පඩයක් ගියත් නිවේදන ගහන වාමාංශික රොඩු Featured

Friday, 02 March 2018 17:55

තඹුත්තේගම සිද්ධිය අල්ලාගෙන පසුගියදා අපුරු නිවේදයක නිකුත්ව තිබිණි. එය ගොවි අරගල ව්‍යාපාරය නමින් නිකුත්ව තිබිණි. මේ අරගල ව්‍යපාරය, කොළඹ පිහිටි සමාජවාදී පක්ෂ කාර්යාලයක සිට ක්‍රියාත්මක වන්නක් බවද දැනගැනීමට තිබේ.

තඹුත්තේගම සිදුවීමට පසුවදා එනම් මාර්තු 01 වනදා තමින් යුතුව මෙම නිවේදනය නිකුත් වී තිබිණි. එම නිවේදනය පහත දක්වා තිබේ. මේ අනුව රජය ක්‍රියාත්මක කිරීමට ගිය පානීය ජල ව්‍යාපෘතිය නිසා ගොවියන්ගේ ජීවිත හා දේපොළ විනාශ වී යයි. මෙය ආණ්ඩුවේ පැලැස්තර විසඳුමක් බවද කියයි. ගොවි බිම් අක්කර 2000 අනිවාර්යෙන්ම විනාශ වී යෑමක් ගැනද කියයි. තවත් වැල් වටාරම් කිහිපයක්ම මෙහි තිබේ.

මේ නිවේදනය අනුව පැහැදිලි වන්නේ මේ වාමාංශිකයන් මෙතන තිබූ ප්‍රශ්නය ගැන මෙලෝ සංසාරයක දැනුම්වත් බාවයක නොසිටි බවය. මේ ප්‍රශ්නය පෙබරවාරි 28 වන දින හදිස්සියෙ ඇති වුවක් නොවේ. ඊට පෙර මේ සම්බන්ධයෙන් සාකච්ඡා වී තිබිණි. ඒ වෙනුවෙන් ක්‍රියාමාර්ග ගෙනද තිබිණි. කොටින්ම අදාල ව්‍යාපෘතියද තාවකාලිකව අත්හිටවූයේ උද්ඝෝෂණයට පෙර දිනකදීය.

ටක්කෙටම මේ ගොවි අරගල ව්‍යාපාරය මේ ගැන දැන ගන්නට ඇත්තේ එදින රාත්‍රී රූපවාහිනී පුවත් වලින් බවට සැක නැත.

එහෙත් අඩුම තරමින් මේ සිදුවීම ගැන සොයා බැලිමකින්වත් තොරව ගොවියන් රැගෙන ආ සටන් පාඨ කඩදාසී දිහා බලාගෙන මෙම නිවේදනය නිකුත් කොට තිබේ.

තමන්ගේ විප්ලවාදී අරගලය දැනට කරගෙන යන්නේ අන්ත්ර්ජාල පහසුකම් උපයොගී කරගෙන ෆෙස්බුක් වැකි සමාජ ජාලවල නමුත් අන්තර් ජාලය හෝ පිරික්සා බැලූවානම් මේ ගැන මිට වඩා තොරතුරු ටිකක සොයා ගැනීමට හැකිව තිබිණි. එහෙත් එහෙම ඉස්පාසුවක්ද මේ විප්ලවාදී ළදරු වලිප්පු කාරයන්ට තිබී නැත.

පසුගිය වසරේ 2018 අය වැය යොජනාවලිය ගැනද මේ වාමාංශිකයන් කම්කරු අරගල මධ්‍යස්ථානය නමින් මෙවැනිම නිවේදනයක් නිකුත් කොට තිබිණි..එයද පැහැදිලිවම අය වැය යොජනාවන් හෝ නොකියවා ප්‍රකාශයට පත්කළ ලියැවිල්ලක් බව පෙනෙන්නට තිබිණි. තවත් තැනක රතුපස්වලක් අල්ලාගෙනද මේ වාමාංශිකයන් නන්දොඩවනු දකින්නට තිබිණි.

