පෞද්ගලික අංශයෙන් සිදුකරන සියළුම රුධිර පරීක්ෂණ තහනම් කරයි !

Published in පුවත්
Sunday, 31 July 2016 10:28

ලබන වසරේ ජනවාරී පළමු වෙනිදා සිට පෞද්ගලික රෝහල් වලින් සිදු කරනු ලබන රුධිර පරීක්ෂණ වාර්තා රජයේ රෝහල් වලට බාර ගැනීම තහනම් කරන බව සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න පවසයි.

අලුත්ගම මාලේවන ඥාණීස්වර මහා විද්‍යාලයේ සහ අලුත්ගම සහිරා විද්‍යාලයේ මහින්දෝදය තාක්ෂණිය විද්‍යාගාර විවෘත කිරීම පසුගියදා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්නගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරින. එහිදී සෞඛ්‍ය ඇමැතිවරයා මෙම අදහස් පළ කරන ලදි.


මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - '2017 ජනවාරි 01 සිට පෞද්ගලික අංශයෙන් සිදුකරන සියළුම රුධිර පරීක්ෂණ තහනම් කරනවා. 2017 ජනවාරි 01 සිට සියළුම රජයේ රෝහල්වලින් ලේ පරීක්ෂණ සිදු කිරීමට අවශ්‍ය කටයුතු සුදානම් කරනවා. එතකොට රුධිර පරීක්ෂණ පෞද්ගලික අංශයෙන් සිදු කිරීම ජනවාරි 01 සිට තහනම්. ඒ සදහා සියළුම රෝහල්වලට රුධිර පරීක්ෂණ යන්ත්‍ර ලබාදෙනවා. එමෙන්ම එන සතියේ දුම්කොළ සමාගම්වලින් සියයට 90 බද්ද අය කිරීමේ කැබිනට් පත්‍රීකාව මම ඉදිරිපත් කරනවා.”

මේ වනවිට පිළිකා රෝගීන් සදහා නොමිලේ ඖෂධ ලබාදීමට මම දැනුම් දී තිබෙනවා. ඇතැම් පිළිකා රෝගියෙකුට ඖෂධ ලබාදී අවසන් වනවිට රුපියල් ලක්ෂ 50 - 60 ක වියදමක් දරන්න සිදු වෙනවා. නමුත් නිදහස් සෞඛ්‍ය සේවාව ආරක්ෂා කර ගැනීමේ අරමුණින් මම මේ පියවර ගත්තා. රුපියල් ලක්ෂයක්වත් දැකපු නැති ජනතාව ඉන්නවා.

නමුත් පිළිකා ඖෂධයක් රුපියල් ලක්ෂ දෙකහමාරක් වගේ වෙනවා. එහෙම අය කොහොමද එවැනි මුදලක් වැය කරලා ඖෂධ ලබාගන්නේ. එම නිසා පිළිකා සදහා ඖෂධ වාර්ෂිකව රෝගීන්ට ලබාදීමට වැයවන රුපියල් කෝටි 1200 ලබාගැනීම සදහා කැබිනට් සන්දේශයක් ඉදිරිපත් කිරීමට ද බලාපොරොත්තු වෙනවා. හෘද සැත්කම් සදහා අවශ්‍ය ස්ටෙන්ස් නොමිලේ ලබාදෙනවා. අක්ෂි කාචත් ලබාදෙනවා. බෙහෙත් හිඟක් දැන් නැහැ. මාධ්‍ය ඔස්සේ කියවෙන්නෙත් නැහැ. මාස 02 කට අවශ්‍ය තරම් ඖෂධ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ ගබඩා කොට තිබෙනවා. දුෂණ ටෙන්ඩර් පටිපාටිය සෞඛ්‍ය අමාත්‍යාංශය තුළින් ඉවත් කරනවා. අගෝස්තු මස 31 වනවිට ඖෂධ මිල අඩු කිරීමේ ගැසට් පත්‍රය ජාතික ඖෂධ නියාමණ අධිකාරිය විසින් ප්‍රකාශයට පත් කිරීමට සුදානම්න් සිටින්නේ. ඒ පිළිබද මා ඖෂධ වාණීජ මණ්ඩලය සමග සාකචිඡා කළා. ඖෂධ මිල සියයට 85 ක් දක්වා අඩු කළ යුතුයි. එයයි මගේ බලාපොරොත්තුව.”

Leave a comment

worky

worky1

ld add copy

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

Connet With Us