උක් වවන්න වෙල්ලසේ ඉඩම් අක්කර 62,500 ක් ජුනි 05 ජනපති සුරතින් ඇමරිකාවට

Published in පුවත්
Monday, 22 May 2017 14:44

ඌව වෙල්ලස්සේ උක් වගාව සදහා කැළෑ ඉඩම් අක්කර හැට දෙදහස් පන්සියයක් සිංගප්පූරු සමාගමක් හරහා ඇමරිකාවට ලබාදීමට රජය මේ වන විට කටයුතු කර ඇත. පරිසර ඇමති හා ජනාධිපති වන මෛත්‍රීපාල සිරිසේන විසින් එයට අදාල කැබිනට් පත්‍රිකාවට මේවන විට අත්සන් තබා ඇති අතර ජුනි 05 වන දින එම ඉඩම් නිල වශයෙන් පරිසර ආමත්‍යවරයා ලබාදීමට කටයුතු සූදානම් කර ඇත.

කැබිනටි පත්‍රිකා අංක MDE/AD/03/CAB-PA/2017 යටතේ සිංගප්පුරුවෙහි පිහිටා ඇති ගැසල් වෙන්චර්ස් (Gazelle Ventures) නැමති සමාගම හරහා එහි මව් සමාගම වන ඇමරිකාවේ නිව්යෝක්හි අංක 475 , රිවර්සයිඩ් , පිහිටි සීඩිවිසිඒ (CDVCA)නමි බහුජාතික සමාගමට ඉහත සදහන් වනාන්තර ඉඩම් උක් වගාව සදහා ලබාදී ඇති අතර එහි ලංකාවේ නියෝජිතයා වන්නේ 2006 වසරේ බ්‍රිතාන්‍ය බුකර්ටෙට් සමාගමට ඉඩම් ලබාදීම උදෙසා සහය දුන් අයි. එම් .එස් හොල්ඩින් පුද්ගලික සමාගමයි.

මේ අනුව මහඔය, පදියතලාව, බදුල්ල, රිදීමාලියද්ද, මහියංගනය, ලුණුගල, මොනරාගල, බිබිල, මඩගල්, යන ප්‍රදේශවලින් කැළෑ ඉඩම් ලබාගැනීමට ආණ්ඩුව සැලසුම් කර තිබෙ. එයට අමතරව මාදුරුඔය රක්ෂිතයෙන් ඉඩම් අක්කර 373ක් මෙම ව්‍යාපෘතියේ අඩංගු කර්මාන්ත ශාලාවක් ඉදිකිරීම වෙනුවෙන් වෙන් කර ඇත.

වෙල්ලස් කැළෑ ඉඩම් උක් වගාව සදහා ලබාදීමට උත්සහ කරන පළමු අවස්ථාව මෙය නොවේ .පැවතී සෑම ආණ්ඩුවක්ම අයි.එම්. එස් පුද්ගලික ආයතනයේ වුමනාව මත විවිධ අවස්ථාවලදී වටිනා කැළෑ ඉඩම් පිටරට සමාගම් වෙත පැවරීමට උත්සහ ගන්නා ලදී.

ඒ අනුව 2006 දෙසැම්බර් මාසයේ මිල්රෝයි ප්‍රනාන්දු විසින් කැබිනට් අනුමැතියක් ගෙන ඌව වෙල්ලස්සේහි බිබිල, මැදගම මඩුල්ල, බඩල්කුඹුර, රිදීමාලියද්ද, මීගහකිවුල ලුණුගඟ, කන්දකැටිය, පදියතලාව, මහඔය, යන ප්‍රදේශ වලින් ඉඩම් අක්කර 65,000ක් බ්‍රිතාන්‍යයේ බූකර්ටෙට් සමාගමට දීමට උත්සහ කරන ලදී .

