ෆොනීගේ ගෝලයාට යහපාලනයෙන් දඩුවම් නෑ. පරීක්ෂණ යට ගසයි

Published in පුවත්
Saturday, 12 December 2015 11:46

පකිස්ථානයේ ජාතික ආරක්ෂක පුහුණු පාසලේ පාඨමාලවක් හැදැරීමට ගොස් සිටින මේජර් ජනරාල් කැප්පෙටිවලාන මහතා එරට ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට අනුයුක්තව සේවය කරන ආරක්ෂක උපදේශකවරයාට පහර දීමට කළ උත්සාහයක් සම්බන්ධ පරීකෂණය යට ගැසීමේ උත්සාහයක් ක්‍රියාත්මකව ඇති බව වාර්තාවේ.

පසුගිය දෙසැම්බර් 05 වන දින ඉස්ලාමාබාත් නුවර පැවැති ආරක්ෂක අංශ සම්බන්ධ ප්‍රදර්ශනයක් සඳහා ශ්‍රි ලංකාව වෙනුවෙන් වූ ප්‍රදර්ශන කුටියකට අවශ්‍ය ඡායාරූප ආදිය එරට ශ්‍රී ලංකා කොමසාරිස් කාර්යලයේ ආරක්ෂක අංශ උපදේශක බ්‍රිගේඩියර් සෙනරත් බණ්ඩාර මහතා මඟින් කැප්පෙටිවලාන මහතා ලබා ගෙන ඇත. එහෙත් එම ඡායාරූප නැවත ලබා දීම සිදු නොකිරීම නිසා ඒ නැවත ලබා දෙන ලෙස බණ්ඩර මහතා කිහිපවතාවක් දැනුම් දී තිබේ.

ඉන් පසුව මීට දින කිහිපයකට පෙරදා රාත්‍රියක බණ්ඩාර මහතාගේ නිවස්ට බීමතින් පැමිණි කැප්පෙටිවලාන මහතා එහි දොරවල් කඩා භාණ්ඩ බි ඳදමා මරණිය තර්ජන සිදු කර ඇත. විශෙෂයෙන්ම විදේශ තානාපති කාර්යාල නිළධාරීන් වෙනුවෙන් වෙන් කර තිබෙන නිවාස ඇති කලාපයක මෙම නිවස පිහිටා ඇති අතර එදින රාතියෙහි වූ මේ කලහය නිසා තව විදේශ රාජ්‍ය කිහිපයකම නිලධාරීන් මේ බෙරුමක් කිරීම සඳහා මැදිහත්ව ඇති බවත් පැවසේ.

කෙසේ නමුත් මේම සිදු වීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතු නමුත් මේවන විට ආරක්ෂක අමාත්‍යංශය, විදෙශ කටයුතු අමාත්‍යංශය මෙම සිදුවීම යට ගැසීමේ උත්සාහයක නිරතව සිටී. එයට හේතුව වී ඇත්තේ මෙම කැප්පෙටිවලාන මහතා ෆීල්ඞ් මර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ අතිශය සමීපතයකු වීමය. එමෙන්ම පසුගිය රාජපක්ෂ පාලන සමයේදී ෆොන්සේකා මහතාගේ සිදුවීමට සම්බන්ධව ඔහුගේ වැඩ තහනමට ලකව තිබූ අතර නැවත සේවයෙහි පිහිටුවනු ලැබුවේ වත්මන් ආණ්ඩුවය.

Last modified on Saturday, 12 December 2015 11:59

Leave a comment

ld add copy

Gossip

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභා රැස්වීමක් පසුගිය 27 වෙනිදා පැවැත්විලා තිබුණා. ඒ, හිටපු ජනාධිපති...

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

Connet With Us