ස්වාධීන මුල් පි‍ටුව පෙරළන හැටි

Sunday, 01 March 2015 23:27

ඔය කොනේම, ඉඳන් ඉන්න කෙනාගේ ෆොටෝ ගන්න එපා..

ගත්තට වැඩක් නැහැ. කැමරාවට අහුවෙන්නේ නැහැ. එයාගේ ෆොටෝ..ලක්ෂ්මන්(ලක්ෂ්මන් වෙත්තමුණි) පුංචි මඩක් ගහන්න ගත්තා.

කාටද මේ මඩ වැදුනේ කියලා බලන්න අපිත් යුහුසුළු වුණා.

කිසිම සද්දයක් බද්දයක් නැතිව කොණකට වෙලා තමන්ගේ රාජකාරියටම පමණක් අවාධනය යොමු කරන්න හිටපු චමින්ද සුදර්ශන, ලක්ෂ්මන්ගේ මඩ ප්‍රහාරයට එලෙසින්ම මුහුණ දුන්නා..

මේ සුන්දර අද්දැකීම අපිට, අපිට කියන්නේ මටත් නිශාන්ත ප්‍රියදර්ශන අපේ ඡායාරූප ශිල්පියාටත් බෙදාගන්න හැකිවුණේ පණ ගැහෙන පත්තර මුණගැහෙන සුභ මෙහොතෙදි.

ඒ කියන්නේ ස්වාධීන රූපවාහිනි සේවයේ පත්තර විස්තර කියවන වැඩසටහනෙදි.

අපිට ඒ ගැන ලිපියක් කරන්න කැමැත්තක් ඇතිවෙන්නේ නිශාන්ත, අපේ ඡායාරූප ශිල්පියාගේ අදහසකට අනුව.

හිමාෂි, අයි. ටී. එන් පත්තර කියවන ප්‍රෝග්‍රෑම් එකේ..ෆොටෝ ස්ටෝරි එකක් කරමුද ?

හා කරමු..නියමයිනේ.. ඒක අලුත් විදිහේ වැඩක්. හැබැයි මමත් යන්න එනවා..

ඒ මොකටද? හරි අනේ.. මොකක් හරි ලියලා දෙන්නම්කෝ

හ්ම්, එහෙනම් යමුකෝ,

ස්වාධීන රූපවාහිනීයේ සභාපති මහාචාර්ය ගංගානාත් දිසානායක මහතාට දුරකතයෙන් අමතා අපගේ අවශ්‍යතාවය පැවැසු සැනින් නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී (වැඩසටහන්) විපුල රත්නසිරි මහතාව අපට සම්බන්ධ කළා. ඔහු සමඟ කතා කොට දිනය වෙන් කරගත්ත අපි පහුගිය බ්‍රහස්පතින්දා කුකුළත් අතින් අරගෙනම ITN එකට ගියා..මේ ගමනට අපිත් එක්ක වීඩියෝ ඡායාරූප ශිල්පී සංජීව මලවිආරච්චිත් එකතු වුණා. පාන්දර 3.45ට අපි එම ආයතනයට යන කොට අනූෂි (අනූෂී හක්මනගේ) බ්‍රහස්පතින්දා පත්තර කියවන නිවේදිකාව ඇවිත් හිටියා.

රිසෙප්ෂන් එකේ හිටපු ආරක්ෂක නිලධාරීන් ම ටිකකින් මොහාන් මඩවල මහත්තයා එවී. ඔය මහත්තුරු එයත් එක්කම ඇතුලට යන්න. කියලා අපිට දන්වා සිටියා. එයා 4.15 වෙද්දි එනවා එතකන් නෙස්කැෆේ එකක් බොන්න.ඒ අය අපිට කිව්වා.

කොහොම වුණත් මොහාන් රාජ් මඩවල අපේ මිත්‍රයත් එකක්ම අපි ගියා ග්‍රැෆික් සෙක්ෂන් එකට..අපි යන කොටත් එතැන හරි හරියට වැඩ.

අපි lankadaily වෙබ් එකෙන්. ෆීචර් එකක් කරන්න ආවේ..අපිට කියන්න පුළුවන්ද මෙතැන මොකක්ද වෙන්නේ කියලා..මම නිශාන්ත නිශාන්ත අයියා කතාබහ ආරම්භ කළේ ඒ විදිහට.

