ලබ්බට තැබූ අතම පුහුලෙටත්, ගෝඨා සිරකරුවන්ට කළ දේම රංගජීවටත් නොකරයිද? Featured

Monday, 15 May 2017 14:23

පසුගිය සමයේ විශාල ආන්දෝලනයකට තුඩු දුන් වැලිකඩ රැඳවියන් ඝාතණයේ ඝාතකයායැයි නම කියැවුණු මත්ද්‍රව්‍ය නාශක අංශයේ රංගජීවට වෙඩිතැබීම පසුපස සිටින්නේ එම ඝාතනයට අණ දුන් පසුගිය රජයේ අයවලුන්ම බව ඕනෑම කෙනෙකුට ප්‍රත්‍යක්ෂ වන තත්ත්වයක තිබියදී, රජය සහ ජනමාධ්‍ය වටෙන් වටෙන් ගොස් ඔහුට වෙඩි තැබීම වෙනත් පාතාළ කණ්ඩායම් හෝ තවෙකෙකුගේ ගිණුමට බැර කිරීමට යත්න දරමින් සිටිති. රජයට සහ ආරක්ෂක අංශ වලට ඇත්තේ ගෝඨාභය රාජපක්ෂගෙන් ප්‍රශ්ණ කිරීමය. කෙසේ හෝ පසුගිය රජයේ අනෙක් කාරණා වලදී මෙන්ම මේ ප්‍රශ්ණයේදීද ඔවුන්ව ප්‍රශ්ණ කිරීමට නව මෛත්‍රී රනිල් රජය ඇඹරඑන්නේ දේශපාලන ඩීල් හේතුවෙනි.නැතහොත් තම පංති යුතුකම ඉටු කරමින් සිටිනා බව ප්‍රත්‍යක්ෂය.

වැලිකඩ ඝාතනයේ අපරාදකරුවන් නීතිය හමුවට පැමින වීමට අදිකරන ක්‍රියා මාර්ග ගන්නා ලෙස සාක්ශිකරුවකු විසින් නඩුවක් පවරා ඇති මොහොතක එහි වග උත්තර කරුවකු වෙඩි ප්‍රහාරයකට ලක්වීම අහම්බයක් නොවන්නට පුලුවන. හොරාට පෙර කෙසෙල් කැන වැට පැන්නා සේ පසුගිය දින කීපය තුල නෙත් එෆ් එම් බැලුම්ගල මගින් වැලිකඩ ඝාතයන් සුරැකීමේ ම්ජර ව්‍යාජ දේශප්‍රේමය ඔදවැඩිමේ වැඩසටහන් කිහිපයක් ප්‍රචාරය වුනි.වැලිකඩ ඝාතනයේ සාක්ශිකරුවන්ටද එහි ක්‍රියා කාරී නිතී වෙදීන්ටද සිංහල කොටි ලෙබල් කොට මඩ ප්‍රචාර දියත් විය.තවද සිංහල කොටින් යලි හිස ඔසවයි යන මැයෙන් ක්‍රියාත්මක එම වැඩසටහන් මගින් සිංහල කොටි සහ පාතලය අතර සම්බන්ද කම් ඇති බව පුන පුනා කියන්නට බැලුම්ගල බැලයන් දෙදෙනා බොහෝ වෙහෙසෙනු අපට දැක ගත හැකිවිය.

