චීනයේ "ඩයි ආර්යාවගේ" අභිරහස..... Featured

Thursday, 17 August 2017 12:30

1971 වසරේ "ශීතල යුධ" සමයේ ගුවන් යානා ප්‍රහාර වලින් ආරක්ෂා වීම සදහා නිවස්නක් ඉදි කිරීමේ අරමුණින් චීනයේ දකුණු "Hunan" පළාතේ, "Changsha" නම් නගරයේ කම්කරුවන් පිරිසක් කැණීම් කටයුතු වල නිරත වී සිටියහ. ඔවුන්ට කැණීම් කටයුතු කර ගෙන යා හැකිවූයේ මීටර් කිහිපයක් පමණි. පසට යටව තිබූ ගොඩනැගිල්ලක ඉහළ කොටස පාදා ගැනීමට ඔවුන් සමත් වූ අතර, එය සියවසේ දැවැන්තම සොයා ගැනීමක් වනු ඇතැයි යන්න ඔවුන් එම අවස්ථාවේ නොසිතන්නට ඇත.

එය ඉපැරණි සොහොන් ගැබක් බව එම ස්ථානයට පැමිණි පුරා විද්‍යා බලධාරීන් විසින් ප්‍රකාශ කළ අතර, එම ප්‍රදේශයේ පුළුල් පුරා විද්‍යා කැණීමක් ආරම්භ වන්නේ 1972 ජනවාරි මාසයේදීය. විශාල කෞතුක වස්තූන් ප්‍රමාණයක් සොයා ගැනීමට එහිදී හැකි වූ අතර, එම ද්‍රව්‍යයන් පිරිවරාගෙන සොහොන් ගැබ මධ්‍යයේ වූයේ විශාල සෘජුකෝණාස්‍රාකාර සොහොන් කොතකි. ප්‍රදේශය ආශ්‍රිතව මේ හා සමාන තවත් සොහොන් ගැබ් දෙකක් සොයා ගැනීමට පුරා විද්‍යාඥයන් සමත් විය.20799413 164746430756158 8623858368167617280 n

තැන්පත් කර තිබූ ලේඛන මගින් අනාවරණය වූයේ එම සොහොන් ගැබවල්, චීනයේ ඉපැරණි පෙළපතක් වූ "Han" ( 'හැං') පෙළපතේ සුප්‍රකට වංශාධිපතියකු වූ " Li Cang" හෙවත් "Dai " හටත්, ඔහුගේ ආර්යාව වූ " Xin Zhui" ('ෂින් සුයී' ) හෙවත් " Dai" ආර්යාවට හා ඔවුන් දෙපළගේ පුතකු හෝ "Li Cang" ගේ සොහොයුරකු ලෙසට හදුනාගත හැකි වයස අවු. 30 පමණ වන තරුණයකුට අයත් වන බවයි.

බටහිර චීනයේ "Han" පෙළපත, චීන ඉතිහාසයේ දෙවන රජ පෙළපත ලෙස සදහන් වේ. ක්‍රි.පූ 206 සිට ක්‍රි.ව 220 දක්වා මෙම පෙළපත පැවතී ඇත.

" ෂින් සුයී " ආර්යාව ක්‍රි.පු 163 ට ආසන්න කාලයක මිය යන්නට ඇතැයි විශ්වාස කෙරේ. (ක්‍රි.පූ 178 - 145 අතර) මෙහි විශේෂත්වය වන්නේ මිය ගොස් වසර 2100 ට පමණ පසු කාලයකදී වුවද ඇය විසින් ලෝකය පුරා විද්‍යාඥයන් මවිතයට පත් කිරීමට සමත්ව සිටීමයි. 20800260 164746357422832 3578966030549940873 n( ඡායාරූපය - මෙය ඉටි භාවිතා කර නිම කරන ලද " ෂින් සුයී" ආර්යාවගේ ප්‍රතිනිර්මාණයකි)

