මාතර - බෙලිඅත්ත දුම්රිය මාර්ගය අයාලේ යන්නට ජනපතිගෙනුත් තල්ලුවක් ? Featured

Published in පුවත්
Friday, 02 June 2017 19:28

මාතර සිට කතරගම දක්වා දුම්රිය මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතියේ, මාතර - බෙලිඅත්ත කොටසේ සංඥා, විදුලි සංදේශ හා දුම්රිය හරස් මාර්ග ආරක්ෂණ පද්ධති (Level Crossing Protection) සවි කිරීම සම්බන්ධයෙන් වන කොන්ත්‍රාත්තුව ද එම මාර්ගය ඉදිකරමින් සිටින චීන සමාගමටම පැවරීමට ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා කැබිනට් අනුමැතිය ලබා ගන්න විට එම ව්‍යාපෘතිය ඉංජිනේරු උපදේශක සේවා සැපයීම බාරව සිටි 'ඉංජිනේරු කාර්යය පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාල'යේ කණ්ඩායම් නායක ජේෂ්ඨ ඉංජිනේරු එම්.එම්. අක්‍රම් මහතාව කිසිදු සාධාරණ හේතු දැක්වීමකින් තොරව ඉවත් කිරීමට කටයුතු කිරීම සැකකටයුතු සිදුවීමක් බව එම කාර්යාංශ නිලධාරීන් පෙන්වා දෙයි.

මාතර - කතරගම දුම්රිය මාර්ගය දීර්ඝ කිරීමේ ව්‍යාපෘතියේ මාතර සිට ‍බෙලිඅත්ත කොටස සඳහා අවශ්‍ය සංඥා, විදුලි සංදේශ හා දුම්රිය හරස් මාර්ග ආරක්ෂණ පද්ධති සවි කිරීමේ කොන්ත්‍රාත්තුව, මෙම ව්‍යාපෘතියේ වර්තමාන කොන්ත්‍රාත්කරු වන 'චයිනා නැෂනල් මැෂිනරි ඉම්පෝට් ඇන්ඩ් එක්ස්පෝට් කෝපරේෂන්' වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් පසුගියදා නිර්දේශ කරනු ලැබ ඇත. ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ එකී නිර්දේශය පරිදි අදාළ කොන්ත්‍රාත්තුව පිරිනැමීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ඉදිරිපත් කළ යෝජනාව 2017 මැයි 15 අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

මෙරට 'ස්ථාවර ප්‍රසම්පාදන කමිටු' යනු අමාත්‍යංශය විසින්ම පත් කරනු ලබන පිරිසක් වන අතර එමඟින් ටෙන්ඩර අනුමත කරනු ලබන්නේ කාගේ කාගෙත් සාක්කු වැඩි වැඩියෙන් පිරවෙන ක්‍රමයටය. මෑත කාලයේ එවැනි උදාහරණ ඇති පදම් තිබේ. අමාත්‍ය මණ්ඩලයද මේ කමි‍ටු නිර්දේශ කිසිවග විභාගයක් නොමැතිව අනුමත කිරීමද සිදුවෙමින් තිබේ.

ඒ කෙසේ නමුත් මෙම නව ව්‍යාපෘතියද අදාල සමාගම වෙත පැවරීමේ කටයුත්ත බරපතල කාරණයක්ව ඇත්තේ මෙම ඉදිකෙරෙමින් පවතින 'මාතර- බෙලිඅත්ත' කොටසහී ඉදිකිරීම් ව්‍යාපෘතිය තුළ දුෂණ රැසක් සිදුවන බවත් ඉදිකිරීම් ව්‍යාපෘතිය කොන්ත්‍රාත් ලබාගෙන ඇති සමාගම එවැනි කටයුත්තක් සඳහා අවශ්‍ය අවම පරිසාධිත මට්ටමක හෝ නොමැතිවීම හේතුවෙන් නියමිත කාලයට ව්‍යාපෘතියේ කටයුතු අවසන් කිරීමටද නොහැකිවී තිබීම හේතුවෙනි.

