රිදීගම, ගොම්මුන්නාව කඳුපන්තිය සුද්ද කරන්න අවසරය දීලා.. දැදුරු ඔය මුළුමනින්ම හිඳෙන ලකුණු.

Published in පුවත්
Monday, 26 June 2017 15:17

ජනතා විරෝධය මත නවතා තිබූ රිදීගම ප්‍රාදේශිය මහ ලේකම් කාර්යාලය විසින් 2017.05.17 වන දින DIVRI/LAD/5/1/Sanso/2-59 ලිපිය පදනම් කරගනිමින් ගොම්මුන්නාව කඳු පන්තිය වැනසීම යළි අරඹා ඇත.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම ප්‍රාදේශිය ලේකම් බලප්‍රදේශයේ මුහුදු මට්ටමේ සිට අඩි 300 පමණ උසින් ගොම්මුන්නාව කඳු වැටිය හා ගල්මුල්ල මූකලාන රක්ෂිතය පිහිටා ඇත. මධ්‍යම කඳුකරයේ ආරම්බක කඳු පන්තියක් වන ගොම්මුන්නා කන්ද කුරුණෑගල හා මහනුවර දිස්ත්‍රක්ක බෙදා වෙන් කරන මායිම ලෙසද පිහිටා ඇති අතර පූරාණ කාලයේ නුවර දෙසට යන මිනිසුන් ගමන් ගත් අඩි පාරවල් තවමත් මෙම ප්‍රදේශයේ දක්නට ඇත . පාරාගොඩ අවසාන ගම් සිතියම මගින් අංක 217 FVP/PARAGODA NWP අක්කර 07 යි පර් 29 ගල්මුල්ල මූකලාන රක්ෂිතය ලෙස නම් කර ඇති අතර එම රක්ෂිත කලාපයද ගෙම්මුන්නා කන්ද තුල පිහිටා ඇත. මෙකී ගල්මුල්ල රක්ෂිතය හා ගොම්මුන්නා කන්ද ගල් කොරියකට හා ලී මොලකට බදු දීම මේ වන විට සිදුකර ඇත.


ගොම්මුන්නා කන්ද හා ගල්මුල්ල රක්ෂිතය තුල අක්කර 225 ක භූමි භාගයක් පුරා මෙම දැවැන්ත වීනාශය සිදුකිරීම ආරම්බ කර ඇති අතර විලියමි වුඩිස් ලී නම් ආයතනයක් විසින් ගල් කැඩීම හා ගස් කැපීම ආරම්බකර ඇත.

පරිසර ආරක්ෂණ බල පත්‍ර අංක NW/KG/PRD/TW/L/153/2015-68/2015/RPS මගින් දැව ඉරුම්හලක් පවත්වා ගන යාමට අවසර ලබාගෙන ඇති අතර ගල්මුල්ල රක්ෂිතයෙත් වීශාල ප්‍රදේශයක් මෙම බලපත්‍රය භාවිතා කරමින් මේවන විටත් වීනාශකර දමා ඇත.

ගොම්මුන්නා කන්ද තුල දෙදහස් දහසය වර්ෂයේ අවසාන භාගයේ ගල් කැඩිම ආරම්බ වූ අතර පසුගිය කාලයේ අඩි 10 පමණ ගැඹුරු ගල් බොර 50 පමණ දිනකට දමා කන්ද තුල දැවැන්ත වීනාශයක් සිදුකරන ලදී. එම විනාශයේ ප්‍රමාණය තවත් තීවෘර කරමින් භූ විද්‍යා හා පතල් කාර්යංශය මගින් කැණීම් බලපත්‍ර IML /B/HO/10390 යටතේ තව තවත් ගල් කඩා ඉවත් කිරිමට 2017.03.02 අවසර දී ඇත.

මොරන් කන්ද හා ගොම්මුන්නා කන්ද දැදුරුඔයේ ප්‍රධානතම ජලමූලාශ්‍ර දෙකයි . මෙම ප්‍රදේශයේන් ආරම්බ වන දැදුරු ඔය කිලෝමීටර් 142 පුරාවට ජලය සපයා හලාවතින් මුහුදට වැටෙන තෙක් කුරුණැගල "වැල්ලව "ගනේවත්ත" නිකවැරටිය " හලාවත යන ප්‍රදේශවලට බෙදන්නේ ගොම්මුන්නා කන්ද හා මොරන් කන්දේ ජලමුලාශ්‍ර වලින් වෑහෙන ජලයය.