චමින්ද සුදර්ශන,චතුරංග ධනසේකර ,ලක්ෂ්මන් වෙත්තමුණි මේ අය නිෂ්පාදකයින්

හැමෝම වැඩසටහන සූදානම් වෙද්දි චතුරංග එෆ්බී එකේ..අර අයියා මේ මළ පාන්දරත් ෆේස් බුක් එකේ., මං නිශාන්ත අයියට කිව්වේ කාටත් නොඇසෙන්න.

ඉන් පසුව තමයි චමි.න්ද මහත්තයා මේ පිරිසේ වැඩ පිළිබඳ පැහැදිලි කිරීමක් කළේ.

මේ වැඩසටහනට විශේෂ කෙනෙක් සහභාගි වෙනවා..අද ඉන්නේ මඩවල මහත්තයා.එයාගේ මූලිකත්වයෙන් එදිනෙදා පත්තර වල ප්‍රවෘත්ති පෙළගැස්මක් කරනවා..අපි ඒවා බෙදාගෙන කරන්නේ මට තියෙන්නේ වෙබ් නිව්ස් බලන්න, එතකොට චතුරංග ෆේස් බුක් , වීඩියෝ ටික බලනවා..(පාන්දර ෆේස් බුක් උඩ පහල යන්නේ අන්න ඒකට) ලක්ෂ්මන් පත්තර වල නිවුස් ටික බලනවා.

එහා පැත්තේ ඉන්න මල්ලිලා දෙන්නා ස්කෑනර්ස්ලා.පත්තර වල අපි කියවන්න ගන්න නිවුස් ටික ස්කෑන් කරලා ටීවී එකට ඔන විදිහට හදා ගන්න ඔනේ..එතැන කෙරෙන්නේ ඒ වැඩ ටික..

විස්තර ටිකත් දැනගෙනම මමයි නිශාන්ත අයියයි ඒ කාමරයෙන් එළියට ආවා..මේක පිස්සු හැදෙන වැඩක් අයියේ, මමත් නිශාන්ත අයියත් එක වරම කිව්වා.

පත්තර ටික ගෙනාවා කියාගෙන එස්.මදන් ආවා අපි හිටපු පැත්තට. ඔයා කවුද ඔයාට මොකක්ද මේ පත්තර කියවන එකේ තියෙන ජොබ් එක මම මදන්ව කතාවට අල්ල ගත්තා..මං මේ පත්තර ටික අරගෙන ආවා..ටැමිල් පත්තරවල තියෙන හොඳ නිවුස් මම තෝරලා ඒවල තියෙන්නේ මොකක්ද කියලා කියනවා. මදන් සිංහල කතා කරනවා වගේ අපිට දෙමළ කතා කරන්න පුළුවන් වුණානම් කොච්චර හොඳද කියලා මගේ සිහියට වැටුනා.

ඒත් එකක්ම තමයි එස්.කේ. විතාන(මේ වැඩසටහනේ අධීක්ෂණ කටයුතු කරන්නේ ඒ මහතා) ඇවිත් අපිත් එක්ක කතා කළේ. ඔයාල අය ඇවිත් ගොඩක් වෙලාද? මොනා හරි බිව්වද? චුට්ටක් පරක්කු වුණා..ඉතාමත් සුහද ශීලි ආකාරයට අපිව පිලිගත් ඔහු ඔහුගේ රාජකාරියට වැටුණා. මඩවලත් එක්ක පත්තර පෙරළ පෙරළ ඔහුත් නිව්ස් තොරන්න ගත්තා.

ඒ අතර වාරයේ අපිත් එක්ක කතා කරන්න අමතක කළෙත් නැහැ. මේ වැඩසටහන එකටම දවසේ පත්තර කියලා තමයි ආරම්භ වුණේ.පස්සේ පුවත් හෝරාව කියලා එය නම් කළා..පෙබරවාරි 04 වැනිදා ඉඳන් තමයි 'ස්වාධීන මුල් පිටුව' කියලා එය නම් කළේ.

ඉස්සරම අපි එක් දිනකට එක් පත්තරයක් අරගෙන ඒ පත්තරේ ප්‍රවෘත්ති කියෙව්වා..පස්සේ පත්තර ඔක්කොම අරගෙන අපේ විකාශය වුණු ප්‍රවෘත්ති අරගෙන එය තවත් ටිකක් දියුණු කළා..දැන් අපේ වැඩසටහනේ වෙබ් අඩවි පුවත් පවා කියවනවා. පේක්ෂකයෝ අලුත් ප්‍රවෘත්ති පිපාසයෙන් ඉන්නේ..ඒ නිසා අපි දිනෙන් දින මේක අලුත් කරනවා.

