රමෆෝසා ගොඩබසී, ආවේ මොකටදැයි සැකයි

Published in පුවත්
Monday, 07 July 2014 13:21

දකුණු අප්‍රිකාවේ උප ජනාධිපති සිරිල් රමෆෝසා මීට ස්වල්ප මොහොතකට පෙර කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් මෙරටට ගොඩබැස තිබේ.

ඊයේ(06) නිවේදනයක් නිකුත් කරමින් හෙතෙම පවසා තිබුණේ ශ්‍රී ලංකාවේ රජයේ නියෝජිතයින් සමග වන සාකච්ඡාවලට අමතරව විපක්ෂයේ දේශපාලන පක්ෂ මෙන්ම මෙරට පුරවැසියන් හමුවී කතාබහ කිරීමට තමන් අපේක්ෂා කරන බවයි.

ශ්‍රී ලංකාවේ සාම ක්‍රියාදාමය ශක්තිමත් කිරීමට දකුණු අප්‍රිකානු ජනාධිපති ජේකබ් සූමාගේ විශේෂ නියෝජිතයා ලෙස රමෆෝසා මහතා පත්කර ඇත.

තමන් ශ්‍රී ලංකාවේ කුමක් කරන්නේද යන්න තීරණය කිරීමට ප්‍රථම ශ්‍රී ලාංකිකයින්ට ඇහුන්කන්දෙන බව ඔහු පෙන්වා දෙයි.

එහෙත් සිරිල් රමෆෝසා ගේ සංචාරය පිළිබඳ අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය නියෝමාල් පෙරේරා පවසන්නේ ශ්‍රී ලංකාවේ ජාතික ගැටලුවට විසඳුම ශ්‍රී ලංකාව තුලින්ම මතුවිය යුත්තක් බවද, ඊට විසඳුම් සෙවීම සහ රමෆෝසා ගේ සංචාරය අතර කිසිදු සම්බන්ධතාවයක් නැති බවයි.

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර සම්බන්ධතා ශක්තිමත් කිරීම මගින් "දෙමළ, සිංහල, මුස්ලිම් ජනතාවගේ ආර්ථික සහ සාමාජයීය ගැටළු විසඳීම" රමෆෝසා ගේ මෙම චාරිකාවේ අරමුණ බව පෙන්ව දෙන අමාත්‍යවරයා ජාතික ගැටලුවට විසඳුම් සෙවීම සම්බන්ධයෙන් විදේශීය රටවල සහාය පැතීමට දෙමළ ජාතික සන්ධානයට අවශ්‍ය නම් ඒ පිළිබඳව කිසිඳු විරෝධයක් නැති බවද පෙන්වා දෙයි.

කෙසේවෙතත් පසුගිය නොවැම්බරයේ පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වූ ජනාධිපති ජේකබ් සූමා, ජාතික ගැටලුවට විසඳුමක් සෙවීම් සඳහා දකුණු අප්‍රිකාවේ අත්දැකීම් බෙදා හදා ගැනීමට සූදානම් බව සඳහන් පවසා තිබුණි.

කෙසේ වෙතත් මෙරට දේශපාලන ප්‍රශ්න වලට මැදිහත් වීම සම්බන්ධයෙන් මැදිහත් විම ගැන ජාතික හෙළ උරුමය හා ජාතික නිදහස් පෙරමුනෙහි විරෝධය මේ වන විටත් එල්ල වි තිබේ.

Leave a comment

ld add copy

Gossip

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර...

Connet With Us