මහ බැංකුවේ හොරු අල්ලන ලොක්කි හෙරක් ලු

Published in පුවත්
Wednesday, 26 October 2016 14:24

ශ්‍රි ලංකා මහ බැංකුවේ මේවන විට සේවය කරන ඉහළ නිළධාරිනියක ඇතුලු තවත් නිළධාරීන් කිහිප දෙනෙකුට එරෙහිව විවිධ අක්‍රමිකතා සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇතැයි වාර්තාවේ.

 අභ්‍යන්තර විගනන අංශයේ ඉහළ තනතුරක් හොබවන නිළධාරිනියකට එරෙහිව මේවන විටත් අල්ලස් හෝ දූෂන විමර්ශන කොමිසම වෙත ද පැමිණිල්ලක් ලැබී ඇති බවත් වාර්තාවේ. ඇය රාජකාරීමය කටයුතු සඳහා විදේශ සංචාරයන් වලදී සාමාන්‍ය පංතියේ ගුවන් බලපත්‍ර ලබාගෙන ගමන් කළත් ව්‍යාපාරික පංතියේ ගමන් ගත් බව කියමින් වංචා සහගත ලෙස මහ බැංකුවෙන් මුදල් ලබා ගෙන ඇති බවට එම චෝදනාව එල්ල වී තිබේ.

පසුගිය රාජපක්ෂ සමයේදී හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට සමීපව කටයුතු කළ ඇය ඔහුගේ අනුදැනුම මත මහ බැංකුවේ සිදු වු අක්‍රමිකතා රැසක් සම්බන්ධ චෝදනා යටපත් කිරීම සඳහා කටයුතු කළ බවට එවකට ද චෝදනා එල්ල වී තිබිණි. එමෙන්ම පසුගිය වකවානුවේ ආන්දෝලනයකට තුඩු දුන් බැඳුම්කර ගනුදෙනුව හා ඒ ආශ්‍රිත සිදුවීම් වලදී ඇය විසින් මහ බැංකුවේ විශ්වාසය රකිමින් කටයුතු නොකළ බවටද මේවන විට චෝදනාවට ලක්වී ඇත.

මේ අතර මහ බැංකු ආරංචි මාර්ග පවසන්නේ බැඳුම්කර ගනු දෙනුව සම්බන්ධයෙන් කෝප් කමි‍ටුව හමුවේ සාක්ෂි දුන් ඇතැම් නිලධාරීන් අසත්‍ය , පක්ෂග්‍රාහී සාක්ෂි දීම හා මහ බැංකු රහස් පිට කිරීම සම්බන්ධයෙන් මේවන විට පැවැත්වෙන විමර්ශන අනුව නිලධාරීන් හතර පස් දෙනෙකුගේ වැඩ තහනමට ලක්වීමේ අවධානමක්ද මතුව ඇති බවය.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

චීනයෙන් දිනේෂ්ට අමුතු සැලකිල්ලක්

චීනයෙන් දිනේෂ්ට අමුතු සැලකිල්ලක්

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, සය දින නිල සංචාරයකට චීනයට ගියේ චීන ආණ්ඩුවෙන් ලැබුණු ආරාධනාවක් අනුවය. ඉ...

Connet With Us