සිංහලයා වැටහෙන දෙමළා සොයා යමි !

Tuesday, 21 June 2016 13:09

සිංහල භාෂාව වැටහෙන; අවබෝධවන; සිංහල භාෂාව තේරෙන, සිංහල භාෂාව කතාකරන දෙමළ ජාතිකයෝ සැලකිය යුතු සංඛ්‍යාවක් සිටිති.

එහෙත් එකී දෙමළා ට "සිංහල"තේරෙන්නේ නැත!

 

එනම් සිංහලයාගේ සිංහලකම තේරෙන්නේ නැත. සිංහලායට ද දෙමළකම තේරෙන්නේ නැත!

දෙපාර්ශවයට එකිනෙකා තේරුම්ගැනීමට සංවාදය අත්‍යවශ්‍යය.

දෙමලා(T)සහ සිංහලයා(S)අතර අද දවසේ සිදුවිය යුතු සංවාදය:

මෙවැන්නක් වුනොත් සංහිඳියාව (Reconciliation) ෂුවර් ය!
....................................................


T.දෙමළ අපට බලය බෙදනවට සිංහල උඹ අකමැති මොකද මචං? උඹ සිංහල ජාතිවාදියෙක් නේද?

S.මම සිංහල ජාතිවාදියෙක් ද නැද්ද කියල උඹ තීරණය කරන්න ඕන මම කටින් දෙන
උත්තරයෙන් නොවෙයි, මගේ ක්‍රියාවෙන්.

T.හරි,එහෙනම් උඹ ඇයි "coming soon federal" කියල e-mailයවල මිනිස්සු කුලප්පු කරන්නෙ?
උඹ සිංහල ජාතිවාදියා! උඹ කැමති නෑ දෙමළ අපට බලය බෙදනවට.

S.ආං..හරි එහෙනම් දෙමළ උඹ සිංහල මට පැහැදිලි කරපන් උඹ ඔය බෙදාගන්න ඉල්ලන
"බලය"මොකක්ද කියල.

T.මචං ඉඩම් බලතල, පොලිස් බලතල ඔය වගේ බලය...හ්ම්..ඔව් බලය, බලය තමයි. ඔය
Sampanthan,Vigneswaran,Mano Ganesan නිතර කියවන්නෙ බලය මචං බලය.

S.දෙමල නායකයො කියන්නම් වාලෙ උඹත් ඔහේ කියවනව මචං. මම උඹගෙන් ඇහුවෙ, උඹ
ඉල්ලන බලය හරියටම පැහැදිලිව මොන බලයද මොකක්ද ඒ උඹල ඉල්ලන බලය? අන්න ඒ උඹල
ඉල්ලන බලය මොකක්ද කියපංකො මට.

T.සොරි මචං! අවංකවම මට ඒ බලය හරියටම පැහැදිලි නැහැ මචං. මචං උඹ දන්නවනේ උඹ
වගේ තර්කදාන්න මට බෑ කියල. පොඩ්ඩක් හොයල බලල මම ඩෙෆිනීට්ලි උඹට දෙනව මචං
උත්තරේ.

හරි දෙමල මට අයිඩියා එක ආව! දෙමල අපි බෙදල ඉල්ලන බලය මොකක්ද කියල හරියටම
උඹට දැනගන්න පහසුම ක්‍රමය මේකයි මචං. උඹ සිංහල එවුන්ගෙන් අහපං සිංහලය
දෙමලට බලය බෙදනවට විරුද්ධ මොකද? අන්න ඒ වටිනා කියන බලය මොකක්ද කියල. එතකොට
උඹ දෙමල මගෙන් අහපු ප්‍රශ්නයට නිවැරදිම උත්තරය පට් ගාල උඹට සිංහලයගෙන්ම
ලැබෙනව මචං.

S.දෙමළ මචෝ! මම දන්න කියනකාලෙ ඉඳල සිංහල දේශප්‍රේමියො, දේශහිතෛෂියො තමයි
ආස්සරේ කරන්නෙ තේරුනාද? සිංහල උනුත් දෙමළ උඹල වගේම තමයි!
උන් දන්නෙත් නෑ උන් බලය බෙදනවට විරුද්ධවුනාට, මොකක්ද මේ බෙදනවය කියන බලය කියල.