පොළව මට්ටමේ සිට මීටර් 12 ක් ගැඹුරින් පිහිටා තිබූ " Xin Zhui " ආර්යාවගේ සොහොන් කොත, පිටතින්ම වූ "පැති කුටීර" සහිත විශාල දැවමය පෙට්ටියකින්ද, එතුළ බහා තිබූ එකක් ඇතුළත එකක් පිහිටන පරිද්දෙන් වූ ලැකර් ආලේපිත පෙට්ටි තුනකින්ද යුක්ත විය. මෘත දේහය වූයේ ඇතුළතින්ම පිහිටි හතරවන පෙට්ටියේය. ඒ එක් එක් පෙට්ටියක වහාම පිටතින් " සුදු මැටි " යොදා සැකසූ බදාම ස්ථරයක් හා ලැකර් යොදා වාතය ඇතුල් නොවන පරිද්දෙන් ඒවා මුද්‍රා තබා පැවතිණි.

පිටතින්ම වූ කළු පැහැ ලැකර් ආලේපිත, කුටීර සහිත දැව පෙට්ටියේ, පැති කුටීර වල විවිධ කෞතුක වස්තූන් රාශියක් ගබඩා කර තිබිණි. දෙවන පෙට්ටිය කළු පැහැ පසුබිමක වළාකුළු විසිර පවතින අයුරින් සහ විවිධ ශුභ ඵල ගෙන දෙන කල්පිත සත්වයන්ගේ රූප වලින් යුක්ත විය. තුන්වන පෙට්ටිය දීප්තිමත් රතු පැහැ පසුබිමක් සහිත විය. අවසාන හතරවන පෙට්ටිය මත, මීටර් දෙකක් පමණ දිග වර්ණාලේපිත විසිතුරු පට රෙදි කළාලයක් එලා තිබූ අතර, එය " Xin Zhui " ආර්යාවගේ අවමගුල් දැන්වීම බව පසුව සොයා ගන්නට යෙදිනි.20882173 164746494089485 6249134414500328863 n පෙට්ටියේ පිටත කහ හා කළු පැහැයෙන් යුතු පිහාටු අලවා තිබිණි. මරණයෙන් පසු එහා ලෝකයට යාම සදහා පිහාටු අවශ්‍ය බව එකල විශ්වාසයක් පැවතීම ඊට හේතුවයි.


ඇතුළතින්ම වූ පෙට්ටිය තුළ, විද්‍යාඥයන්ට පවා සොයා ගැනීමට නොහැකි වූ සංයුතියක් සහිත පාරදෘශ්‍ය ද්‍රාවණ ලීටර් 80 කට අධික ප්‍රමාණයක සිරුර ගිල්වා තිබිණි. මෘත දේහය කපු රෙදි වට 20 කින් ඔතා තිබූ අතර පට නූල් 9 ක් මගින් ගැට ගසා තිබිණි. ආම්ලික වූ එම ද්‍රාවණයේ " මැග්නීසියම්" (Mg) අඩංගුව තිබූ බව පමණක් පසුව සොයා ගන්නට හැකි විය. පෙට්ටිය පත්ලේ සුදු පැහැ මැළියම් ස්ථරයක් තවරා තිබිණි. පෙට්ටි සතර මුදුනේ ටොන් පහකට අධික අගුරු ප්‍රමාණයක් පුරවා තිබූ අතර, ඊට ඉහළින්, මීටරයක් පමණ ඉහළට යන තෙක් සුදු මැටි බදාම තට්ටුවක් යොදා ද්වාරය මුද්‍රා තබා තිබූ බව සොයා ගන්නා ලදී. පෙට්ටි ඇතුළත, ජලයට හෝ ක්ෂුද්‍රජීවීන්ට ඇතුල් විය නොහැකි ලෙස ජීවානුහරිත පරිසරයක් නිර්මාණය වී තිබිණි.20770491 164746567422811 5345218397238106760 n

පිටත පෙට්ටියේ කුටීර වල ගබඩා කර තිබූ දෙදහසකට වැඩි කෞතුක වස්තූන් ප්‍රමාණයක් හමුවිය. ඒ අතර සියයකට වැඩි "පට" (Silk) ඇදුම් ආයිත්තම්, ලැකර් ආලේපිත භාණ්ඩ 182ක්ද, ලී කැටයම් 162 ක්ද, විවිධ ආභරණ, සංගීත භාණ්ඩ , විසිතුරු භාණ්ඩ , උණ බට තුළ ගබඩා කර තිබූ ආහාර හා බීම විශාල ප්‍රමාණයක්ද සොයා ගන්නා ලදී. මරණින් පසු එහා ලොවක ජීවිතය පිළිබද විශ්වාස කළ "හැං" වංශයේ සාමාජිකයකු මිය ගිය විට, එම ලෝකයේ ජීවිතයට අවශ්‍ය බඩු භාණ්ඩ ගබඩා කර තැබීම සිරිත විය.


