නව මුදල් ඇමතිටත් කොළේ වහල ගහන ගේමක් සුරා බදුවේ

Published in පුවත්
Monday, 05 June 2017 14:22

මත්පැන් අලෙවියේ දී රජයට අය විය යුතු බදු මුදල් ක්‍රමවත්ව අයකර ගැනීම සඳහා විශේෂ ආරක්‍ෂිත ස්ටිකරය (fool proof) මුද්‍රණය කිරීම සඳහා වන ටෙන්ඩරය නිසි ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව ඉන්දීය සමාගමකට ලබාදීම සඳහා පසුගිය කාලයෙ ගත් උත්සාහය මේ වන විටත් ක්‍රියාත්මකව පවතින බව දැන ගැනීමට තිබේ.

මෙම ටෙන්ඩරය Madras security printers නම් ඉන්දීය සමාගම වෙත ලබා දීම සඳහා වත්මන් සුරාබදු කොමසාරිස් ජනරාල් ඒ. බෝදරගම මැදිහත්ව කටයුතු කරමින් සිටින බව ට සාධාරණ සැකයක් ද මතුව තිබේ. ඒ මන්ද යත් මුල් අවස්ථාවේ දී බෝදරගමගේලාගේ නිර්දේශ පදනම් කරගෙන madras security printers වෙත ටෙන්ඩරය ලබා දීමට වන යෝජනාව කැබිනට් මණ්ඩලය වෙත එවකට මුදල් අමාත්‍යවරයා වූ රවී කරුණානායක හරහා ඉදිරිපත් වීමත් ඒ එලෙසම නව මුදල් අමාත්‍ය මංගල සමරවීර මඟින් ද ඉදිරිපත් කිරීමට උත්සහ ගන්නා බැවිනි. බෝදරගම මහතා සුරාබදු කොමසාරිස් ජනරාල්ධුරට පසුගියදා පත්කරනු ලැබ ඇත්තේද නව මුදල් ඇමැතිවරයා විසින් බවටද තොරතුරු වාර්තාවේ. (එහෙත් මුදල් අමාත්‍යංශ වෙබ් අඩවියෙහි සුරාබදු කොමසාරිස් ජනරාල් වරයා ලෙස තවමත් සටහන්ව ඇත්තේ හිටපු කොමසාරිස් ජනරාල් එල්.කේ.ජී. ගුණවර්ධන මහතාගේ නාමය වුවත් සුරා බහු දෙපාර්තමෙන්තු වෙබ් අඩවියෙහි කොමසාරිස් ජනරාල් වරයා ලෙස ඒ බෝදරගම මහතාගේ නාමය සටහන්ව ඇත. මෙහි නිවැරදි කුමක්ද යන්න ගැටලුවක්ද පවතී)

මේ සම්බන්ධව ලැබී ඇති වාර්තා වලට අනුව මෙම fool proof ස්ටිකරය සඳහා වන ටෙන්ඩරය 2016 වසරේ පළමු වර කැඳවූ අවස්ථාවේ එවකට නියොජ්‍ය සුරාබදු කොමසාරිස් ජනරාල් (ආදායම්) ඒ. බෝදරගම සභාපතිධුරය ඉසිළු තාක්ෂණික කමිටුව විසින් Madras security printers සමාගම වෙත ලබාදීමට සුදුසු බවට නිර්දේශ ඉදිරිපත් කර ඇත. ඒ madras security printers සමාගම අදාළ ටෙන්ඩරය වෙනුවෙන් ස්ටිකර් 1000 ක් සඳහා ඩොලර් 3ක් ලෙස අඩුම මිල ගණනක් ඉදිරිපත් කළ පදනමින්ය. එහෙත් ප්‍රසම්පාදන කමිටුවේ බහුතරයක් Madras security printers නම් සමාගමේ මිල ගණන් ඉදිරිපත් කිරීම සැක සහිත බවත් අදාළ කටයුත්තෙ තාක්ෂණික සහ ආරක්‍ෂිත අපේක්ෂා සපුරාලීමට තරම් මේ සමාගම සමත් වේද යන්න ප්‍රශ්නකාරී බවත් පිළිගෙන ඇත.

මේ අතර අනෙක් ඉල්ලු‍ම්කරුවන්ගේ විරෝධතා හේතුවෙන් ඒ ගැන යළි පිරික්සන්නට බලධාරීන්ට සිදුව ඇති අතර එහි දී තීන්දුවී ඇත්තේ madras security printers සමාගම ටෙන්ඩරය ලබාගැනීම සඳහා සුදුසුකම් සපුරා නැති බැවින් අනෙක් ඉල්ලු‍ම්කරුවන් කෙරෙහි අවධානය යොමුකළ යුතු බවය.

