කැලෑ පාරේ යන අපේ ප්‍රජාතන්ත්‍රවාදය - මහාචාර්ය ජයදේව උයන්ගොඩ Featured

Wednesday, 10 August 2016 11:45

පහුගිය කාලයේ (2005-2006 සහ 2012-2013) දකුණු ආසියාවේ මානව සුරක්ෂිතභාවය තුළ ප්‍රජාතන්ත්‍රවාදයේ තත්ත්වය මැයෙන් සිදු කෙරුණු පුළුල් අධ්‍යනයේ, ශ්‍රී ලංකාව පිළිබඳ අධ්‍යයන වාර්තාව සැකසීමේ වගකීම පැවරුණේ මටත් ප්‍රදීප් පීරිස් මහතාටත් ය. එහි දී විශේෂ අවධානය යොමුවූයේ, ලාංකික ප්‍රජාව තුළ ‘ප්‍රජාතත්ත්‍රවාදය’ පිළිබඳ අවබෝධයක් තිබේද?

ඒ පිළිබඳ ඔවුන් තුළ ඇති විඥානය කවරේද? යන්න පිළිබඳ යි. ඒ සඳහා මුල්වූ එක් හේතුවක් වූයේ දකුණු ආසියානු රටවල මෙන් ම අපේ රටෙත් එක්තරා අදහසක් එනම්, ‘ප්‍රජාතන්ත්‍රවාදය’ පිළිබඳ සංකල්පය බටහිරින් නැත්නම් යටත් විජිත උරුමයෙන් අපට ලැබුණු බවය. ඒ නිසා, එය අපේ සංස්කෘතියට අපේ විඥානයට ආගන්තුක දෙයක් ලෙසයි ඔවුන් සලකන්නේ. එහෙත් අප කළ අධ්‍යනයේ දී වැටහුණා එය එසේ නොවන බව. යුරෝපය තුළ ‘ප්‍රජාතන්ත්‍රවාදය’ ලෙස හඳුන්වන නාමික ආකෘතියම නොවුණත්, මෙරට ජනතාව තුළත් ‘ප්‍රජාතන්ත්‍රවාදය’ පිළිබඳ ගැඹුරු විඥානයක් පවතින බව.

මහා සම්මතවාදය

1931දී සර්වජන ඡන්ද බලය හිමිවීමත් සමඟ නූතන ‘ප්‍රජාතන්ත්‍රවාදය’ පිළිබඳ අත්දැකීම් අපට ද ලැබිණ . එය ඉතාමත් වැදගත් සාධයක් වන නමුත් ‘ප්‍රජාතන්ත්‍රවාදය’ පිළිබඳ මෙරට විඥානය ගොඩනැගී ඇත්තේ ඒ මත ම නොවේ. දකුණු ආසියානු සමාජවල පමණක් නොව, බොහෝ සමාජවල මුල්බැස ගත් ජනප්‍රවාදගත අදහස් විමසා බලනවිට , ‘දේශපාලන බලයේ බල මූලය ජනතාව විය යුතුය’යන අදහස ප්‍රකට වේ. එය වඩාත් ඉස්මතුව පෙනෙන ප්‍රධානතම සාධකය වන්නේ ‘මහා සම්මතවාදය’ පිළිබඳ අදහසයි. ඔවුන් තුළ පවතින මේ ‘මහා සම්මතවාදය’ පිළිබඳ සංකල්පයයි, යුරෝපයේ ඇති වුණු ‘සමාජ සම්මුතිවාදය’ පිළිබඳ සංකල්පයයි අතර එක්තරා සමාන කමක් දක්නට ලැබේ. ‘මහා සම්මත’ යනු, ‘මහජනයාගේ සම්මුතියෙන් පත්වුණු පාලකයා’ යන්න අර්ථ ගැන්වේ. ඒ අනුව ‘ප්‍රජතන්ත්‍රවාදයේ’ අැති මූලික සංකල්පය වන, දේශපාලන බලයේ බල මූලය විය යුත්තේ ‘මහජනතාව විසින් පත්කර ගනු ලබන පාලිතයන් ය’ යන අදහස අපේ සමාජයත් පිළිගෙන තිබේ.

