මහින්දානන්දගේ ගෝලයෙක් ක්‍රිකට් ටිකට් ජාවාරමක

Published in පුවත්
Wednesday, 09 July 2014 14:16

ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවට ක්‍රීඩා ඇමතිවරයාගේ නියෝජිතයා ලෙස කටයුතු කරන්නෙකු ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන එක්‌දින ක්‍රිකට්‌ තරගාවලියේ තරග ප්‍රවේශ පත්‍ර මගඩියක නිරතව සිටින බව වාර්තාවේ.

ඔහු ක්‍රිකට් ආයතනයේ සභාපති ජයන්ත ධර්මදාස මහතා බලයට ගෙන ඒම සඳහා සෘජුව දායක වූ පුද්ගලයකු වන අතර තරගාවලි සංවිධාන කමිටුවේ කටයුතු කල නිලධාරියකුද වන බව සැලයි.

ක්‍රිකට් ආයතනයේ නිලධාරියකු කියා සිටියේ ඔහු මෙම තරගාවලියේ ප්‍රවේශ පත්‍ර අති විශාල සංඛ්‍යාවක් මිතුරන් අතරේ නොමිලේ බෙදා දී ඇති බව.

ක්‍රිකට් ආයතනයට ප්‍රවේශ පත්‍ර විකුණා ලැබෙන මුදලින් මෙම තරගාවලියේ පාඩුව අවම කර ගත හැකියි. එහෙත් මෙවන් නිලධාරීන් හේතුවෙන් සිදුවන්නේ එම පාඩුව තවදුරටත් ඉහළ යාමය.

ක්‍රීඩා ඇමතිතුමන් ක්‍රිකට් ආයතනයට පත්කර ඇත්තේ නියෝජිතයකු නොව ප්‍රවේශ පත්‍ර බහිරවයකු බව ඇතමුන් ප්‍රකාශ කරන්නේද මේ හේතුව නිසාමයි.

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්‌දින ක්‍රිකට්‌ තරගාවලියේ දෙවැනි තරගය අද (09 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ප.ව. 2.30ට ආරම්භ වේ.

‍මූලාශ්‍රය - ෆ්‍රී හිට්

Last modified on Wednesday, 09 July 2014 15:22

Leave a comment

ld add copy

Gossip

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභා රැස්වීමක් පසුගිය 27 වෙනිදා පැවැත්විලා තිබුණා. ඒ, හිටපු ජනාධිපති...

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

Connet With Us