වොක්ස්වැගන් කර්මාන්ත ශාලාවට මොකද වුණේ ? හර්ෂගෙන් උත්තර Featured

Published in පුවත්
Saturday, 07 January 2017 09:44

ආරම්භය

1. මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා මුල් කාලයේදී දායකත්වය දැක්වූවෙකු ලෙස ජනතාව වෙත මා මෙම පැහැදිලි කිරීම කරමි.


2. මා ප්‍රතිපත්ති සම්පාදන සහ ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන විට 2015 ජනවාරි මුල් කාලයේදී එවකට මෙරට ජර්මානු තානාපතිවරයා වූ ආචාර්ය Jurgen Morhard හමුවී සාකච්ඡාවක් ක‍ෙළ්ය. මෙම සාකච්ඡාවේදී ජර්මානු තානාපතිවරයා මා සමග පැවසුවේ 2008 වසරේ සිට Volkswagen සමාගම ලංකාවේ කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමට උත්සාහ කළත් විවිධ හේතූන් නිසා එය ව්‍යර්ථ වී ගිය බවයි.
3. මේ අවස්ථාවේදී මා ඔහු වෙත දැනුම් දුන්නේ Volkswagen සමාගම ලංකාවේ කර්මාන්ත ශාලාවක් ආරම්භ කරන්නේ නම් ඒ පිළිබඳව රජය අතිශය සතුටු වන බවයි. ඉන්පසුව, ඒ සඳහා අවශ්‍ය සාකච්ඡා රජය සහ සමාගම අතර සිදුකිරීමට අප විසින් පහසුකම් සැලසීය.
මේ බව පහත සඳහන් පරිදි වාර්තා වී තිබුණි.


http://www.island.lk/index.php…
http://www.economynext.com/Volkswagen_interested_in_Sri_Lan…


අත්සන් කිරීම


1. මෙම ව්‍යාපෘතියේ දළ රාමුව පිළිබඳව එකඟතාවයට පැමිණීමෙන් පසුව මා සහ එවක මෙරට සිටි ජර්මානු තානාපතිවරයා එය ඉදිරියට කරගෙන යාමේ වගකීම අදාළ අංශ වෙත භාර දුන්නේය. එයට හේතුවූයේ ඒ සමයේ ප්‍රතිපත්ති සම්පාදන අමාත්‍යංශය සැලසුම් කිරීමේ ආයතනය මිස එය ක්‍රියාත්මක කිරීමේ ආයතනය නොවූ නිසයි.


2. අපට දැන ගැනීමට ලැබුණේ මේ පිළිබඳ විවිධ වූ පාර්ශවකරුවන් සමග ඉන්පසුව මෙරටදී සාකච්ඡා පැවැත්වුණු බවයි. අදාළ අංශ වලින් අවශ්‍ය අවසරයන් ලබාගැනීම සඳහා Volkswagen සමාගමේ මෙරට නියෝජිතයා වූ Senok Automobiles සමාගම එම සමාගමේ නියෝජිතයා ලෙසින් ඉදිරිපත් වූ බව මෙහිදී දැනගන්නට ලැබුණි. මෙම කාලයේදී යම් යම් ගැටලු විසඳීම සඳහා ජර්මානු තානාපතිවරයාද මැදිහත් වී තිබුණි.


3. මේ අනුව, 2015 අගෝස්තු මැද කාලයේදී කුලියාපිටියේ Volkswagen වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමට Senok Automobiles සමාගම සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ගිවිසුමකට එළඹුණි. “Volkswagen වැනි දැවැන්ත සමාගම් ලංකාවට පැමිණීම ජර්මානු තානාපති කාර්යාලයට ඉතාමත් වැදගත්. මෙරට ව්‍යවසායන් කැඳවා ගැනීමට ජර්මනිය සෑම අවස්ථාවකදීම සාකච්ඡා කරනවා. ජනතාව පුහුණු කිරීමට සහ අධ්‍යාපනය ලබාදීමට අවශ්‍ය වෙනවා. මීට අමතරව, තවත් බොහෝ සාධක අවශ්‍යයයි. මේ නිසා, මේ තුළින් දේශීය ආර්ථිකයේ පිබිදීමක් ඇති වෙනවා.“ යනුවෙන් මෙම ගිවිසුම අත්සන් කිරීමේ උත්සවයේදී ජර්මානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී ආචාර්ය Michael Dohman උපුටා දක්වමින් ඩේලි මිරර් පුවත් පත 2015 අගෝස්තු 14 වනදා වාර්තා කර තිබුණි.