T.නෑ..හ්! මටනම් ෂුවර් නෑ මචං!
සිංහල උඹල මචං මාර කැම්පේන් එකක් කරනවනේ දෙමල අපට බලය බෙදනවට
විරුද්ධව. එතකොට ඔය රාජපක්ෂ-වීරවංශ-ගම්මන්පිල සෙට් එක දන්නෙත් නැද්ද ඔය
බෙදන්න එපා එපා කියන බලය මොකක්ද කියල?

S.රාජපක්ෂ-වීරවංශ-ගම්මන්පිල සෙට් එක නිවැරදිව දන්නව බං ඒ බෙදන බලය මොකක්ද
කියල. ඒත් ඔය කෑ ගහන අපේ සිංහලයො තමයි ඒ බෙදන බලය මොකක්ද කියල නොදැන
කෑගහන්නෙ.

T. උඹ කියපුදේ මට තේරුනේ නෑ මචං.

S.හරිඋඹ මට මේ ප්‍රශ්නෙට උත්තර කියපං.උඹට උඹේ දෙමල නායකයො
Sampanthan,Vigneswaran,Mano Ganesan,සෙට් එක උඹට නිවැරදිව පහදල තියෙනවද
මේ බෙදල ඉල්ලන බලය මොකක්ද කියල; නැහැනේ?
ඒ නිසානෙ උඹ කළින් කිව්වෙ බෙදල ඉල්ලන බලය මොකක්ද කියල උඹත් දන්නෙ නෑ
කියල.ඒවගේ තමයි බං සිංහලයොත්. උනුත් සිංහල නායකයො කියන එකට එහෙයි එහෙයි
කියල ආතක් පාතක් නැතිව විරෝධතා කරනව.දෙමළ උඹලත් දෙමළ නායකයො කියන කතා
දොඩව දොඩව බලය බෙදන්න කියල ලෝකෙවටේ ප්‍රචාරය කරනව.සිංහල දෙමළ දෙගොල්ලම
අඳුරේ අතපතගෑමක් තමයි මේ කරන්නෙ.

T.ඒ විතරක්ද මචං ,අපේ දෙමළ කොල්ලො කෙල්ලො බඩේ බෝම්බ බැඳගෙන සිංහල උඹලගෙ
ඇඟට පැනල මරාගෙන මැරුන නේ! ඔය බලය ද මොකක්ද ඉල්ලල. ඇයි උඹට අමතක ද?

S.උඹ හිතුවද මට ඒව අමතක වෙන්න මමත් උඹලගෙ ප්‍රභාකරන් කියපු ජාතියෙ සතියෙන්
ඕනෑම දෙයක් අමතක වෙන සිංහලයෙක් කියල? උඹ දැනගනින් මම ඇවිල්ල අමුතුම ජාතියෙ
සිංහල බෞද්ධයෙක්! අන්න ඒක දෙමල උඹල නිවැරදිව තේරුම් ගන්න ඕන.

T.මොකක්ද බං ඒ අමුතුම ජාතියෙ සිංහල බෞද්ධකම?

S.එහෙනම් අහගනිං ,දැන් ඉන්න උඹල වගේ දෙමලට වැඩිය වෙනස් දෙමලෙක් හදන්න
ට්‍රයි එකක් දෙන සිංහලයට තමයි අමුතුම ජාතියෙ සිංහලය කියන්නෙ.

T.මට තේරෙන්නෙ නෑ මචං උඹෙ අන්ඩර දෙමළ!
හරි, උඹ අමුතුම ජාතියෙ සිංහලය නේ. උඹ කියපංකො බලන්න ඔය බෙදන්නය-බෙදන්න
එපාය, කියල දෙමල-සිංහල මිනිස්සු කෑමොර දෙන බලය ද මොකක්ද එක මොනවගේ එකක්ද
කියල.දෙමල මම අහගෙන ඉන්නම්කො.