වැඩසටහන ගැන පූර්ණ අවබෝධයක් ඔහු අපිට ලබා දුන්නා.

ප්‍රියලාල් ද සිල්වා, තිස්ස සිරිවර්ධන මහත්වරු අපිට හමුවුණේ ප්‍රධාන පාලක මැදිරියේදී...අපේ ආයතනයේ ස්ටුඩියෝ 3ක් තියෙනවා..එ ඔක්කොම අපේ විකාශනනාගාර වලට යන්නේ මෙතැනින්..එතැන ලොකු වැඩක් වෙනවා..තව හුඟාක් දේවල් ගැන අපිට පැහැදිලි කළත් අපිට තේරුනේ ඉතාමත් පුංචි දේවල් ටිකක් විතරයි.

මෙතැන පැය 24 කවුරු හෝ වැඩ..

ඒ අය අපිට කිව්වා..කාට වුණත් විවේකයක් තියෙන්නේ පැය කිහිපයක් විතරයි.

ෆොටෝ එකක් දාගන්න ඔනේ..මිස් වුනොත් අපරාදේ මේකප් එකට යමු. අපි දෙන්නම මේකප් සෙක්ෂන් පැත්තට පය ඉක්මන් කළා. අපි යද්දි අනූෂි මේකප් එකේ හිටියේ..මේකප් දාන්න කලින් මෙයාගේ ෆොටෝ එකක් ගන්න.අනූෂිගේ මේකප් එක දාන ගමන් කෝසල (කෝසල සඳරංග) අපිට කිව්වේ අනූෂිට විහිළුවක් කරන ගමන්..
අර සෙටියේ බාගෙට නිදන් ඉන්නේ ඒත් අපේ එක් කෙනෙක් සඳුන් විමලරත්න කෝසල සඳුන් ගැන අපිට කිව්වේ ඒ විදිහට.

මේ සෙක්ෂන් එකේ කී දෙනෙක් විතර ඉන්නවද?

මම ඇහුවා..10 ක් ඉන්නවා..පැය 08 අපි මාරු වෙනවා..සිංහල ටැමිල් සෙක්ෂන් දෙකේම මේකප් වෙන්නේ අපේ සෙක්ෂන් එකෙන්..කෝසල අපිට පැහැදිලි කළා..ඔවුන්ට සමු දීලා අපි ස්ටූඩියෝ එකට ගියා..

එතැන වැඩ ගොඩාක්..හරිම කළබලයක්..එක් අයෙක් සෙට් එක එහෙමෙහෙ කරද්දි තව අයෙක් කැමරා එහෙ මෙහේ කරනවා. එතැන හිටපු අයෙක් එක් අයෙක්ව අපි කතාවට අල්ල ගත්තා.ඔහු උදාර පතිරාජ..(කැමරාකරණ ශිල්පියා) කලින් දවසේ රෑ සෙට් එක දානවා..පාන්දරම ඇවිත් අවසන් සැකසීම කරනවා. පත්තර කියනව ප්‍රොගෑම් එකට අපි කැමරා තුනක් පාවිච්චි කරනවා..ඔහු එතැන වැඩ ගැන අපිට පැහැදිලි කිරීමක් කළා.

Technical, Set, lighting, studio , producing, presentation......, ලොකු crew එකක්. ලොකු mission එකක්..

වෙලාව 6.15 යි.. මොහාන්, නිලූෂි දෙන්නම සූදානමින්..ටෙලිවිෂන් එකේ බලන පත්තර විස්තර සජීවීව නරඹපු අපි සියල්ලන්ටම සමුදීලා නවමු අත්දැකීමක් එක්ක එතැනින් පිටත් වුණා..

 

සටහන : හිමාෂි කරුණාරත්න

ඡායා: නිශාන්ත ප්‍රියදර්ශන

DNP ITN 1DNP ITN 2DNP ITN 3DNP ITN 4DNP ITN 5DNP ITN 6DNP ITN 7DNP ITN 8DNP ITN 9DNP ITN 10DNP ITN 11DNP ITN 12DNP ITN 13DNP ITN 14\
DNP ITN 15DNP ITN 16DNP ITN 17DNP ITN 19DNP ITN 20DNP ITN 21DNP ITN 22DNP ITN 23DNP ITN 24DNP ITN 25DNP ITN 26DNP ITN 27DNP ITN 28DNP ITN 29DNP ITN 30DNP ITN 31DNP ITN 32DNP ITN 33DNP ITN 34

Last modified on Sunday, 01 March 2015 23:36

Leave a comment

worky

worky1

ld add copy

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us