මහින්ද ආයෙත් කොකා පෙන්නයි.

Published in පාඨක මත
Saturday, 18 July 2015 12:22

ඊයේ අනුරාධපුර රැළිය අමතමින් හිටපු ජනපති පැවසුවේ තමන් කිසිදා ජනතාවට කොකා පෙන්වා නැති බවයි.නමුත් දැන් ජනතාව හිටපු ජනපතිගේ කොකාව හදුනාගෙන හමාරය. පසුගිය සමයේ රාජපක්ෂ පවුලේ උදවිය කිරි කොකුන් මෙන් බබළමින් සිනාමුසුව ජනතාව ඉදිරියේ කළ රංගනය දැන් හෙළිදරව් වී මහාරය. ඔහුගේ සියලු ක්‍රියාකාරකම් පිටුපස සැගවී තිබූ දූෂණය, භීෂණය, බලලොභීත්වය, ඒකාධිපතිවියරුව, පවුල්වාදය තවදුරටත් සගවාගෙන සිටියාට දැන් පළක් නැත.මහින්දගේ කාලකණ්නි දේශපාලනයේ තරම අප හොදින් අවබෝධ කර ගෙනසිටිමු.

එදා ලේ ගංගාව නතර කළ තමාට දැන් කතා කරන්නේ මේ රටේ පිළිළය යනුවෙන් යැයිද බවත් ඔහු පැවසුවේය.එය සැබෑවකි ඔහුගේ ජනාධිපතීත්වය යටතේ කුරිරු යුද්ධය නිමා කිරීම පිළිබද අප ඔහුට ගෞරව කලෙමු. ඔහුව මහ රජෙකු ලෙස පිළිගත්තෙමු. නමුත් ඒ සදහා ඇප කැපවී දිවි පූජ කරමින් ,දිවි පරදුවට තිබූ රණවිරුවන් ඇතුළු ඒ සදහා උපකාර කළ සියුලු දෙනාට ඒ ගෞරවය පිරිනමමු.නමුත් ඒ ගෞරවය රැක ගැනීමට ඔහු සමත් නොවීය.

මහින්ද රාජපක්ෂ පාලනය තුළ යුද්ධය නිසා ආබාධිතවූ රණවිරුවන්ගේ අරමුදල් වලින් පවා මුදල් ගසා කෑම් සිදුවූයේය. ඔහුගේ හොර නඩය යුද්ධයෙන් පවා හම්බකර ගත්තේය. කොමිස් ගැහුවේය.ඒ පිලිබදව කරුණු කාරණා පසුගිය සමයේ හෙළිදරව් කර ගත හැකි වූයේය. මේ රටේ දුප්පත් අසරණ සමෘද්ධි ලාභියාගේ මුදල් පවා ගසා කමින් ඒවා තම ප්‍රතිරූප වර්ධනය සදහා යොදා ගත්තේය.යුද්ධය නිමා වීම සමග දහසක් බලාපොරොත්තු පොදි බැද ගෙන නිදහස බුක්ති විදීමට සැරසුනු ජාතියකට ඒකාධිපතියෙකුට නතුව යළි නිදහස අහිමි කර ගන්නට සිදු වූයේය.ඉතින් ඔහුට පිළිලය කියන්නට සිදුවූයේය.ඒ අපගේ වරදක් නොව හිටපු ජනපතිගේ ක්‍රියාකලාපය නිසා සිදුවූවකි.

ජයග‍්‍රහණයෙන් මෙන්ම පරාජයෙන් ද තමන් පාඩම් ඉගෙන ගන්නා බව මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේය. පරාජය විදදරා ගැනීමට හැකිවීම නායකයෙකු සතු නායකත්වයේ ගතිලක්ෂණ ප්‍රකට කරන්නකි.නමුත් නරිවාදන් තෙපලන්නට සමත් මහින්ද මේ පැවසුවේද මුසාවක්මය. පරාජය දැනුනු සැනින් එය විද දරා ගතනොහී කෙසේ හෝ බලය රැක ගැනීමට කුමන්ත්‍රණයන් සිදු කළේය. හිටපු ජනාධිපති ලෙස සිය ගෞරවය ආරක්ෂා කරගනිමින් යෙහෙන් වැජඹෙන්නට තිබූ අවස්ථාව නැති කර ගත්තේය.ඔහුගේ බලලෝභය තිබෙන තාක් ඔහුට කිසිදා පාඩම් ඉගෙන ගත නොහැකි වනු නියතය.

