උතුරේ අයිතිය වෙනුවෙන් දිවිපිදූවන් සැමරේ

Monday, 18 May 2015 16:42
යුද්ධයේදී මිය ගිය තම ඥාතීන් සිහිකිරීමේ  ආගමික පුජාවක් මුලතිව් වෙල්ලමුල්ලිවයික්කාල් වෙරළ අසලදී අද උදෑසන සිදු කරන ලදී. ඉලංගෙයි තමිල් අරසු පක්ෂය විසින් සංවිධානය කර තිබූ මෙම සිහිකිරීම පැවැත් වුනේ උතුරු පළාත් මහා ඇමති ටී විග්නේශවරන්ගේ ප්‍රධානත්වයෙන් කීරිමලෙයි කෝවිල තුළදීයි. 
 
තහනම් සංවිධානයක් වූ LTTE  සංවිධානය සැමරීම හා පෙළපාලි යාම අද සිට සතියක් පුරා මුලතිව් මහේස්ත්‍රාත් විසින් තහනම් කරනු ලැබ ඇත. 
 
යුද්ධයෙන් සිය ඥාතීන් අහිමි වූ විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වෙමින් තම ඥාතීන්ගේ ආත්මයන්ට සැනසීම ලබාදෙන ලෙස ඉල්ලමින් පුජා  පවත්වා තිබේ.
 
 මිට අමතරව යාපනය විශ්ව විද්‍යාලය තුලද යුද්ධයෙන් මිය ගිය පිරිස් සිහිකිරීමේ උත්සවයක් පැවැත්වුණි. මෙම අවස්ථාවට විශ්වවිද්‍යාල සිසුන් ආචාර්ය මණ්ඩලය ඇතුළු විශාල පිරිසක් සහභාගී වී ඇත. 
 
මෙම සැමරුම්වල පැවති විශේෂත්වය වන්නේ LTTE සංවිධානයේ කොඩියක්, ලාංචනයක් හෝ පින්තූරයක් දක්නට නොලැබීමයි. එම සැමරුම්වල  ඡායාරූප කිහිපයක් පහත දැක්වේ. 
 
ඡායාරූප උපුටාගැනීම : tamilguardian
 
war1
 
war2
 
war3
 
war4
 
war5
 
war6
 
war7
 
war8
 
war10
 
war11
 
war12
 
war13
 
war14

Leave a comment

Gossip

රාජපක්ෂවරුන්ට ජෝක් කළැයි සුනිල්ට ආයෙත් ගහලා

රාජපක්ෂවරුන්ට ජෝක් කළැයි සුනිල්ට ආයෙත් ගහලා

ඊයේ රාත්‍රීයේ වත්තල, සෙන්ට් ඇන්තනීස් විද්‍යාලයීය ආදී ශිෂ්‍ය කණ්ඩායමක් විසින් සීදූවේ හෝටල...

ජාතික රූපවාහිනී අධ්‍යක්ෂ ජනරාල් නළුකමට, ජනපතිගේ ආසාවලු

ජාතික රූපවාහිනී අධ්‍යක්ෂ ජනරාල් නළුකමට, ජනපතිගේ ආසාවලු

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ තුසිර මැලැව්වෙතන්ත්‍රී මහතා සිය තනතු...

මහින්දගේ මැයි දින ‍රැළියේ වියදම කෝටි 18 පනී !

මහින්දගේ මැයි දින ‍රැළියේ වියදම කෝටි 18 පනී !

පසුගිය මැයි පළමුවනදා ගාලු මුවදොර පිටියෙහි පැවැති ඒකාබද්ධ විපක්ෂ මැයි දින ‍රැළිය හා එම පෙලපාළියෙහ...

මුදල් ඇමැතිකම වෙනුවට රවීට ලොකු තනතුරක් යෝජනා වේ. රවී බෑ කියයි.

මුදල් ඇමැතිකම වෙනුවට රවීට ලොකු තනතුරක් යෝජනා වේ. රවී බෑ කියයි.

එජාප උප නායක රවී කරුණානායක මහතා එම පක්ෂයේ ළඟ නායකත්ව අනුප්‍රාප්තිකයා ලෙස නම් කොට මුදල් අමාත්&zwj...

අනං මනං

Connet With Us

       Google+