විමල් කියන්නෙ පට්ට හොරෙක්, අත්අඩංගුවට ගන්නැත්තේ ආණ්ඩුවත් එක්ක ඩීල් එකක් නිසා ද?

Published in පුවත්
Monday, 25 July 2016 15:37

මේ මොහොතේ ඉතිහාසය විසින් අප ඉදිරියේ කැණෙමින් තිබෙන වළේ ගැඹුර සහ පරිමාව වහාම හඳුනා ගන්න කියා බල කරනවා නම් ඒ වෙනුවෙන් හඬ නඟනවා හැරෙන්නට කිරීමට වෙන කිසිවක් අප ඉදිරියේ ඉතිරි වී නැහැ.

සතුරු බලවේගවල න්‍යාය පත‍්‍රයට ඇද වැටිලා ඒ උගුලේ හිරවෙලා ගොඩ ඒමට බැරි ප‍්‍රපාතයකට අද මේ රට වේගයෙන් ඇදගෙන යමින් තිබෙනවා. මෙවැනි අවස්ථාවල දී අප ඉතිහාසය පුරාම ඊට එරෙහිව නැගී සිටියා. අද නැවතත් එවැනි නැගී සිටීමක්, ලක් මාතාවගේ දූ පුතුන්ගෙන් ඉතිහාසය ඉල්ලා සිටිනවා. ඒ නිසා අපි ඒ අනතුර තේරුම් ගෙන ඊට එරෙහිව නැගී සිටිය යුතු වෙනවා......”

පසුගිය දා විහාරමහාදේවී උද්‍යානයේ දී මෙහෙම පටන් ගත්තු කතාව අවසන් කළේ මෙසේය.

”.....අතීතයේ දී අපේ රණකාමී මුතුන් මිත්තෝ ඒ බලය උපද්දවලා තිබෙනවා. අපි කවර අන්දමේ හෝ දඩයමකට මුහුණ දීමට සූදානම්. අද මේ දඩයම පරදවන්න ජනතාව පෙරට ආ යුතුයි. මේ දඩයම පැරදවිය යුත්තේ වෙන කුමක් නිසාවත් නොවෙයි, මේ රට මේ පරගැති හවුලේ උගුලෙන් බේරා ගැනීමට හැක්කේ දඩයමට ගොදුරුව ඇති ජාතිකවාදී නායකයන්ට නිසයි. මේ පරගැති ගමන පැරදවීමට ලක් මෑණියන්ගේ සූජාත දූ පුතුන් ලෙස පෙරමුණ ගනිමු. රණකාමීව ඉදිරියට එමු. රණවිරුවන් වෙනුවෙන්, ජාතික ආරක්ෂාව වෙනුවෙන් සටන් අවුළුවමු! සටන පෙරට ගෙන යන්න ඔබ සැමට ශක්තිය, ධෛර්යය, යෝධබල යෝධ වීර්යය ලැබේවා!.

මාතෘ භූමියට ජයවේවා!
කෲර, පරගැති ආණ්ඩුව භංග වේවා!....”

පටන් ගැන්මයි අවසානයයි දක්වා පැය ගාණක් තිස්සේ තවත් වැල්වටාරම් රැසක් ඇද බාපු විමල් වීරවංශ මේ කතාව පුරා කියන්නට ගත්තේ තමන්ව දඩයමට ගැනීමට උත්සාහ ගන්නේ මේ මාතෘ භූමිය රැක ගැනීමේ මහා දේශපේ‍්‍රමී අරගලය මොට කිරීම සඳහා බවය.

ඊනියා දේශපේ‍්‍රමය හැර විමල්ට තවත් විකුණන්න දෙයක් නැත. එහෙත් මේ කොලටි බාල දේශපේ‍්‍රමයට අසුවෙලා ඒ ගෙඩි පිටින් මිලදී ගන්නා මෝඩයන් දැන් ලංකාවේ අඩු බව විමල් නොදන්නවා ද නොවේ. එහෙත් දිවි පැවැත්ම වෙනුවෙන් වෙන කළ හැක්කක් නැත.

