චම්පික, සුජීව චින්තනය සහ යහ පාලනය

Published in පාඨක මත
Friday, 03 July 2015 09:57

සාමය ඇති කළ යුද්ධය දිනා දුන් කිසිවෙකුට දඬුවම් කිරීමට ඉඩ නොදෙන බවට අමාත්‍ය පාඨලී චම්පික දිවුරා කියා ඇත. නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනාසිංහත් ඒ කතාවම කී බවක් මාධ්‍ය වාර්තා කරයි. මේ ප‍්‍රකාශ දෙකම දේශපාලන ප‍්‍රතිඥා වෙති. එහෙත් රටේ නීතිය වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සහතික කර ඇති රටේ පුරවැසියාගේ ආරක්‍ෂාව මේ ප‍්‍රතිඥාවෙන් අහෝසි වේ. ඒ ටික චම්පික දන්නේ නැත. එහෙත් නීතිඥ සුජීව සේනාසිංහ දන්නවාය. ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ අගමැති මැති ඇමතින් හමුදාපතියන් යුද සෙබළුන් භික්‍ෂුන් කුඩුකාරයන් පුරවැසියන්ගෙන් වෙන් කොට දක්වා නැත. ජනාධීපති ගැන එවැනි නිදහසක් විශේෂයක් තිබිණ. එය දැන් අහෝසි කර ඇත. ඒ අනුව රටේ නීතිය අනුව පුරවැසියාට පීඩා කළ හැකි කිසිවෙක් නැත. එහෙත් ඉහත කී ප‍්‍රකාශ හරහා යම් යම් අයට විනිර්මුක්තිය ලබාදෙන බවක් ප‍්‍රකාශ වේ. ජනතාව යහ පාලනය ඉල්ලා සිටියේ තක්කඩිකම් කරන නඩු නැති රට වෙනස් කිරීමටය. 17 ව්‍යවස්ථාවට අත නොඉස්සු පාඨලී චම්පික ගැන රට දනිති. හෙළ උරුමය තවත් ජවිපෙයක්ද අපි නොදනිමු. එහෙත් එජාපය බිහි කළ සුජීව සේනාසිංහ මේ යන්නේ කොහේද? අහෝ ඛේදයකි.

ඉහත කී ප‍්‍රකාශ රටේ සාමාන්‍ය පුර වැසියන් බියපත් කිරීමකි. රතුපස්වල වතුර ඉල්ලා සටන් කළ පුරවැසියන්ට වෙඩි තැබු හමුදා කාරයන් ගැන රට දනිති. ඒ හමුදා ඛණ්ඩය මෙහෙයවූ නිලධාරියා විදේශ සේවයට තෝරා ගත්තේ ඒවෙඩි තැබීමට පසුවය. ඒ හරහා රාජපක්‍ෂලා කීවේ කුමක්ද? අපරාධ කිරිමට හමුදා සාමාජිකයන් බිය නොවිය යුතු බවය. පාඨලී සුජීව දෙදෙනා මේ සහතික කරන්නේ ඒ රාජපක්‍ෂ පාලන ක්‍රම වේදය නොවේද?

පාඨලී සුජීව දෙදෙනාගේ ප‍්‍රකාශ පළවූ සමහර මාධ්‍යවල පාර්ලිමේන්තු මන්තී‍්‍ර නඩරාජා රවිරාජ් ඝාතනය ගැන වැල්ලවත්තේ තරුණයන් අතුරුදන් කරවිමේ සිද්ධිය ගැන තොරතුරු පළ විය. හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ වැල්ලවත්ත සිද්ධිය දැන සිටි බව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබේ. රාජපක්‍ෂ තියරිය අනුව කරන්නාගොඩ යුධ විරුවෙකි. සරත් පොන්සේකා ජාති ද්‍රෝහියෙකි. පාඨලී සුජීව චින්තනය අනුව, එකී විමර්ශන නතර කළ යුතුවේ. හේතුව ඉතා සරලය.කුප්‍රකට මිග් ගණුදෙනුව ගැන ගෝඨාභය සම්බන්ධ පරීක්‍ෂණ වහා නතර කළ යුතුවේ. හේතුව ඉතා
සරලය. රාජපක්‍ෂ ආණ්ඩුවේ කෝටි ගණන් ධනය මහින්දගේ වාසියට මැතිවරණ ව්‍යාපාරයට වැය කළ බව වාර්තාවේ. මහින්ද පන්සල් ගානේ යමින් සිල් රෙදි බෙදිම, පන්සල් තැනීම පාපයක්ද කියා විමසමින් ඒ වාර්තා තහවුරු කරයි. එයින් නොනවතින මහින්ද තම පාලනය යටතේ සිදුකළ වැරදි සෙවීම යහපාලනයද කියාත් අසයි. මෙහිදී නිවට ඇම්බැට්ටයා සහ රැවුල් කර එළුවාගේ අමන කතාව පාඨලී සුජීව චින්තනය හරහා අළුත් වෙමින් පවතී.

