ඇමැති රේගුවට දාපු වෙට්‍ටුව ජනපති ගාව හිරවෙයි

Published in පුවත්
Wednesday, 17 May 2017 17:09

ශ්‍රීලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු වන ඒ සේනානායක මහතා අතිරේක රේගු අධ්‍යක්ෂක ජනරාල් ලෙස කටයුතු කරමින් සිටිය දී අසාධාරණ ලෙස ස්ථාන මාරුවක් ලබා දීමට මුදල් ඇමැතිවරයා කටයුතු කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇති බව දැන ගැනීමට තිබේ. රේගු දෙපාර්තමේන්තුවේ කටයුතු සම්බන්ධයෙන් කීර්තිමත් සේවා ඉතිහාසයක් ඔහුට තිබිණි.

එසේම සාමාන්‍යයෙන ස්ථාන මාරුවීමක් ලබා දෙන්නේ වසර 5 කට වරක් වූවත් ඊට ප්‍රථම සාධාරණ හේතු දැක්වීමකින් තොරව මෙම ස්ථාන මරුවීම ලබා දී ඇත. 

මේ හේතුව නිසා මේ වන විටත් රේගු දෙපාර්තමේන්තුව තුල ව්‍යාකුල තත්වයක් ඇතිව තිබේ. මෙම ස්ථාන මාරුකිරීම අවලංගු නොකළ හොත් වෘත්තීය ක්‍රියා මාර්ගයක් ගැනීමට රේගු නිළධාරීන්ගේ සංගමය සූදානම් වෙමින් සිටින බවද දැන ගැනීමට තිබේ. මේ සම්බන්ධයෙන් රේගු නිලධාරීගේ සංගමයේ සභාපති ආචාර්ය එන් එස් කුමානායක මහතා   මේ ස්ථාන මාරු වීම අවලංගු කරවා ගැනීම සඳහා   ජනාධිපතිවරයා වෙත අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවත් රේගූ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

රේගු නිලධාරීන්ගේ දැඩි විරෝධයට ලක්ව තිබෙන නව රේගූ ආඥා පනත ගෙන එම සඳහා මුදල් ඇමැතිවරයා උත්සහ දරන අතර තුරදී මෙලෙස දෙපාර්තමෙන්තුවේ ප්‍රධාන කාර්යාලයේ අවංක උසස් නිලධාරීන්ට ස්ථාන මාරුවීම් ලබාදිම සැකයට තුඩු දෙන කරුණක බවත් රේගු නිළධාරීන් පෙන්වා දෙයි.

Last modified on Thursday, 18 May 2017 09:48

Leave a comment

ld add copy

Gossip

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභා රැස්වීමක් පසුගිය 27 වෙනිදා පැවැත්විලා තිබුණා. ඒ, හිටපු ජනාධිපති...

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

Connet With Us