මේ ප්‍රජාතත්ත්‍රවාදය පිළිබඳ සංකල්පගත කිරීම අතීතයෙන් අපට ලැබුණු දාර්ශනික දේශපාලන උරුමයකි. නමුත් එය ක්‍රමාණුකූලව සංකල්පයක් ලෙස හැඩගැසී නොතිබුණි. ඊට එක හේතුවක් වන්නේ, යුරෝපයේ මෙන් අපේ රටවල පැවතුණු වැඩවසම් දේශපාලන ආධිපත්‍යට විරුද්ධව දියුණු අරගලයන් සිදු නොවීමය. ඒ හේතුවෙන්, අපේ සමාජය තුළ ද ‘ප්‍රජාතන්ත්‍රවාදය’ පිළිබඳ ඓතිහාසික වර්ධනයක් සිදු නොවුණි. එවැනි දෙයක් ඇති වී නම් ඒ 19වන සියවස මුල්කාලයේ ඇති වුණු අධිරාජ්‍යවිරෝධි අරගලය පමණි.

මේ අධ්‍යයනය තුළදී අප නැගූ එක්තරා පැනයක් වූයේ නූතන ලිබරල් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රවාදය, ධනවාදී කාර්මික සමාජය තුළ ප්‍රභවය වී, ධනවාදී ලෙස සංවර්ධනය නොවුණු සමාජවලට ගමන් කිරීමෙන්, එම සංකල්පයට කුමක් සිදු වුණි ද යන්නයි. එහි දී කාරණා දෙකක් සිදු වුණු බව අපි න්‍යායික වශයෙන් උපකල්පනය කළෙමු. ඒ අනුව අපේ පළමුවන උපකල්පනය වුණේ, ‘ප්‍රජාතන්ත්‍රවාදය’ විසින් අපේ සමාජය වෙනස් කර ඇති බවයි. දෙවන කාරණාව, අපේ සමාජය විසින් ‘ප්‍රජාතන්ත්‍රවාදය’ වෙනස් කරනු ලැබ තිබීමයි. වෙනත් ආකාරයකින් මේ ප්‍රශ්නය මතු කළොත් ‘ප්‍රජාතන්ත්‍රවාදය’ නිසා අපේ සමාජවලට ‍ කුමක් සිදුවී ද? අපේ සමාජය නිසා ‘ප්‍රජාතන්ත්‍රවාදය’ට කුමක් සිදුවී ද?

ඒ අනුව පැමිණි පළමුවන නිගමනය වූයේ, යුරෝපීය නොවන සෑම සමාජ ක්‍රමයක ම ජනතාව නූතන ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ න්‍යායාත්මක සංකල්ප සහ භාවිතයන් ඉතා නිර්මාණශිලිව අත්පත් කරගෙන ඇති බවයි. එමෙන් ම එලෙස අත්පත් කරගත් සංකල්ප තමන්ට අවශ්‍ය ආකාරයට වෙනස් කර තිබෙන ආකාරයයි. ඒ තුළ සාධනීය මෙන් ම නිශේධනීය ලක්ෂණ ද දක්නට ලැබේ.