එමෙන්ම 2008.03.04 දින අමාත්‍ය මණ්ඩල සංදේශ 08/0449/329/002 යටතේ වන සංරක්ෂණ දේපාර්තමෙන්තුව සතු වෙල්ලස්සේ කැළෑ ඉඩමි හෙක්ටයාර් දෙසියක් ලබා ගැනීමටත්, 2009.09.09 දින සීනී කර්මාන්ත ශාලාව පිහිටවීම සදහා 09∙∙1819∙329∙011 යන ආමත්‍ය මණ්ඩල සංදේශ ඉදිරිපත් කොට ඇති අතර දෙදහස් පහළව වසර වන තෙක් මෙම ඉඩම් ලබාදීම වෙනුවෙන් පැවතී සෑම රජයක්ම උත්සහ දරා ඇත. නමුත් එම සෑම උත්සහයක්ම බහුජන විරෝධයන් මධ්‍යයේ හකුලා ගැනීමට පැවතී සෑම ආණ්ඩුවකටම සිදුවිය.


ඌව වෙල්ලස්සේ කැලෑ ඉඩම් ඇමරිකානු සමාගම්වලට පූජා කිරීමෙදී පසුගිය කාලයේ පැන නැඟුන මහජන වීරෝධය නැවත පැනනඟින බව දන්නා ආණ්ඩුව මෙවර ඉඩම් වෙන්චර්ස් (Gazelle Vantures) සමාගමට ලබාදීමේ දී වෙනම උපක්‍රමයක් භාවිතාකර ඇත.

මෙම ව්‍යාපෘතිය යටතේ ගොවි පවුල් 10,000ක් සදහා හෙක්ටයාර් දෙකහමාරක ඉඩමක් වගා සදහා ලබාදීමට යෝජනා කර ඇති අතර එයින් පැන නගින ජනතා විරෝධය මැඩ පැවත්වීමට රජය විසින් කූට උපක්‍රමයක් යොදා ඇත . ඒ අනුව හෙක්ටයාර් 25,000ක නැතිනම් අක්කර 62,500 මෙම ව්‍යාපෘතිය සඳහා ඉඩම් ලබාගැනීමට නියමිතය. නමුත් ගොවියන්ට ඉඩම් ලබාදීමේ ප්‍රධාන කොන්දේසියක් වන්නේ මෙම ඉඩම් කැබැල්ලේ හෙක්ටයාර 2ක ප්‍රමාණයේ අනිවාර්යයෙන් ඉහත කී සමාගම යටතේ උක් වගා කිරීමයි.

ඉඩම් ලබාදීමට උත්සහ කරන ගල් ඔය වනෝද්‍යානයට ආශ්‍රිත ප්‍රදේශයේත් මහඔය. පදියතලාව, බදුල්ල, රිදීමාලියද්ද, මහියංගනය, ලුණුගල හා බින්තැන්න යන ප්‍රදේශවල ඇති කැලෑ ඉඩම් මෙවන විට ඉතිරිව ඇති අලින්ගේ වාසභූමීන්ය. එයට අමතරව දැනට අලි මංකඩක් ලෙස හදුනාගන අති ඇකිරියන්කුඹුර ප්‍රදේශයත් උක් වගාවට බදු දීමට ආණඩුව තීරණය කර ඇත.

පැල්වත්ත, හිඟුරාන, කන්තලේ යන උක් වගා බිම් ඇති ප්‍රදේශ දැනටමත් අලි-මිනිස් ගැටුම අධික ප්‍රදේශ ලෙස හදුනාගන ඇත. උක් අලින්ට රසවත් ආහාරයක් වීමත් අලින්ට ජීවත් වීමට තිබූ මෙම ප්‍රදේශවල කැලෑ ඉඩම් වනාන්තර හෙළිකර උක්වගාවට ලබාදීමත් නිසා එම ප්‍රදේශවල වසරකට අලි ඇතුන් හැටකට වැඩි ප්‍රමාණයක්ද මිනිසුන් හතලිස් පහකට වැඩි ප්‍රමාණයක්ද මියයනු ලබයි. වෙල්ලස්සේ කැළෑ ඉඩම් වල උක් වගාකර එම ප්‍රදේශයේ මිනිසුන්ට හා සත්ව ප්‍රජාවට ඇතිකිරීමට උත්සහ කරන්නේ මෙකි ඉරණමද.?
අලි ඇතුන් පමණක් නොව පහත් බිම් සැවණා හා තණ බිමි මෙන්ම විශාල වනානතර ඇති මෙම බිමි තීරුව තුල ඹෟෂධීය ශාක ගනනාවක් දක්නට ඇති අතර ඌව ප්‍රදේශයට පමණක් අවේණික ඌව මැන්ඩොරා ශාකයද දක්නට ලැබේ.

