යහපාලන ලොක්කෙක් ලක්ෂ 4000කට නිවසක් මිලදී ගනියි..වෙනස සැපයි

Published in පුවත්
Monday, 02 January 2017 17:05

මහරගම, විද්‍යාකර මාවතේ අක්කර කිහිපයක විශාල ඉඩමක පිහිටි  සුවිසල් නිවසක් මීට සති කිහිපයකට පෙර යහපාලන ආණ්ඩුවේ ලොකුම ලොක්කෙකු විසින් මිලදි ගෙන ඇති බව දැන ගැනිමට ඇත. එම ලොක්කා එම නිවස මිලදී ගැනීමත් සමග එම නිවසට යන මාර්ගය රජයේ වියදමින් අලුතෙන් කාපට් යොද පිලිසකර කිරීමද සිදුව තිබේ.

එම නිවස රුපියල් ලක්ෂ 4000 ක මුදලකට මිලදී ගෙන ඇති බවද පැවසේ. මෙම නිවස මුල් වරට ගොඩනගා ඇත්තේ මහරගම ප්‍රදේශයේ ප්‍රකට ව්‍යාපාරිකයකුව සිටි මාර්ටින් පෙරේරා මහතා විසින් වන අතර පසු කාලයේදි ඔහු ව්‍යාපාරික වශයෙන් බංකොලොත් වීම නිසා මාළු සුරංග නමින් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකුට ඒ විකුණා තිබේ. ඔහු පසුගිය රාජපක්ෂ රෙජීමය හා ඉතා සමිපව කටයුතු කළ අයකු වන අතර යුද හමුදාවට මාළු ඇතුලු ආහාර ද්‍රව්‍ය සැපයුම්කරුවකු ලෙසද කටයුතු කර ඇත.

කෙසේ නමුත් මේ වන විට යහපාලන ආණ්ඩුවේ ලොකුම ලොක්කෙකු ගේ සමිප ව්‍යපාරික ඥාතිවරයකු හරහා මෙම නිවස මිලදී ගැනිම සිදුව තිබේ. ලක්ෂ 4000 ක් හෙවත් කෝටි 40 ක පමණ වියදමක් දරා මෙම නිවස මිලදී ගැනිමට තරම් මෙම යහපාලන සොහොයුරන් දැන් ධනයෙන් ආඩ්‍යව ඇති බව පැහැදිලිය. පිහිනුම් තටාක ටෙනිස් ක්‍රීඩා පිටි ආදියද මෙම පරිශ්‍රය තුල පිහිටා ඇත. මේ වන විට ප්‍රභු ආරක්ෂකයන් මෙම නිවසේ ආරක්ෂාවට යොදවා ඇති බවද දැන ගැනිමට ඇත.

malu manju 2

Last modified on Monday, 02 January 2017 17:46

Leave a comment

ld add copy

Gossip

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර...

Connet With Us