S.හරි;එහෙනම් දෙමල උඹ මුලින්ම මට කියපං, මම මීට කලින් සිංහලෙන් එවපු
e-mail හත අට කියවල අවබෝධ කරගත්තද කියල.

T.ඔව් මචං,මම උඹේ e-mail ඔක්කොම කියවල ඔලුවට ගත්ත මචං. මම තවත් ඒ ගැන
ස්ටඩිකරා මචං.උඹට ගොඩක් ස්තුතියි ඒ වැඩේට.

ඒත් කිව්වට වරදවා හිතන්න එපා සිංහල මචං. උඹේ සිංහල යාලුවො වැඩිදෙනෙක්
කියන්නෙ උඹට පිස්සු කියල!
උඹට වෙන වැඩ නැතිද අහනව e-mail ලිය ලියා හතරවටේ යවන්නෙ!

උන් මචං උඹේ ඔය මාගල් සයිස් e-mail කියවන්නෙ නෑ බං. ඔය බුකියට ගියාම මාර
ෆන් එකක් ගන්නපුලුවන් උන්ට. අනෙක උන් බලන්නෙත් ඔය "දිවයින" පත්තරයයි; C-NEWS
web එකයි,TV දෙරණයි විතරනේ! ඒ නිසා වෙන වැඩකරන්න උන්ට සෑහෙන කාලයක්
ඉතිරි වෙනවනේ.

S.මිනිහෝ; දෙමළ මචෝ, මේ අහපිය.මම සිංහලෙන් e-mail ලියන්නෙ සිංහල මට දෙමළ
බැරි නිසා කියල තොට තේරෙන්නෙ නැද්ද?

මට දෙමල පුලුවන්නම් මම e-mail වල ලියන ඒව ලියන්නෙ දෙමලෙන්!
දෙමලෙන් ලියල දෙමළ උඹලට තමයි මම ඒව එවන්නෙ.
මට පුලුවන් සිංහල විතරයි.ඒ නිසා තමයි දෙමලෙන් ලියන්න ඕන ඒව සිංහලෙන් ලියල
හතර වටේ සිංහලයින්ට යවන්නෙ.

T.ආං..දැන් තමයි මට තේරුනේ සිංහල උඹට ෂුවර් එකටම පිස්සු කියල.

S.හරි..ඔය අනම්- මනම්, වල්-පල් පැත්තකට දාල දැන් හොඳින් තේරුම්අරගෙන
අහගෙන හිටපං සිංහල මම සිංහලෙන් පැහැදිලිකරන බලය බෙදීම ගැන.

සිංහල ජනතාව වුන අපට ඇති බලයක් නෑ මචෝ .
බලය තියෙන්නෙ සිංහල කොල-නිල්-රතු පාලකයොන්ගෙ අතේ.
ඒ නිසා දෙමල ජනතාව වුන උඹලට බෙදන්න බලයක් සිංහල ජනතාව වුන අපේ අතේ නෑ
.ඉස්සර වෙලාම ඒක නිවැරදිව අවබෝධකරගනිං.

සිංහලයො තමයි නිදහසෙන් පසුව රට පාලනය කෙරුවෙ. ඒත් සිංහල අපට වෙච්ච සුගතිය මොකක්ද?
ගෑණු මැද පෙරදිග වහල් සේවයෙ.කොල්ලො කොරියාවට කුලීවහල්ලු විධියට යන්න
තංගල්ලෙ ගේට්ටු කඩාගෙන අදත් පොරකනව.තවඑවුන් බෝට්ටුවලින් ඕස්ට්‍රේලියාවට
යන්න ගිහින් මහමූදෙ අතරමං වෙලා.දකුණු වෙරළෙ ළමා ගණිකාවො. රටපුරා ගණිකා මඩම්.තව
ලිස්ට්එක දිගයි! කියන්නම ඕනැද?