හෙට අනිද්දාම තමන් ද නීතියේ ගොදුරක් වීම වැළැක්විය නොහැකි බව ද ඔහු දනී. දේශපේ‍්‍රමයෙන් වසන් කළ ඔහු කළ කී වංචා දූෂණ තක්කඩිකම්, කුප්පකම් සදාකාලික රහස් ලෙස සැඟව යනු ඇති බව රාජපක්ෂ සමයේ දී ඒ රාජකීය බොජුන් වැළඳූ කාලයේ දී ඔහු කල්පනා කරන්නට ද ඇත. එහෙත් ඒ වැරැදි කල්පනාව නිසා එදා කාපුවා දැන් දිරවාගත නොහැකිව තිබෙන බව ද පැහැදිලිය. යළි දේශපේ‍්‍රමයේ සිංහල ජාතිවාදයේ එල්ලී වත්මන් ආණ්ඩුව පෙරළා දමා යළි රාජපක්ෂ දූෂිත පාලන තන්ත‍්‍රයම පිහිටුවා ගැනීමට දඟලන්නේ එබැවින්ය.

වීරවංශ පසුගිය කාලයේ කර තිබෙන වංචා දූෂණ අක‍්‍රමිකතා අනුව හොර පාස්පෝට් මගඩිය සුළු කාරණයකි. රාජ්‍ය මුදල් අයථා පරිහරණය ඥාති සංග‍්‍රහ සහ තමන්ගේ ජාතික නිදහස් පෙරමුණ රජයේ මුදලින් නඩත්තු කිරීම ඒ අතර ප‍්‍රධානය.

මේ මහා දේශපේ‍්‍රමියාගේ පවුල් පේ‍්‍රමය, දේශපේ‍්‍රමයට වඩා වැඩි බව පවුලේ ඥාතීන් වෙනුවෙන් කර තිබෙන මගඩි වැඩ අනුව පැහැදිලිය.

සියල්ලටම කලින් විමල් වීරවංශ තමන්ගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස තමන්ගේ සහෝදරයාව (සරත් වීරවංශ) පත් කර ගත්තේය. ඔහුට වැටුප් ගෙව්වේ රජයෙනි. ඒ අතරේ දී ඇමැතිගේ කාර්යමණ්ඩලය සඳහා යැයි කියමින් JV 5351, KH 6810, KH 5211, GD 7231, KG 0356 සරත් වීරවංශ සිය පරිහරණය සඳහා යොදා ගෙන ඇත. එතැනින් නොනැවතී ඔහුගේ බිරිඳ වන නන්දනී ශ‍්‍රියාලතා නමැත්තියගේ නමින් වන KT 5335 දරන මොන්ටෙරෝ ස්පොර්ට් රථයේ අංකය පමණක් ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන සංචිතයට ඇතුළත් කර මාසිකව රුපියල් 150,000ක් වංචාකාරී ලෙස ලබා ගෙන ඇත. ඊට වැට් බදු ද අය කරගෙන ඇති අතර ඒ අනුව 168,000 බැගින් ලබා ගෙන ඇත. (අද වීරවංශ වැට් බදු විරෝධියෙකි.) වසරකට අධික කාලයක් තිස්සේ මේ වංචාව සිදු කර ඇත. නමුත් පැරැදී ගෙදර යන විට මේ වංචාවලට අදාළ ලිපි ගොනු ද විනාශ කර ඇති බවට සැක කෙරේ. මේ සම්බන්ධයෙන් වන විමර්ශනවල දී එම ලිපිගොනු රැසක් අතුරුදන් බව අනාවරණය වී ඇත.

මේ අතර විමල් වීරවංශගේ අමාත්‍යාංශය යටතේ වූ නිවාස අධිකාරිය මඟින් මත්තෙගොඩ ඉදිකරන ලද නිවාස යෝජනා ක‍්‍රමයේ ලොට් අංක 16 නිවස වීරවංශගේ සහෝදරියගේ ස්වාමි පුරුෂයා වන ඩබ්ලිව්. පේ‍්‍රමසිරිට ලබා දී තිබූ අතර එම නිවසේ වටිනාකම රුපියල් 10,178,371ක් (එක්කෝටි එක්ලක්ෂ හැත්තෑ අටදහස් තුන්සිය හැත්තෑ එකක්) වූ නමුදු එය ලබා දී තිබුණේ දසලක්ෂ පනස් දහසක මුදලකටය. එම නිවාස යෝජනා ක‍්‍රමයේ ලොට් අංක 10 රුපියල් කෝටියක් වන නිවස වීරවංශගේ බාල සහෝදරයා වන පී. පී. ජී. ආනන්දට ලබා දී තිබුණේ ද ලක්ෂ 20කට ය.

