ඉරුදිනත් වැහෙන ලකුණු

Published in පුවත්
Monday, 22 June 2015 15:46

සන්ඩේ ලීඩර් හා ඉරුදින පුවත් පත් ද්විත්වය ප්‍රකාශය පත් කිරීම මෙම සතියෙන් පසුව සිදු නොවනු ඇති බව එම ආයතනයේ ආරංචි මාර්ග පවසයි.

මේවන විට මූල්‍ය ප්‍රශ්න හේතුවෙන් තවදුරටත් පවත්වාගෙන යා නොහැකි බව එම ආයතන කලමානාකාරිත්වය සේවකයන්ට දන්වා ඇත. සන්ඩේ ලීඩර් පුවත්පත හැකිනම් එම සේවක සේවිකාවන්ට අදාල මූල්‍ය පහසුකම් සපයා ගත හැකිනම් එය පවත්වාගෙන යාමට ඉඩ ලබා දිය හැකි බවද එම කළමනාකාරිත්වය දැනුම් දී තිබේ.


පසුගිය සමයෙහි රාජපක්ෂ පාලනයෙන් ලැබුණු අනුග්‍රාහකත්වය මත හා එම වුවමනාව පරිදි මෙම පුවත්පත් ආයතනය අසංග සෙනෙවිරත්න නම් රාජපක්ෂ පවුලේ හිතවත් ව්‍යාපාරිකයා විසින් මිළදී ගෙන පවත්වාගෙන ගියේය. මෙම ආයතනය මීට පෙර ඝාතනය ලක්වූ ප්‍රවීණ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග හා ඔහුගේ සොහොයුරු ලාල් වික්‍රමතුංග විසින් ආරම්භ කළ අතර ලසන්තගේ ඝාතනයෙන් පසුව එම ආයතනයට රාජපක්ෂ පවුලෙන් එල්ල වූ බලපෑම හේතුවෙන් විකුණා දැමීමට සිදු විය.

එමෙන්ම මෙම ඉරණමට නුදුරේම 'රිවිර' පුවත්පත් ආයතනයත් 'මව්බිම' පුවත්පත් ආයතනයත් මුහුණ දෙනු ඇති බව තතු දත්තෝ පවසති. මෙම ආයතන දෙකද පසු ගිය කාලයේ පවත්වාගෙන ගියේ රාජපක්ෂවරුන්ගේ අනුග්‍රහය මතය.

මීට සති කිහිපයකට පෙර වසා දැමුණු 'රන්දිව 'පුවත් පත යළි ඇරඹීම සඳහා උත්සහයක් රුවන් ෆර්ඩිනැඩස් ඇතුළු කණ්ඩායමක් විසින් ගත් නමුදු ඒ මේවන විට අත්හැර දාමා ඇති බවත් වාර්තාවේ.

සැබැඳි පුවත්

රන්දිව පුවත්පත වසා දමයි

සන්ඩෙලීඩර් ඉරුදින හිමිකරුවා සේවකයන්ට පඩි ගෙවීම නවත්වයි.

Leave a comment

ld add copy

Gossip

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභා රැස්වීමක් පසුගිය 27 වෙනිදා පැවැත්විලා තිබුණා. ඒ, හිටපු ජනාධිපති...

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

Connet With Us