ගෝඨාගේ පුතා රස්සාව කරන්නේ කේපීගේ සාමාගමක!

Published in පුවත්
Monday, 12 January 2015 16:29
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුත්‍රයා වන  දමින්ද මනොජ් රාජපක්ෂ මහතා මේවන විට ‍රැකියාව කරන්නේ  ආනන්ද ක්‍රිශ්නන් නම් ප්‍රකෝටිපති ව්‍යාපාරිකයා සභාපතිත්වය උසුලන   මලයාසියාවේ මැක්සිස් සමූහයට අයත් ඇස්ට්‍රෝ (astro) සමාගමේය. එම ආයතනයේ බහුතරයක් කොටස් ඇත්තේ කේපී හෙවත් කුමරන් පද්මනාදන්ටය. ඒ කොටස් ඔහු ලබා ගත්තේ එවකට එල්ල්ටීටීඊ සංවිධානය වෙනුවෙන් එහි මුදල් ආයෝජනය කරමින්ය.
 
මෙහි මනොජ් රාජපක්ෂ  විධායක ශ්‍රේණියේ රැකියාවක් කරමින් සිටින අතර ඔහුට ඇමෙරිකාවේ සුඛෝපභෝගී ජීවිතයක් ගතකිරීමට හැකියාව තිබුණද ඔහු මලයාසියාවට පැමිණ ඇත්තේ ඔහුගේ ආරක්ෂාවට හා ගෝඨාභය රාජපක්ෂ සහ කේ.පී අතර තිබෙන හිතවත්කමට වේ. මනෝජ් රාජපක්ෂ ඇමරිකාවේදී සමූහ ඝාතන අවි  හා රොකට් තාක්ෂණික  උපකරණ  නිශ්පාදන සමාගමක සේවය කළේය.
 
ඉතා ලාබදායි ලෙස ජපන් සමාගමක් මගින් පවත්වා ගෙන ගිය ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ වත්මනේ බහුතර කොටස් හිමිකර ගෙන ඇත්තේ ඉහතකී මැක්සිස් ටෙලිකොම් ආයතනයය.මෙම ගනුදෙනුව සිදුකෙරුණු කාලයේදී මෙම සමාගම හා එල්ටීටීඊ සංවිධානය අතර ගනුදෙනුවත් හෙළි වී තිබිණි.
 
එමෙන්ම මේ වෙනුවෙන් සමාගම් කොටස් විකිණීම සම්බන්ධයෙන් තිබූ 33% නීතිය පවා වෙනස් කෙරුණු අතර කොටස් 47% ක් මෙම සමාගමට පවරණු ලැබීය. එමඟින් එවකට ඊට මැදිහත් වූ දේශපාලකයකුට හා විනිසුරුවරයකුට අතිවිශාල කොමිස්  මුදලක් ලැබුණු  බවටත් චෝදනාවක් විය.
 
හිටපු ජනපති පුත් යෝෂිත රාජපක්ෂ CSN රූපවාහිනි චැනලය ආරම්භ කරද්දී ඊට අවශ්‍ය සියළුම තාක්ෂණිය මෙවලම් මැක්සිස් සමාගම විසින් තිළිණයක් ලෙස ලබා දී තිබිණි. 
Last modified on Monday, 12 January 2015 17:14

Leave a comment

worky

worky1

ld add copy

Gossip

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

චීනයෙන් දිනේෂ්ට අමුතු සැලකිල්ලක්

චීනයෙන් දිනේෂ්ට අමුතු සැලකිල්ලක්

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, සය දින නිල සංචාරයකට චීනයට ගියේ චීන ආණ්ඩුවෙන් ලැබුණු ආරාධනාවක් අනුවය. ඉ...

Connet With Us