මැතිවරණ ප්‍රචණ්ඩත්වය

ඒ පිළිබඳ ඇති ඉතාමත් වැදගත් නිදසුන වන්නේ, මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදය සහ දේශපාලන පක්ෂ ක්‍රමය දැඩි ලෙස මෙරට සමාජ ක්‍රමය විනිවිද ගොස් තිබීම ය. මැතිවරණය සඳහා සහභාගීවන ජනතාව ප්‍රතිශතයක් ලෙස 80%ක් පමණ ඉතා ඉහළ අගයක් ගන්නා අතර, දේශපාලන පක්ෂ ද බොහෝමයක් පවතී. ප්‍රජාතන්ත්‍රවාදයේ වර්ධනය පිළිබඳ මිනුම් දඬුවලින් බැලුවහොත් මෙය ඉතාමත් දියුණු අවස්ථාවකි. නමුත් පසුගිය දශක තුන පුරා පවත්වනු ලැබූ සියලු මැතිවරණ විමසා බැලීමේ දී දක්නට ඇත්තේ, ප්‍රචණ්ඩත්වයෙන් තොරව කිසිදු මැතිවරණයක් පවත්වා නැති බවයි. දේශපාලන ප්‍රචණ්ඩත්වය හා මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදය එකිනෙකට අත්වැල් බැඳගෙන ඇත.

අනෙක් අතට මෙරට සමාජය තුළ ‘පවුල් ආධිපත්‍ය’ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය තුළ ඉතා තදින් ම පැතිරී තිබේ. සමාන්‍යයෙන් ප්‍රජාතන්ත්‍රවාදී හා දේශපාලන නවීකරණය පිළිබඳ න්‍යායන් අනුව මෙවැනි පසුබිමක් තිබිය නොහැකිය. පවුල් බලය අහෝසි වී තිබිය යුතුය.

මෙය වැඩවසම්වාදී සමාජමය තත්වයක් නොවේ. නූතන නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය රට තුළ ස්ථාපිත වී ඇත්තේ පූර්ණ නූතන අංගත් එක්ක ය. මෙය අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය මුහුණ දී සිටින තවත් එක් ගැටලුවකි.

ප්‍රජාතන්ත්‍රවාදය තුළ ඇති ප්‍රධානතම ලක්ෂණය වන්නේ ක්‍රියාපටිපාටිමය ප්‍රජාතන්ත්‍රවාදයයි( Procedural democracy) . මෙමඟින් අදහස් වන්නේ, කිසියම් සමාජයක ලිබරල් ආකෘතික ව්‍යූහයක් පවතිනවා නම් හා එහි පාලකයන් ලිබරල් නම් පුරවැසියන්ට සක්‍රීයව ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාවයක් පැන නොනගින බවයි. එනම් කෑ ගහසා, සටන්කර, පෙළපාළි ගොස් ලබා ගැනීමට තරම් දෙයක් නොවන බවයි. මෙවැනි සමාජවල නිතීයේ ආධිපත්‍යය( Rules of Law )හොඳින් ස්ථාපිත වී තිබෙන අතර ස්වාධීන අධිකරණ පද්ධතිය හොඳින් ක්‍රියාත්මක වේ. ඒ නිසා අයිතිවාසිකම් උල්ලංඝනය වන ඕනෑ ම අවස්ථාවක ඔවුන් එමඟින් සුරක්ෂිතය. ඒ නිසා මෙවැනි සමාජයක පුරවැසියන්ට සක්‍රීය කටයුතු කිරීමට තරම් අවශ්‍යතාවක් ඇති නොවේ. ඔවුන් ක්‍රියාපටිපාටිමය ප්‍රජාතන්ත්‍රවාදය තුළින් සෑහීමට පත්වේ. ඇමරිකාව, කැනඩාව , ඔස්ට්‍රේලියාව, මහාබ්‍රිතාන්‍ය ප්‍රමුඛ බටහිර රටවල්වල ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අධිපති සංකල්පය බවට පත්ව ඇත්තේ මෙවැනි අදහසකි. නමුත් දකුණු ආසියානු සමාජ පිළිබඳ කෙරුණු අධ්‍යයනයේ දී අපට වැටහුණා මේ ලිබරල්වාදී තේරුම්ගැනීම අසම්පූර්ණ එකක් බව. මේ සංකල්පගතකිරීම්වලින් ඈතට ගිය, ඉතා පරිපූර්ණ දේශපාලන විඥානයක් දකුණු ආසියානු රටවල ඇති බව.