සරලම සිද්ධියක් සලකපන්කො. මචං සිංහල ජනතාව වුන අපට බලය තියෙනව නම්,
පාලකයන්ට කෝටි ගණන් වටිනා සුඛෝපභෝගී වාහන ගෙන්වන එක නතර කරන්න සිංහල ජනතාව
වුන අපට පුලුවන්වෙන්න ඕන නේ. පට්ටහොරෙක් කියල අතේ මාට්ටුවුන මහ බැංකු
අධිපතිය එලවන්න සිංහලජනතාව වුන අපට පුලුවන්ද?

මහරගම පිළිකා රෝහලට PET SCAN යන්ත්‍රය මිලදීගන්න සැපවාහනවල මුදල්
යොදවන්න අපට පුලුවන්නේ.

PET SCAN යන්ත්‍රය මිලදීගන්න මුදල් එකතු කෙරුවෙ සිංහල දෙමල මුස්ලිම් මැලේ
බර්ගර් ජනතාව නේ.
ඒකට ලොකු දායකත්වයක් කරල තියෙන්නෙ මුස්ලිම් මනුස්සයෙක්නේ.

ඒ අනුව සිංහල දෙමල මුස්ලිම් ජනතාවගෙ අතේ බලය නෑ කියල තේරුම්ගන්න ලොකු
තියරි ඕන නැහැනේ දෙමල මචෝ.උඹලගෙ ඇස් දෙකටම පේනවනේ.

දෙමල ජනතාව වූ උඹල අපෙන් ඉල්ලන්නෙ සිංහල ජනතාව වූ අපේ අතේ, අපි සන්තකයේ
නැති බලයක් මචං..

සිංහල ජනතාව වූ අපි දෙමල ජනතාව වූ උඹලට දෙන්න එපා එපා කියල කෑමොර දෙන්නෙත්
සිංහල ජනතාව වූ අපි සන්තකයේ නැති බලයකට මචං.

T. සිංහල මචෝ..! ඇත්ත නේන්නම්, දැන් ඔය සිංහල උඹ පැහැදිලි කරන බලය, ජනතාවගේ
පරමාධිපත්‍යය sovereigntyය ට sovereign power,එකට ඩිරෙක්ට්ලි සම්බන්ධ වෙනව
නේද?

S. හරියට හරි!ඔය sovereigntyය; sovereign power එක ජනතාවගෙ අතේ තමයි
තියෙන්නෙ .ව්‍යවස්ථාවෙ මුලින්ම ඒක තමයි ලියලත්
තියෙන්නෙ.මහමැතිවරණය, ජනාධිපතිවරණය දවසෙ උදේ 07 ඉඳල හවස 04 වෙනකම් පැය 09
ක් පමණයි මචං ඔය sovereign power එක ජනතාවගෙ අතේ තියෙන්නෙ. එදා දවසෙ පැය
නවය ඇතුළත අපි අපේ sovereignty ය පාලකයොන්ට බාරදීල රෙද්දෙ අතපිහදගෙන
ගෙදර එනවනේ.

නැවත අවුරුදු හතර පහකට පසුව තමයි අපට sovereigntyය; sovereign power එක එන්නෙ.
එතෙක් ඒක තියෙන්නෙ පාලකයොන්ගෙ අතේනේ දෙමල මචෝ.

පාලකයො ඒක ව්‍යවස්ථාදායකය,විධායකය සහ අධිකරණය කියල තුනකට වෙන්කරගෙන
අවුරුදු හතර පහක් ඒ බලයෙන් අපිව යටපත්කරල පාලකයොන්ට ඕනෑ දේ පමණක්
ක්‍රියාවට නගනව.

ඔය කැම්පස් කොල්ලන්ට කෙල්ලන්ට කඳුලුගෑස් , බටන්ප්‍රහාර, රබර් උණ්ඩ එවන්නෙ
විධායක බලයෙන්.
VAT බදු ගහන්නෙ සැපවාහන ආනයනය කරන්නෙ, ව්‍යවස්ථාදායක බලයෙන්.
දේශපාලන විරුද්ධවාදීන් හිරේ යවන්නෙත් හිරේ යන්න ඕන එවුන් එළියෙ ඉන්නෙත්
මොන බලයෙන් ද කියල උඹම තේරුම්ගනින්.
මේ වැඩේ අද ඊයෙ විතරක් නොවෙයි මුල ඉඳලම සිදුවුන දෙයක්. අපේ බලය අරගෙන ඒ
බලයෙන්ම අපට ගහන එක තමයි පාලකයො එද පටන්ම අද වනතුරු කෙරුවෙ.