එම තත්වය හමුවේ මෙම ව්‍යාපෘතිය ශ්‍රිලංකාවට වඩා වාසිදායක හා දූෂිත ඉදිකිරීමක් නොවීමට වගබලාගත් ව්‍යාපෘතියේ උපදේශක වගකීම දැරූ ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යංශයේ (C.E.C.B.) කණ්ඩායම් නායකයා වූ ජේෂ්ට ඉංජිනේරු එම්.එම්. අක්‍රම් මහතාව ව්‍යාපෘතියේ කටයුතු වලින් ඉවත්කිරීමට සී.ඊ.සී.බී ආයතනයේ සභාපති ජී. ඩී. ඒ පියතිලක, ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යංශයේ ලේකම්වරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇත. සී.ඊ.සී.බී ආයතනය පවතින්නේ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය යටතේ වන අතර ඒ ජනාධිපතිවරයා සතු අමාත්‍යංශයකි. මෙම ව්‍යාපෘතියේ උපදේශක වගකීම සී.ඊ.සී.බී විසින් දරා ඇති අතර ප්‍රවාහන අමාත්‍යංශය මීට මැදිහත් වන්නේ කාර්යංශය හා සී.ඊ.සී.බී අතර ඇතිකරගත් ගිවිසුමකට අනුවය.

කොහොම නමුත් අක්‍රම් මහතාව ඉවත් කිරීම මෙම ව්‍යාපෘතියේ වර්තමාන කොන්ත්‍රාත්කරු වන 'චයිනා නැෂනල් මැෂිනරි ඉම්පෝට් ඇන්ඩ් එක්ස්පෝට් කෝපරේෂන්' සමාගමද ලත් ජයග්‍රහණයකි. ඒ මන්ද යත් අක්‍රම් මහතාව ඉවත් කිරීම සඳහා විශාල උත්සාහයක් මෙම සමාගම පසුගිය කාලය පුරාම ක්‍රියාත්මක කරමින් සිටීමය. ඊට හේතු ගනනාවක් ඇති බව කාර්යාංශ ඉංජිනේරුවන් පෙන්වා දෙයි.

මෙම ව්‍යාපෘතියේ කටයුතු ආරම්භ කර ඇත්තේ 2013 අගෝස්තු 13 වනදා වන අතර ඒ චීන රජයේ ණය ආධාර යටතේය. ඒ අනුව පළමු අදියරේ ඉදිකිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව ඇමරිකන් ඩොලර් මිලියන 278.2ක් (රුපියල් මිලියන 41,730ක්) වී ඇති අතර එවකට පැවතී ආණ්ඩුව මෙම ඉදිකිරීම් ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්කරු වශයෙන් තෝරාගෙන ඇත්තේ චයිනා නැෂනල් මැෂිනරි ඉම්පෝර්ට් ඇන්ඩ් එක්ස්පෝර්ට් කෝපරේෂන් (සී.එම්.සී) සමාගමය. මෙහිදී පැහැදිලි ටෙන්ඩර් පටිපාටියක් අනුගමනය කර නොමැති අතර අදාළ කොන්ත්‍රාත් සමාගමට දුම්රිය මාර්ග ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කිසිඳු පළපුරුද්දක් නැති බව දක්වමින් චීන එක්සිම් බැංකුව ද අදාළ ණය අනුමත කිරීම ප්‍රතික්ෂේප කිරීම විශේෂ කරුණකි.

අනතුරුව චීන එක්සිම් බැංකුව අදාළ ණය මුදල අනුමත කර ඇත්තේ චයිනා නැෂනල් මැෂිනරි ඉම්පෝර්ට් ඇන්ඩ් එක්ස්පෝර්ට් කෝපරේෂන් (සී.එම්.සී) සහ චයිනා රේල්වේ නම්බර් 5 ඉංජිනියරින් කෝපරේෂන් (සී.ආර් 5) ආයතනය සමඟ එක්ව පිහිටවූ හවුල් සමාගමක් ලෙස මෙම ඉදිකිරීමේ කොන්ත්‍රාත්කරු ලෙස ඉදිරිපත්වීමෙන් පසුවය. එසේම ව්‍යාපෘතියේ ඉදිකිරීම් ආරම්භ කිරීමේදීම කොන්ත්‍රාත් සමාගමට ඇමරිකන් ඩොලර් මිලියන 86.4 මුදලක් අත්තිකාරම් වශයෙන් ලබාදී ඇති අතර මුලික ගිවිසුමට අනුව මාතර -කතරගම දුම්රිය මාර්ගයේ පළමු අදියරට අයත් “මාතර- බෙලිඅත්ත” ඉදිකිරීම් අවසන් කිරීමට නියමිතව තිබී ඇත්තේ 2016 ජූලි 31 වනදාය.

