අලුත් රට සහ රකින්න රටක් නැති බබා මහින්ද

Published in පාඨක මත
Monday, 03 August 2015 22:46

මේ රට අලුත් රටක් බවට පත්කරන බවට එජාප ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇතුළත් වන බවත්, උතුරු නැගෙනහිර පළාත් වෙන්වුණු පසු ඉතිරිවන කුඩා භූමිය අලුත් රටක් ලෙස සැලකිය හැකිවෙනු ඇති බවත් මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. ඔහු මේ බව සඳහන් කළේ පැවිදි හඬ හා ජාතික එකමුතුව යන සංවිධාන එක්ව අද (03) කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ පැවති ආශිර්වාද සමුළුව හා ජාතික සම්මුතිය පිළිගැන්වීමේ අවස්ථාවට එක්වෙමිනි. රටට ආදරය නැති ඩොලර් වලට වැඩකරන සිවිල් සංවිධාන අතරේ සැබවින්ම රටට ආදරය කරන ජාතික සංවිධාන පැවැතීම සතුටට කරුණක් බව ද ඔහු තව දුරටත් පැවසීය.

 

රටේ සාමය ගොඩනඟා සංවර්ධනය වෙනුවෙන් මේ සා කටයුතු සම්භාරයක් කරන්නට හැකිවීම ගැන තමන් සතුටට පත්වන බවත් සංවර්ධනයේදී රටේ ඒ ඒ ප්‍රදේශවලට වෙනසක් සිදුනොකළ බවත් සෑම ජන වර්ගයක් වෙනුවෙන්ම යුතුකම් ඉටු කළ බවත් ඔහු පෙන්වාදුන්නේය.

එමෙන්ම ද්‍රවිඩ ජාතික සන්ධානය සමග එක්සත් ජාතික පක්ෂය කුමන ගිවිසුම් වලට එළඹ ඇත්තේද යන්න රහසක් බවත්, ෆෙඩරල් රටක් කිරීම යනු කෙබඳු ස්වරූපයක් ගනු ඇත්දැයි නොදන්නා බවත් ඔහු සිහිපත් කළේය. මේ රට ඒකීය රටක් ලෙස ඉදිරියටත් පැවතිය යුතු බවත්, රට බෙදා වෙන්කිරීමට කිසිදු කලෙක ඉඩ නොතබන බවත් මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

'රාජ්‍යය නම් මම ය' වැනි ස්ථාවරයක පිහිටා පසුගිය කාලය පුරාවට පාලනය කරගෙන ගිය බැවින් බලය අහිමි වීමෙන් පසුවද තවමත් රාජපක්ෂ මහතාට පෙනෙන්නේ තමන්ට ආදරය කිරීම යනු රටට ආදරය කිරීමක් ලෙසය. ආදර සම්බන්ධතා වලට අදාලව බොහෝ දේ කිව හැකි නමුත් අප ඒ මාතෘකාව අතහැර ඔහුගේ සංවර්ධන වර්ණනාව දෙස බලමු. සංවර්ධනය යනුවෙන් ඔහු හඳුනාගත් හෝ ඔහුට ණය සැපයූ චීන බැංකු පෙන්වාදුන් ක්‍රියාදාමය පවා ඔහු ගෙන ගියේ රටට ම සමබරව නොවේ. නැව් නොඑනා වරාය, ගුවන්යානා නොඑනා ගුවන් තොටුපොළ, ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගන, සම්මන්ත්‍රණශාලා, වාහන කලාතුරකින් යන අති දැවැන්ත මංමාවත් යනාදිය හම්බන්තොටට ම ඇදුණේ නාමල් රාජපක්ෂගේ දේශපාලන අනාගතය වෙනුවෙන් මිස ඒවා ලැබිය යුතු සුදුසුම ප්‍රදේශය වූ නිසා නොවේ. එමෙන්ම ඔය පාරම්බානා තරම් දැනෙන සංවර්ධනයක් හා එහි ප්‍රතිලාභ උතුරට ලැබී තිබුණි නම් 2013 උතුරු පළාත් සභා මැතිවරණයෙන් දෙ.ජා.ස.ට සීයට අසූහයක ඡන්ද ප්‍රතිශතයක් ලබමින් මහින්දගේ සංධානය කුජීත ලෙස පරාජය කරන්නට හැකි නොවන්නට ද තිබිණි. කෙසේවෙතත් සංවර්ධනයේ නාමයෙන් අසාර්ථක ව්‍යාපෘති සඳහා ලබාගෙන කාබාසිනියා කළ ණය කන්දරාව නම් ඒ ඒ ප්‍රදේශ වෙනසකින් තොරව රටට ම එකසේ සිය බදු මුදල් වලින් හෙවන්නට සිදුවන බව සැබෑය. ඒ සංවර්ධන පම්පෝරිය ගැනය.