ඒක නිසානේ මචං ඔය NGO කාරයො අපට කියන්නෙ මැතිවරණය දවසට ජනතාවගේ
sovereigntyය නිවැරදිව practice කොරන්නය කියල .ගොං ජනතාවගෙ අං තට්ටුව
පොලිෂ් කරන එවුන් නේ ඔයNGO සෙට්එක.අං පොලිෂ් වෙනකොට පුරවැසියගෙ ලබ්බ
ලොකුවෙනව නේ මචං .ඇයි පුරවැසිබලය පෙන්වන්න හුඹස්වලට අනිනකොට!

T.චෑ..චෑ..!උඹ රූලෙන් පිට යනව සිංහල මචෝ! සන්සුන්වෙලා මේකට උත්තරයක් දීපං
දෙමල මට.සිංහල උඹ කියනවිධියට එතකොට ඡන්දෙ දවසෙ පැය 09 ක් පමණයි ජනතාවට
අයිති sovereignty යේ බලය ජනතාවට practice කරන්න අවසර තියෙන්නෙ?ඉතිරි
අවුරුදු හතර පහ පාලකයො තමයි ජනතාවදීපු ජනතාවගෙ sovereignty ය practice
කරන්නෙ; එහෙම නේද?

S.ඔව් බං ඔව්.

T.ඒකත් මරු මචං! යුද්දෙට මං ගියා; ගෑණි ගෙදර තියා කිව්වලු !! ඒ වගේ වැඩක්නේ
බං ඒ practice එක.
අපේ බලය අපි practice නොකර වෙන වෙන තක්කඩින්ට practice කොරන්න දෙන්නෙ මොකටද බං?
මේ තක්කඩි ඉන්න පාර්ලිමේන්තුව උත්තරීතර වෙන්නෙ කොහමද සිංහල මචෝ?

S.ඒක තමයි බං පාර්ලිමේන්තුවට හොර ගුබ්බෑයම කියල අපේ සිංහල එකෙක්ම කිව්වෙ.

T.හරියටම ගැලපෙන නම තමයි ඒ නම. උඹලගෙ ඔය සිංහල මෑන් හොර ගුබ්බෑයම කියල නතර
නොවී හොර නායකයො සෙත්තපෝච්චි වෙන්නම ගුබ්බෑයමට බෝම්බත් ගැහුවනේද සිංහල මචෝ?

S.නැතුව,නැතුව!
දැන් බලපං දෙමල මචෝ,අපි හැමෝගෙම බදු මුදල්, විදේශවිනිමය උපයල භාණ්ඩාගාරයට
එකතුකරන මුදලින් පාලකයො සැපවාහන ගෙන්වනකොට ජනතාව වුන අපි බදු ගෙවල ගෙවල
පොකැට් එකේ ඉතිරිවුණ සොච්චම් මුදලින් PET SCAN යන්ත්‍ර ගේන්නත් සල්ලි
සම්මාදම් කරනව!
සුනාමිය, ගංවතුර, නායයෑම්, අවිගබඩා පිපිරීම් කී-නොකී හැම ආපදාවකටම ආණ්ඩු
මැදිහත්වෙන්නට කළින් ආණ්ඩුවෙ වැඩත් ජනතාව බාර අරගෙන කරනවනේ.

හරි නම් රජ මාළිගාවලට, ගැහුව වගේ මිනිස්සු කුපිතවෙලා මුන්ව ගඟේ මූදෙ
දාන්න ඕන කියල කවුද හාදයෙක් කියල තිබුණනේ. බැස්ටීලයට ගැහිල්ලෙන් පටන්ගත්ත
උඹ අහලතියෙනවනේ.

T.සිරාවට මචං;ඇත්තටම ලංකාවෙ එහෙම නොවෙන්නෙ මොකද සිංහල මචං?