නූතන ලිබරල්වාදය

එය ලංකාව තුළ විශේෂයෙන් දක්නට ලැබුණි. ප්‍රජාත්න්ත්‍රවාදය පිළිබඳ ඔබ වඩාත්ම අගය කරන ලක්ෂණය කුමක්ද කියා විමසන විට ඔවුන් කියා සිටියේ ඒ ‘නිදහස’ බවයි. කවර නිදහසක් ද? යනුවෙන් නැවත ප්‍රශ්න කළ විට ඔවුන් ප්‍රකාශකර සිටියේ ආර්ථික නිදහස, දේශපාලන නිදහස, සමානව සැලකුම් ලැබීමෙ නිදහස ආදිය යි. මේවා අයිතිවාසිකම් පිළිබඳ ඉතාමත් සාධනීය විඥානයන් ලෙස හැඳින්විය හැකියි. නූතන ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී න්‍යායන් තුළ, නිදහස හා අයිතිවාසිකම් වැනි දේ සංකල්ප ගතවී ඇත්තේ, අණ්ඩුවේ මැදිහත් වීමෙන් විනිර්මුක්තව ලබන්නා වූ තත්ත්වයක් (Freedom form) ලෙසට ය. නමුත් මේ රටේ ජනතාව ක්‍රියා පටිපාටීමය ප්‍රජාතන්ත්‍රවාදය සහ නිශේධනීය නිදහස සමඟ ම සාධනීය සහ හරයාත්මක ප්‍රජාතන්ත්‍රවාදයත් අගය කොට සලකන බව අපට වැටහුණි.

මෙමගින් අප ඉගෙන ගත් පාඩම වන්නේ, දකුණු අසියාවේ විශේෂයෙන් ම ලංකාවේ ජනතාව ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අදහසට විශේෂ එකතුවක් කර තිබෙන බවයි. ඒ, ක්‍රියාපටිපාටිමය ප්‍රජාතන්ත්‍රවාදය සහ හරයාත්මක ප්‍රජාතන්ත්‍රවාදය යන දෙකේම සංකලන‍ෙක් වඩා යෝග්‍ය බව ඔවුන්ගේ අදහස වී තිබීමයි. මෙය ඉතාමත්ම පරිපූර්ණ තේරුම් ගැනීමකි. මේ රටේ ජනතාව ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ මේතරම් බැරෑරුම්ව සිතන පිරිසක් නම්, ජාතික ප්‍රශ්නයට විසදුමක් ලෙස, බලය බෙදීමේ ක්‍රීයාවලියට නොයන්නේ ඇයි? නැතිනම් එවැනි උත්සාහයකට ගියාම රට බෙදන්න යනවා, කොටියට රට පාවා දෙන්න යනවා වැනි සටන්පාඨවලට තටු ලැබෙන්නේ ඇයි ? ආදී වශයෙන් කෙනෙක් ප්‍රශ්නයක් මතු කළොත්, මේ සටන් පාඨ ඉදිරියට ගේන්නේ දේශපාලන පක්ෂවල නායකයන් හා ඇතැම් මතවාදී කණ්ඩායම් බව පෙනී යයි. ප්‍රජාතන්ත්‍රවාදය ඉතා දියුණුයි කියන රටවලත් මෙවැනි මත පවතී. එය ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යූහය තුළ පවතින තත්ත්වයකි. මෙවැනි දේශපාලන විඥානයක් සහිත සමාජවල තිබෙන ලක්ෂණයක් වන්නේ දේශපාලන අදහස් පිළිබඳ බහුත්වවාදයයි. එමගින් ප්‍රජාතන්ත්‍රවිරෝධී අදහස්වලටද ඉඩක් ලැබී ඇත.

බහුත්වවාදය

අපේ රටේ බහුතරක් ජනතාවගේ දේශපාලන විඥානය වඩා දියුණු මට්ටමක පැවතුණත්, දේශපාලන නායකයින් බොහෝමයක් දෙනා දේශපාලන වශයෙන් පසුගාමී පිරිසකි. මේ නිසා ඔවුන් හැමවිටම උත්සහා කරන්නේ ඡන්දය දිනාගැනීමට පමණි.

