමින් පවතින බව වාර්තාවේ. එම සමාගම සතුව රතු මුහුදේ පවත්වාගෙන යන පාවෙන අවිගබඩාව මේ වෙනුවෙන් යොදා ගනු ලබයි. එමෙන්ම එම ව්‍යාපාරය සම්බන්ධයෙන් රක්නා ආරක්ෂක සමාගම සමඟ එළඹ තිබු ගිවිසුම කඩ කිරීම නිසා සිංගප්පුරුවේ බේරුම් කරන මණ්ඩලයක් හමුවෙ එම සමාගම රක්නා ලංකා අයතනයට එරෙහිව පැවරූ නඩුවද ජය ගෙන තිබූ අතර එහිදී රුපියල් මිලියන 840 ක මුදල් එම සමාගමට වන්දි ලෙස ගෙවීමට සිදු විය. මිට අමතරව නාවික හමුදාව විසින් එම ව්‍යාපාරය පවරා ගැනිමට එරෙහිව නඩුවක් ගොනු කර ඇති අතර එය මේ වන විට විභාග වෙමින්ද පවතී.

සැබැඳි පුවත් 

ආණ්ඩුව පචවෙයි. ඇවන්ගාර්ඩ් ව්‍යාපාරය කොල්ලකෑවාට මිලියන 840 වන්දි ගෙවන්න සිදුවෙයි. 

පුස්ස බින්ද ඇවන්ගාඩ් විමර්ශනය

අලුත් ආණ්ඩුවේ පළමු නිළ මාධ්‍ය දඩයම! සුභාෂ් - දීප්ති CID යට

සත්හඬ නියෝජ්‍ය කර්තෘ රහස් පොලිසියට ! 

ඇවන්ගාර්ඩ්ගෙන් සල්ලි ගත්තු බව රාජිතගේ මිතුරා පිළිගනී (හඬපටය) 

ඇවන්ගාර්ඩ්ට ගෝඨා සැලකුවේ මිලියන 500ක අල්ලසක් නිසාලු 

පාවෙන අවිගබඩා ව්‍යාපාරය මහරාජාට ! රුවන් උගුලක, අර්ජුන ගිනි පිබියි, අනුර හොරි කසයි.

අවි ගබඩා චෝදනාවෙන් ඇවන්ට් ගාර්ඩ් නිදහස්

නිශ්ශංකව හිර කරන්න අලුත් පැමිණිල්ලක්. 

ඇවන්ට්ගාඩ් නිශ්ශංක අත්අඩංගුවට ගන්න ඇමැතිවරයෙකුට ලොකු උනන්දුවක් 

ඇවන්ට්ගාඩ් සිද්ධිට ගෝඨා, නිශ්ශංක සමඟ 5 ක් අත්අඩංගුවට ? 

ආරක්ෂක ලේකම් ඉවත් කරන්න - චන්ද්‍රිකාගෙන් ඉල්ලීමක්

අනුර කුමාරට එරෙහිව රහස් පොලිසියට පැමිණිලක් 

ඇවන්ගාර්ඩ්ට එරෙහි චෝදනා; නිශ්ශංක රහස් හෙළි කිරීමේ සූදානමක

ගෝඨා සහ සමාගම් බේරාගැනිමට ආණ්ඩුවේ උත්සාහයක් 

පාවෙන අවි ගබඩා තුනෙන්, එකයි පොලිස් අත්අඩංගුවට ගත්තේ 

B Report aventgard

Leave a comment

worky

worky1

ld add copy

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

Connet With Us