මෙම ගිවිසුම අත්සන් කිරීම එකළ තවත් මාධ්‍ය වාර්තා කර තිබුණේ මෙසේයි.


http://www.investsrilanka.com/…/BOI-SIGNS-AGREEMENT-FOR-VOL…
http://www.dailymirror.lk/…/auto-giant-vw-signs-deal-to-set…


Volkswagen අර්බුදය


1. මෙම ගිවිසුම අත්සන් කිරීමෙන් ටික කලකට පසුව ජර්මනියේ පිහිටි Volkswagen මව් සමාගම දැවැන්ත ප්‍රශ්නයකට මුහුණ දුන්බව සෑම දෙනාම දනී. තම සමාගම විසින් නිෂ්පාදනය කර ඇමරිකාවේ අලෙවි කළ සමහර ඩීසල් වාහන සඳහා දුම් පරීක්ෂණයක් සහතික කිරීමේදී යම් වංචාවක් සිදුවී ඇතැයි මෙම සමාගම පිළිගන්නා ලදී. මුලින් මෙම චෝදනාව Volkswagen සමාගම ප්‍රතික්ෂේප කළත් එය පිළිගන්නට සමාගමට පසුව සිදුවිය.


2. මින්පසුව, Volkswagen සමාගමේ කොටස් දැවැන්ත කඩා වැටීමකට ලක්වූ අතර සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයට තම තනතුරු හැර යන්නට සිදුවිය. ඉන්පසුව, සමාගමේ රැකියා 30,000 ක් පමණ කප්පාදු කළ අතර ඒ දක්වා සමාගමට ඩොලර් බිලියන 18 ක පමණ දැවැන්ත පාඩුවක් සිදුවී තිබුණි.
http://uk.businessinsider.com/what-volkswagen-did-and-how…/…


නැවතත් ශ්‍රී ලංකාවට පැමිණීම


1. මෙම අර්බුදයත් සමග අප මෙන්ම සෑමදෙනා තුළම Volkswagen පිළිබඳ යම් චකිතයක් ඇතිවී තිබුණි. මෙම තත්ත්වය තුළ Volkswagen මෙරට නියෝජිතයා ලෙස මෙම ගිවිසුමට එළඹුණු Senok Automobiles සමාගම මෙම ගිවිසුම ආරක්ෂා කර ගනිමින් සැලසුම් කළ පරිදි ආයෝජන කටයුතු කරන්නට උත්සාහ ගෙන තිබුණි.


2. කෙසේවෙතත්, දුම් පරීක්ෂණ වංචාවෙන් පසුව Volkswagen සමාගම මුහුණ දෙන නීතිමය තත්ත්වයන් හමුවේ මුලින් සඳහන් කළ පරිදි Volkswagen වාහන පමණක් එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවක් ඇති නොකිරීමට රජය තීරණය කළායැයි ගරු අග්‍රාමාත්‍යතුමා විසින් අපට පැහැදිලි කළේය.


3. මේ අනුව, Volkswagen මෙරට නියෝජිතයා ලෙස මෙම ගිවිසුමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග එළඹුණු Senok Automobiles සමාගම එම ගිවිසුම ඉදිරියට රැගෙන යාම සඳහා Volkswagen වාහන වලට අමතරව වෙනත් යුරෝපීය මෝටර් රථ මාදිලිද මෙම කර්මාන්ත ශාලාවේ එකලස් කිරීමට ආයෝජන මණ්ඩලය සමග එකඟතාවයකට පැමිණ ඇතැයි මා විශ්වාස කරමි.

**මෙවැනි තත්ත්වයක් හමුවේ මෙම වෙනස්වීම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් අනිවාර්යෙන්ම මාධ්‍යට දැනුම් දිය යුතුව තිබුණා යැයි මා සිතමි. අවාසනාවකට එවැන්නක් නොකිරීම නිසා තොරතුරු වසන් කළායැයි නැගෙන චෝදනාවන්ට මුහුණ දීමට අප සියළු දෙනාටම සිදුවී තිබේ**


4. මෙවැනි තත්ත්වයක් තුළ මෙම වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව Western Automobile ලෙස නම්කර තිබේ.


5. ***මා ප්‍රතිපත්ති සම්පාදන සහ ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධූරයේ සිට 2015 අගෝස්තු මාසයේදී නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස වැඩභාර ගැනීමෙන් පසුව මෙම ව්‍යාපෘතිය සමග වැඩ නොකළ අතර මේ නිසා සිදුවූ විවිධ නව වෙනස්කම් පිළිබඳව මා අවංකවම නොදනිමි.***


මෙම පැහැදිලි කිරීම මා සිදුකරන අතරම මා විශ්වාස කරන්නේ කුමන ආකාරයෙන් හෝ වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවක් පැමිණිම නිසා අපගේ ජනතාවට රැකියා අවස්ථා බිහිවීමත් තරුණ දරුවන්ට වාහන එකලස් කිරීමේ පුහුණු අවස්ථාවන් ලැබීමත් ජයග්‍රහණයක් බවත් එය අවතක්සේරු නොකළ යුතු බවයි. කෙසේවෙතත්, මෙම කර්මාන්ත ශාලාවට මුල්ගල් තැබීමට පෙර සිදුවූ වෙනස්කම් පිළිබඳව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පැහැදිලි කිරීමක් සිදුකළා නම් එය ඉතාමත් වැදගත් යැයි මා දැඩිව සිතමි.

 

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us