එහි දී සිංහල ජාතිවාදය වුවත්, දෙමළ ජාතිවාදය වුවත් මේ දේශපාලන බල අරගලයේ කොටසක් බවට පත්ව තිබේ. මේ නිසා දේශපාලන නායකයන්ට අවශ්‍ය නම් මේ රට තුළ බහුත්වවාදී, බහු සංස්කෘතික , බහු වාර්ගික පරිවර්තනයක් සිදුකළ හැකිය. ඒ සඳහා සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවගේ බහුතර සහය ද ලබාගත හැකි ය. මෙරට බහුතර ජනතාව දේශපාලන නායකයන් තරම් දේශපාලන විඥානය අතින් පසුගාමී අය නොවේ. එය අධ්‍යනයන් තුළින් අපට වැටහුණ කාරණයකි . ඒ ඔවුන් දශක ගණනාවක් තිස්සේ විවිධ දේශපාලන අත්දැකීම්වලට මුහුණ දීම නිසා සහ ඔවුන්ගේ දේශපාලන විඥානය ඊට අනුරූපව සකස් වී ඇති නිසාය.

අප තුළ ජාතිවාදී විඥානයක් පවතින බව සත්‍යයක් වුවත්, තුල්‍යතාවය සලකා බැලීමේ දී මේ සඳහා නිසි දේශපාලන නායකත්වයක් ලබා දීමට කවුරුන් හෝ කටයුතු කරන්නේ නම් ඊට ඉහළ ජනතා ප්‍රසාදයක් හිමිකර ගත හැකිය. නමුත් එවැනි පෙනීහිඳීමක් මැතිවරණවල දී අපේ රටේ දක්නට නැත. පවතින ආණ්ඩුවේ ඇති මූලික වැරැද්ද මෙය වේ. ආණ්ඩුව සාමය හා සංහිඳියාව ගොඩනැගීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සඳහා විවිධ ව්‍යාපෘති දියත්කර තිබුණ ද, එම ව්‍යාපෘති සාර්ථක කර ගැනීමට අවශ්‍ය මතවාදීමය අරගලයක් සිදු කරනබව පෙනෙන්නට නැත. එනමුත් ඊට ප්‍රතිවිරුද්ධ මතවාදයන් වේගයෙන් සමාජගත වෙමින් තිබේ. ආණ්ඩුව මේ ආකාරයට කටයුතු කළහොත්, ඔවුන් ජයග්‍රහණය කිරීමට වුවත් බැරි නැත. බහුත්වවාදී, බහු සංස්කෘතික, බහු වාර්ගික ප්‍රතිසංස්කරණ සඳහා විශාල විභවයක් තවමත් පවතින අතර, ඒ විභවයන් හැඳින ඒ මත විශ්වාස තබා තීරණ ගැනීමට දේශපාලන නායකයන් කිසි සේත් බිය විය යුතු නැත.

ලංකාවේ 2014 වර්ෂයේ ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාරයේ තිබුණු ඉතාම සාධනීය ලක්ෂණය වන්නේ ‘ යහපාලනය’ පිළිබඳ මතවාදයයි. මහින්ද රාජපක්ෂ මහතා ගෙන ගිය නිශේධනීය මැතිවරණ ප්‍රචාරණයට ප්‍රතිපක්ෂව ගෙන ගිය සාධනීය විකල්පයක් බවට එය පත්විය. මෙරට ඡන්දදායකයන් එය ඉතාමත් සාධනීයව පිළිගත් නමුත්, එය ජවසම්පන්නව ඉදිරියට ගෙනයාමට ආණ්ඩුව අපොහොසත්ව ඇත. ඒ සඳහා ගෙන ගිය මතවාදීමය අරගලය හීන වී තිබීම ඊට හේතුවයි. ඒ පිළිබඳ ජනාධිපතිවරයාට නිසි අවබෝධයක් නැති බවයි පෙනෙන්නට තිබෙන්නේ. මේ නිසා ඔහුට ප්‍රතිවිරුද්ධ දේශපාලන බලවේගයන්ට දේශපාලන භූමිය තුළ ශක්තිමත්ව නැගී සිටීමට අවකාශය විවර වී තිබේ.

