සජිත්ගේ 'රාජ්‍ය නිලධාරීන් සඳහා නිවාස' ප්‍රචාරක වැඩක් විතරයි ලු

Published in පුවත්
Thursday, 04 May 2017 19:16

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මධ්‍ය ආදායම් ලාභීන් සඳහා කඩිනම් නිවාස වැඩසටහන නමින් ක්‍රියාත්මක කරන නිවාස ඉදිකර විකිණීමේ ව්‍යාපෘතියෙන් රාජ්‍ය නිලධාරීන් සඳහා එම නිවාස මේවන විට මිලදී ගත හැකි බව දන්වා තිබුණද ඒ සඳහා හැකියාව ලැබෙන්නේ මාසිකව ලක්ෂයක වත් වැ‍ටුපක් ලබන රාජ්‍ය නිලධාරීන් සඳහා පමණක් බව දැන ගැනීමට තිබේ.

මේ වන විට ඉදිකිරීම් අවසන් කෙරෙමින් පවතින හෝමාගම , ක්ලිෆඩ් වත්තේ (MOUNT CLIFFORD) නිවාස රාජ්‍ය නිලධාරීන් සඳහා වෙන් කර ගැනීම මෙම මැයි මස 31 වන දින දක්වා කාලය තුලදී සිදු කර ගත හැකි බව පසුගියදා (02) දන්වා තිබිණි. සිව් මහල් ගොඩනැගිල්ලක වන කාමර 2 කින් යුත් මෙම එක් නිවසක (appartment) වටිනාකම රුපියල් ලක්ෂ 50 කි. මෙම නිවාස වෙන් කර ගැනිමේදී මූලිකව රුපියල් ලක්ෂ 5 ක් ගෙවිය යුතු අතර තවත් ලක්ෂ 10 ක් මාස දෙකහාමාරක කාලයකදී ගෙවිය යුතුය. ඉතිරි ලක්ෂ 35 ක මුදල කොටස් වශයෙන් ගෙවිය යුතු වන අතර ඒ සඳහා වසර 15 ක කාලයක් හිමි වේ. රාජ්‍ය හා පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපෘතියක් වන මෙහිදී සෘජුවම මෙම නිවාස එම පෞද්ගලික ඉදිකිරීමේ සමාගම හරහා මිලදී ගන්නෙ නම් වසර 2ක් තුල  මාසිකව රුපියල් එක් ලක්ෂ හැත්ත දහස බැගින් වාරික ලෙස ගෙවිය යුතුය. බැංකු ණය ලෙස එම ඉතිරි මුදල ලබා ගැනිමේ හැකියාව ඇති අතර ඒ අනුව ආසන්න වශයෙන් මාසිකව රුපියල් 40,000 ක පමණ මාසික වාරිකයක් ගෙවිය යුතුය. මෙහිදී සියයට 7 ක සහන පොලීයක් අය කරනු ලබන බව පැවැසූවද මෙතෙක් එවැනි එකඟතාවයකට බැංකු කැමැත්ත පළකර නොමැත.

මෙහිදී ගැටලුව වන්නේ බැංකු ණය ලෙස අඩු මුදලක වාරිකයක් හිමි වූවද මාසිකව රුපියල් 40,000 ක මුදලක් ගෙවීමේ හැකියාව සහිත රාජ්‍ය සේවකයන් සිටින්නේ කීයෙන් කීදෙනාද යන්නය. සාමාන්‍ය යෙන් බැංකුවක් නිවාස ණය ලබා දෙන්නේ ණයකරුවාගේ මාසික ආදායම හා උගසට ගන්නා එම දේපලෙහි වටිනාකම සලකා බලාය. ණය ඉල්ලුම්කරුවාගේ ගෙවීමේ හැකියාව රැඳී පවතින්නේ ආදායම අනුව නොව ඉල්ලුම්කරුවාගේ මාසික සියළු වියදම් වලින් පසුව ඉතිරි වන මුදලේ හැටියටය. ඒ අනුව නිවාස ණය බොහො විට ලැබෙන්නේ මුළු ආදායමෙන් කුඩා ප්‍රතිශතයක වාරික මුදලකට සීමාවන පරිදිය. ඒ අනුව එම වාරික මුදල ගෙවීමට ලක්ෂයකට ආසන්න මාසික වැ‍ටුප් හා දිමනා සහිත රාජ්‍ය සේවකයකු විය යුතුය.

අද මෙරට රාජ්‍ය පරිපාලන සේවයෙහි සිටින ඉහළම රාජ්‍ය නිලධාරී වන ජේෂ්ඨ විධායක නිලධාරියකු ද ( විශේෂ ශ්‍රේණිය) ලබන මූලික වැ‍ටුප රුපියල් 60,000 ඉක්මවන්නේ නැත. ඒ අනුව  රාජ්‍ය සේවකයකුට නිලධාරියකුට මෙම නිවාස ලබා ගැනීමේ හැකියාව ඉතා අවමය.

එහෙත් හෙට අනිද්දාට තමන් රාජ්‍ය සේවකයන් සඳහාද නිවාස ඉදිකර දුන් බව සජිත් ප්‍රේමදාස මහතාගේ ගැලරි කතා වලදී අහන්නට ලැබෙනුද ඇත.

ඒ කෙසේ වෙතත් මෙම හෝමාගම නිවාස ව්‍යාපෘතිය පසුගිය රාජපක්ෂ පාලනයේ නිවාස ඇමැතිව සිටි විමල් වීරවංශ යෝජනාවක් (2014.10.09 කැබිනට් අනුමැතිය ලැබී තිබිණි) අනුව අරම්බ වූවක් වේ. එසේම එදා මෙම නිවාස ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව ලබා දුන් ආකාරයද විවාදාත්මකය. මන්ද මෙම කොන්ත්‍රාත්තුව ජේඉන් ඉන්ෆ්‍රා ප්‍රොජෙක්ට් නම් ඉන්දියානු සමාගමකට රුපියල් මිලියන 2959.2 කට ඒ ලබා දීමට උත්සහ ගෙන තිබුණේ කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරවය.

mount 2mount 3

Last modified on Thursday, 04 May 2017 19:46

Leave a comment

ld add copy

Gossip

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර...

Connet With Us