මෙහි ඉතා වැදගත්ම කාරනය වනුයේ රන්ගජීවට වෙඩි තබා පසුදිනම දිවයින පුවත්පතේ සමන් ගමගේ නැමැති මජර ලියන්නා විසින් සිංහල කොටින් පාතලයන් හවුල්ව රංගජීවට වෙඩිතබා ඇති බව ලිපි පලකිරීමයි.සමන් ගමගේ යනු වැලිකඩ ඝාතනය යට ගැසීමේ අරමුනින් එහි සාක්ශි කරුවන්ට තර්ජනාත්මක විහිලු සපයනු ලැබූ විකටයෙකි.පසුගිය කාලයේ සිංහල කොටින් යැයි හදුන්වන දකුනේ යම් දේශපාලන මතයක් දැරීම හේතුවෙන් රෙජිමයේ සහ ලාංකීය ඇති විශිශ්ට වමේ යැයි කියාගන්නා පිරිස් වල උදහසට ලක්ව අත් අඩංගුවේ සිට වසර ගනනාවකට පසු නිදහස ලබා පැමිනි පිරිසක වන අතර සමන් ගමගේ විසින් සිංහල කොටින්ට එදා උන්ඩයෙන් නොලැබුන දේ මෙදා ලබාදිය යුතු යැයි ලිපි ලීවෝය. ඒ වැලිකඩ ඝාතකයන්ගේ අසුචි කප්පරක් වලදා ලියන ලද ලිපි බැවින් වැලිකඩ ඝාතනයට එරෙහි වූවන් එවැනි පාන්කඩ කතා වලට බිය නොවීය. නමුත් රන්ගජීවට වෙඩි තැබීම පිටුපස ලොජික් එක මේ වන විට කුඩා දරුවකුටද අවබෝදය. නෙත් බැලුම් ගලමජරයන් ගෙන් හා සමන් ගමගේ ගෙන් රන්ගජීවට වෙඩි තැබූවන්ට සම්බන්ද කොන්න්ත්‍රාත් කරුවන්ගේ යම් හෝ තොරතුරක් ඉතිරිවී තිබෙන්න්ට පුලුවන.අප එසේ පවසන්නේ වැලිකඩ ඝාතකයන් හෙලිකරන ලෙස අදිකරනයේ පිහිට පැතීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක වීමත් සමග නෙත් නාලිකාව සාක්ශි කරුවන්ට මඩගැසීමත් පසුව රන්ගජීවට වෙඩි තැබීමත් ඊට පසුදිනම පොලිස් පරික්ශන සිදුකිරීමටත් පෙර දිවයිනේ සමන් ගමගේ එම වෙඩි තැබීම පාතාලයටත් සිංහල කොටින්ටත් බැර කරමින් ජනමතයක් තැනීමට ලිපි ලිවීමයි,සමන් ගමගේ හෝ බැලුම් ගල මජරයන් හෝ රටකට වැඩකට ඇති කිසිවක් කිසිදිනක ජනතාවට ලබා නොදුන්න අතර කාගේ හෝ ජරාවක් කා ලිපියක් ලියා රේඩියෝ වැඩසටහනක් කර බඩවියත රැක ගන්නන්ය. එසේ හෙයින් වැලිකඩ ඝාතනය පිටුපස සිටින ප්‍රධාන අපරාදකරුවන් ගේ වුවමනාව මත මේම මාධ්‍ය හෙන්චයියන්ද වැඩ කර ඇතිබව සක්සුදක් සේ පැහැදිලිය.රංගජීවට වෙඩිතැබීම පිටුපස කතාවේ තිර රචකයන් ම බැලුම් ගල මජරයන් දෙදෙනාට හෝ එහි ප්‍රධානීන් ඇතුලු සමන් ගමගේලා වැලිකඩ ඝාතනයේ සාක්ශි කරුවන්ට හා ඊට එරෙහි ක්‍රියාකරීන්ට තග දැමීම සදහා මුදලට මිලදිගෙන තිබෙන්න්ට පුලුවන.

රාජපක්ෂලාගේ කෙරුවාව දන්නා වුන් මහින්ද රාජපක්ෂ තමන්ම ට්‍රැක්ටරයකින් ගොස් පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සහ එයට වෙනත් අයවලුන් ඉදිරිපත් කිරීමේ ඉතිහාසයක් ඇති බව තතු දනනෝ දනිතත්, රාජ උෂ්ණයෙන් ඔදවැඩී සිටින හුදී ජනයාගේ දෑස් උන්ගේ බලඅධිකාරියේ ආලෝකයෙන් ගිනිකණ වට්ටවාගෙන තිබුනද වැඩේ කලේ කවුදැයි දන්නෝ දනිති.තමන්ගේ පවුල සහ තමන් නීතියේ රැහැණට හසුවීම, තමන්ගේ නම අධිකරණයේදී ප්‍රකාශවීම වැලැක්වීමට උත්සාහයක් වශයෙන් තමන් වෙනුවෙන් මහා ඝාතනයක් කළ රංගජීව මරා දමා හෝ අධිකරණය ඉදිරියේදී රංගජීව විසින් ගෝඨාගේ නම සදහන් කිරීම වළක්වාගැනීමේ රාජපක්ෂලාගේ උත්සාහයේ තවත් ප්‍රතිපලයක් ලෙස රංගජිවට වෙඩි තැබීමේ පිටුපස කතාව වන්නට පුලුවන.