කහතුඩුව නිවාස යෝජනා ක‍්‍රමයේ අංක 05 දරන රුපියල් 78 ලක්ෂයක් වන නිවස වීරවංශගේ සහෝදරියගේ පුතා වන වසන්ත කුමාරසිංහට රුපියල් 11 ලක්ෂයකට ලබා දීම සිදු කර ඇත.

කඩුවෙල නිවාස යෝජනා ක‍්‍රමයේ අංක 10 නිවස වීරවංශගේ නෑනා වන අයි. එම්. රණවීරට දී තිබුණේ ලක්ෂ 7ක මුදලකටය. එහි වටිනාකම ලක්ෂ 85 කි. මේ සම්බන්ධයෙන් මේ වන විට අල්ලස් කොමිසම හමුවේ පැමිණිල්ලක් ද ගොනු කර ඇත.

එමෙන්ම නිවාස සහ ඉදිකිරීම් අමාත්‍යාංශය යටතේ පවතින සමාගමක් වන 'ඕෂන් වීව් ඩෙවලොප්මන්ට් සමාගම' මඟින් නවීනතම වාහන දෙකක් මිලදී ගෙන එක් වාහනයක් (KK 8841) වීරවංශගේ ඥාති පුත‍්‍රයකු වන සාරංග හිරෝෂ්මන් කුමාර නමැති අයගේ පරිහරණයට ලබා දී ඇත. ඔහු මෙම සමාගමේ කොන්ත‍්‍රාත් පදනම මත සිටි සාමාන්‍ය සේවකයෙකි. අනෙක් රථය (KK 8851) වීරවංශගේ අනුගාමිකයකු වන ප‍්‍රසාන්ත ඩයස් යන අයට ලබා දීම සිදු කර ඇත.

මේ අතර වීරවංශට ඉතා සමීප ප‍්‍රකට ව්‍යාපාරිකයකු වන ජපන් සමන්ට රජයට අයත් බම්බලපිටියේ ඕෂන් වීව් ගොඩනැගිල්ලේ පහත මාලය මාසික කුලිය රුපියල් 50,000ක වැනි සුළු මුදලකට ලබා දීම සිදු කර ඇත. එවකට එහි තක්සේරු කුලී වටිනාකම රුපියල් ලක්ෂ 5 ඉක්මවීය.

විමල්ගේ පවුල මෙන්ම ඔහුගේ ජාතික නිදහස් පෙරමුණ ද නඩත්තු වූයේ මහජන මුදල් අයථා ලෙස ලබා ගනිමින් බවට මේ වන විට හෙළිව තිබේ. පසුගිය කාලයේ රටේ මැතිවරණ ආසනයක් පාසා පවත්වාගෙන ගිය පක්ෂ කාර්යාල සියල්ලම මහජන මුදලින් නඩත්තු වූ බවත් ඒ සෑම කර්යාලයකම සේවකයන් දෙදෙනකුට රජයේ ආයතන හරහා වැටුප් ගෙවූ බවට ද චෝදනා එල්ල වී තිබිණි. ඒ අනුව රාජපක්ෂ සමයේ දී ජාතික නිදහස් පෙරමුණට ජනාධිපති කාර්යාලයේ වාහන 7ක් ලබා ගැනීමට තරම් වීරවංශට බලයක් තිබී ඇත. වෙනත් පෞද්ගලික හිමිකරුවන්ට අයත් එම වාහන සඳහා මිලියන ගණනක් මාසික කුලිය ලෙස ගෙවීම ජනාධිපති කාර්යාලය මඟින් සිදුකර ඇත. ජනාධිපති කාර්යාලය මඟින් වාහන ලබා දෙන්නේ එම කාර්යාලයට අනුයුක්තව සිටින නිලධාරීන්ට පමණක් නමුත් මෙලෙස වාහන ලබා ගත් කිසිවකුත් එම කාර්යාලය හා සම්බන්ධව කටයුතු කර නැත. පහත වගුවේ එලෙස ලබා ගත් පුද්ගලයන්, වාහන අංක සහ ගෙවූ මිල ගණන් දැක්වේ.

