මහින්ද දැන් ෂෝක්!

Published in පාඨක මත
Monday, 20 July 2015 15:33

තමන් භාවිත කරන නිල රථ දෙක සඳහා මුදල් ගෙවීමක් සිදුකළ යුතු නම් ඒ පිළිබඳව කඩිනමින් දැනුම් දෙන්නැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතාගෙන් ඉල්ලීමක් කර ඇත. ඔහුගේ මෙම ඉල්ලීම සිනහ උපදවන සුළුය.අපට දැන් ඔහු ෂෝක් යැයි සිතෙන්නේය.මන්ද ඔහු භාවිතා කරන නිල රථ දෙකට ගෙවීමට සැරසෙන මොහොතක අපට සිහි වන්නේ රාජපක්ෂ පාලන සමයේ භාවිතා කළ නිල වාහන සහ නොවන වාහන ගැනය.පසුගිය ජනවාරි 08 වන දා ප්‍රගතිශීලී ජනතාව සිදු කළ දැවැන්ත විප්ලවය නිසා ජනාධිපති පුටුවෙන් බිමට වැටුණු මහින්ද රාජපක්ෂහ මහතා, දැන් අරඹා අැති ශුද්ධවන්තයෙකු වීමේ ව්‍යාපාරය පිළිබදව අපට අැත්තේ කණගාටුවකි.

මහින්ද රාජපක්ෂගේ සිට රාජපක්ෂ පවුල හා ඔහුගේ නඩයම භාවිතා කළ වාහන වලට අදත් ගෙවන්නට සිදුවී ඇත්තේ පොදු ජනතාවටය. රේස් පැද්ද පුතා ගේ සිට ගුවනින් ගොස් රත්තරන් අශ්වයින් පැද්ද සිදුවීම් වලින් නොනැවතී රොකට් යැවීමට තරම් ඔවුන් යාන වාහන අතින් හිනි පෙත්තට නැංගෝය.ඒවාට ගෙව්වේ පොදු ජනතාව වන අපියි. අද මහින්ද රාජපක්ෂ නිල රථ දෙකට ගෙවන්නට සැරසෙද්දී අපට ඇති වන්නේ සතුටක් නොව ඇගේ මයිල් කෙලින් වීමකි. ඔහු සිතා සිටින්නේ අප මෝඩයන් කියාද යන සිතුවිල්ලයි.

මහින්ද බලයේ සිටි ඉකුත් මැතිවරණයේදී ඡන්ද කටයුතු සඳහා අපේක්ෂකයන් ලබාගත් ලංගම බස්රථ සඳහා ලංගමට රුපියල් ලක්ෂ 1425 ක මුදලක් අය වීමට ඇති අතර එම මුදල ලබා ගැනීම සඳහා දැන් නීති මගින් ක්‍රියා කරගෙන යන බව කවුරුත් දන්නා කරුණකි. අනෙක් අතට රාජපක්ෂ රෙජිමය තම බලය පවත්වා ගෙන යාම සදහා සහාය ලබාදුන් සුරතල් ජනමාධ්‍යකරුවන් හා එම අායතනයන්හි කළමනාකරුවන් සදහා ඔවුන්ට රිසි සේ පාවිච්චි කළ හැකි අන්දමින් ශ්‍රීලංකා ටෙලිකොම් අායතනයෙන් වාහන 18 ක් ලබා දී තිබූ බවද හෙළිවූයේය. මෙකී සිදුවීම් අනන්තය.අපරිමානය.ඒ ගැන අප හොදින් දැනුවත්ය.‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍

අප දන්නා තරමින් මෙවර මැතිවරණ කටයුතු සදහාද හෙළිකොප්ටර ඉල්ලා සිටි හිටපු ජනපතිවරයාගේ මේ විහිළුව ජනතාව මුලා කිරීමක් මිස වෙන කවරක්ද, රාජපක්ෂලා ජනතා මුදල් වියදම් කර අැත්තේ මැද මුලනෙන් ගෙනා බූදලයක් ගානටය.රැස්වීම් වලට ජනතාව අැද්දේත් මුදලටය.ඒ සියල්ලට වියදම අපෙන්ය.රටේ තැන තැන මහජන මුදලින් ඉදි කෙරුණු ජනාධිපති මාළිගා සම්බන්ධව පිළිතුරු පරාජිත ජනාධිපති රාජපක්ෂ මහතා සතුව නොමැත. මහා මාර්ග ඉදි කිරීම සඳහා ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ලබා ගත් බිලියන 55 ක ණය මුදලින් බිලියන 28 ක් අනවසර වියදම් සඳහා යෙදවූ අයුරු ගැන හේතු දක්වන්නට ඔහු අසමත්ය. ඔහු සහ පවුලේ අය පාවිච්චි කළ රජයේ වාහන සංඛ්‍යාව පිළිබඳව හෝ ඒවායේ වටිනාකම පිළිබදව තොරතුරු අභිරහසකි.