අගමැතිතුමාට කූනිස්සාගෙන් ඉස්සා අඳුරා ගන්නත්, තෝරාගෙන් මෝරා වෙන්කර ගන්නත් බැරි නමුත් කරිජ්ජ පෑගු තමාට තෝරාගෙන් මෝරාත්, පරවාගෙන් පරයා වෙන්කර ගන්නත් පුළුවන් බවද හිටපු ජනාධිපතිවරයා පැවසීය.නමුත් නාමයෝජනා ලැයිස්තු සැකසීමේදී ඔහුට මේ තේරීම අමතකව ගියාද? පසුගියදා අර්ජුන රණතුංග මහතා පැවසුවේ අපි එකමුතුව හැදු බුද්ධිමත්, උගත්, වැදගත් දේශපාලඥයින් පිරිසක් සහිත ලැයිස්තුව සුසිල් ප්‍රේමජයන්ත ලේකම්තුමා මැදමුළනට රැගෙන යාම සමග වැදගත් අයගේ නම් ටික කපා හොරු, කුඩුකාරයෝ, ස්ත්‍රී දූෂකයෝ, කප්පම්කාරයෝ, කප්පම්කාරයින්ගේ නෝනලාගේ නම් වලින් එය පිරුණ බවයි.අනෙක් අතට තමාගේ පාලන කාලය තුළ ජඩකම්,බලුකම්,කුපාඩිකම්,මැරකම් සිදු කල පිරිස දන්නා හිටපු ජනපති ඔවුන්ගේ නම් හෙළිදරව් කිරීම පිළබදව කතා කරන්නේ නැත. මන්ද හොර නඩය පිරිවැරූ ඔහුට ඒ සදහා අවස්ථාවක් හෝ හැකියාවක් නැති බැවිනි. අපි අලුතෙන් හිතන මිනිසුන් ලෙස තමයි ඔබ අතරට එන්නේ යැයි පැවසුවද අලුතින් සිතන්නට දෙයක් ඇත්තේ ජනතාවටය. ඔවුන් අලුතින් සිතන කාරණයද අපි දනිමු. 

පුතේ දුවේ ඔබේ අනාගතය තියෙන්නේ රනිල්ගේ අතේ නෙමෙයි අපේ අතේ යැයි ඊයේ පැවසූ මහින්ද රාජපක්ෂ බලයේ සිටියදී ගතවූ වසර 4ක් තුළ ළමා අපචාර 32,259 ක් වූ අතර කාන්තා අපයෝජන 39,604 සිදුවී අැත.නමුත් මේ වන විට ඒ වැරදි වලට හිරබත් කන්නේ 713ක් පමණකි. දැවැන්ත සංවර්ධනයක් සිදු කළ බවට උදම් ඇනුවද එම සංවර්ධන ව්‍යාපෘති බොහෝමයක් නිසා සිදුවූ පාඩුව අති විශාල වන අතර ඒ පාඩුව ගෙවීමට සිදුවී ඇත්තේ ද මෙරට ජනතාවටය.

මෙරට මිනිස්සු බහුතරයම රාජපක්ෂලාට නැවැත් ඡන්දය දී බලයට පත්කර ගැනීමට තරම් තක්තීරුවන් යැයි ඔවුන් කල්පනා කර බවක් පැහැදිලිය. රටත් ජනතාවත් විශේෂයෙන්ම අනාගත පරපුරේ ආරක්ෂාව වෙනුවෙන් මේ හොර නඩය පරාජය කළ යුතුව තිබේ. අද රට නැවත ගොඩ ගැනීමට යැයි ජනවරමක් ඉල්ලමින් ඉදිරියට පැමිණීමට වලිකන රාජපක්ෂගේ අතීත සලකා බලා ඔහුගේ අනාගත ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් රට වැසියා , ඡන්ද දායකයා තීරණයක් ගත යුතු වන්නේය.

නදීෂා හේවාවිතාරණ

 

Leave a comment

Gossip

රනිල් ගේ ඥාති පුතා චණ්ඩියෙක් වෙලා ..රංගෙ ගේ පුතා රෝසි ගේ ඥාති දුවට ගහලා

රනිල් ගේ ඥාති පුතා චණ්ඩියෙක් වෙලා ..රංගෙ ගේ පුතා රෝසි ගේ ඥාති දුවට ගහලා

අගමැති රනිල් වික්‍රමසිංහගේ සොහොයුරෙකුගේ පුත්‍රයකු යැයි කියන වන තිස්ස නිර්මාන් වික්‍රමසිං...

කණමදය වගේ බී ගත්තු දයාසිරි, මාධ්‍යවේදීන් දෙදෙනෙකුට පහර දීලා

කණමදය වගේ බී ගත්තු දයාසිරි, මාධ්‍යවේදීන් දෙදෙනෙකුට පහර දීලා

ජාතික ක්‍රීඩා උලෙළල වාර්තා කිරීමට ක්‍රීඩා අමාත්‍යංශයෙම ආරාධනාව පිට කොළඹ සිට ගිය මාධ්&zwj...

දුල්මාගේ හැඩ වැඩ වලට ගයන්තත් කොර වෙයි.

දුල්මාගේ හැඩ වැඩ වලට ගයන්තත් කොර වෙයි.

ලංකා පුවත් ආයතනයේ පරිපාලන අධ්‍යක්ෂවරිය ලෙස තමන් විසින්ම සකසා ගත් තනතුරක සිට කටයුතු කරන දුල්මා කන...

මේ මල්ලි රනිල් එක්ක ඩීල්,  ඒ මල්ලි මෛත්‍රී එක්ක ඩීල්. අපි සීන් එකෙන් එළියේ - විමල්

මේ මල්ලි රනිල් එක්ක ඩීල්, ඒ මල්ලි මෛත්‍රී එක්ක ඩීල්. අපි සීන් එකෙන් එළියේ - විමල්

ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණ්ඩායමේ මහින්දවාදීන් පිරිසක් ජනාධිපතිවරයා හමුවීම "විමල...

අනං මනං

Connet With Us

       Google+