ජනතාව අසාමාන්‍ය ලෙස පරිප්පු කනවා !

Published in පුවත්
Monday, 07 July 2014 11:16

ජනතාව අතර මේ වන විට අසාමාන්‍ය ලෙස පරිප්පු පරිභෝජනය ඉහළ ගොස් ඇති බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය පවසයි.

එම ආයතනයේ පර්යේෂන නිලධාරී දුමින්ද පි‍්‍රයදර්ශන මහතා සඳහන් කළේ වෙළදපළේ එළවළු මිල ඉහළ යාම නිසා ජනතාව ඊට ආදේශකයක් ලෙස පරිප්පු තෝරාගෙන ඇති බවයි. වෙළදපළ තුළ මේ වන විට එළවළු මිල ඉතා සීග‍්‍ර ලෙස ඉහළ ගොස් ඇත.

කැරට්, බෝංචි, බීට්රූට්, වම්බටු සහ තාක්කාලි ආදී එළවළු කිලෝග‍්‍රෑමයක මිල පසුගිය සතියේ සටහන් වූයේ රුපියල් 100ත් 150ත් අතර මිලකය.

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ පර්යේෂන නිලධාරී දුමින්ද පි‍්‍රයදර්ශන මහතා වැඩිදුරටත් සඳහන් කළේ එළඹෙන සතිය වන විට එළවළු මිල පහත යා හැකි බවයි.

මේ අතර, එක්සත් ජාතික පක්ෂයේ ගමින් ගමනට වැඩසටහනේ රඹුක්කන මැතිවරණ කොට්ඨාශයේ ගම්මාන කිහිපයක ජන හමු කිහිපයකට එක්වෙමින් ඊයේ (06) විපක්ෂ නායකවරයා සඳහන් කළේ ජනතාවට දරා ගත නොහැකි ආකාරයෙන් එළවළු මිල සහ බඩු මිල ඉහළ ගොස් ඇති බවයි.

වර්තමාන ආණ්ඩුව ජනතාවගේ හිත සුව පිණිසවත් කටයුතු නොකරන බවද ඔහු සඳහන් කළේය.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

චීනයෙන් දිනේෂ්ට අමුතු සැලකිල්ලක්

චීනයෙන් දිනේෂ්ට අමුතු සැලකිල්ලක්

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, සය දින නිල සංචාරයකට චීනයට ගියේ චීන ආණ්ඩුවෙන් ලැබුණු ආරාධනාවක් අනුවය. ඉ...

Connet With Us