Wimal letter 1

මේ අතර ඉංජිනේරු සංස්ථාව විසින් වාහන 40 ක ප‍්‍රමාණයක් ද පෞද්ගලික හිමිකරුවන්ගෙන් කුලී පදනම මත ලබාගෙන වීරවංශගේ පක්ෂයේ සාමාජිකයන්ගේ පරිහරණය වෙත ලබා දී තිබේ. මොවුන් ඇමැති කාර්ය මණ්ඩලය ලෙස හඳුන්වා මෙම වංචාසහගත ක‍්‍රියාව සිදු කර ඇත. මේ සම්බන්ධයෙන් දැනට සොයාගෙන ඇති ලිපි ගොනු අනුව මිලියන 41ක මුදලක් (වාහන කුලිය ලෙස පමණක්) මේ වාහන වෙනුවෙන් ඉංජිනේරු සංස්ථාව වැය කර තිබේ. වීරවංශගේ ප‍්‍රචාරක ලේකම් මුසම්මිල් ද වාහන මගඩියකට චෝදනා ලැබ මේ වන විටත් රිමාන්ඞ් භාරයේ පසුවේ.

මෙම වාහන ලබා ගත් පිරිස අතර පසුගිය රාජපක්ෂ සමයේ දී සිංහල බෞද්ධ වර්ගවාදය අවුළුවා රට ගිනිබත් කළ කහකඩධාරියකු වන ඉත්තෑකන්දේ සද්ධාතිස්ස ද සිටී. සිංහල රාවය නම් ජාතිවාදී සංවිධානය මෙහෙයවූයේ ඔහු විසිනි. එමෙන්ම මේ අතර ප‍්‍රකට ජනමාධ්‍යවේදීන් කිහිප දෙනෙක් ද සිටිති.

එමෙන්ම ඉංජිනේරු සංස්ථාවෙන් වැටුප් ලබා ගත්, නමුත් කිසි දිනෙක එම සංස්ථාවේ හෝ අනුබද්ධ ආයතනයක, වැඩ බිමක කිසිදා සේවය නොකළ වීරවංශගේ පක්ෂ සාමාජිකයන් වන 60 දෙනකු ගැන ද සියලූ තොරතුරු මේ වන විට හෙළිව තිබේ. මොවුන් වසර හතර හමාරක කාලයක් එලෙස වංචාසහගතව වැටුප් ලබා ගෙන ඇත. ඒ අතර ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කර මහජන නියෝජිතයන් වූ සූරියවැව ප‍්‍රාදේශීය සභාවේ සභාපති සුජිත් මුතුකුමාරණ, මොරටුව නාගරික මන්තී‍්‍ර සුරේෂ් ඉන්දික, පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික සුසිල් සමන්ත කුමාරසිංහ යන අය ද වෙති. මීට අමතරව සේවය ස්ථිර කරගත් ජානිපෙ සාමාජික සාමාජිකාවන් රැසක්ම මේ වන විට වීරවංශ යටතේ වූ ආයතනවල සේවය කරති.

පවුලට ද පක්ෂයට ද හිතවතුන්ට ද අත දිගහැර රටේ මහජනයාගේ මුදල්වලින් සුර සැප විඳීමට සැලැස්වූ වීරවංශගේ දේශපේ‍්‍රමය ගැන තවත් අමුතුවෙන් කිව යුතු නැත.

එහෙත් වීරවංශ අනුන්ට කළාට තමුන්ට මොනවාවත් කර ගත්තේ නැතැයි හැඟීමක් අපේ පාඨකයාට හැෙඟන්නට ඉඩ තිබෙන බැවින් මේ හරියත් සටහන් කළ යුතුව තිබේ.

නිවාස ඉදිකිරීම් අමාත්‍යාංශය මඟින් එක්කෝටි හතළිස් ලක්ෂයක් වැය කර දිනපොත් මුද්‍රණය කිරීමේ හොර මගඩිය සම්බන්ධයෙන් වන චෝදනාව කෙළින්ම වීරවංශයේ ගිණුමට බැර වෙන්නකි. දිනපොත් 19,500 ක් සහ කැලැන්ඩර් 24,000 ක් මුද්‍රණය කරන බව පවසා මෙම මුදල් ලබා ගෙන ඇති නමුත් ඉතා සුළු දිනපොත් ප‍්‍රමාණයක් පමණක් මුද්‍රණය කර ඉතිරි මුදල් අයථා ලෙස පරිහරණයට ගෙන ඇත. එම මුදල් ජනාධිපතිවරණයේ ප‍්‍රචාරක කටයුතුවලට යොදා ගත් බව ද පැවසෙන නමුත් එය ද නීති විරෝධීය.

