ජවිපෙ, විප්ලවාදී හැව ඇරීම සහතික කළ මැතිවරණයක්

Published in පාඨක මත
Tuesday, 14 July 2015 12:26

ජනතා විමුක්ති පෙරමුණේ පෙර සිටි නායකයන් හා සාමාජිකයන් එම පක්ෂය හැඳින්වූයේ මාක්ස් ලෙනින්වාදී පක්ෂයක් ලෙසය. නිර්ධනපංතික සමාජවාදී විප්ලවය වෙනුවෙන් ඔවුන් පෙනී සිටියහ. දෙවරක්ම ඒ වෙනුවෙන් සන්නද්ධ අරගල කළහ. ඒ වෙනුවෙන් දසදහස් ගනණක් දිවි පිදුවෙය තවත් දසදහස් ගනණක් හිර ගෙවල් වල තැප්පේය, වදකාගාර වල දන්ඩනයට යටත් වූහ. තාරුණය පක්ෂය වෙනුවෙන් කැප කර අධ්‍යාපනය, වෘත්තිය නැති කර ගත්තේය. තමන්ගේ අනාගතය, පවුල් ජීවිතය නැති කර ගත්තේය.

විප්ලවවාදියකුට මේ කිසිවක් පසුතැවීමට හේතු නොවේ. තමන් පෙනි සිටි නිර්ධන පංතික සමාජවාදී විප්ලවය වෙනුවෙන් මේ කිසිවක් අලගු තැබීමට විප්ලවාදී ජීව ගුණයෙන් පිරි කිසිවකුත් කටයුතු නොකළහ. ජවිපෙ විසින් තම සාමාජිකයාව ගොඩ නැගුවේ ඒ විප්ලවාදී ජීව ගුණය සහිත සෙන්පතියකු ලෙසය. විප්ලවයෙන් තොර ඉන් මෙහා විසඳුමක් ගැන ඔවුන් විශ්වාස නොකරයි. නිර්ධන පතියේ පක්ෂය ලෙස නිර්ධන පතියේ අඥාදායකත්වය සහිත සමාජවාදී රාජ්‍යය ඔවුන්ගේ අවසන් සිහිනය විය. මේ කියන්නේ එදා ගැනය. දැන් කියන්නේ මෙදා ගැනය.

ජනතා විමුක්ති පෙරමුණේ නව නායකත්වය නව දැක්මක් සහිතව මෙවර මහ මැතිවරණයට ඉදිරිපත්ව සිටී. ඔවුන්ගේ සටන් පාඨය 'ජාතියේ හෘද සාක්ෂිය' ට ඡන්දය දෙන මෙන් කරන ඉල්ලීමයි. එහෙත් තවමත් මේ ජාතිය යනු කුමක්ද හෘද සාක්ෂිය යනු කුමක්ද යන්න පැහැදිලි කිරීමක් සිදුකර නොමැත. ඒ ඉදිරියේදී නිකුත් කෙරෙන තඩි වැඩපිළිවෙලක් පැහැදිලි කරනු ඇතැයි කල්පනා කරමු.

ඒ අතර ජවිපෙ විසින් නිකුත් කරන ලද පණිවිඩයක කියවෙන්නේ තමන්ගේ දිස්ත්‍රික් නායකයන් 22න් 17 දෙනෙකුම උපාධිධරයන් බවයි. හරි ෂෝක් ය. දැන් ජවිපෙ කියන්න අපි හරි උගත් විප්ලවවාදීන් අපිට ඡන්දෙ දියන් කියාය. උපාධිය උගත් කමේ සලකුණක් වූවද ඒ දේශපාලනයට හෝ අඩුම තරමින් ‍රැකියාවක් කිරීමටවත් නිසි උගත් කමක් නොවන බවට විවාදයක් නැත. ඒ මේ රටේ උපාධියේ හැටිය.

ඒ කොහොම උනත් උපාධිය කියන සුළු ධනෙෂ්වර හීනය සන්තර්පණය කර ගත් වූවන් නූතන ජවිපෙ විප්ලවාදී නායකයන් ලෙස සමාජය හමුවේ පෙනී සිටීම ජවිපෙට අනුව ‍රැඩිකල් වැඩක් විය හැකිය. ඒ අනුව උපාධිය නැති වුන් පහත්ය. දූෂිතය,මෝඩය, විප්ලවවාදී නැත, නිර්ධන පන්තික නැත, ජීව ගුණය නැත. ජවිපෙට සමාජය හමුවේ තහවුරු කරන්නට අවශ්‍ය වන්නේ මෙයයි. මේ අනුව ජවිපෙ කියන්නේ උපාධිය බුද්ධිමත් කමේ හෝ සමාජවාදයේ හෝ නිර්ධන පාන්තික බවේ හෝ මානව ගුණයේ හෝ සංකේතයක් ලෙස වටහා ගන්නා ලෙසය.

