මංගල කකුල පරිස්සමෙන් Featured

Published in පුවත්
Monday, 22 May 2017 12:37

අද සිදුවූ ඇමැති මාරුවේ වැදගත්ම සංසිද්ධි දෙක නම් මංගල සමරවීරට මුදල් ඇමැතිකම හිමිවීමත් රවී කරුණානායකට විදේශ ඇමැතිකම හිමිවීමත්ය..

දෙදෙනාටම අලුත් ඇමතිකම් මඤ්ඤං විය හැකිය..

රවී විදේශ ඇමැතිවරයා ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ චෝදනාවන්ට කෙසේ මුහුණ දෙයි ද යන්න වඩා වැදගත් වනු ඇත.අලිමංකඩ යනවා කියා පාමංකඩ යනවා කියමින් පසුගිය යුධ සමයේදී කතා කළ රවී දැන් ජීනීවා ගොස් කියන්නේ කවර කතාවක්දැයි රටම බලාගෙන හිඳිනු ඇත.
තමන්ට ආගන්තුක විෂයක් හැසිරවීම ලෙහෙසි නැත. හර්ෂද සිල්වා තව දුරටත් නියොජ්‍ය ඇමැතිවරයාව සිටී නම් ඔහුට මහත් අස්වැසිල්ලක් වනු ඇත. ‍රවීට විදේශ ඇමැතිකම දුන්නේ ආර්ථිකය සම්බන්ධයෙන් වැඩි මැදිහත් වෙමක් කළ හැකිවීම නිසා බවට ද තොරතුරු වාර්තා විය ..එහෙත් ජාත්‍යන්තර ආයෝජන සම්බන්ධයෙන් ඇමැතිවරයකු (මලික් සමරවික්‍රම) සිටියදී සහ අගමැතිවරයාද ආර්ථිකය සම්බන්ධයෙන් වැඩි මැදිහත් වීමක් සිදුකරමින් තිබියදී රවීට අමුතුවෙන් පැවරෙන කාර්යබාරය කුමක්ද යන පැහැදිලි නැත. එසේම මුදල් ඇමැතිධුරය මංගලට හිමි වීම තුල ඔහුට අන් කිසිවකුට වඩා විදේශ සම්බන්ධතා හරහා මෙරට ආර්ථිකය සම්බන්ධයෙන් මැදිහත් වීමේ අවකාශයක්ද තිබේ. අගමැතිවරයා හැරුණු කොට රාජතාන්ත්‍රික සම්බන්ධතා හා විදේශ හිත මිතුරු සම්බන්ධතා සහිත අත්දැකිම් බහුලම ඇමැතිවරයා මංගලය. ඒ අනුව රවීට වඩ ආර්ථික ක්ෂෙත්‍රයෙහි වැඩි මැදිහත් වීමක් කිරීමේ හැකියාව ඔහුට තිබේ.

රටේ අනාගත නායකයා වීමට සිතා සිටිනවා නම් විදේශ නායකයන් හඳුනා ගැනීම වැදගත් බව අගමැතිවරයා රවීට පැවසූ බවත් වාර්තා වී ඇත. එම සුදුසුකම් රටේ හෝ එජාපයේ නායකත්වයට සුදුසුකම් නම් මංගල ඉන්නේ ඊට ගොඩක් ඉදිරියෙනි. රවී අනාගත රටේ නයකයා? ඒ ඇසෙන විටත් සංත්‍රාස ජනක හැඟීමක් ප්‍රකට වෙයි.. ඒ කමක් නැත. කැරට් අලය ඉස්සරහෙන් තියා හෝ මුදල් ඇමැතිකම වෙනස් කිරීමට හැකි වීම ජනාධිපතිවරයගෙත් අගමැතිවරයගෙත් ජයග්‍රහණයකි..ඒ ආණ්ඩුවට එරෙහිව තිබුණු දොස් පරොස් වලින් තාවකාලික සහනයක් ලැබීමය. එහෙත් ඒ, එතැනින් අවසන් වන්නෙ නැත.. රටේ ආර්ථිකය සම්බන්ධයෙන් කළ යුතු දැවැන්ත පිලිසකර කිරීමක් සිදු කිරීම විය යුතුව තිබේ. ඇමැතිවරයෙන් එදිනෙදා අවශ්‍යතාවයන්ට ගන්නා තීන්දු තීරණ නොව ආර්ථිකයේ ව්‍යුහාත්මක වෙනස් කම් රැසක් සිදු කිරීම විය යුතුව තිබේ. ප්‍රතිපත්තීන් ‍රැසක් අලුතෙන් සකස් කළ යුතුව ඇත. ඒ සඳහා මෙම වසරක දෙකක කාලය තුල පිලියම් යෙදීමට නොහැකි වුවහොත් බබීත් සුං බබීගේ අම්මත් සුං කියා ගෙදර යෑමට හැර වෙනකක් රනිල්ට මෛත්‍රීට කරන්නට ඉතුරු වන්නෙ නැත. මුදල් ඇමැතිවරයාගේ රූපකාය මාරුවෙන් ඒ සිදු කළ හැකි නොවේ..ඒ සඳහා අවංකව වැඩ කිරීමට සිදුවනු ඇත.

