ජනපතිගේ පුතාලා රෑ එළිවෙන තුරු බොනවා !!! (වීඩියෝ)

Published in පුවත්
Wednesday, 09 July 2014 18:41

එජාප මන්ත‍්‍රී හරීන් ප‍්‍රනාන්දු මහතා, ජනාධිපතිතුමන්ගේ පුතාලා සමඟ රැය පහන්වන තුරු සමාජ ශාලාවල මත්පැන් බොන්නේ යයි වයඹ මහ ඇමති දයාසිරි ජයසේකර මහතා පවසයි.

ඒ මහතා මෙසේ පැවසුවේ ඊයේ රාත‍්‍රී දෙරණ වාද පිටිය වැඩසටහනේදීය.

හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කොතෙක් ආණ්ඩුව විවේචනය කළ ද 'නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සමග රෑට රෑට හොර රහසේ කමින් බොමින් විනෝද වන බව දයාසිරි මන්ත්‍රීවරයා එක අවස්ථාවක පැවසු විටදී, හරින් මන්ත්‍රීවරයා කියා සිටියේ නාමල් හොඳට 'බොන බව' දයාසිරිගේ ප්‍රකාශයෙන් තහවුරු වන බවයි.

මේ සම්බන්ධයෙන් එකිනෙකා ඉතා උණුසුම් ලෙස වාදයක පැටලුණු හරීන් ප්‍රනාන්දු හා දයාසිරි ජය‍සේකර යන මහත්වරුන් පුද්ගලික කරුණු කාරණා ඔස්සේ දිගින් දිගටම වාදයක පැටලීම නිසා එය සමතයකට පත් කර ගැනීම සඳහා වැඩසටහන් නිෂ්පාදකයන් විරාමයකට ගියද ඔවුන්ගේ වාග් ප්‍රහාරය නතර වී නැත.

එම විරාමයේදී ඔවුන් දෙදෙනාගේ වාග් ප්‍රහාරය පහරදී ගැනීමක් දක්වා උණුසුම් වනවිට එම රූපවාහිනී ආයත‍නයේ සේවකයන්ද අනෙක් දේශපාලන පක්ෂ නියෝජිතයන්ද එය සමතයතට පත් කිරීම සඳහා මැදිහත් වුවද අවසානයේ දෙදෙනා අතර ගුටි බැට හුවමාරුවක් සිදුව ඇතැයි පැවසේ.

ඉන් ඉදිරියට වැඩසටහන ගෙනයාමට නොහැකි හෙයින් එය නවතා දමා තිබේ.

එම වීඩියෝව පහළින් බලන්න.

 

 

Leave a comment

ld add copy

Gossip

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභා රැස්වීමක් පසුගිය 27 වෙනිදා පැවැත්විලා තිබුණා. ඒ, හිටපු ජනාධිපති...

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

Connet With Us