ජනධිපතිවරයාට කිසිවකුටත් නැති, ඕනෑම මොහොතක ජාතිය ඇමතීමේ මහඟු අවස්ථාවක් හිමි වී තිබෙන අතර, ඒ තුළින් ඔහුට විශාල බලපෑමක් මතවාදීව කළ හැකිව තිබේ.

නමුත් දේශපාලන වශයෙන් හරයාත්මක නොවන කාරනා පමණයි එතුමා කරන ප්‍රකාශ මඟින් ඉස්මතු වන්නේ. එය එතුමාගේ ගැටලුවක් ද නැතිනම් එතුමාගේ දේශපාලනමය පණිවුඩය ග්‍රහණය කරගෙන එය ප්‍රචාරය කරන යාන්ත්‍රණයේ දොෂයක් ද යන්න ගැටලුවකි. නමුත් මහින්ද රාජපක්ෂ මහතා ඔහුට ලැබෙන ඉඩ තුළ සිය මතවාදය ජයග්‍රහණය කරවීමේ ප්‍රකාශයක් සිදුකිරීමට අමතක කරන්නේ නැත. මෙය ජනාධිපතිවරයා ඉතා ඕනෑකමින් සිතාබැලිය යුතු කාරණයකි.

සංවාද සටහන : රසික කොටුදුරගේ

dinamina.lk

Last modified on Wednesday, 28 December 2016 07:53

Leave a comment

Gossip

රනිල් ගේ ඥාති පුතා චණ්ඩියෙක් වෙලා ..රංගෙ ගේ පුතා රෝසි ගේ ඥාති දුවට ගහලා

රනිල් ගේ ඥාති පුතා චණ්ඩියෙක් වෙලා ..රංගෙ ගේ පුතා රෝසි ගේ ඥාති දුවට ගහලා

අගමැති රනිල් වික්‍රමසිංහගේ සොහොයුරෙකුගේ පුත්‍රයකු යැයි කියන වන තිස්ස නිර්මාන් වික්‍රමසිං...

කණමදය වගේ බී ගත්තු දයාසිරි, මාධ්‍යවේදීන් දෙදෙනෙකුට පහර දීලා

කණමදය වගේ බී ගත්තු දයාසිරි, මාධ්‍යවේදීන් දෙදෙනෙකුට පහර දීලා

ජාතික ක්‍රීඩා උලෙළල වාර්තා කිරීමට ක්‍රීඩා අමාත්‍යංශයෙම ආරාධනාව පිට කොළඹ සිට ගිය මාධ්&zwj...

දුල්මාගේ හැඩ වැඩ වලට ගයන්තත් කොර වෙයි.

දුල්මාගේ හැඩ වැඩ වලට ගයන්තත් කොර වෙයි.

ලංකා පුවත් ආයතනයේ පරිපාලන අධ්‍යක්ෂවරිය ලෙස තමන් විසින්ම සකසා ගත් තනතුරක සිට කටයුතු කරන දුල්මා කන...

මේ මල්ලි රනිල් එක්ක ඩීල්,  ඒ මල්ලි මෛත්‍රී එක්ක ඩීල්. අපි සීන් එකෙන් එළියේ - විමල්

මේ මල්ලි රනිල් එක්ක ඩීල්, ඒ මල්ලි මෛත්‍රී එක්ක ඩීල්. අපි සීන් එකෙන් එළියේ - විමල්

ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්තී‍්‍ර කණ්ඩායමේ මහින්දවාදීන් පිරිසක් ජනාධිපතිවරයා හමුවීම "විමල...

අනං මනං

Connet With Us

       Google+