"Xin Zhui" සොහොන් ගැබ හා මෘත දේහය (" Diva Mummy ") මතු කර ගැනීම, 20 වන සියවසේ වැදගත්ම පුරා විද්‍යා සොයා ගැනීමක් ලෙස හැදින්වේ.

මෘත දේහය වසර 2100 කින් පසුවත් එතරම් සුරක්ෂිතව තිබීම පුරා විද්‍යාඥයන් පුදුම කරවන සුළු විය. සොයා ගන්නා විට දේහය 1.54 m උසකින්ද, 34.3 kg බරකින්ද යුතු විය. ඇයගේ සම සොයා ගන්නා විටත් මෘදුව ජීවමාන ස්වරූපයෙන් ආරක්ෂා වී පැවති අතර, මාංශ පේශී වල තිබූ නම්‍යතාව නිසා අත් සහ පාද ඒවායේ සන්ධි වලදී පහසුවෙන් නැමීමේ හැකියාව පැවතිණි. දේහ අභ්‍යන්තරයේ වූ සියළුම අවයව හා රුධිර නාල කිසිදු උපද්‍රවයකින් තොරව ඉතිරිව තිබූ අතර ශිරා ('Viens') තුළ තිබී "A" ඝණයට අයත් කැටි ගැසුණු රුධිරය සොයා ගන්නා ලදී. මුහුණේ සම සුරැකිව පැවතුනු අතර ඇහි බැම හා නාසයේ රෝම කූප පවා දක්නට ලැබුණි. හිසේ ස්වභාවික කොණ්ඩයට අමතරව, කටු මගින් සවි කරන ලද කෘතීම කොණ්ඩයක්ද විය. වම් කණේ " කර්ණ පටහ පටලය" ( කණ් බෙරය ) සුරැකිව ඉතිරි වී තිබූ අතර, අතෙහි සහ කකුළේ ඇගිලි වල "ඇගිලි සළකුණු " පවා සටහන් කර ගැනීමේ හැකියාව තිබිණි. සිරුරේ අභ්‍යන්තරයේ බොහෝ ස්නායු පවා ඉතිරි වී තිබෙනු දැකගත හැකි විය. කෙටියෙන් කියතොත් ඉතා මෑතකදී මිය ගිය මෘත දේහයක ලක්ෂණ ඉන් පෙන්නුම් කරන ලදී.

මෙම පුදුම දනවන සුළු සොයා ගැනීම් හේතුවෙන් වැඩි දුර අධ්‍යයනය සදහා, 1972 දෙසැම්බර් 14 වන දින කාව්‍ය විච්ඡේද මරණ පරීක්ෂණයකට ("Autopsy" ) සිරුර යොමු කරන ලදී.
දේහයේ අභ්‍යන්තර වශයෙන් මිය ගිය පරපෝෂී පණුවන්ගේ අවශේෂ සොයා ගැනීමට හැකි වූ අතර, කිරීටක ධමනි වල සිරව තිබූ රුධිර කැටි ( "Coronary Thrombosis" ) සොයා ගන්නා ලදී. රුධිර නාල වල බිත්ති වල මේදය තැන්පත් වීමෙන් වන "ධමනි බිත්ති ඝන වීම්" ( "Arteriosclerosis") තත්වයද දැකගත හැකි විය. පිත්ත නාලයක ( 'Bile Duct') සිරව තිබූ පිත්තාශයික ගලක් ('Gall stone') ද හමු විය. කශේරුකා අතර තිබූ කාටිලේජ ගෙවී යාමේ තත්වයක්ද අනාවරණය කර ගන්නා ලදී. ආමාශයේ, ගලනාලයේ (' Oesophagus') හා කුඩා බඩ වැලේ සිරව තිබූ කොමඩු ඇට 138 ක්ද සොයා ගැනීමට සමත් විය. ( කොමඩු ඇට ජීර්ණය වීම සදහා අවම වශයෙන් පැයක කාලයක් ගතවේ). මේ නිසා " Xin Zhui" ආර්යාව ඇයගේ අවසන් ආහාර වේලෙන් ස්වල්ප වේලාවකට පසු මිය යන්නට ඇතැයි නිගමනය කරන ලදී.
ඇය මිය යන විට අවුරුදු 50 කට ආසන්නව සිටි බවත්, මරණයට හේතුව හදවතේ කිරීටක ධමනි අවහිර වීමෙන් ඇතිවූ හෘදයාබාධයක් බවත් තීරණය කරන ලදී.

