අමරවීරගේ ගෝලයෝ තාමත් මහින්දගේ කාලයේ ජඩ වැඩවල..

Published in පුවත්
Sunday, 21 February 2016 14:14

ධීවර හා ජලජ සම්පත් ඇමැති මහින්ද අමරවෙර මහතාගේ පෞද්ගලික ලෙකම් ලෙස කටයුතු කරන ජී.ජි.කේ ගාමිණී නැමැත්තා විසින්  අමාතයංශයට තම හිතවතුන් හා හිතවතියන්  13 දෙනෙකු  නිතිවිරෝධී ලෙස අනුයුක්ත කරගනිමින් වැඩි සැලකිලි ලබා දෙන බව ධීවර අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි.

ලංකා ධීවර වරාය නිතිගත සංස්ථාවේ සේවයෙහි නිරතව සිටි මෙම පිරිස අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියකින් ද තොරව මෙලෙස අනුයුක්ත කරගෙන ඇත. එසේ අනුමැතියකින් තොරව අනුයුක්ත කරගැනීම ආයතනික නීතිරීති අනුවද බරපතල වරදක් ලෙස දැක්විය හැක. එසේම යහපාලන ආණ්ඩුව බිහිවීමෙන් පසුව 2015 වසරේ ජනවාරි මාසයේ සිට මෙලෙස කටයුතු කර ඇති බවද දැනගන්නට ලැබේ. මොවුන්ගේ වැටුප් අතිකාල දීමනා ගෙවීම් ධීවර වරාය නිතිගත සංස්ථාව මඟින්  සිදු කරනු ලබන නමුත් මේ සේවක සෙවිකාවන් අමාත්‍යංශයේ සේවය කරන බවට පැමිණිමේ නාමලේඛනද සාක්ෂි දරයි. එහෙත් පෞද්ගලික ලෙකම්වරයා විසින්  නිතිපතා අතිකාල ලකුණුකර ඒවා ගෙවන ලෙසට අනුමත කර තිබීම බරපතල තත්ත්වයකි.

මෙහිදී මෙම සේවක සෙවිකාවන් වෙත  වැටුපට අමතරව අතිකාල විශාල ප්‍ර‍ාමාණයක් ලබාදිම මෙම ලේකම්වරයා විසින් සිදු කොට තිබේ. ඇතැම් සේවිකාවන්ට මාසයකට අතිකාල පැය 170කට වඩා ඉහල ප්‍ර‍මාණයක් ලබා දී ඇත,ඒ අතර සෙනසුරාදා හා ඉරිදා දිනයන්ද ඇතුළුව පොහොය දිනවල රාජකාරි කල බ මේ අතිකාල සටහන් වල  සඳහන්ය.

කෙසේ නමුත් මේ වන විට විගණකාධිපති දෙපාර්තමේන්තුව මේ සම්බන්දයෙන් පරීක්ෂණයක් සිදු කරමින් තිබේ.

මහින්ද අමරවීර ඇමැතිවරයා යහපාලනය උදාකර දීම සඳහා දැඩි දේශපාලන සටනක නිරතව සිටියදි ඔහුගේ පෞඅද්ගලික ලේකම් වරයා මෙලෙස අමැති බලතල පාවිච්චි කරමින් නිති විරෝදි ලෙස කටයුතු කිරෙමෙන් වන්නෙ ඈමතිවරයාද අවසානයේදී දූෂිතයකු ලෙස කළු පැල්ලමක් දා ගැනිම පමණය.

Last modified on Sunday, 21 February 2016 14:24

Leave a comment

ld add copy

Gossip

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභා රැස්වීමක් පසුගිය 27 වෙනිදා පැවැත්විලා තිබුණා. ඒ, හිටපු ජනාධිපති...

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

Connet With Us