දූෂිත රාජපක්ෂ යළි රජවීම ගැන රනිල් වගකිව යුතුයි.

Published in පාඨක මත
Thursday, 09 July 2015 18:24

අන්ත දූෂිත ඒකාධිපති රාජපක්ෂ පවුල් පාලනය පෙරලා දමා ප්‍රජාතන්ත්‍රවාදී යුගයක් වෙනුවෙන් ජනවාරි 08 වන දින මෙරට බහුතර ජනතාව විසින් තැබූ ඓතිහාසික පියවර ඒ ජය ඝෝෂා නිම වෙන්නටත් පෙර විනාශ කර දැමීමේ සම්පූර්ණ වගකීම එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා බාර ගත යුතුය.

ජනවාරී 09 වන දින පාන්දර රනිල් වික්‍රමසිංහ මහතා කැඳවා රට බාර ගන්නා ලෙස පරාජයට පත් මහින්ද රාජපක්ෂ විසින් පැවැසූවේ එකාධිපතියකුගේ පරාජය හමුවේ රටේ මහජනතාවගෙන් පාඩමක් ඉගෙන ගැනිමට තිබූ අවස්ථාව මඟ හරවා ගැනිමටය. රාජපක්ෂවරුන්ට අවශ්‍ය ආරක්ෂාව ලබා දිමට වික්‍රමසිංහ මහතා විසින් පැකිලිමකින් තොරව ලබා දුන්නේය.

හොර නඩයක්, මීනීමරු කල්ලියක් සතුව තිබූ බල බිඳ දැමූ පසුව විය යුතුව තිබුණේ බෙල්ලෙන් අල්ලා කූඩුවට දමා කළ වරදට දඬුවම් දීමය. රාජපක්ෂ වරුන් මේ රටට කළ සහගහන අපරාධ ඔප්පු කිරීම සඳහා අවශ්‍ය ප්‍රමාණයටත් වඩ සාක්ෂි තිබියදි වික්‍රමසිංහ කළේ ඔවුන්ව ආරක්ෂා කිරීමය.

මෛත්‍රීපාල සිරිසේන මහතා තමන්ට පැවැරුණ ඓතිහාසික කාර්ය භාරය අමතක කොට ශ්‍රී ලනීපයේ බලය ඩැහැ ගන්නට ගත් උත්සහය තුල වික්‍රමසිංහ මහතා සිදු කළේ ඊට ප්‍රතිපක්ෂව එජාපය ශක්තිමත් කිරීමට උපක්‍රම සෙවීමය.සිරිසේන මහතාට තමා ජනතාවට පොරොන්දු වූ කරුණු කාරණා ඉ‍ටු කිරීමට එජාපයේ සහයෙන් පමනක් නොහැකිබව සත්‍යකි. ඊට සන්ධනයේ සහයද ලබා ගත යුතුව තිබිණි. ඒ අනුව ශ්‍රි ලනීපයේ බලය තමා අතට ගැනීම තර්කනුකූළ සාදනීය පියවරකි.

මේ අතර බල කෑදර කමින් බලය අත් හැරීමේ මහත් වේදනාවෙන් සිටි මහින්ද රාජපක්ෂ හා ඔහු වටා රංචු ගැසුණූ දූෂිතයන් ‍රැළ තාන්ගේ පැවැත්ම දින සියයකින් පසුව අනතුරේ වැටෙන බව සක් සුදක් සේ දු‍ටු බැවින් යළි බලය තහවුරු කර ගැනීමේ සටනකට පිවිසියහ.

සිරිසේන මහතාට අවශ්‍ය සහයෝගය ලබා දී තම ආරක්ෂා කරගැනීම වඩා පහසු උපක්‍රමය වූ බැවින් සිරිසේනගේ වුවමනාවට සහයෝගය ලබා දෙනු ලැබීය.

එම නිසා සිරිසේන ශ්‍රී ලනීපයේ සහය ලබ ගැනීමට යෑම උපක්‍රමික පියවරක් වනවා වෙනුවට ඔහු උගුලක පැටලුනු බව කීම වඩා සාධාරණ ඇත්තයි. ඊට ශ්‍රී ලනීපයෙන්ද සහය ලැබිණි. ඒ මාලුවෙක්ට දුන් ඇමක් මෙන් විය. සිරිසේන හිතුවේ තමාගේ ඇම ශ්‍රී ලනීපය ගිල්ලා කියාය.


එහෙත් එම සටන වික්‍රමසිංහ මහතා දු‍ටුවේ ශ්‍රි ලනීපය දෙකඩ කල හැකි අවස්ථවක් ලෙසය. ඔහු ඊට උදව් කළේය. රාජපක්ෂ පවුලේ දුෂන වංචා සෙවීම මඟ හැරියේය. එය උදව්වක් කොට ගෙන රාජපක්ෂ වරුන්ට එරෙහිව නැගූ චෝදනා බොරුවක් බව සමාජය හමුවේ ඔප්පු කරන්නට හැකි විය.

