මෛත්‍රී තමන්ගේ නෝන්ජල් කම විතරයි පෙන්නුවේ - ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර

Published in පාඨක මත
Wednesday, 15 July 2015 09:50

ටෙලිෆ්‍රොම්ටරයක් නැතිව කතා නොපැවත්වීමට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මින් මතු තරයේ සිතට ගත යුතු ය.

එවන් අර්ථවත් කතාවක් කිරීමට තරම් චින්තකයෙක් අපේ මෑතකාලීන දේශපාලන ඉතිහාසයේ ජනාධිපති පුටුවේ වාඩිවී නැති බව පසුගිය කතාවෙන් පසු වර්තමාන ජනාධිපතිවරයාද යළි පෙන්වා දුන්නේය.

ජනාධිපතිවරයාගේ ජූලි 14 වැනිදා කතාවෙන් ඔහුගේ ආකර්ෂණයත් පෞරුෂයත් වැඩිවූ බවක් කල්පනා කරන්නට පුළුවන්ද? විශේෂයෙන් මාධ්‍ය රැස්කර කියන්නට තරම් අර්ථාන්විත යමක් ඒ කතාවේ තිබුණේද‍? උත්තරය නැත යන්නයි. එය බාල විදිහට හිතන යූඇම්පි කාරයෙකුගේ දෙන්නෙකුගේ බාල ප්‍රමෝදයට පමණක් හේතු වූ කතාවක්බව නම් බැලූ බැල්මට පේන්නට තිබුණි.

තවත් අතකට, නිදහස් පාක්ෂිකයින් හා එක්සත් ජාතික පක්ෂිකයිනුත් සෙසු පක්ෂවල පිරිසුත් හැර මෙවන් කතාවක් තුළින් තමන්ගේම වූ කොතරම් පිරිසක් ගොඩදාගන්නට ජනාධිපතිවරයාට හැකියාව තිබුණේද?

මහින්ද රාජපක්ෂ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ උපක්‍රමික පිළිවෙළ කුමක් හෝ වන්නට පුළුවන. නමුත් මාධ්‍ය ඉදිරියට විත් තමා පක්ෂයේ පරාජය ප්‍රාර්ථනා කරන බව කීම නිදහස් පාක්ෂිකයින් තුළ පමණක් නොව සිතන්නට පුළුවං බහුතරය තුළ ඇතිකරන චිත්‍රය සුන්දර එකක් නොවේ. අනෙක් අතට තමන් පක්ෂයේ සභාපතිවරයාව සිටියදී පක්ෂය තුළ සිදුවූවායැ’යි කියනු ලැබූ සෑම දෙයකින්ම වඩ වඩාත් තහවුරු කෙරුණේ ඔහුගේම නෝන්ජල්භාවය පිළිබඳ හැඟීමක් විතර ය. තම මධ්‍යස්ථයැ’යි කියා පවසන ඊළග වචනයෙන් ඒ මධ්‍යස්ථ කම දියාරුකර හරින්නට තරම් එතුමා අඳබාල නොවිය යුතුව තිබුණි.

සැබැවින්ම මේ තුළින් සිදු වූයේ කුමක්ද? එනම් මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ දූෂිතයින් කණ්ඩායමට සටන්පාඨ ලබාදීම විතර ය. එනම් ජනාධිපති පක්ෂයට විරුද්ධ යූ ඇම්පී හිතවාදී බටහිර ගැත්තෙකු බවත්, රට ජාතිය ඇත්තේ අනතුරක බවත් රටේ අරාජිකත්වය නැතිකරන්නට මහින්ද රාජපක්ෂ ම නැවත බලයට ගෙන ආ යුතු බවටත් වන ප්‍රවාදයට උදාහරණ සැපයීම පමණය.

මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසට ජනාධිපතිවරයාගේ සහාය නොලැබෙන බව ඔහු මාධ්‍ය විසින් අ‍ඬගසා නොකීවද ඕනෑම කෙනෙකුට ඒ තත්ත්වය පැහැදිලිව පේන්නට තිබුණි. පසු ගිය කාලය තුළ ජාතික රූපවාහිණිය ප්‍රමුඛ රාජ්‍ය මාධ්‍යයේ හැසිරීම දෙස වුවද බලන කල එය ප්‍රත්‍යක්ෂව දක්නට තිබුණි.

එසේ හෙයින් මෙවන් ක්‍රියාවන් මගින් තම ධුරය හෑල්ලුවට ලක් නොකිරීමටත් තම මතවාදීමය ප්‍රතිවාදීන් වෙත අනවශ්‍ය සටන්පාඨ ලබා නොදීමටත් ජනාධිපතිවරයා සිතට ගත යුතුය. තමන් ප්‍රකාශ කරන දේවල් වල කොතරම් සත්‍යයක් තිබුණද, අනෙක් අතට මෙවැනි ක්‍රියාවලින් සමස්තයක් වශයෙන් රටට සහ ශ්‍රීලංකා නිදහස් පක්ෂයට වන හානිය පිළිඳ තක්සේරුවක් ද ඔහුට තිබිය යුතුය. පාක්ෂිකයාගේ සිතීමේ රටාව පිළිබඳ සංවේදීකමක් ද තිබිය යුතු ය. තමන්ගේ පෞද්ගලික ආත්මාභිමානය ද වර්ධනය කරගනිමින් ඉදිරියට යෑමට ජනාධිපතිවරයාට හැක්කේ එසේ කටයුතු කරන්නේනම් පමණය.

- ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර

Leave a comment

Gossip

රනිල් ගේ ඥාති පුතා චණ්ඩියෙක් වෙලා ..රංගෙ ගේ පුතා රෝසි ගේ ඥාති දුවට ගහලා

රනිල් ගේ ඥාති පුතා චණ්ඩියෙක් වෙලා ..රංගෙ ගේ පුතා රෝසි ගේ ඥාති දුවට ගහලා

අගමැති රනිල් වික්‍රමසිංහගේ සොහොයුරෙකුගේ පුත්‍රයකු යැයි කියන වන තිස්ස නිර්මාන් වික්‍රමසිං...

කණමදය වගේ බී ගත්තු දයාසිරි, මාධ්‍යවේදීන් දෙදෙනෙකුට පහර දීලා

කණමදය වගේ බී ගත්තු දයාසිරි, මාධ්‍යවේදීන් දෙදෙනෙකුට පහර දීලා

ජාතික ක්‍රීඩා උලෙළල වාර්තා කිරීමට ක්‍රීඩා අමාත්‍යංශයෙම ආරාධනාව පිට කොළඹ සිට ගිය මාධ්&zwj...

දුල්මාගේ හැඩ වැඩ වලට ගයන්තත් කොර වෙයි.

දුල්මාගේ හැඩ වැඩ වලට ගයන්තත් කොර වෙයි.

ලංකා පුවත් ආයතනයේ පරිපාලන අධ්‍යක්ෂවරිය ලෙස තමන් විසින්ම සකසා ගත් තනතුරක සිට කටයුතු කරන දුල්මා කන...

මේ මල්ලි රනිල් එක්ක ඩීල්,  ඒ මල්ලි මෛත්‍රී එක්ක ඩීල්. අපි සීන් එකෙන් එළියේ - විමල්

මේ මල්ලි රනිල් එක්ක ඩීල්, ඒ මල්ලි මෛත්‍රී එක්ක ඩීල්. අපි සීන් එකෙන් එළියේ - විමල්

ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණ්ඩායමේ මහින්දවාදීන් පිරිසක් ජනාධිපතිවරයා හමුවීම "විමල...

අනං මනං

Connet With Us

       Google+