රාජපක්ෂලා සම්බන්ධ වංචා දූෂණ සිදුවීම් 7000ක් පමණ වන බවත් පසුගියදා අනාවරණය වූයේය. ඒ කිසිවක් සිදු නොවූ ගානට බබා පාට් එකෙන් හොද මූණ පෙන්වා නිල රථ දෙකට ගෙවන්නට කතා කරන හිටපු ජනපතිට අපට කියන්නට ඇත්තේ ඔබතුමාගේ පාලන සමයට අප ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍තවම වන්දි ගෙවන බවයි. පරපුරම ගොඩදා ගෙන හෙන්චයියන් ධනවතුන් කළ මහින්දට කියන්නට ඇත්තේ ඔබ අපිව ආපස්සට රැගෙන ගොස් ඇති බවයි. සංවර්ධනය මුවාවෙන් සංවර්ධනය වූයේ මහින්ද පරපුරයි.ජනතාවගේ දුක් ගින්දර සංවර්ධනය වූවා මිසක වෙන කිසිදු සෙතක් අත් නොවුණි.

හිටපු ජනපතිගේ මෙම අාදර්ශමත් ප්‍රකාශ අැසෙන විට කියන්නට අැත්තේ මහින්ද පට්ටපල් බොරුකාරයෙක්. බලයේ ඉන්නා තාක් කළේත් බොරුවම බවයි.රාජපක්ෂගේ මෙම ෂෝක් කතා තුළින් යථාර්තය වසං කිරීමට නොහැකිය. ඒ නිසාම ළග එන පාර්ලිමේන්තු මැතිවරණයේ දී ජනතාව ඔහුට අවසාන පාඩම ද උගන්වනු ඇත.

විදර්ශනී ඒකනායක

Last modified on Monday, 20 July 2015 15:51
1

Leave a comment

Gossip

රාජපක්ෂවරුන්ට ජෝක් කළැයි සුනිල්ට ආයෙත් ගහලා

රාජපක්ෂවරුන්ට ජෝක් කළැයි සුනිල්ට ආයෙත් ගහලා

ඊයේ රාත්‍රීයේ වත්තල, සෙන්ට් ඇන්තනීස් විද්‍යාලයීය ආදී ශිෂ්‍ය කණ්ඩායමක් විසින් සීදූවේ හෝටල...

ජාතික රූපවාහිනී අධ්‍යක්ෂ ජනරාල් නළුකමට, ජනපතිගේ ආසාවලු

ජාතික රූපවාහිනී අධ්‍යක්ෂ ජනරාල් නළුකමට, ජනපතිගේ ආසාවලු

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ තුසිර මැලැව්වෙතන්ත්‍රී මහතා සිය තනතු...

මහින්දගේ මැයි දින ‍රැළියේ වියදම කෝටි 18 පනී !

මහින්දගේ මැයි දින ‍රැළියේ වියදම කෝටි 18 පනී !

පසුගිය මැයි පළමුවනදා ගාලු මුවදොර පිටියෙහි පැවැති ඒකාබද්ධ විපක්ෂ මැයි දින ‍රැළිය හා එම පෙලපාළියෙහ...

මුදල් ඇමැතිකම වෙනුවට රවීට ලොකු තනතුරක් යෝජනා වේ. රවී බෑ කියයි.

මුදල් ඇමැතිකම වෙනුවට රවීට ලොකු තනතුරක් යෝජනා වේ. රවී බෑ කියයි.

එජාප උප නායක රවී කරුණානායක මහතා එම පක්ෂයේ ළඟ නායකත්ව අනුප්‍රාප්තිකයා ලෙස නම් කොට මුදල් අමාත්&zwj...

අනං මනං

Connet With Us

       Google+