ගල් කොරියකට බදු දී ඇති ගොම්මුන්නා කන්ද ජෛව විවිධත්වයෙන් ඉතා පොහොසත් ප්‍රදේශයක් වන අතර අතරමැදි කලාපයේ භූමි භාගයකට අයත් වන ප්‍රදේශයක් නිසා සුවිශේෂි වු ශාඛ හා සත්ව වීශේෂ මෙම ප්‍රදේශයේ දක්නට ඇත. ශාඛ විවිධත්වය අතින් ඉතා පොහොසත් මෙම කඳු පන්තිය තුල ඉබුල්, රුක් අත්තන ,හොර , වල්දෙල් අංකෙන්ද, මී ,ඇටඔ , බට , බලු දං , බදුල්ල , මිල්ල , වල් දෙල් , නියගලා , වැල්බටු , කෙට කිඹුල , මාවුස්සා, ඇත් අඩි, අක්කපාන , දිවිකදුරු , කොහු කිරිල්ල , තිත්ත වැල් , පුස් වැල් වැනි ගස් හා වැල වර්ග ද මීවන හා නියද විශේෂද දක්නට ඇත.

මෙම ප්‍රදේශයේ කළුඋකුස්සා (Ictinaetus malayensis ) , වඳුරා (Trachypithecus vetulus) , රත් නලල් කොට්ටොරුව (Megalaima rubricapilla ) , අළු කැදැත්තා (Ocyceros gingalensis) , වල් ඌරා (Sus scrofa ) , රිලවා (Macaca sinica) , ගිරා මලිත්තා (Loriculus beryllinus ) , නයා( Naja Naja) පොළගා (Daboia russelii Russelli), මීමින්නා (Ratufa macroura macroura ) ,දඬු ලේනා (Ratufa macroura sp) , රන් හෝතම්බුවා (Paradoxurus zeylonensis) , කබල්ලෑවා (Manis crassicaudata ) , ඉත්තෑවා (Hystrix indica) වැනි සත්ව වීශේෂ ක්ෂේත්‍ර අධ්‍යනය තුලදී දක්නට ලැබිණි .

මෙම කඳු වැටිය තුල දැනට සිදුවෙමින් පවතින වන සංහාරය නිසා ඉහත පෙන්වා දුන් ජෛව විවිධත්වය සම්පූර්ණයෙන්ම විනාශ වීමට පටන්ගෙන ඇතුවා පමණක් නොව ප්‍රදේශයේ වීශාල ලෙස ජල මූලාශ්‍ර සිඳීයාම ආරමිබ වී ඇත . එම නිසා දැනටමත් ප්‍රදේශය පුරා විශාල ජල හිඟයක් ආරමිබ වී ඇති අතර දැදුරු ඔයේ ජල ප්‍රවාහය විනාශ වී යාමට හා ගලන ජල ප්‍රමාණයද මේවන විට අඩු වෙමින් පවති.

ඉකිරිවත්ත ,පොල්ගොල්ල, රණමුකයා තැන්න, වැලිහිරිය , කෝන්ගහහේන , වෙල්ලේගොඩැල්ල , බොකනියාව ,ඇලවත්ත හේන , පරාගොඩ ,දොඩන්වල ,ගොම්මුන්නාව ,දෙඹගොල්ල, කෝන්ගහහේන යන ගම්මාන වල ජලමූලාශ්‍ර සිඳීයාම නිසා ජලය නොමැතිව ගම් වැසියන් 2800 ආසන්න ප්‍රමාණයක පිඩාවට පත්ව ඇත. එමෙන්ම මෙම ප්‍රදේශ මුල් කරගනිමින් ගොඩ ගොවිතැන හා මඩ ගොවිතැන අක්කර 300 කට වැඩි ප්‍රමාණයක් පුරා ව්‍යාප්තව සිදුකරනු ලැබූ අතර ගොම්මුන්නා කන්දේ ගස් කැපීම හා ගල් කැඩීම ආරම්බ වූ දා පටන් ඇති වී ඇති ජල හිගය නිසා බීමට පමණක් නොව ගොවිතැනට පවා අවශ්‍ය ජලය සපුරාගැනීමට නොහැකී වී ඇත..

මෙම විනාශය දිගින් දිගටම සිදුවුවහොත් මෙම ප්‍රදේශයම උග්‍ර ජලහිඟයකට මුහණ දෙනවා ඇත. එපමණක් නොව මෙය වයඔ පළාත තූළම ජල අර්බුදයක් ඇති කිරීමට හේතුවන පරිසර විනාශයකි .

ගොම්මුන්නාව කඳු පන්තිය පෙරදී මිනිරන් ගැනීම සදහා අභ්‍යන්තර කැණිම විශාල සංඛ්‍යාවක් කළ ප්‍රදේශයකි . දැනටත් එම ප්‍රදේශය පිටතට විවෘත වූ පතල් ගණනාවක් දක්නට ලැබේ. සුරීයගහ පතල දියබෝල පතල බලුදෝනාව මහවෙලේ දෝනාව වැනි උමං විශාල සංඛ්‍යාවක් ඇත . ගොම්මුන්නාව කන්ද බෝරගසා පිපිරවීම තුලින් මෙම දොනා තුල පිපිරීම් ඇති වී ඒවා කඩාවැටීම මේවන විට ආරමිබ වී ඇත . මෙම තත්වය තුල වැසිකාලයේදී මෙම කන්ද නායයාම සියුම්ව ආරමිබ වී තිබෙන බව හොඳින් දක්නට ලැබෙන කාරණයකි. මෙම කන්දේ ඇති නාය යෑමෙ අවදානම නිසා ප්‍රදේශය පුරා ඇති ගම්මානවල ජනතාවගේ ජීවීත ඉතාමත් අවදානමක පවති.

