කහ පාට මාර්ග සංඥා සුදු පාට වේ.

Published in පුවත්
Monday, 07 July 2014 09:10

මෙතෙක් භාවිතයට නොගැණුනු මාර්ග සංඥා සලකුණු විශාල ප‍්‍රමාණයක් හඳුන්වාදීමට මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

එම සංඥා සහ පැරණි මාර්ග සංඥා ඇතුළත් කළ නව ගැසට් නිවේදනය නුදුරේදීම ප‍්‍රකාශයට පත් කරන බව එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් එච්.එස් හරිස්චන්ද්‍ර මහතා පැවසිය.

එම ගැසට් නිවේදනයට අනුව ඉදිරියේදී භාවිතයට ගැනෙන මාර්ග සංඥා සලකුණු සංඛ්‍යාව 215 ඉක්මවනු ඇත.


අධිවේගී මාර්ගයේ භාවිතයට ගන්නා සංඥා සලකුණු සහ අන්තරායක රසායනික ද්‍රව්‍ය ප‍්‍රවාහනය කිරීමේදී භාවිතයට ගන්නා මාර්ග සංඥා සලකුණු ද අලූතින් නිකුත් වන ගැසට් නිවේදනය මගින් ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතය.


මෙතෙක් පැවති මාර්ග සංඥා සලකුණු බොහොමයක් කහපාටින් වර්ණ ගැන්වුණත් නව මාර්ග සංඥාවල විශේෂත්වය වන්නේ ඒවා සුදු පාටින් වර්ණ ගන්වා තිබීමයි. රාත‍්‍රී කාලයේදී කහපාටින් වර්ණ ගැන්වුණු මාර්ග සංඥා රියදුරන්ට පැහැදිලිව දිස් නොවීම ඊට හේතුව බව මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.

නව මාර්ග සංඥා ඇතුළත් ගැසට් නිවේදනය ප‍්‍රකාශයට පත් කිරීමෙන් පසු ඒවා රියදුරු මාර්ගෝපදේශ ග‍්‍රන්ථවලට ඇතුළත් කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභා රැස්වීමක් පසුගිය 27 වෙනිදා පැවැත්විලා තිබුණා. ඒ, හිටපු ජනාධිපති...

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

Connet With Us