ජෛව විවිධත්වයෙන් අනූන ගල් ඔය ප්‍රදේශය, බින්තැන්න හා ඉහත සදහන් කළ ප්‍රදේශතුල ශ්‍රී ලංකානු උප වීශේෂයක් වන තිත් මුවන් (Axis axis ceylonensis ), අලි ඇතුන් (Elephas maximus maximus), මන්ද වලහා (Melursus ursinus inornatus), දිවියා ((Panthera pardus kotiya) ඇතුලු ක්ෂිරපායි විශේෂ 36 අධික ප්‍රමාණයක් . කුරුළු විශේෂ 150 වැඩි ප්‍රමාණයක්. බිම් උල්ලන් අතුලු තවත් සත්ව විශේෂ ගණනාවකගේ වාසභූමියක් වන අතර හදුනා නොගත් සත්ව විශේෂ මෙහි වාසභූමි කරගන ජීවත් වෙති.

මහඔය, පදියතලාව, බදුල්ල, රිදීමාලියද්ද, මහියංගනය, ලුණුගල, මොනරාගල, බිබිල, මඩගල්ල යන ප්‍රදේශ පුරාණ වාරි කර්මාන්තයේ සුවිශේෂි ජල පෝෂිත ප්‍රදේශයන්ය. එය මැනවින් ‘එමසන් ටෙනන්‘ ගේ වාර්ථාවල සටහන් තබා ඇත්තාක් මෙන්ම අදටද එම උරුමය නිසා වෙල්ලස්සේ ජනතාවට සිය ජල අවශ්‍යතාව සපුරාගැනීමට හැකි වී ඇත.

සොරබොර වැව ආශ්‍රීත මහවැව හා එයට අනුබද්ද වූ කුළු වැව් ගණනාවක් ද දක්නට ඇත. එමෙන්ම මෙම ප්‍රදේශය පුරා වෙල්ලස්ස කැරැල්ල සමයේ වීනාශකරන ලද වැව් වල නටබුන් .සොරොව් වල ගල්බැමි දක්නට ලැබෙන අතර පුරාවිද්‍යාත්මක අධ්‍යයනයක් හෝ ජල විද්‍යාත්මක අධ්‍යයනයක් බොහියර්ගෙන් පසු මෙම ප්‍රදේශ වල සිදු කර නොමැත.

මෙම වනාන්තර ඉඩම් උක් වගාවට ලබාදීම තුලින් වන විනාශය හා ජෛව විවිධත්වයට හානි පැමිණෙනවා පමණක් නොව උක් වගාවට අධික ලෙස ජලය අවශ්‍ය වීම නිසා ජනතාවට බීමට වතුර පොදක්වත් මෙම ප්‍රදේශවල නොමැති වනු ඇත. දළ වශයෙන් අක්කර 62,500 උක් වගා කිරීම වෙනුවෙන් එම ව්‍යාපෘතියට දිනකට වතුර ලීටර් විසිනවලක්ෂ අසූදහසක් : 29,80,000 අවශ්‍යවේ . එම ජල අවශ්‍යතාවය සපුරා ගැනීමට සුදානම් වන්නේ දැනට ගොවි ජනතාව කුඹුරුවලට ගන්නා ජලයෙන් හා බීමට ඇති ජලය භාවිතා කිරීමෙනි. මෙම ප්‍රදේශවල නිසැකවම දැඩි ජල හිඟයක් ඇති වීමට නියමිතය. ඒ බව ලොව පුරා උක් වගාකළ බිම් වලට අද වන විට අත්පත් වී ඇති ඉරණමින් පෙනී යයි.