මීට අමතරව වීරවංශගේ බිරිඳ වන සහර්ශා උදයන්ති රණසිංහ නොහොත් සෂී වීරවංශ 2007 වසරේ දී රුපියල් මිලියන 11.7 ක මුදලක් ව්‍යාපාරිකයන්ට පොලියට ලබා දී ආදායම් ඉපදවීමට සලාකා කැසිනෝ සූදූ පොළෙහි හිමිකාරියක වන සුදර්මා නෙත්තිකුමාරට ලබා දී ඇති බව එවකට ද හෙළි විය. එය ලබා දුන් මුදලට වඩා වැඩි මුදලක් වංචාකාරී ලෙස සුදර්මා නෙත්තිකුමාරගෙන් ආපසු ලබා ගැනීමට යෑමේ දී වූ ගැටුම නිසා එය අධිකරණයට ද ගියේය. විමල් වීරවංශ ජනතා විමුක්ති පෙරමුණේ විප්ලවවාදී ආදර්ශය වෙමින් එහි ප‍්‍රචාරක ලේකම්වරයා ලෙසත් පාර්ලිමේන්තු කණ්ඩායම් නායකයා ලෙසත් කටයුතු කරමින් සිටිය දී බැසිල් රාජපක්ෂ සමඟ ගැසූ ඩබල් ගේම් අසු වී ඉන් ඉවත් කර මාස කිහිපයක් තුළ මිලියන එකොළහක් පොලියට දීමට තරම් වත්කමක් උපයා ගැනීම බරපතළ සැකයට තුඩු දෙන්නකි. එවකට ජවිපෙ පැවසුවේ ඔවුන්ගේ පාර්ලිමේන්තු වැටුප ද ඔවුන් ලබා නොගන්නා බවය.

එමෙන්ම ඊටත් වසරකට පසුව කොළඹින් හේවාගම් කෝරළයේ පර්චස් 81.4ක ඉඩමක් ද මිලදී ගත්තේය. එම ඉඩමේ නිවාස දෙකක් මේ වන විට ඉදිකර ඇත. එම නිවාස දෙකේ රජයේ තක්සේරු වටිනාකම ලක්ෂ 50ක් හා ලක්ෂ 185ක් වශයෙන් දක්වා ඇත. වීරවංශ මහතාගේ කෝටි ගණනක් වන වත්කම් උපයාගනු ලැබුවේ කෙසේද යන්න සම්බන්ධයෙන් මේ වන විට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ද විමර්ශනයක් පවත්වාගෙන යයි. එමෙන්ම මෙම ඒකකයට වීරවංශ ගුවන් හමුදාවේ ගුවන් යානා පරිහරණයට ලබා ගෙන මුදල් නොගෙවීම සම්බන්ධයෙන් ද පැමිණිල්ලක් ලැබී ඇති බවත් වාර්තා වේ.

වීරවංශ දේශපේ‍්‍රමය පොලිෂ් කර ගැනීම සඳහා වීරවංශත් බිරින්දෑත් ඉංජිනේරු සංස්ථාවෙන්ම වැටුප් ගෙවමින් ගෙදර මෙහෙකාරකමට සේවකයන් තිදෙනකුව ලබාගෙන තිබිණි. ඉන් දෙදෙනකු දෙමළ ජාතික තරුණයකු හා තරුණියකි.

වීරවංශලාගේ දේශපේ‍්‍රමය දැන් දෝරේ ගලා යමින් තිබේ. මෙරට මහජනතාවගේ බදු මුදල් තමන්ගේ සුඛ විහරණය වෙනුවෙන් මේ තරම් නින්දිත ලෙස සහ ලැජ්ජාසහගත ලෙස යොදා ගත් වීරවංශලා තවමත් සිර මැදිරිවල නොලැග ඉන් බේරී සිටින්නේ ඇයිදැයි යන ප‍්‍රශ්නය මිසක් දේශපේ‍්‍රමය ගැන වෙනත් ප‍්‍රශ්න තිබිය යුතු නැත. දේශපේ‍්‍රමය නම් යුගයේ සටන් පාඨය විය යුත්තේ ”මේ රට කෑ හොරු සිටිය යුත්තේ සිර ගෙවල්වලය” යන්නය.

Wimal Letter 2

sathhanda.lk

Leave a comment

worky

worky1

ld add copy

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

අනං මනං

Connet With Us