එහෙත් පසුව කොන්ත්‍රාත්කාර සමාගමට මෙවැනි ඉදිකිරීමක් සිදුකර අත්දැකීම් නොතිබීම, ප්‍රමාණවත් සහ වෘත්තීය සුදුසුකම් සහිත සේවකයින් නොමැතිවීම, ප්‍රමාණවත් තරම් යන්ත්‍රෝපකරණ හා ඉදිකිරීම් ද්‍රව්‍ය නොමැතිවීම, සැලසුම් සහගත නොවීම, ඉදිකිරීම් කටයුතු වල ප්‍රමිතිය බාල කිරීමට දැනුවත්ව ක්‍රියා කිරීම, ඉංජිනේරුවන් නොමග යැවීම සහ ඔවුන්ට තර්ජනය කිරීම ආදී හේතු මත කොන්ත්‍රාත්කාර සමාගම සහ සී.ඊ.සී.බී ආයතනයේ ඉංජිනේරු කණ්ඩායම අතර මතබේද මතුව ඇත.

ඒ අනුව සී.ඊ.සී.බී කණ්ඩායම් නායකයා වූ ජේෂ්ඨ ඉංජිනේරු එම්.එම්. අක්‍රම් ව එම කටයුතු වලින් ඉවත්කිරීමට කොමිස් කාර දේශපාලන හා නිලධාරී බලාධිකාරියේ සහය ගැනීමට කොන්ත්‍රාත්කාර සමාගම කටයුතු කර ඇති බවට සැකයක් නැති බව එම ඉංජිනේරුවන් පෙන්වා දෙයි. සී.ඊ.සී.බී ආයතනයේ සභාපතිවරයා විසින් අක්‍රම් මහතාව මෙම ව්‍යාපෘතියෙන් ඉවත්කරන්නට අවසර දෙන ලෙස ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යංශයේ ලේකම්වරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කළද ඊට කිසිදු හේතුවක් දක්වා නැත. මේ අතර ශ්‍රි ලංකා දුම්රිය (Sri lanka railway) ද අක්‍රම් මහතාගේ ඉවත්කිරීම අනුමත නොකරන බව ලිඛිතව දන්වා ඇත. ප්‍රවාහන අමාත්‍යංශය හා සී ඊ බී ඊ ආයතනය අතර ඇති ගිවිසුම ප්‍රකාරවද එම නිලධාරියකු ඉවත් කරන්නෙ නම් ඊට පැහැදිලි හේතු දැක්විය යුතුය.

මේ කිසිවක් නොසලකා හැර ජනාධිපතිවරයා යටතේ වන ආයතන ප්‍රධානියකු කටයුතු කිරීම සම්බන්ධයෙන් සැකයක් ඉපදවීම වැලැක්විය නොහැකිය. මෙම ක්‍රියා මාර්ගය ගැන ජනාධිපතිවරයා නොදන්නවා නම් ඒ ඔහුගේ ද බරපතල දුර්වල තාවයක් වනවා මෙන්ම ජනාධිපතිවරයා යටතේ සිටින නිලධාරීන් ඔහුට කොළේ වසා ගේම් ගසනවා හෝ සියලු දෙනා එක්වී ගේමක් ගසනවාද විය හැකිය.

CECB 1

Leave a comment

ld add copy

Gossip

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභා රැස්වීමක් පසුගිය 27 වෙනිදා පැවැත්විලා තිබුණා. ඒ, හිටපු ජනාධිපති...

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

Connet With Us