මහින්ද මගුලක් කතා කරනවා!

Published in පාඨක මත
Sunday, 26 July 2015 20:39

මහින්ද රාජපක්ෂ දැන් කියන්නේ අමුතු අමුතු කතාවන්ය.දැන් විනෝද සමය රග දක්වන්නේ ඔහුය.මහින්දගේ ‍රැස්වීමවලට පැමිණෙන ජනයා බඩ පැලෙන්න සිනහ වී ආපසු ගෙදර යන්නට හුරුවී ඇත.කෙසේ වූවත් මහින්ද දැන් ලංකාවේ අංක එකේ විකටයා වී හමාරය.

මැතිවරණ පොරොන්දු දීම කවුරු කවුරුත් සිදු කරන බව සැබෑය. නමුත් මහින්ද පවසන්නේ අපූරු කතාය. ඊයේ පෙරේදා දිනක මොහු පැවසුවේ තමා යළි බලයට පත්වන තෙක් ළගදී බදින්න ඉන්න ජෝඩු නොබැද ඉන්න යනුවෙනි. එයට හේතු ලෙස ඔහු පැවසුවේ තමා බලයට පැමිණි විට විවාහ වීමට සිටින යුවලට පිරිසට කටයුතු කර ගැනීමට ලක්ෂ 2 බැගින් ලබා දීමට තමා සූදානම් බවය. හතර හිනා යනු මේවා නොවේ නම් වෙන මෙ‍ානවාදැයි සිතේ.කෙසේ වෙතත් අවිවාහක රාජපක්ෂ පුතුන් හා නෑසියන් නම් ලක්ෂ දෙකේ ගොඩවල් ඕනාවටත් වඩා හරි හම්බකර ගෙන ඇත්තේය. මගුල් පිට මගුල් කන්නට වත්කම් ඇත්තෝ වූයේය.මේවා සිහිවන විට අපට පවසන්නට ඇත්තේ රටම හූරා කා දැන් මගුලක් කතා කරනවාද යනුවෙනි.

මහින්ද රාජපක්ෂගේ මැතිවරණ පොරොන්දු ඉතාම ළද බොළද ය.ඒවාට සුරංගනා කතා කියාද කිව නොහැකි තරම්ය. ඔහු පවසන පරිදි සාමාන්‍ය පෙළ අසමත් වන දරුවන් හට රුපියල් 50,000ක් ලබා දීමට කටයුතු කරයි. නමුත් ඒ ශ්‍රේණියේ රාජ්‍ය සේවකයෙකුට වූවද එබදු වැටුපක් හිමි නොවන කළ අපට කියන්නට ඇත්තේ ජනතාව මෝඩයන් නොවන බවයි. ඒ කතාව එකකි අනෙක් කතාව වන්නේ විරැකියාවෙන් පෙළෙන උපාධිධාරීන්ට නිවසට වී සිටින්නට රුපියල් 5000 ක් ලබා දෙන බවකි.රැකියා විරහිත උපාධිධාරීන්ට අවශ්‍ය වන්නේ රුපියල් 5000ක් ද?යනුවෙන් විමසා සිටිය යුතුය. ඉතා අපහසුවෙන් උපාධිය හදාරණ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට මහපොළ ශිෂ්‍යත්වය වැඩි කිරීමට නොහැකිවූයේ මන්ද? උසස් අධ්‍යාපනයට සාධාරණයක් ඉටුනොකළේ මන්ද යනුවෙන් අප විමසා සිටිමූ.

මහින්ද රාජපක්ෂට රාජ්‍ය සේවකයන්ගේ වැටුප වැඩි කිරීමට සිහිව ඇත්තේ බලය අහිමිව ගිය කළය.රටේ පවුල් පනස්පන් ලක්ෂයක් ගැන නොසිතා රාජපක්ෂ පවුල ගැන පමණක් සිතූ මහින්දට දැන් රටේ පවුල් මෙන්ම පවුල් වන්නට සිටින්නන්ද සිහිවී ඇත.වාසියට හෝයියා යන්න අපට සිහිපත් වන්නේ මෙවිටය.

අකුරැස්සේදී ඇගිලි කඩා ගනීවී යැයි බියෙන් පාක්ෂිකයන්ට බැන වැදී තවත් මොහොතකින් දරැවෙක් වඩා ගත්තේය.බොහෝ දෙනෙක් ඒ මොහොතේ බිය වන්නට ඇත්තේ අනේ දරැවාත් පොළවේ ගසයිද කියා විය යුතුය. මන්ද දැන් ඔහු කොයි වෙලේ කෝප වේ දැයි නොදන්නා බැවිනි.

කෙසේ වූවත් මහින්දගේ දැන් මොලේ කොලොප්පම් බව සැබෑය. එය රහසක් නොවන බව මේ වන විට රටේ අසූ නව ලක්‍ෂයක් ජනතාව තේරුම් ගෙන සිටිති. ඒ ටික තවම සුසිල් පේ‍්‍රම් ජයන්ත් අනුර පි‍්‍රයදර්ශණ යාපා දිනේෂ් විරවංශ ගම්මන්පිල දන්නේ නැතුවාට අප වටහා ගෙන සිටිමූ. දැන් ජනතාව පෙළ ගැසී සිටින්නේ මහින්ද සහ ඔහුගේ කල්ලිය විසින් ඇති කළ මජර දේශපාලන සංස්කෘතියට තිත තබන්නටය.

විදර්ශනී ඒකනායක

 

Last modified on Sunday, 26 July 2015 20:48

Leave a comment

Gossip

රනිල් ගේ ඥාති පුතා චණ්ඩියෙක් වෙලා ..රංගෙ ගේ පුතා රෝසි ගේ ඥාති දුවට ගහලා

රනිල් ගේ ඥාති පුතා චණ්ඩියෙක් වෙලා ..රංගෙ ගේ පුතා රෝසි ගේ ඥාති දුවට ගහලා

අගමැති රනිල් වික්‍රමසිංහගේ සොහොයුරෙකුගේ පුත්‍රයකු යැයි කියන වන තිස්ස නිර්මාන් වික්‍රමසිං...

කණමදය වගේ බී ගත්තු දයාසිරි, මාධ්‍යවේදීන් දෙදෙනෙකුට පහර දීලා

කණමදය වගේ බී ගත්තු දයාසිරි, මාධ්‍යවේදීන් දෙදෙනෙකුට පහර දීලා

ජාතික ක්‍රීඩා උලෙළල වාර්තා කිරීමට ක්‍රීඩා අමාත්‍යංශයෙම ආරාධනාව පිට කොළඹ සිට ගිය මාධ්&zwj...

දුල්මාගේ හැඩ වැඩ වලට ගයන්තත් කොර වෙයි.

දුල්මාගේ හැඩ වැඩ වලට ගයන්තත් කොර වෙයි.

ලංකා පුවත් ආයතනයේ පරිපාලන අධ්‍යක්ෂවරිය ලෙස තමන් විසින්ම සකසා ගත් තනතුරක සිට කටයුතු කරන දුල්මා කන...

මේ මල්ලි රනිල් එක්ක ඩීල්,  ඒ මල්ලි මෛත්‍රී එක්ක ඩීල්. අපි සීන් එකෙන් එළියේ - විමල්

මේ මල්ලි රනිල් එක්ක ඩීල්, ඒ මල්ලි මෛත්‍රී එක්ක ඩීල්. අපි සීන් එකෙන් එළියේ - විමල්

ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණ්ඩායමේ මහින්දවාදීන් පිරිසක් ජනාධිපතිවරයා හමුවීම "විමල...

අනං මනං

Connet With Us

       Google+