අලුත් මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීරය..ජනමාධ්‍ය විෂය ඔහුට අමුත්තක් නැත.. ඒ ඔහු මිට පෙර ඉතා හොඳින් පවත්වගෙන ගිය ඇමැතිධුරයකි. .

මුදල ඇමැති ධුරයෙහිද ඔහුට මිට පෙර සුළු අත්දැකීමක් තිබේ ඒ චන්ද්‍රිකා යටතේ නියොජ්‍ය මුදල් ඇමැතිකමක් දැරීම නිසාය..

එහෙත් අද මුදල් ඇමැතිදුරය හා විෂය සංකීර්ණ වී තිබේ.. එමෙන්ම මංගලට පැවරෙන විෂය පතය වෙනස් නොවේ නම් මේ ඇමැතිකමින් ඔහුට පලක් වනෙන් නැත. මුදල් ඇමැතිධුරයට සාමාන්‍යයෙන් හිමි විෂය පථයන් ගනනාවක් රවීගෙන් ගලවා තිබිණි. මහ බැංකුව තිබුණේද අගමැතිවරයා යටතේය. මුදල් පනත අනුව මුදල් ඇමැතිවරයාට හිමි බලතල ප්‍රකාරව ඔහු ඊට මැදිහත් වූවා මිස ඔහුට විෂයක් ලෙස ඒ නොපවරා තිබිණි. සියලුම බැංකු ඔහුගෙන් ගලවා තිබිණි. භාණ්ඩාගාරයත් ඊට සම්බන්ධ රේගුව, දේශීය ආදායම්, සුරා බදු පමණක් ඔහුට හිමි විය. ඔහුට දූෂණ චෝදනා එල්ල වුයේ මේ ආයතන කිහිපයක් සමඟින් කටයුතු කිරීම නිසා පමණක් බවද සැලකිය යුතුය. මේ ආයතන කිහිපය බලා කියා ගැනීම පමණක් අලුත් මුදල් ඇමැති පත් කිරීමෙන් බලාපොරොත්තු වන්නේ නම් මංගලට කරන්න වැඩ නැත.

මංගල යනු දූෂිතයෙක් ලෙස හංවඩු ගැසුනු අයෙකු නොවේ. තමන්ට ලැබුණු කොමිස් මුදල් පවා යළි මහජන සේවයට යෙදවූ අයෙකි. ඔහු බිස්නස්කාරයකු නොවේ. කොටින්ම ඔහුගේ කියා නිවසක්ද අප දන්නා තරමින් නැත. මුදල අමාතය්‍යංශය යනු නොම්මර එකේ දූෂිතයන් වංචාකරුවන් ජාවාරම්කරුවන් රස්තියාදු ගහන තැනකි. මංගලට වැඩ කරන්න වන්නෙ මේ බහුතර පිරිස සමඟිනි. මංගලට මංගලව පරික්ෂාකර ගත හැකි මෙම ඇමැතිධුරය ඔහුටම අභියොගයක් වනු ඇත.

රටේ ආර්ථිකය කඩා වැටී ඇති බව ට එල්ලවන චෝදනා ඔහු නිවැරදි කළ යුතුය. ඒ භාවිතාවෙන් පෙන්විය යුතුය. ඊට තවත් කල් අවශ්‍ය බවට විවිදයක් නැත. එහෙත් ඒ කාලය යනු රාජපක්ෂවරුන්ට තඩිබාමින් ගත කළ යුතු කාලයක් නොවේ. රාජපක්ෂවරු රට කා විනාශ කළ බව නැවත නැවත කියන්නට අවශ්‍ය නැත..දැන් කළ යුත්තේ අර්ථිකය ගොඩ නංවා පෙන්වීමය.
ඔහුට හමුවන තවත් අභියෝගය වනුයේ රේගු පනත හා විගණන පනත සම්බන්ධයෙන් ගන්නාවු තිරණයය. එමෙන්ම එළඹෙන නොවැම්බරයේදී 2018 වසරේ අයවැය වාර්තාව සකස් කිරීම ඔහුගේ දේශපාලන දිවියට වඩා වැදගත් වනු ඇත.

මංගල විදේශ ඇමැතිධුරය දරණ සමයේදීද මංගල වටා ද හොරු කරක් ගැසූ බව අපි දනිමු. ඔවුන් දැන් මුදල අමාත්‍යංශයටද රිංගීමට වෙර දරණු ඇත. එතැනත් ඉන්නෙ හොරුන්ය ..පරණ හොරුන් හා අලුත් හොරුන් එක්වූ විට මංගලවත් හොරට විකුණා දැමීම විය හැකිය.. ඒ අනුව මංගලට ගමන් කරන්න වෙන්නේ අතුරකය.. පය ලිස්සා යෑමට තිබෙන ඉඩ කඩ වැඩිය. ඒ නිසා මංගලට කියන්න වන්නේ පරිස්සමෙන්, පය ලිස්සුවොත් අනතුරේ වැටෙන්නේ සමස්ත රටක්ය..යන්නය.

- සුජය

Leave a comment

ld add copy

Gossip

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර...

Connet With Us