කොහොම වුණත් බොර දියේ මාළු බාන්නට නිරන්තර සූදානමින් සිටින වාමාංශික රොඩු බොඩු කොටස් ඇත්ත ප්‍රශ්නය විකෘති කරමින් නැවත නැවත ජනතාවට විහිළු සපයමින් සිටින බව නම් පැහැදිලිය. මේ ඔවුන්ගේ දේශපාලන බංකොලොත් කමය. අසරණ කමය.

තඹුත්තේගම ප්‍රදේශවාසීන් නැති ප්‍රශ්නයක් මුල් කරගෙන පාරට බැස කලහාකාරීව හැසිරීම නිසා එය පොලීසිය මඟින් මැඩ පවත්වන ලදී. ඒ මැඩ පැවැත්වීමේ දී පොලීසිය කටයුතු කළ ආකාරය වෙනම කතාකළ යුතු ප්‍රශ්නයකි. ඒ අනුව මේ සිදුවීම හා එදා රතුපස්වල සිද්ධිය සමාන කර සැසදීම දේශපාලන තක්කඩිකමක් මිස වෙනකක් නොවේ.

බීමට පිරිසිදු ජලය ඉල්ලා රතුපස්වල ජනතාව පාරට බැස්සේ ඔවුන් එම ගැටළුවට සැබෑ ලෙසම මුහුණ දුන් නිසාය. ළිං ජලය අපිරිසුදු වීම මත ප්‍රදේශයේ ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවය සපුරාලීමට එවක රාජපක්ෂ පවුල් ආණ්ඩුවට නොහැකි වීම නිසා ජනතාවගේ පීඩනය උත්සන්න විය. පාරට බැස බොන්න වතුර ඉල්ලුවේ ඒ නිසාය. ඒත් සාමකාමී උද්ඝෝෂණයක් සුපුරුදු ලෙස උණ්ඩයේ බලයෙන් මර්දනය කර තිදෙනෙකුගේ ජීවිතද අහිමි කරනු ලැබුවේය.

තඹුත්තේගම ජනතාව පිරිසිදු පානීය ජල අවශ්‍යතාවයෙන් පෙලෙන්න වසර ගනනාවක සිටය. ඊට විසඳුමක් ලෙස මෙම ජල ව්‍යාපෘතිය පසුගිය 2011 වසරේදී යෝජනා වූවත් ඒ ක්‍රියාත්මක වූයේ නැත. මෙම පානීය ජල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට වත්මන් ආණ්ඩුව පියවර ගත්තේ පීඩාවට පත්ව සිටින ජනතාවගේ ඉල්ලීම මතය. බලහත්කාරයෙන් නොවේ.

එහෙත් මෙම ව්‍යාපෘතිය ගැන පට්ටපල් බොරු සමාජගත කරමින් හා ප්‍රදේශවාසී ගොවි ජනතාවට තර්ජනය කරමින්, බලහත්කාරයෙන් පාරට ඇද දමා, එය කඩකප්පල් කිරීමට ඇතැම් පිරිස් කාලකන්නි උත්සාහයක් දරා තිබේ.

ගොවි අරගල ව්‍යාපාරය නමින් පෙනී සිටින වාමාංශිකයන් මේ මොකවත් දන්නේ නැත. නමුත් කවුරු හරි හයියෙන් පඩයක් ඇරියත් මේ අය නින්දෙන් ඇහැරී නිවේදන නිකුත් කරයි. මේ ලංකාවේ සමාජවාදී විප්ලවයක් කරන්න සිටින විප්ලවවාදී මහත්වරුන් ගේ සැබෑ තත්වයයි.

වාමාංශික රොඩ්ඩක් නොවී වාමාංශික බඩ්ඩක් වීමට ජනතා විමුක්ති පෙරමුණ වෙනස් කරවීමට එහි වත්මන් නායකත්වයට හැකිවීම ලංකාවේ දේශපාලනය සම්බන්ධයෙන් සාධනීය තත්වයක් බවද සදහන් කළ යුතුය. නැත්නම් ඒ අඩුවකි.

aragala 1

Last modified on Friday, 02 March 2018 17:59

Leave a comment

Gossip

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us