ගෝඨාභය අත් අඩංගුවට ගතහොත් තමන් ලේ උඩ පීනන බව නිතිඥයෙකු කියා ගන්නා දේශපාලකයෙකු කළ ප‍්‍රකාශයක්ද මෙතනට අදාල වේ. ගෙදර මෙහෙකාරියට ගිනි අවියකින් පහර දුන් ඉහළ විනිසුරු පොලිසියට ප‍්‍රකාශයක් කිරිම ප‍්‍රතික්ෂේප කරයි. රටේ සාමය ඇති කොට යුද්ධය අවසන් කළ තමාගෙන් සහ තම පවුලෙන් ආණ්ඩුව පළි ගන්නා බව මහින්ද බෝධි පූජා අතර අඬා වැළපෙයි. ඒ නිසා මහින්ද නැවත රටේ පාලනය ඉල්ලයි. 19 වෙනි සංශෝධනයෙන් විධායක ජනාධිපතිද අනෙක් පුරවැසියන් මෙන් නීතිය හමුවේ එක සමානය. එහෙත් පාඨලී සුජීව චින්තනය අනුව, රවිරජ් ඝාතනය විමර්ශන වැල්ලවත්ත තරුණයන් පැහැර ගැනීම් රගර් කී‍්‍රඩකයාගේ ඝාතනය ආදි සියළු අපරාධ පරීක්‍ෂණ නතර වේ. ඒ කියන්නේ නැවත ශී‍්‍ර ලංකාව තරුණ කැරලි, සිවිල් අරගල අපේක්‍ෂා කළ යුතු බවය. පාඨලී සුජීව චින්තනය අනුව, මේ රට සදාකාලිව කැරළි යුද්ධවලට මුහුණ දිය යුතුවේ. මහත්වරුනි, මේ යහ පාලනයද? හරිම අපූරුය.

- පියමුණේ

Leave a comment

Gossip

රනිල් ගේ ඥාති පුතා චණ්ඩියෙක් වෙලා ..රංගෙ ගේ පුතා රෝසි ගේ ඥාති දුවට ගහලා

රනිල් ගේ ඥාති පුතා චණ්ඩියෙක් වෙලා ..රංගෙ ගේ පුතා රෝසි ගේ ඥාති දුවට ගහලා

අගමැති රනිල් වික්‍රමසිංහගේ සොහොයුරෙකුගේ පුත්‍රයකු යැයි කියන වන තිස්ස නිර්මාන් වික්‍රමසිං...

කණමදය වගේ බී ගත්තු දයාසිරි, මාධ්‍යවේදීන් දෙදෙනෙකුට පහර දීලා

කණමදය වගේ බී ගත්තු දයාසිරි, මාධ්‍යවේදීන් දෙදෙනෙකුට පහර දීලා

ජාතික ක්‍රීඩා උලෙළල වාර්තා කිරීමට ක්‍රීඩා අමාත්‍යංශයෙම ආරාධනාව පිට කොළඹ සිට ගිය මාධ්&zwj...

දුල්මාගේ හැඩ වැඩ වලට ගයන්තත් කොර වෙයි.

දුල්මාගේ හැඩ වැඩ වලට ගයන්තත් කොර වෙයි.

ලංකා පුවත් ආයතනයේ පරිපාලන අධ්‍යක්ෂවරිය ලෙස තමන් විසින්ම සකසා ගත් තනතුරක සිට කටයුතු කරන දුල්මා කන...

මේ මල්ලි රනිල් එක්ක ඩීල්,  ඒ මල්ලි මෛත්‍රී එක්ක ඩීල්. අපි සීන් එකෙන් එළියේ - විමල්

මේ මල්ලි රනිල් එක්ක ඩීල්, ඒ මල්ලි මෛත්‍රී එක්ක ඩීල්. අපි සීන් එකෙන් එළියේ - විමල්

ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණ්ඩායමේ මහින්දවාදීන් පිරිසක් ජනාධිපතිවරයා හමුවීම "විමල...

අනං මනං

Connet With Us

       Google+