2015 වර්ෂයේ ඉංදියන් එක්ස්ප්‍රස් පුවත්සේවය වාර්ථා කළේ මහාරාෂ්ට ප්‍රාන්තයේ ජලය හිදීයාමට උක්වගාව බලපා ඇති බවය. එමෙන්ම 2016 ද ටයිමිස් ඔෆ් ඉන්දියා සදහන් කරන්නේ මයිසූර් හා බගාල්කොටි ප්‍රදේශයවල ජනතාව ජලය සිදීයාම හෙතුවෙන් උක්වගාවෙන් ඉවත් වීමට පටන්ගෙන ඇති බවයි. එමෙන්ම බ්‍රසීලයේ ශාන්ත පාවුලෝ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ලුලා ලිබොනි (Prof: Lula Linoni) සිය පර්යේෂණ වාර්ථා කිහිපයකම සිය දත්ත ඒකාබද්ද කරමින් කියා සිටින්නේ උක් වගාව නිසා එරට පාවුලෝ නදිය හා එහි නිම්නය වියළි යමින් තිබෙන බවයි. මේ වෙල්ලසට මෙම තත්වය නිසැකවම උදාවන බව පෙන්වන ලෝකයේ උදාහරණයන්ය.

WWF සංවිධානයට අනුව ලොව පුරා මිලියන 65 වනාන්තර එළි කර මේ වන විට උක් වගාවට යොදාගන ඇති අතර 2002 සිට 2006 වර්ෂය වන විට බ්‍රසීලයේ වර්ග කිලෝමිටර 150,000 වනාන්තර උක්වගාව නිසා විනාශකර ඇත. 2016 වර්ෂයේ නැගෙන හිර අප්‍රකානු පුවත් වර්ථාකරන අයුරින් කිත්රා දූපතේ අක්කර 8,000 වනානතර උක් වගාව නිසා විනාශ කරන ලදී.

උක් වගා හිමිකරුවන් සැම විටම නව වනාන්තර ප්‍රදේශ සෑම වසරකම විවිධ රටවලින් අලුතින් ලබාගන්නේ නැවුම් බිම වල උක්වගාවට අවශ්‍ය ජලය සහ පොහොර තිබෙන නිසාය. නමුත් එම බිම් වල වගාවන් අසාර්තක වන විට ඔවුන් වෙනත් රටක වනනාන්තර එළි පෙහෙළි කර උක් වගා කරති .

මෙවන් උදාහරණ ලොවපුරා අත්විදිමින් සිටින මොහොතක වසර තිහක් වෙනුවෙන් පිටරට සමාගමක් සනසා සමස්ථ ලාභයෙන් සියයට එකක් රජයට ගැනීම වෙනුවෙන් සියලු වනාන්තර, සතා සිව්පාවා, ජල මුලාශ්‍ර විනාශ කර වෙල්ලස්සේ ජනතාවගේ ජන ජීවිතය විනාශ කළ යුතුද?

රටේ පරිසර ඇමතිවරියා, වනසත්ව හා රුක්ෂලතා ආඥා පනත හා ජාතික පාරිසරික පනතේ මුලීක නිතිය පවා කඩකරමින් මෙම ඉඩම් සිංගප්පුරුව හරහා ඇමරකාවට බදුදෙන්නේ කිනම් පදනමකින්ද? ලංකාවෙ සීනි අවශ්‍යතාව සපුරාලීමට කන්තලේ ,පැල්වත්ත නැවත සක්‍රීය කළ හැකිය. නමුත් එය නොකර වෙල්ලස්සේ වනාන්තර හා මහජනතාවගේ ඉඩම් ඇමරිකානුවන්ට බදු දීමෙන් පරිසරය හෝ ජන ජීවිතය ආරක්ෂා කළ හැකිද.

“මහරජ ඔබ මේ බීමේ අයිතිකරුවා නොව බාර කරුවා පමණයි”.

“වෑකන්ද කඩා බිම් කටු කමිබියෙන් බෙදා මේ රණ බීමේ හිස ගසා දමන කඩුව බිම දමවි”

- රවීන්ද්‍ර කාරියවසම්
පූජ්‍ය වෑකඳවල රාහුල හිමි

bibila lands

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us