මහින්ද සහ ඉස්සා

Published in පාඨක මත
Friday, 03 July 2015 10:13

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය ගැන මහින්ද රාජපක්‍ෂ කියන්නේ ඒ ඒකකය පිහිටුවා ඇත්තේ පොලිසියේ සුභ සාධනය විනය ගැන කි‍්‍රයා කිරිමට පනතේ ඇති රෙගුලාසි උපයෝගි කරගෙන බවය. එසේම එය පත් කළේ අගමැති රනිල් වික්‍රමසිංහ බවද කියා සිටියි. රනිල් සමග සිට අය ගැනද මහින්ද කතා කළ බව බොහෝ මාධ්‍ය හරහා වාර්තා විය.

ඉස්සා කියන්නේ නිසි පරිදි පිස ගත් විට රසවත් කෑමකි. එහෙත් ඊට පෙර ඉස්සා සුද්ධ කිරිම කළ යුතුවේ. අනෙක් හැම මත්ස්‍යන්ටම වඩා ඉස්සා වෙනස් ය. හේතුව ඉස්සාගේ අසූචි තැම්පත්ව ඇත්තේ උගේ හිසේ බවට ඇති විශ්වාසය නිසාය. මේ නිසා ව්‍යංජනයට නොගන්නා අවස්ථාවල ඉස්සා ගැනමතක් වෙන්නේ මං සුදනා කියන උදවිය සිහිපත් වූ විටය. එවැනි අවස්තාවක ‘‘ ඕකා මං සුදනා මං සුදනා කිවාට ඒකාගේ ඔලූවේ ගූ යනුවෙන් ඉබේම කියැවේ. මහින්ද රාජපක්‍ෂ ඉස්සෙකු නොවේ.

දේශපාලනඥයෙකි. එහෙත් ඉස්සාගේ අර විශේෂය මෙන් අනෙක් සියළු දේශපාලනඥයන්ට වඩා මහින්ද රාජපක්‍ෂ වෙනස්ය. විධායක ජනාධිපති වරුන් අතුරෙන් තනතුර අතර මියගියේ ආර්.පේ‍්‍රමදාස පමණකි. අනෙක් හැම විධායක ජනාධිපති වරයාම සිය ධුර කාලයෙන් පසුව ජනතාවගේ ගෞරව සැලකිලි මැද ගෙදර ගියේය. ඔවුන් පන්සල් ගියේ සිල් ගන්න මිස දේශපාලනය කතා කරන්න නොවේ.

ලංකාවේ විධායක ජනාධිපති වරුන්ට නඩු පැවරිමට නීතියෙන් ඉඩ තිබුණේ නැත. මෛති‍්‍රපාල සිරිසේන මහතා ස්ව කැමැත්තෙන් ඒ නීතිය ඉවත් කළේය. ඒ වරප‍්‍රසාදය අනුව සමහර විධායක ජනාධිපතිවරු කළ කී දේ පිළිකුල් සහගතය. ඒ අනුව විශ‍්‍රාම ගිය විධායක ජනාධිපතියෙකු නැවත දේශපාලනයට පැමිණියොත් ඉස්සාට කියන කැත කතා අහන්න සිද්ධ වේ. මහින්ද රාජපක්‍ෂ සිය ධුර කාලයේ පොලිසියේ කැරැට්ටුව ගැන කොල්ලන් කුරුට්ටන් පවා දනිති.

මහින්ද රාජපක්‍ෂගේ පාලන කාලයේ පොලිසිය වැඩ කළේ පොලිස් ආඥා පනත අනුවද යන්න මහින්ද රාජපක්‍ෂගෙන් ඇසීමේ අයිතිය රටේ කාටත් ඇත. මහින්ද රට පාලනය කළේ රටේ නීතිය අතට අරගන හිස වටා කරකවමිනි. ඒ බලයෙන් මත්වූ මහින්ද ළඟ සිටි හැම එකාම යුව රජුන් මෙන් විය. නියෝජ්‍ය ඇමති හේමාල් ගුණසේකර මහින්දගේ අම්මාගේ පැත්තෙන් ඥාතියෙකි. ඔහුගේ රථය අධීවේගී මාර්ගයේ නියමිත වේගය ඉක්මවා ගමන් කළ බවට වාර්තා විය. ඒ ගැන කි‍්‍රයා කිරීමට කොට්ටාව පිවිසුමේදී පොලිස් කොස්තාපල් වරයෙකු හේමාල් ගුණසේකර ගමන් ගත් රථය නතර කළේය. එහිදී සිද්ධ වූ දේ රටම දනිති. දින දෙකක් තුල ඒ කොස්තාපල්ගේ රස්සාව නැතිවිය. ඔහු මහමගදී පහර කෑමට ලක්විය. කොස්තාපල්ගේ වාහනයට නොදන්නා පිරිසක් විසින් ගිනි තැබීය.