රාජපක්ෂලාගේ දූෂණ වංචා පමණක් නොව මාධ්‍ය වෙදීන්ගේ සිට තම දරුවන්ගේ විරැද්ධවාදීන් දක්වා රාජ්‍යයේ පොලීසිය සහ හමුදාව යොදාගනිමින් කළ ඝාතන පිළිබද සොය බැලීමට හෝ පරීක්ෂණ කිරීමට තරම් හැකියාවක් නොමැති අදබාල රජයක් පත්කරගත් ජනතාවට සිදුව ඇත්තේ තවදුරටත් ඔවුන් අතින් සිදුවන ඝාතන බලාසිටීමටය. අප මෙසේ ප්‍රකාශ කරණු ලබන්නේ ටික දිනකට පෙර සන්ඩේ ලීඩර් කතෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතණ සිද්ධිය සම්බන්ධව ගෝඨාභය රාජපක්ෂගේ නම ගල්කිස්ස අධිකරණයේදී සඳහන් වීමයි. ඉන් කලබලයට පත්ව සිටින සහෝදර සමාගම වැලිකඩ ඝාතන පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්ණ කිරීමට නියමිතව ඇති රංගජීව නමැති නිලධාරියා විසින් ගෝඨාභය රාජපක්ෂගේ නම සඳහන් වීමෙන් වැලක්වා ගැනීමේ එකම ක්‍රමවේදය එකකෝ අදාල පැමිණිල්ල ගොණුකළ පාර්ශවය සහ සාක්ෂිකරුවන් නිහඬ කිරීම හෝ එක් පුරුකක් ඉවත් කිරීමයි. මෙහිදී මෙවැනි කාය්‍යයන් පිළිබඳ හසළ දැණුමකින් හෙබි ඝාතකයින්ගෙන් හා උපදේශක කේවට්ටයින්ගෙන් යුත් මේ රෙජීමයේ හැසිරීම මාද්‍ය වෙදියෙකු අතුරුදන් කිරීමට හවුල් හමුදා බුද්දි නිලදාරියකු පසු ගිය කාලයේ ලියුමක් ලියා තබා ගෙල වලලාගෙන ඇති බව හෙලිදර්වු වීමෙන් මනාව පැහැදිලිය.

අපට ඊළඟට ඇති සැකය වන්නේ ජඩ මාධ්‍ය භාවිතාවකින් හෙබි බැලුම්ගල වැනි මාධය වලින් උළුප්පා පෙන්වමින් සිටින, (සඳ පෙන්වූ විට ඇඟිල්ල දෙස මෙන්ම ඇඟිල්ලේ අයිතිකාරයා විවේචනය කරණ විතණ්ඩවාදී විවේචන සම්ප්‍රවාදයක් අනුගමනය කරන) ඔවුන් අපරාධය පෙන්වූ විට ඇසින් දුටු සාක්ෂි කරුවන්ගේ කිරි පල්ල අතගා බලනවා විනා සිද්ධිය පිළිබඳ සොයා නොබලමින් මෙතෙක් කල් සකසමින් සිටියේ මේ සඳහා අවශ්‍ය පසුබිමයි. සමහර විට මොවුන්ගේ ඊළඟ බිල්ල විය හැක්කේ මේ ඝාතනයේ සාක්ෂි කරුවන් වශයෙන් පෙනී සිටීමට තරම් වූ කොන්දක් සහිත වූ සිංහල කොටි යැයි පතුරු ගසමින් සිටින සිංහල කොටියා විය හැකිය. ඒ මක් නිසාවත් නොව මින් පසු රංගජීව කථා කළ නොහැකි මට්ටමට අබල දුබල වුවහොත් ඝාතකයිනගේ අරමුණ සැපිරෙන අතර, එසේ නොමැතිව රංගජීව නැවත අධිකරණයට හෝ සී අයි ඩී යට ගෙන්වා ගැනීමට හැකි තත්ත්වයකින් නිරෝගී සුවය ලැබුවහොත් අනිවාර්යයෙන්ම ඔවුනගේ බිල්ල වන්නේ ඔවුන්ට එරෙහිව යුක්ති සහගතව අධිකරණයේ පිහිට පැතූවන්ය.