එමෙන්ම ජවිපෙ ජාතික ලැයිස්තුවක් ඉදිරිපත් කර තිබේ. මේ පිළිබඳවද එම පක්ෂයේ නායකයන් ඉහළින් කතා කරනු පෙනේ. මේ ලැයිස්තුව තුල සිටින බහුතරය කෙදිනකවත් ජවිපෙ සාමාජිකයකු ලෙස කටයුතු කළ අය නොවේ. අප දන්න තරමින් මේ බහුතරය නිර්ධන පාන්තික අඥාදායකත්වයක් සහිත සමාජවාදී රාජ්‍ය ක්‍රමය පිළිගන්නා අයද නොවේ.

ඔවුන්ගේ උගත් බුද්ධිමත් භාවය, වෘත්තීය විශේෂඥභාවය ගැන කිසිදු විවාදයක් නැත. ඔවුන්ගේ දායකත්වය රටක යහපත් අනාගතය වෙනුවෙන් නියත ලෙසම දායක කර ගත යුතුය. එහෙත් ගැටළුව සමාජවාදී විප්ලවයෙන් මෙහා විසඳුම් නැතැයි කියන මේ විප්ලවවාදී පක්ෂයේ ජාතික ලැයිස්තුවට මේ සිවිල් බුද්ධිමතුන් ඇතුලත් වීමය. මොවුන් ගෙන් බහුතරය ලිබරල් නිදහස අගය කරන පිරිසය. සමහරු සිංහල බෞද්ධ අතීත කාමයෙහි වෙලි සිටින්නන්ය.

තවත් තැන ජවිපෙ ඉදිරිපත් කළ නාම යෝජනාවල ජවිපෙ සාමාජිකයන් නොවුන පිරිසද සිටී. ජවිපෙ මැතිවරණ ඉතිහාසයේ මෙවැන්නක් සිදු වූ පළමු අවස්ථාව මෙයයි. නිදසුනක් ලෙස ගාල්ල ලැයිස්තුවේ කලාකරුවකු වන චන්ද්‍රසෝම බිංදුහේවා මහතා නම් කර තිබේ. එමෙන්ම ජවිපෙ තම පක්ෂයට අනන්‍ය වූ ප්‍රචාරක කටයුතු මෙවර පක්ෂයෙන් පිටත කණ්ඩායමකට බාර දී තිබීමද විශේෂය. 'ජාතියේ හෘද සක්ෂිය 'තාප්පයට ආවේ එතැනිනි.

මේ කරුණු කාරණා වලින් පැහැදිලිවම පෙනෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ සිය ඊනියා වාමාංශික විප්ලවාදීත්වයේ හැව මෙවර මුළුමනින්ම ඉවත් කර ඇති බවය. ඒක හොඳය. වෙස් මුහුණ වෙනුවට ඇත්ත මුහුණෙන් ජනතාව හමුවට ඒම හොඳ දෙයකි. බොරු හිනා කාරයන් පමණක් නොව හිනා නොවන බොරු වාමාංශිකයන්ද සමාජයට අහිතකරය. මේ ගැන තවතවත් විමසීම ඡන්ද දායකයන්ගේ බුද්ධිමත් තීරණයට ඇවැසි දෙයකි.

ඉෂාර මානියංගමුව - ගාල්ල

Leave a comment

Gossip

රනිල් ගේ ඥාති පුතා චණ්ඩියෙක් වෙලා ..රංගෙ ගේ පුතා රෝසි ගේ ඥාති දුවට ගහලා

රනිල් ගේ ඥාති පුතා චණ්ඩියෙක් වෙලා ..රංගෙ ගේ පුතා රෝසි ගේ ඥාති දුවට ගහලා

අගමැති රනිල් වික්‍රමසිංහගේ සොහොයුරෙකුගේ පුත්‍රයකු යැයි කියන වන තිස්ස නිර්මාන් වික්‍රමසිං...

කණමදය වගේ බී ගත්තු දයාසිරි, මාධ්‍යවේදීන් දෙදෙනෙකුට පහර දීලා

කණමදය වගේ බී ගත්තු දයාසිරි, මාධ්‍යවේදීන් දෙදෙනෙකුට පහර දීලා

ජාතික ක්‍රීඩා උලෙළල වාර්තා කිරීමට ක්‍රීඩා අමාත්‍යංශයෙම ආරාධනාව පිට කොළඹ සිට ගිය මාධ්&zwj...

දුල්මාගේ හැඩ වැඩ වලට ගයන්තත් කොර වෙයි.

දුල්මාගේ හැඩ වැඩ වලට ගයන්තත් කොර වෙයි.

ලංකා පුවත් ආයතනයේ පරිපාලන අධ්‍යක්ෂවරිය ලෙස තමන් විසින්ම සකසා ගත් තනතුරක සිට කටයුතු කරන දුල්මා කන...

මේ මල්ලි රනිල් එක්ක ඩීල්,  ඒ මල්ලි මෛත්‍රී එක්ක ඩීල්. අපි සීන් එකෙන් එළියේ - විමල්

මේ මල්ලි රනිල් එක්ක ඩීල්, ඒ මල්ලි මෛත්‍රී එක්ක ඩීල්. අපි සීන් එකෙන් එළියේ - විමල්

ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණ්ඩායමේ මහින්දවාදීන් පිරිසක් ජනාධිපතිවරයා හමුවීම "විමල...

අනං මනං

Connet With Us

       Google+