නායකයෙක් නැති සන්ධානයට මිනිස්සු ඡන්දෙ දෙන්නෙ මොකටද ? Featured

Published in පාඨක මත
Wednesday, 15 July 2015 12:31

සාමාන්‍යයෙන් ශ්‍රි ලංකාව වැනි පසුගාමී රටවල දේශපාලන ප්‍රශ්න විසදන්නේ නායකයන්ගේ හිතුවක්කාර තනි තීන්දු විසින්. දේශපාලන ප්‍රතිපත්ති හෝ වැඩ පිළිවෙලවල් කිසිසේත්ම වැදගත් කාරණා වෙන්නේ නැත.

මේ නිසා දේශපාලන පක්ෂවල ජයග්‍රහණයට මහා පෞර්ෂයක් ඇති නායකයන් වුවමනාය. මෙවැනී නායකයන් අනුහස් ඇති නායකයන් ලෙසද හඳුන්වති. ලංකාවේ දේශපාලන අතීතයේ බන්ඩාරණායක හා එම පවුලේ සමාජිකයන්, ජේ ආර් ජයවර්ධන, ආර් ප්‍රේමදාස , රෝහණ විජේවෙර, මහින්ද රාජපක්ෂ, වෙළුපිල්ල්ලේ ප්‍රභාකරන් ආදීන් එලෙස අනුහස් පිහිටා තිබු නායකයන් ලෙස පැහැදිලිව නම් කළ හැක.

ලැබූ ජයග්‍රහණයන් මෙන්ම පරාජයන් තිබුණද ඔවුන් වටා ගොනු වුන බක්තිමත් බලවේගයන් සිටියහ. නායකත්වය විනාශ වීමෙන් පසුව එම බලවේගයන් සීසීකඩව යති. රෝහන විජෙවීරගෙන් පසුව ජවිපෙ යළි ගොඩ නැගුවද ඒ අද අන්තයටම පිරිහී ගොස් ඇත. ප්‍රෙමදාසගෙන් පසුව එජාපයට තවමත් තනිව නැගිටිය හැකි අනුහස් සහිත නායකයෙක් නැත. ශ්‍රී ලනීපට බණ්ඩාරනායකලාගේ සිට රාජපක්ෂ දක්වා නායකයන් සිටියහ. එහෙත් අද රාජපක්ෂ යුගය තීරනාත්මක ලෙස අවසන්ව පවතී. ඒ අනුහස් දැන් නැත නාකි මාල්ලෙකු තමන්ට නැති තරුණ ජවය පෙන්වීමට ගොස් පස්ස බිම ඇනගන්නවා හා සමානව මහින්ද රාජපක්ෂත් දැන් පස්ස බිම ඇනගෙන සිටී. ඒ ස්වෙච්ඡාවෙන්ම බවත් සටහන් කර තැබිය යුතුය. ජේ ආර් ජයවර්ධන සිය දේශපාලන දිවියේ උපරීම ශක්‍යතාවය පෙන්වනු ලැබුවේ මහළු වියේදීය. ඒ ඉවසීමෙන් ‍රැස්කර ගත් මහා ශක්ති කඳම්බයක් එකවිට මුදා හැරියා හා සමානවය. ඒ හැකියාව මහින්ද රාජපක්ෂට නැත. ඔහු අවශ්‍ය ප්‍රමාණයට වඩා පිම්ම්බී පිපුරුන බැලුමකි.

ඒ කෙසේ නමුත් අද ශ්‍රී ලනීපයට හෝ සන්ධානයට නායකත්වය දෙනු ලබන්නේ මහින්ද රාජපක්ෂ නොවේ. මෛත්‍රීපාල සිරිසේනය. මෙරට ඉතිහාසයේ චරිතයක් වෙනුවට වැඩ පිළිවෙලක් ජයගත් ප්‍රථම අවස්ථාව ලෙස මෛත්‍රීපාල සිරිසේඅන මහතාගේ ජයග්‍රහණය හැඳින් විය හැකිය. 'සමහරු ඔහු හැඳින්වූයේ පෙන්දා යනුවෙනි තවෙකෙකුකට ගමරාළ කෙනෙකු විය. ඒ කොහොම වෙත්තත් තමන් කෙරෙහි කිසිදු ආකර්ශනයක් නැති වුවත් ඔහු මේරටේ ජනාධිපතිවරයා ලෙස දැඩි තින්දු තීරන ‍රැසක් ගනු ලැබුවේය.

