කෙහෙළියගේ දුවට UN ලොකු වගකීමක්

Published in පුවත්
Wednesday, 09 July 2014 19:20

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලයේ දෙවැනි ලේකම් චමිත්‍රි රඹුක්වැල්ල මෙනෙවිය ජගත් මහ සමුළුවේ පස්වැනි කමිටුවේ උප සභාපති පදවියට පත්කර ඇත.

ජගත් සංවිධානයේ 69 වැනි මහ සමුළුව සඳහා පස්වැනි කමිටුවේ උප සභාපති ධුරයට ඇය පත්කර ඇත්තේ ඒකමතිකවය. ඒ අනුව රඹුක්වැල්ල මෙනෙවිය ආසියා ශාන්තිකර කණ්ඩායම නියෝජනය කරයි. එක්සත් ජාතීන්ගේ 69 වැනි සැසිවාරයේ සියලුම පරිපාලන හා අයවැය සම්බන්ධ කටයුතුවල දී උපදෙස් දීම සිදු කෙරෙන්නේ පස්වැනි කමිටුව මඟිනි.

එම කමිටුවේ උප සභාපති ධුරය වැනි ඉහළ තනතුරකට රඹුක්වැල්ල මෙනෙවිය පත්වීම විශේෂත්වයකි. මීට පෙර ශ්‍රී ලාංකිකයකු මෙම තනතුර දරා ඇත්තේ 1958 දීය. ඒ සර් ක්ලෝඩ් කොරෙයා මහතාය. එදා සිට මේ දක්වා මෙම තනතුරට කිසිදු ශ්‍රී ලාංකිකයකු පත්ව නොමැත.

චමිත්‍රි රඹුක්වැල්ල මෙනෙවිය පසුගිය සැසිවාරයේදී ද විශේෂ තනතුරක් දරමින් ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දුන්නාය. කොළඹ කාන්තා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක වන චමිත්‍රි රඹුක්වැල්ල මෙනෙවිය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණියයි.

(දිනමිණ)

Leave a comment

ld add copy

Gossip

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර...

Connet With Us