ලසන්තගේ සිරුර හොරෙන්ම වළලලා

Published in පුවත්
Saturday, 19 November 2016 09:49

නැවත පරික්ෂ කිරීම සඳහා ගොඩගනු ලැබූ ඝාතනයට ලක්වූ සන්ඬේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ මළ සිරුර පසුගිය නොවැම්බර් 05 වන දින කිසිදු ප්‍රසිද්ධියකින් තොරව යළි මිහිදන් කර තිබේ. බොරැල්ල කනත්තේ මිහිදන්කර තිබූ වික්‍රමතුංග මහතාගේ සිරුර එම ස්ථානයේම යළි තැන්පත් කිරීමට කටයුතු කර ඇත.

ගොඩගැනීමෙන් පසු රහස් පොලීසිය භාරයේ තිබු මෙම මළ සිරුර සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු අවසන් කර තිබූ බැවින් ලසන්ත වික්‍රමතුංග මහතාගේ සොහොයුරු ලාල් වික්‍රමතුංග මහතා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් නියොගයක් අනුව එම සිරුර රහස් පොලිසියෙන් මුදවාගෙන නැවත් මිහිදන් කිරීම සිදු කර තිබේ.


ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනයට අදාළ රස පරීක්ෂක වාර්තා හා පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවල ඇති පරස්පරතා හේතුවෙන් රහස් පොලිසිය අධිකරණයට කරන ලද සැලකිරීමට අනුව ගල්කිස්ස මහේස්ත්‍රාත් මොහොමද් සහබ්දීන් මහතා ඉකුත් සැප්තැම්බර් මස 8 වන දින මෙම සිරුර ගොඩගෙන නැවත විද්වත් වෛද්‍ය මණ්ඩලයක් හමුවේ පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කරන ලෙසට අධිකරණය නියෝග කර තිබිණ. ඒ අනුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මොහොමඞ් මිහාල් මහතා ඉදිරියේ සැප්තැම්බර් 27 වන දින එම සිරුර ගොඩ ගනු ලැබීය.

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා සිය නිවසේ සිට කාර්යාලය බලා මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී අත්තිඩිය කවුඩාන මාර්ගයේදී 2009 ජනවාරි 8 වැනි දින ඝාතනයට ලක් විය. මෙම ගතන සිදුවෙම සම්බන්ධයෙන් සැකපිට රිමන්ඩ බණ්ද්නාගාර ගතව සිටි යුධ හමුදා බුද්දි අංශ සැරයන් ප්‍රේම් ආනන්ද උදුලාගම පසුගිය ඔක්තෝර්බර් මස 27 වන දින ඇප පිට මුදා හරිනු ලැබීය.

Last modified on Saturday, 19 November 2016 09:53

Leave a comment

ld add copy

Gossip

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර...

Connet With Us