එසේම ජාත්‍යන්තර හොලොග්රාම් නිෂ්පාදකයන්ගේ සංගමයේ (International Hologram Manufacturers Association- IHMA) වසර 5ක සාමාජිකත්වය ලබා නොතිබීම, ISO 27001 සහ iso 14298 තත්ත්ව සහතික නොමැතිවීම, ටෙන්ඩරය සඳහා දේශීය නියෝජිතයකු ලෙස අලු‍තින් ලියාපදිංචි කළ M /s New Line Tech Services Ltd සමාගමක් ඉදිරිපත් කළ නමුත් එය සැකසහිත අලුත් සමාගමක් වීම ආදී කාරනා ඊට තීරණාත්මකව බලපා ඇත.

ඒ අනුව ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය සහ කැබිනට් මණ්ඩලයේ ඇතිවූ සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරයා කළ යෝජනාවකට අනුව ටෙන්ඩරය නැවත කැඳවා ඇති අතර ඒ 2017 පෙබරවාරි 28 වනදා ය.

පළමු ටෙන්ඩරයෙදී සුදුසුකම් නොමැති සමාගමක් ලෙස නම් කෙරුණු Madras security printers දෙවන වර ටෙන්ඩරය කැඳවූ අවස්ථාවෙදී ද ඉදිරිපත්ව ඇති අතර එහිදී ඔවුන් ස්ටිකර් 1000ක් මුද්‍රණය කිරීම සඳහා ඩොලර් 5.99 ක ලන්සුවක් ඉදිරිපත් කර ඇත. (පළමු අවස්ථාවේදි ඒ ඩොලර් 3ක අවම මිලක් ඉදිරිපත් කර තිබිණි)

මේ වන විට තාක්ෂණික කමිටුව විසින් අදාළ ටෙන්ඩරය ලබාදීම සඳහා Madras security printers සමාගම නිර්දේශ කර ඇති බවට එම ටෙන්ඩරය සඳහා ලංසු තැබූ අනෙක් සමාගම් වෙත දැනුම්දී ඇත. ඒ මුදල් අමාත්‍යංශය වෙනුවෙන් එහි අතිරේක ලේකම් ආර්. සේමසිංහ යවන ලද ලිපියක් හරහාය.

එහෙත් අප වෙත ලැබී ඇති තොරතුරු වලට අනුව Madras security printers සමාගම මේ සඳහා නිර්දේශ කිරීමට තාක්ෂණික කමිටුව ක්‍රියාකර ඇතත් එම සමාගමට වඩා අඩු ලන්සුවක් තැබූ එනම් ස්ටිකර් 1000ක් සඳහා ඇමරිකානු ඩොලර් 4.57 ක ලන්සුවක් ඉදිරිපත් කළ සමාගමක්ද දෙවන වර ටෙන්ඩරය තුළ සිටියි. ( පළමු අවස්ථාවේදි ටෙන්ඩරය ලබා දුන්නේ අඩුම මිළ ගනන් ඉදිරිපත් කිරීමේ පදනමිනි)

මේ අයුරින් අඩු ලංසුවක් තැබූ සමාගමක් සිටියදී සහ පළමුවර ටෙන්ඩරය කැඳවූ අවස්ථාවේ ප්‍රතික්ෂේපවූ සමාගමක් දෙවන වර ටෙන්ඩරය කැඳවීමේදී ද ටෙන්ඩර් තාක්ෂණික කමිටුව හරහා නිර්දේශවීම ගැටළු සහිත බවත් මෙම ටෙන්ඩර් දෙකම සම්බන්ධව කටයුතු කළ තාක්ෂණික කමිටුවේ ඒ. බෝදරගම මහතා සිටීම හේතුවෙන් මේ තුළ කිසියම් අකටයුත්තක් සිදුව ඇති බවට සැක සංකා මතුවේ.

එසේම මේ වන විට මත්පැන් වෙළඳපොල තුළ සිදුවන බදු වංචාව හරහා මාසයකට රුපියල් බිලියන 100ක බදු ආදායමක් රජයට අහිමිවන වටපිටාවක සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා කැබිනට් මණ්ඩලය මෙන්ම මුදල් අමාත්‍යංශ නිලධාරීන් නොමඟ යවමින් කරන මේ ගැටලුසහගත ක්‍රියාව හේතුවෙන් එම මුදල නිසි ලෙස රජයට අයකර ගැනීමට ඇති අවස්ථාවද දිනෙන් දින කල් යමින් ඇති බවද එම වාර්තා වැඩි දුරටත් පෙන්වා දෙයි.

Leave a comment

ld add copy

Gossip

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර...

Connet With Us