සොයා ගත් තොරතුරු වලට හා මරණ පරීක්ෂණයෙන් ලබා ගත් දත්ත වලට අනුව, " Xin Zhui" ආර්යාව ගතකර ඇත්තේ ඉතා සුඛෝපභෝගී දිවි පෙවතකි. මස් මාංශ හා මේදය අධික වූ ආහාර රටාවත්, ක්‍රියාකාරකම් අඩුවූ ජීවන රටාවත් නිසා තරබාරු බවින් පෙලී ඇති ඇය ඊට අමතරව, හෘද රෝග, අක්මාව, කොදු ඇට පෙළ ආශ්‍රිත රෝග සහ අධි රුධිර පීඩනය, දියවැඩියාව වැනි රෝග වලටද ගොදුරුව සිට ඇති බව අනාවරණය විය.

මෘත දේහය ගොඩ ගැනීමෙන් පසුව එය බාහිර වාතයට නිරාවරණය වීම නිසා, එය සොයා ගත් කළ පැවති සමේ වර්ණය අද වන විට දක්නට නැත. මේ වන විට එය චීනයේ " Hunan Provincial Museum" හි සුරක්ෂිතව තැන්පත් කර ඇත. විශේෂ අවස්ථාවන් හීදී පමණක් එය ප්‍රදර්ශණය සදහා ඉදිරිපත් කෙරේ.

මේ සමග සොයා ගත් අනෙක් සොහොන් කොත් වල වූ මෘත දේහයන්ද මේ අයුරින්ම සුරක්ෂිතව පැවතිණි. නමුත් ඒ අතරින් වඩාත් සුවිශේෂී වූයේ "Xin Zhui" සොහොන් කොතයි. ඒ එක් එක් දේහයන් ගිල්වා තිබූ ද්‍රාවණ වල රසායනික සංයුතිය එකිනෙකට වෙනස් වන බව සොයා ගැනීමට විද්‍යාඥයන් පසුව සමත් විය. එම ද්‍රාවණය ස්පර්ශ වූ සොහොන් කොත විවෘත කළ මුල්ම පුරා විද්‍යාඥයන් මාස 3 ක් පමණ කාලයක් යන තෙක් කිසියම් ආසාත්මිකතාවයකින් පෙළෙන ලදී.

2003 වසරේදී විද්‍යාඥයන් විසින් රහස් සංයෝගයක් නිපදවා එය සුරක්ෂිතව තිබූ " Xin Zhui" දේහයේ රුධිර නාල තුළට ඇතුළත් කරන ලද්දේ, මෘත දේහය ඉදිරියටත් ආරක්ෂා කර තබා ගැනීම සදහාය.


--- සිහින අනුහස් ---
( තොරතුරු හා ඡායාරූප අන්තර්ජාලය ඇසුරිනි)

උපුටා ගැනීම

Sihina Anuhas -Genius club දිනියස් එකතුව

20799249 164746594089475 2970842297491889975 n20841049 164746460756155 1020110635794160352 n20840861 164746404089494 4566263369390755076 n20842139 164746387422829 7577934012878506263 n20799054 164746520756149 1129636947811632779 n

Last modified on Thursday, 17 August 2017 12:52

Leave a comment

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

Connet With Us