කුනු මාධ්‍ය දැන ගත යුත්තේ සිංහල කොටියෙකු නොව දෙමළ කොටියෙකු වුවද ශ්‍රී ලංකාවේ වලංගු නීති පද්ධතිය තුළ අධිකරණයෙන් යුක්තිය ඉල්ලා සිටීම වරදක් යැයි ප්‍රකාශ කරන්නේ කුමන පදනමකින්ද යන වගය. මේ මාධ්‍ය ජඩයින්ට යුක්තිය අවශ්‍ය නැත. සාධාරණත්වය අවශ්‍ය නැත. මියගිය එකාගේ මරණයට හේතුව අවශ්‍ය නැත. කොටින්ම සත්‍ය සොයා ජනතාව වෙත වාර්තා කිරීම අවශ්‍ය නැත. ඔවුන්ට අවශ්‍යව ඇත්තේ තම හිතවත් එසේත් නැතහොත් තමන්ට ලාභ ප්‍රයෝජන ඇති තම සගයාව රැක ගැනීමට කඩේ යාම පමණකි. මේ දිනවල අනෙකුත් කේවට්ට මාධ්‍ය වේදීන් කණ්ඩායමක් කරන්නා ඔක්කම කුණු බේරෙ වැවට කියන්නා සේ රංගජීවට වෙඩි තැබීම වෙලේ සුදාගේ ගිණුමට හෝ මධූෂ්ගේ ගිණුමට බැර කිරීම මෙන්ම ඔවුන් සහ සිංහල කොටින් සම්බන්ධතා පිළිබඳ සුරංගනා කථා ගෙතීම නොව සැබෑ අපරාධ කරුවන් නීතියේ රැහැනට හසු කර දීමය.සිංහල කොටින් යනු පොලිස් බබාලාද වෙලේ සුදාලාද සමග වසර ගනනක අත්දැකිම් ඇති මිඩියා බබාලාද ඝාතක බබාලාද හොදින් හදුනන පිරිසකි.ඔවුන්ට යුක්තිය ඉදිරියේ රාජ්‍ය ත්‍රස්තවාදයට හෝ යටත් කල නොහැකි පිට කොන්දක් ඇති බව පසුගිය කාලය දෙස විපරම් කෙරූවන්ට අවබෝද වනු ඇත.සිංහල කොටින් එදා බෙල්ල තබා හෝ ආපසු හැරවීමට උත්සහා කල ජාතිවාදි කොච්චියේ වේගය යම් ප්‍රමානයකට හෝ අද වන විට අඩාලවී ජාතිවාදී වම තෝන්තු කර සැබෑ පිඩිතයන්ගේ හා දෙමලා වෙනුවෙන් හඩක් නගන්නට බිය වූ දකුනට පන්නරයක් ලබා නොදුන්නා යැයි කිව හැක්කෙක් වේ නම් ඒ ජාතීවාදි මරි මෝඩයකුට හෝ ජාතීවාදයට එරෙහි පිලේ හෝ කුහකයෙකුට පමනි.

සිංහල කොටි කථා කරන්නේ හොර පාරෙන් අපරාධ කරුවන් රකින්ට නොව .හොර පාරෙන් සැක කරුවන් ඝාතනය කිරීම්වලට විරුද්දවය.ඔවුන් ඉල්ලා සිටින්නේ මහා මිනිස් ඝාතනයකට වගකිව යුත්තන්ට අධිකරණ ක්‍රියාවලියක් තුල වැරදි කරුවන්ට දඬුවම් දීමය. ඒ රටේ ජනතාවගේ යුක්තිය හා සාධාරණය රැකීමේ සමාජ අපේක්ෂාවකින් යුතුවය. නැතහොත් පාතාල වර්ගයේ එසේ නැතහොත් රාජපක්ෂ වර්ගයේ විසඳුමක් සඳහා නොවන බව අවබෝධයෙන් යුතුව සිදුවීම් දෙස බලාසිටින කවරෙකුට වුවද වැටහේ. මිනිස් ඝාතනයකට එරෙහිව නැගී සිටින්නන්ට සිංහල කොටි යැයි කියමින් හම ගසන්නට බලා සිටිනු වෙනුවට සැබෑ ජනතා හතුරන් සහ ඝාතකයින් තේරුම් ගෙන ඔවුන් නීතිය ඉදිරියට ගෙනැවිත් දඩුවම් ලබාදීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමට යුහුසුලු විය යුතුය. නැතහොත් ඝාතයන් ඔබගේද මගේද දොකරඩද සිටගන්නට යෙදෙන කාලය වැඩි ඈතක නොවනු ඇත.

අප රංගජීවට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරණ අතර බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙතැන් පටන් විශේෂ ආරක්ෂාවක් යටතේ ඔහුගේ ජීවිතය ආරක්ෂා කරන ලෙසය.එදා වැලිකඩදී මිය ගිය සිරකරුවන්ට මෙන්ම රංගජිව වැනි ඝාතකයන්ට උවද ජීවත්වීමට ඇති අයිතිය අප රැක දිය යුතුය.යුක්තිය පසිදලීමට රටේ පොදු නීතියක් තිබියදී දේශපාලකයන්ගේ අතකොලු වෙමින් බල්ලාගේ වැඩේ බුරැවා කරන්නට යාමෙන් අනාගත් වාස් ගුනවර්දනලා,අනුර සේනානායකලා මෙන් වීරයන්වන්නට හැදූ රංගජීවලාද ඉදිරියේ දිනෙක ජීවත් වෙමින් තමන් කරන ලද ඝාතනවලට හා එම ඝාතන වලට අනදුන් කූප්‍රකට කුමන්ත්‍රන කරුවන් නීතියට කොටු වී සිරබත් වැලදිය යුතුව ඇත.ඒය මේ රටේ අනාගත පාලකයන්ට නිල දරුවන්ට හා ජනතාවට අතීතයෙන් වටිනා ආදර්ශයක් ලබාදීමටය.

සටහන : ජල්ලි කට්ටු

(12/05/17)

facebook.com/jallikattu.coma පි‍ටුවෙන් උපුටා ගන්නා ලදී

Leave a comment

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

අනං මනං

Connet With Us