දෙවනුව, රාජ්‍ය නායකයා ලෙස වසර නවයක් සහ සම්පූර්ණ දශක හතරකට අධික දේශපාලන දිවියක් ඇති මහින්ද ෆෙඩරල් ක්‍රමයක් යනු කුමක්දැයි නොදැන ඉන්නා බබා ය. ඔහු කියනා ආකාරයට අප එය විස්වාස කළ යුතුය. මෙම මැතිවරණයේ එ.ජා. ප. ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහි බලය බෙදීමක් සහ දෙ.ජා.ස. ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහි බලය බෙදීම සහ ෆෙඩරල් ආකෘතියක් පිළිබඳවත් සටහන් වී තිබුණද කිසිවකු විසින් රට බෙදනා හෝ වෙන ම රටක් හදනා හෝ ඉල්ලනා කතාවක් කිසිසේත් කියා නැත. 2005 වසරේ මහින්ද රාජපක්ෂ බලයට එනවිට ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේද බලය බෙදීම පිළිබඳව සටහන් වී තිබුණා අපට මතකය. එසේ නම් 2005 ජනාධිපතිවරණය ජය ගන්නා මොහොතේ පවා මහින්දට අනුව ම මහින්ද බෙදුම්වාදියෙක් විය යුතුය. බලය බෙදීම සහ රට බෙදීම යන සංකල්ප දෙක දේශපාලනිකව සහමුලින්ම දෙකක් වෙද්දී දිව හැරෙන හැරෙන අතට වනමින් මහින්ද මේ කියන්නේ රට නොබෙදෙන්නට නම් තමාව යළි බලයට ගේන ලෙසය.

උතුර වෙන්වන අනතුරක් හෝ එන්නේ උතුරේ දේශපාලන නියෝජනය එසේ ඉල්ලා හෝ ඇත්නම් පමණය. නමුත් උතුර දැන් ඉල්ලන්නේද එකම රටක් තුළ බලය බෙදා ප්‍රශ්නය විසඳිය යුතු බවය. ඉතින් අනතුරක් නැති තැන මහින්දට තවත් මෙතැන රකින්නට දෙයක් නොමැත. ඡන්දයට පෙර බෙදුම්වාදයක සලකුණක් හෝ මතුවන තුරු මහත් ආශාවෙන් බලා ඉන්නා මහින්දට කියන්නට ඇත්තේ ඔබේ බලාපොරොත්තු ඉටු නොවනු ඇති බවය.

 

සම්පත් සඳරුවන්

Last modified on Monday, 03 August 2015 22:48

Leave a comment

Gossip

රාජපක්ෂවරුන්ට ජෝක් කළැයි සුනිල්ට ආයෙත් ගහලා

රාජපක්ෂවරුන්ට ජෝක් කළැයි සුනිල්ට ආයෙත් ගහලා

ඊයේ රාත්‍රීයේ වත්තල, සෙන්ට් ඇන්තනීස් විද්‍යාලයීය ආදී ශිෂ්‍ය කණ්ඩායමක් විසින් සීදූවේ හෝටල...

ජාතික රූපවාහිනී අධ්‍යක්ෂ ජනරාල් නළුකමට, ජනපතිගේ ආසාවලු

ජාතික රූපවාහිනී අධ්‍යක්ෂ ජනරාල් නළුකමට, ජනපතිගේ ආසාවලු

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ තුසිර මැලැව්වෙතන්ත්‍රී මහතා සිය තනතු...

මහින්දගේ මැයි දින ‍රැළියේ වියදම කෝටි 18 පනී !

මහින්දගේ මැයි දින ‍රැළියේ වියදම කෝටි 18 පනී !

පසුගිය මැයි පළමුවනදා ගාලු මුවදොර පිටියෙහි පැවැති ඒකාබද්ධ විපක්ෂ මැයි දින ‍රැළිය හා එම පෙලපාළියෙහ...

මුදල් ඇමැතිකම වෙනුවට රවීට ලොකු තනතුරක් යෝජනා වේ. රවී බෑ කියයි.

මුදල් ඇමැතිකම වෙනුවට රවීට ලොකු තනතුරක් යෝජනා වේ. රවී බෑ කියයි.

එජාප උප නායක රවී කරුණානායක මහතා එම පක්ෂයේ ළඟ නායකත්ව අනුප්‍රාප්තිකයා ලෙස නම් කොට මුදල් අමාත්&zwj...

අනං මනං

Connet With Us

       Google+