වික්‍රමසිංහ කල්පනා කළේ දින සියයකින් පසුව පාර්ලිමේන්තුව විසිරුවා හැරීමෙන් පසුව එජාපයට බහුතර ආසන සංඛාවක් ලබා ඉතුරු හරිය සිරිසේන මහතාගේ කණ්ඩායමෙන් පුරවාගෙන 'ජාතික ආණ්ඩු' ලෙබලයකින් ආණ්ඩුවක් පවත්වාගෙන යන්නටය. ඒ සඳහා ශ්‍රි ලනීපය දෙකට කැඩෙනට වුවමනා විය. ඒත් රනිල්ගේ ගනන් හැදිල්ල වැරදුනි.

එහෙත් නොසිතූ ලෙස මන්හින්දවාදීන් වෙනම කණ්ඩායමක් ලෙස සටන් කිරීම වෙනුවට ශ්‍රී ලනීපයේත් සන්ධානයෙන් බලය අල්ලා ගැනීමට සමත් විය. අද මේ ලියන මොහොත වන විට මෛත්‍රීපාල සිරිසේන යනු මහින්දගේ අල්ලේ නටන රූකඩයකි. මහින්ද ගහන ගහනපදයට නටන්නවත් ඔහුට ස්ව ශක්තියක් නැත. මහින්ද විසින්ම ඔහුව නැටවිය යුතුය.

ඒ අනුව මීළඟ ආණ්ඩුව යනු මහින්දගේ ආණ්ඩුවක් විනා මෛත්‍රීගේ හෝ රනිල්ගේ ආණ්ඩුවක් වන්නේ නැත. මහින්ද පිහි‍ටුවන්නේ ජාතික ආණ්ඩු නොවේ.ඒ සඳහා පජාත අන්ඩුවකි. සල්ලි වලට ඇමැතිකම් වලට විකිණෙන මන්ත්‍රීවරු ඕනෑ තරම් එජාපයේ සිටිති.

රාජපක්ෂ පවුල් පාලනය අලුත් වටයකින් ගොඩ නැගෙනු ඇත. අවනීතිය, දූෂනය වංචාව රජයනු ඇත.


මීට වගකිව යුත්තේ රනිල් වික්‍රමසිංහමය. කූඩුවේ කූරු ගනන් කර කර සිටිය යුතු මේ අමනයන්ව නැවත රජ පු‍ටුවට කැන්දාගෙන ඒම වික්‍රමසිංහ මහතාගේ බල තන්හාව මත් සිදු විය. රට වෙනුවට බලය ගෙඩිය පිටින් තමන් වෙත තබා ගන්නට ගත් මල පෙරේත දෙශපාලනයේ ප්‍රතිපලයක් ලෙස හෙට දිනයෙදී මේ රට තවත් අගාධයකට වැටෙනු ඇත.


- නුවන් විජේතිලක

Last modified on Thursday, 09 July 2015 19:37

Leave a comment

Gossip

රාජපක්ෂවරුන්ට ජෝක් කළැයි සුනිල්ට ආයෙත් ගහලා

රාජපක්ෂවරුන්ට ජෝක් කළැයි සුනිල්ට ආයෙත් ගහලා

ඊයේ රාත්‍රීයේ වත්තල, සෙන්ට් ඇන්තනීස් විද්‍යාලයීය ආදී ශිෂ්‍ය කණ්ඩායමක් විසින් සීදූවේ හෝටල...

ජාතික රූපවාහිනී අධ්‍යක්ෂ ජනරාල් නළුකමට, ජනපතිගේ ආසාවලු

ජාතික රූපවාහිනී අධ්‍යක්ෂ ජනරාල් නළුකමට, ජනපතිගේ ආසාවලු

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ තුසිර මැලැව්වෙතන්ත්‍රී මහතා සිය තනතු...

මහින්දගේ මැයි දින ‍රැළියේ වියදම කෝටි 18 පනී !

මහින්දගේ මැයි දින ‍රැළියේ වියදම කෝටි 18 පනී !

පසුගිය මැයි පළමුවනදා ගාලු මුවදොර පිටියෙහි පැවැති ඒකාබද්ධ විපක්ෂ මැයි දින ‍රැළිය හා එම පෙලපාළියෙහ...

මුදල් ඇමැතිකම වෙනුවට රවීට ලොකු තනතුරක් යෝජනා වේ. රවී බෑ කියයි.

මුදල් ඇමැතිකම වෙනුවට රවීට ලොකු තනතුරක් යෝජනා වේ. රවී බෑ කියයි.

එජාප උප නායක රවී කරුණානායක මහතා එම පක්ෂයේ ළඟ නායකත්ව අනුප්‍රාප්තිකයා ලෙස නම් කොට මුදල් අමාත්&zwj...

අනං මනං

Connet With Us

       Google+