කිලී මහරාජා, වරාය නගරය වෙනුවෙන් මෛත්‍රීපාලව සල්ලි වලට ගත්තාද ?

Published in පුවත්
Wednesday, 10 June 2015 12:06

සිරස රූපවාහිනීයේ අයිතිකරුවා වන කිලී මහරාජ නොහොත් රාජේන්ද්‍ර රාජාමහේන්ද්‍රන් වත්මන් ජනාධිපතිවරයාවද අල්ලේ නටවන රූකඩයක් කර ගෙන තිබෙන බව පැහැදිලි බව දේශපාලන විචාරකයන් පවසයි.

පසුගියදා, දූෂිත මෙන්ම පරිසරය වනසන ව්‍යාපෘතියක් වන කොළඹ වරාය නගර ව්‍යපෘතියේ ප්‍රචාරක මෙහෙයුමක් ලෙස සිරස රූපවාහිනිය විසින් සිදු කරනු ලැබු 'රන්බිම'නම් වැඩසටහන සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී වී සිටීම මීට ආසන්නතම උදාහරණය බව ඔවුන් පෙන්වා දෙයි. මීට පෙර අවස්ථාවකදී එම ආයතනයේ උත්සවයකටද ඔහු ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී විය. එමෙන්ම ජනාධිපතිවරයාගේ මාධ්‍ය අධ්‍යක්ෂක වරයා ලෙස පත්ව සිටින කිලී මහරාජාගේ සේවකයකු වන ධර්ම ශ්‍රී ඒකනායක මහතවද ඊට නම් කරනු ලැබුවේ කිලී මහරාජා විසින්ය.

මේ අනුව සිරිසේන මහතා ,මහරාජාගේ රූකඩයක් බවට පත්ව ඇතැයි යන්න සැකයට භාජනය විය යුතු තරම් දෙයක් නොවන බවද ඒම විචාරකයන් පවසති.

මෙහිදී විශේෂත්වය වන්නේ මෙම දූෂිත වරාය නගර ව්‍යාපෘතිය නතර කරන බවට මෛත්‍රීපල සිරිසේන මහතා ප්‍රමුඛ කණ්ඩායම ජනාධිපතිවරණයට පෙර සපත කර සිටීමය.

අහෝසි කළ යුතුව තිබෙන කොළම වරාය නගරය යළි ආරම්භ කිරීම සඳහා චීන රජය ගන්න දැඩි උත්සහය තුල සිරස රූපවාහිනිය ඩෝලර් මිලියන 400ක පමණ ප්‍රචාරක ව්‍යාපෘතියක් බාර ගෙන ඇති බව වාර්තා විය. ඔවුන් මේ ලබා ගනු ලැබුවේද වරාය නගරයට එරෙහිව දැඩි ප්‍රචාරයක් ගෙන යමින් චීන රජය බියට පත් කර, ඒ නොකර සිටීමට නම් තමුන්ට කප්පම් ගෙවිය යුතු බවට වන පාතාල වර්ගයේ මෙහෙයුමකින් බවද හෙළිවිය. මෙය මෙරට මාධ්‍ය ඉතිහාසයේ ලබා ගත් විශාලම කප්පම ලෙසද හැඳින් විය.

කෙසේ නමුත් මේ සියලු තොරතුරු හෙළිව තිබියදී ජනාධිපතිවරයා මේ සිරසේ උගුලේ පැටලැවීම පරිණත දේශපාලකයකුගේ ලක්ෂණයක් ලෙස කිසිසේත්ම හැඳින්විය හැකි නොවන්නක් බව ද දේශපාලන විචාරකයෝ පවසති.

එමෙන්ම හැම දෙයකටම කෑ කෝ ගසන ජනතා විමුක්ති පෙරමුණ මෙම චීන වරාය නගර ව්‍යාපෘතියට හා සිරස මැදිහත් වී කරන සටකපට පාතාල මෙහෙයුම ගැන වචනයක් හෝ නොදෙඩවීමද මෙහිදී කැපී පෙනෙයි.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

Connet With Us