ඒ කොස්තාපල්ට එරෙහිව අල්ලස් නඩුවක් පැවරිණ. මහින්ද පාලනය යටතේ පොලිසියට සැලකුවේ එහෙමය. ඒවා ගැන දන්නා පොලිසිය අදටත් රාජකාරි කරන්නේ ප‍්‍රාණ බයෙනි. ඒ මෛති‍්‍රපාල සිරිසේනට හෝ රනිල් වික්‍රමසිංහට බියෙන් නොවේ. නැවත මහින්ද බලයට එතී යන බියෙනි.මඩුවන්වල මාර්ගයේ රාජපකාරි කළ පොලිස් නිලධාරින්ට පහර දී තුවාල කළේ නියෝජ්‍ය ඇමතියෙක් නොවේ. ප‍්‍රාදේශීය සභාවක සභාපතියෙකි. පහර කෑමෙන් බරපතල තුවාල ලබා ඒ නිලධාරින් රෝහල්
ගත කෙරිණ. එහෙත් ඒ චණ්ඩියා අල්ලා අධීකරණයට ගේන්න පොලිසිය බිය විය. සිද්ධියට පසුව ඒ සභාපතියා කාල්ටන් නිවසේ සිටි බව තංගල්ල පොලිසිය පවා දැන සිටියේය. ඒත් අල්ලන්න තහනම්ය. සති කිහිපයකට පසුව මාධ්‍ය විසින් කළ කලබලය නිසා ඒ ප‍්‍රකට දාමරිකයා අධීකරණයට භාරවිය. ඒ සමග සිද්ධියේදී සභාපතියා අහසට වෙඩි තැබුව ටි 56 ගිනි අවිය අධීකරණයට ඉදිරිපත් නොකිරිම ගැන අධිකරණය පොලිසියෙන් ප‍්‍රශ්න කළේය. පොලිසිය දුන් උත්තරය පත්තර වාර්තා කර තිබිණ. ඒ ගිනි අවිය අධීකරණයට ඉදිරිපත් නොකරන ලෙස ඉහළින් උපදෙස් දුන් බවය.

මාතර කුරුඳු පොලූ සිද්ධියෙදී හර්මන් ගුණරත්න නැමැත්තෙකු ගිනි අවියකින් පාරේ යන මිනිසුන්ට වෙඩි තබනු මාධ්‍ය විසින් රටම බලා සිටියේය. ඒ ගිනි අවිය හෝ අධීකරණයට ඉදිරිපත් කළේ නැත. ඒකත් එහෙම වෙන්න ඇත්තේ ඉහළින් ලැබුණ උපදෙස් මත විය හැකිය. රාජකාරි අතර පොලිස් නිලධාරින් පහර කෑ සිද්ධි සිය ගණනකි. ඒ හැම පහරදීමක්ම සිදු කළේ එක්කෝ ප‍්‍රාදේශීය සභා සභාපතියෙකි. නැතොත් මන්ත‍්‍රී කෙනෙකි. මොනරගලදී නම් ගංජා මුදලාලිලාය. වැල්ලම්පිටියේදී කුඩු කාරයෙන්ය. ඒ කිසිදු පහර දිමකට අදටත් නඩු නැත. අද පොලිස් ආඥා පනතේ රෙගුලාසි ගැන කතා කරන මහින්ද රාජපක්‍ෂ මේ හැසිරෙන්නේ මං සුදනා කියන ඉස්සාගේ කතාව සිහි කරමිනි.

පියමුණේ විසිනි.

 

Last modified on Saturday, 04 July 2015 15:45

Leave a comment

Gossip

රාජපක්ෂවරුන්ට ජෝක් කළැයි සුනිල්ට ආයෙත් ගහලා

රාජපක්ෂවරුන්ට ජෝක් කළැයි සුනිල්ට ආයෙත් ගහලා

ඊයේ රාත්‍රීයේ වත්තල, සෙන්ට් ඇන්තනීස් විද්‍යාලයීය ආදී ශිෂ්‍ය කණ්ඩායමක් විසින් සීදූවේ හෝටල...

ජාතික රූපවාහිනී අධ්‍යක්ෂ ජනරාල් නළුකමට, ජනපතිගේ ආසාවලු

ජාතික රූපවාහිනී අධ්‍යක්ෂ ජනරාල් නළුකමට, ජනපතිගේ ආසාවලු

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ තුසිර මැලැව්වෙතන්ත්‍රී මහතා සිය තනතු...

මහින්දගේ මැයි දින ‍රැළියේ වියදම කෝටි 18 පනී !

මහින්දගේ මැයි දින ‍රැළියේ වියදම කෝටි 18 පනී !

පසුගිය මැයි පළමුවනදා ගාලු මුවදොර පිටියෙහි පැවැති ඒකාබද්ධ විපක්ෂ මැයි දින ‍රැළිය හා එම පෙලපාළියෙහ...

මුදල් ඇමැතිකම වෙනුවට රවීට ලොකු තනතුරක් යෝජනා වේ. රවී බෑ කියයි.

මුදල් ඇමැතිකම වෙනුවට රවීට ලොකු තනතුරක් යෝජනා වේ. රවී බෑ කියයි.

එජාප උප නායක රවී කරුණානායක මහතා එම පක්ෂයේ ළඟ නායකත්ව අනුප්‍රාප්තිකයා ලෙස නම් කොට මුදල් අමාත්&zwj...

අනං මනං

Connet With Us

       Google+