S.ප්‍රංශයේ වෙච්ච දේවල් ලංකාවෙ නොවෙන්නෙ ලංකාවෙ මිනිස්සු මචං දේශපාලනිකව
ගොඩනැගිල නැහැනේ.
ලංකාවෙ ජනතාව; අනුකාරකයො, අන්ධ භක්තික අනුගාමිකයො බවට පත්වෙලා.

එයාල දේශපාලනය කියල කරන්නෙ පක්ෂ දේශපාලනයනේ දෙමල මචං.

මිනිස්සු දේශපාලනිකව සබුද්ධික කිරීම ලංකාවෙ වාමාංශිකයො හරියකට කරන්නෙත්
නෑ. දෙමළ මචං.ඒ හින්ද අපි බත්කන හරක් වගේ ඔහේ යනව. සමහර වාමාංශිකයො මේව
පැහැදිලි කරනව.ඒ වුනාට එයාලගෙ "භාෂාව" පොදුජනයාට වැටහෙන්නෙ නෑ මචං.

T.ඒක සංකීර්ණ බරපතල ප්‍රශ්නයක් නේද සිංහල මචෝ?

S.ඔව් ඔව් දෙමල මචෝ, ලංකාවෙ අපට, විශේෂයෙන් සිංහල අපට මෝඩ චූං එකක්
තියෙනවනේ අපි හරිම පරිත්‍යාගශීලියි .අපි බොක්කෙ තියෙනදේත් දුකකදි අනුන්ට
පුදනවය කියන්න.

අපේ මේ ගොං ඔලමොට්ටලකම පාලකයො හොඳට දන්නව මචං.ඒක නිසා සිංහල සංස්කෘතිය,
බෞද්ධ ශිෂ්ටාචාරය වගේ බර බර වචන දාල ජනතාව ගොනාට අන්දල මුරුංග අත්තෙ තියල
පාලකයො ජනතාවගෙ මුදලින් සැප විඳිනව.
ජනතාව කබලෙන් ලිපටම වැටිලත් රටේ ආණ්ඩුවට අයිතිවැඩ කරන්න සල්ලි සම්මාදම් කරනව.

දඹර අමිල වගේ සෝබන වම්මු ඇවිල්ල PET SCAN නෙවෙයි ඉතිරි උපකරණත්
ජනතා සම්මාදමෙන් අරන්දෙනව කියල පොරොන්දු දෙන දිව්රන වීඩියෝවක් FB එකේ නැගල
යනව දෙමල උඹ දැක්කද?

එතකොට ලංකාවෙ ජනතාව ආණ්ඩුවක් පත්කරගෙන තියෙන්නෙ PET SCAN ප්‍රශ්නෙ සහ
මෙකී-නොකී ප්‍රශ්න විසඳන්න නෙමෙයිද?

එතකොට ලංකාවෙ ආණ්ඩුවක් තියෙන්නෙ දඹර අමිලයට හැමිනෙන්න ද?

T.සිංහල මචෝ! දැන්නම් උඹේ මල පැනගෙන එන්නෙ ෂුවර්මචෝ!! අදට ඇති. උඹට දඹර අමිල
මතක් වෙනකොටම ජේවීපී මතකයට එනව නේද? අදට ඇති,අදට ඇති.ලබන සතියෙ ඉතිරිය
කතාකරමු.

S.හරි උඹ කියනවනම් අදට වෙන්වෙමු දෙමල මචෝ.නැවත ලබන සතියෙත් La
Chapelle වල නානා මුදලාලිගේ කඩේදි නානා මාදිලියේ කතාවක් දාමු.

සුබ!

 

පුංචිහේවා

-2016.06.20

Last modified on Tuesday, 21 June 2016 13:22

Leave a comment

Gossip

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

චීනයෙන් දිනේෂ්ට අමුතු සැලකිල්ලක්

චීනයෙන් දිනේෂ්ට අමුතු සැලකිල්ලක්

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, සය දින නිල සංචාරයකට චීනයට ගියේ චීන ආණ්ඩුවෙන් ලැබුණු ආරාධනාවක් අනුවය. ඉ...

Connet With Us