මෙම කන්ද තුල ගල් කැඩීමට හා අක්කර 225 ගස්කපා ඉවත් කිරිම සඳහා භූ විද්‍යා හා පතල් කාර්යාංශය අවසර දී ඇත්තේ ප්‍රදේශවාසී ජනතාවගේ මෙන්ම සතා සිවිපාවගේ ජීවිත දහස්ගණනක් අනතුරේ හෙළමිනි.
ජාතික පාරිසරික පනත අනුව මෙවන් වීශාල පරිමාණ ව්‍යාපෘතියක් සිදු කරන විට පාරිසරක අධ්‍යයන වාර්ථාවක් කළයුතුව තිබුණත් එවන් නිසි අධ්‍යනයක් හෝ මෙම ව්‍යාපෘතිය සදහා සිදු කර නොමැත.

පුරා විද්‍යාත්මකව ඉතා වැදගත් භූමි භාගයක් වන ගොම්මුන්නා කන්දේ පුරාවිද්‍යාත්මක ගවෙෂණ කිසිවක් සිදු වී නැත. පුරාණ කටාරම් සහිත ගල් ගුහා හා නටබුන් හා පුරාණ වාරි කර්මාන්තයේ ශේෂ වී ගිය අංග මෙහි දක්නට ඇත. මෙය පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස නම්කළයුතුව තිබූණත් මධ්‍යම පරිසර අධිකාරිය පරිසර අමාත්‍යංශය හා ප්‍රාදේශිය ලේකම් කාර්යාලය මෙම කදු පන්තිය විනාශයට අවශ්‍ය ඉඩ සලසා ඇත.

මෙම කන්ද ගල් කොරියක් බවට පත් වීම නිසා ප්‍රදේශ වාසී ජනතාව ජල හිඟය හා සුන්දර පරිසරය අහිමිවීමත් නාය යෑමෙ අවධානම නිසාත් දැඩි පීඩාවකට පත්ව ඇත .එම නිසා මෙය 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 98 වන වගන්තියට අනුව මහජන පීඩාවක් ඇතිවන අයුරින් ක්‍රියා කිරීමක් නොහොත් බරපතල අපරාධයකි .

පරිසරය සුරකීමට බැදී සිටින ආයතන හා නිලධාරීන් එය නැසීමට කොමිපැණිකාරයින් වෙනුවෙන් පෙනී සිටින විට සතා සිව්පාවා, බිංකරේ වතුර ටික මෙන්ම මිනිසුන් බේරාගැනීම වෙනුවෙන් මහ ජනතාව එක්වී හඬනැඟිය යුතුය . එය ගොම්මුන්නා බේරාගැනිම වෙනුවෙන් නොව සමස්ත පරිසරය හා සමාජය බේරාගැණිම වෙනුවෙන් අප සටන් කළ යුතුව ඇත.

- රවීන්ද්‍ර කාරියවසම්

gommunnawa2gommunnawa1

 

Leave a comment

Gossip

රාජපක්ෂවරුන්ට ජෝක් කළැයි සුනිල්ට ආයෙත් ගහලා

රාජපක්ෂවරුන්ට ජෝක් කළැයි සුනිල්ට ආයෙත් ගහලා

ඊයේ රාත්‍රීයේ වත්තල, සෙන්ට් ඇන්තනීස් විද්‍යාලයීය ආදී ශිෂ්‍ය කණ්ඩායමක් විසින් සීදූවේ හෝටල...

ජාතික රූපවාහිනී අධ්‍යක්ෂ ජනරාල් නළුකමට, ජනපතිගේ ආසාවලු

ජාතික රූපවාහිනී අධ්‍යක්ෂ ජනරාල් නළුකමට, ජනපතිගේ ආසාවලු

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ තුසිර මැලැව්වෙතන්ත්‍රී මහතා සිය තනතු...

මහින්දගේ මැයි දින ‍රැළියේ වියදම කෝටි 18 පනී !

මහින්දගේ මැයි දින ‍රැළියේ වියදම කෝටි 18 පනී !

පසුගිය මැයි පළමුවනදා ගාලු මුවදොර පිටියෙහි පැවැති ඒකාබද්ධ විපක්ෂ මැයි දින ‍රැළිය හා එම පෙලපාළියෙහ...

මුදල් ඇමැතිකම වෙනුවට රවීට ලොකු තනතුරක් යෝජනා වේ. රවී බෑ කියයි.

මුදල් ඇමැතිකම වෙනුවට රවීට ලොකු තනතුරක් යෝජනා වේ. රවී බෑ කියයි.

එජාප උප නායක රවී කරුණානායක මහතා එම පක්ෂයේ ළඟ නායකත්ව අනුප්‍රාප්තිකයා ලෙස නම් කොට මුදල් අමාත්&zwj...

අනං මනං

Connet With Us

       Google+