ඊයේ දින ඔහු ගත් තවත් තීන්දුවක් ඓතිහාසිකය. ඒ මහ මැතිවරණයේදී පාක්ෂිකභාවය නොතකා මධ්‍යස්ථව සිටීමට ගන්න ලද තීන්දුවයි. එය රටද බලාපොරොත්තු වූවකි. එහෙත් නිදහස් සන්ධනය, ඔහු එම පක්ෂයට නායකත්වය දෙනු ඇතැයි බලපොරොත්තු විය.

එහෙත් ඒ නොසිදුවේ. එනම් මෙවර මැතිවරණයට සන්ධානයට ඡන්ද දායකයා වෙතට යන්නට සිදුවන්නේ නායකයකු නැති පක්ෂයක් ලෙසය , හිස නැති කවන්දයක් ඇවිදිනවා ලෙස ඡන්ද ව්‍යාපරය කරන්නට සිදුව තිබේ. රාජපක්ෂව පෙන්වා නැතිනම් කටවුට් ගසා හෝ මෙම මැතිවරනය දිනන්නට මහින්දවාදීන් කල්පනා කලද හෙළිකොප්ටර්වල ගිය එකාව පාරෙ බස් එකේ ගෙන ගොසින් ඡන්ද කරන්නට නොහැකිය. කූජිත වූ නාකි මාල්ලකු ආම්බාන් කරන එකත් ලෙසි නැත. ඒ නිසා සන්ධානය මුහුණ දී ඇත්තේ කාලකණ්නි ඉරනම් සහගත බවකටය.

මෙහිදී සන්ධානයේ ඡන්ද දයකයා නායකයකු නැති පක්ෂයකට ඡන්දයක් දෙන්නට දෙවරක් කල්පන කරනු ඇත. තමන්ගේ නායකයා ලෙස කටවුට් ගසා පෙන්වන්න හදන එකාට අගමැතිකම නොලැබේ නම් තෙවරක්ද කල්පනා කිරීමට ඡන්දදායකයාට සිදුවේ. මේ නිසා සන්ධානය අර්බුදය තදුරටත් දිග් ගැහේ. මේ නිසා තවත් විකාර ‍රැසක් ඉදිරියේදී අපිට දකින්නට ඉඩ ලැබෙනුද ඇත.

සුසිත් කරන්නාගොඩ

Leave a comment

Gossip

රාජපක්ෂවරුන්ට ජෝක් කළැයි සුනිල්ට ආයෙත් ගහලා

රාජපක්ෂවරුන්ට ජෝක් කළැයි සුනිල්ට ආයෙත් ගහලා

ඊයේ රාත්‍රීයේ වත්තල, සෙන්ට් ඇන්තනීස් විද්‍යාලයීය ආදී ශිෂ්‍ය කණ්ඩායමක් විසින් සීදූවේ හෝටල...

ජාතික රූපවාහිනී අධ්‍යක්ෂ ජනරාල් නළුකමට, ජනපතිගේ ආසාවලු

ජාතික රූපවාහිනී අධ්‍යක්ෂ ජනරාල් නළුකමට, ජනපතිගේ ආසාවලු

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ තුසිර මැලැව්වෙතන්ත්‍රී මහතා සිය තනතු...

මහින්දගේ මැයි දින ‍රැළියේ වියදම කෝටි 18 පනී !

මහින්දගේ මැයි දින ‍රැළියේ වියදම කෝටි 18 පනී !

පසුගිය මැයි පළමුවනදා ගාලු මුවදොර පිටියෙහි පැවැති ඒකාබද්ධ විපක්ෂ මැයි දින ‍රැළිය හා එම පෙලපාළියෙහ...

මුදල් ඇමැතිකම වෙනුවට රවීට ලොකු තනතුරක් යෝජනා වේ. රවී බෑ කියයි.

මුදල් ඇමැතිකම වෙනුවට රවීට ලොකු තනතුරක් යෝජනා වේ. රවී බෑ කියයි.

එජාප උප නායක රවී කරුණානායක මහතා එම පක්ෂයේ ළඟ නායකත්ව අනුප්‍රාප්තිකයා ලෙස නම් කොට මුදල් අමාත්&zwj...

අනං මනං

Connet With Us

       Google+