අපොයි!මම ඉක්මන් උනා වැඩි වූණා.

Published in පාඨක මත
Saturday, 25 July 2015 11:22

හම්බන්තොට ප‍්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ තමා ඉක්මන් වූවා වැඩි බවයි. සැබවින්ම මහින්ද රාජපක්ෂ දැන් පසුතැවෙන්නේ තමා ඉතිරි අවුරුදු දෙකත් බලයේ සිටියානම් කොතරම් වරප්‍රසාද බුක්ති විදින්නට තිබුණාද යනුවෙන් විය හැකිය. එවිට කෙසේ හෝ රටම අල්ලා ගැනීමේ ඒකාධිපති වියරුව සාර්ථක කරගත හැකිවනු අැති බවයි.මහ රජාණන් කෙනෙකු ලෙස සියල්ලන්ම තම බලයට හා තම පවුලේ බලයට නතු කර ගෙන විසූ කාලය දැන් අතීතයකි.අතීතය සිහිනෙන් ගෑ මුදු සුවදක් සේ දැන් මහින්දට දැනෙනවා අැත. විශ්‍රාම සුවය සුවයක් නොවන්නේ ඒ නිසාය. ඒත් දැන් කුමක් කරන්නද .නරක වෙලාවක තරම කියා දැන් සුමනදාස ගැනද හොදටෝම සිහිපත්වනවා අැත.

අකුරුස්සේ සිදුවීම නිසා සිදුවූ අපකීර්තිය ද ඉහට උඩින්ය.මහරජාණනී වෙනුවට දැන් දසතින් අැසෙන්නේ හොරා හොරා යන අාමන්ත්‍රණය පමණි. නමුත් ඔහුගේ බොරු බේගල් වලට නම් තිත තියන පාටක් නැත.සංවර්ධනයේ ප්‍රතිඵලයක් ලෙස දුම්රිය බෙලි අත්තට ගිහින් කතරගමටම යන කලක් මේ වන විට උදාකරන තත්වයක් තමා බලයේ සිටියා නම් උදාවන බවත්, ගමට විදුලිය දී අවසන් වීම සමග ගමට ජලයත් දී හමාර කිරීමට සිටි වැඩසටහන දැන් අඩාල වී අැති බවත් පැවසුවේය.

මහින්දලාගේ සංවර්ධන ව්‍යාපෘති පිළිබදව අපට අමුතුවෙන් ප්‍රකාශ කළ යුතු නැත.ඒ සංවර්ධනය තුළින් සංවර්ධනය වූයේ රාජපක්ෂ හා ඔහුගේ හිතවතුන් පමණි.20%ක්වූ දූප්පතුන්ට සමස්ත අාදායමෙන් හිමිවූ 20% එසේම පවතිද්දී 20%ක්වූ ධනවතුන්ට මුලු අාදාමයෙන් හිමිව පැවති 50% වර්ධනය වී 55%ක් දක්වා හිමිවිය. මහින්දගේ පාලන සමයේ අරුමය එයයි. සුපිරි ධනවතුන් පිරිසක් බිහිකළා මිස දුප්පතුන්ට ලබා දුන් දෙයක් නැත.අාශ්චර්ය යනු එයයි. දුප්පතුන් හූරා කමින් සුපිරි ධනවතුන් බිහිකිරීම මහින්ද චින්තනය බව සාමාන්‍ය ජනයා වටහා ගන්නා විට රාජපක්ෂලා මඩිය තර කරගෙන හමාරය.

ඉක්මන් වූනා වැඩි වූණා යැයි දැන් පවසන පැවසීමෙන්ම ඔහු විෂද කරන්නේ බලතණ්හාව නෙවන්නේද? රටේ විධායක ජනාධිපතිව සිට යළි මන්ත්‍රීවරයෙකු ලෙස පැමිණීමේ අාශාව යනු කුමක්ද?දූෂිතයන් තැනූ දූෂිතයන් රැකි නායකයෙකුට නායකයෙක් කිව හැකිද?

හිටපු ජනපතිතුමනි ඔබ ඉක්මන්වූවා වැඩි බව සැබෑය. ඒ ගැන දුක්වන්නේ රාජපක්ෂ පරපුර හා හොර නඩය පමණකි. මේ රටේ බහුතර ජනතාවක් මේ වන විට ජනවාරි 08 වනදාටත් වඩා උද්යෝගයෙන් බලා සිටින්නේ තවත් වතාවත් දූෂිතයින්ට අමතක නොවන පාඩමක් උගන්වන්නටය.

විදර්ශනී ඒකනායක

Leave a comment

Gossip

රනිල් ගේ ඥාති පුතා චණ්ඩියෙක් වෙලා ..රංගෙ ගේ පුතා රෝසි ගේ ඥාති දුවට ගහලා

රනිල් ගේ ඥාති පුතා චණ්ඩියෙක් වෙලා ..රංගෙ ගේ පුතා රෝසි ගේ ඥාති දුවට ගහලා

අගමැති රනිල් වික්‍රමසිංහගේ සොහොයුරෙකුගේ පුත්‍රයකු යැයි කියන වන තිස්ස නිර්මාන් වික්‍රමසිං...

කණමදය වගේ බී ගත්තු දයාසිරි, මාධ්‍යවේදීන් දෙදෙනෙකුට පහර දීලා

කණමදය වගේ බී ගත්තු දයාසිරි, මාධ්‍යවේදීන් දෙදෙනෙකුට පහර දීලා

ජාතික ක්‍රීඩා උලෙළල වාර්තා කිරීමට ක්‍රීඩා අමාත්‍යංශයෙම ආරාධනාව පිට කොළඹ සිට ගිය මාධ්&zwj...

දුල්මාගේ හැඩ වැඩ වලට ගයන්තත් කොර වෙයි.

දුල්මාගේ හැඩ වැඩ වලට ගයන්තත් කොර වෙයි.

ලංකා පුවත් ආයතනයේ පරිපාලන අධ්‍යක්ෂවරිය ලෙස තමන් විසින්ම සකසා ගත් තනතුරක සිට කටයුතු කරන දුල්මා කන...

මේ මල්ලි රනිල් එක්ක ඩීල්,  ඒ මල්ලි මෛත්‍රී එක්ක ඩීල්. අපි සීන් එකෙන් එළියේ - විමල්

මේ මල්ලි රනිල් එක්ක ඩීල්, ඒ මල්ලි මෛත්‍රී එක්ක ඩීල්. අපි සීන් එකෙන් එළියේ - විමල්

ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණ්ඩායමේ මහින්දවාදීන් පිරිසක් ජනාධිපතිවරයා හමුවීම "විමල...

අනං මනං

Connet With Us

       Google+