ආක්ෂා සුධාරි සහ ස්වයං වින්දනයේ යෙදෙන මාධ්‍යකරුවන්

Wednesday, 15 July 2015 12:21

ආක්ෂා සුධාරි මේ දිනවල ජනප්‍රිය චරිතයක් බවට පත්ව ඇත. මේ වන විට බොහො පිරිසක් ඇයව පට්ට ගහන්න පටන් අරන්ය . එයත් සිදුව ඇත්තේ කාන්තාවකට පහර එල්ල කරන්න පුලුවන් කැතම අකාරයටය. මේ විදිහට ඇයගේ පුද්ගලික කාරණයක් අල්ලගෙන ගහන එකට නම් කිසිසේත් එකග විය නොහැකිය. ඇය මුදල් වංචාවකට චෝදනා ලබා තිබෙනවා වීමට පුළුවන. එයට අධිකරණ ක්‍රියාමාර්ගයක් සිදුවෙමින් පවතී. ඇය ජනප්‍රිය චරිතයක් නිසාවෙන් එම අධිකරණ කටයුත්ත බොහෝ මාධ්‍ය පලකර ඇත. ඇගේ කටඋත්තරය පළ කිරීම වෙනම කාරණයකි. නමුත් තමන්ගේ මාකට් එක ගැන හිතන බොහෝ උදවිය එම කටඋත්තරයේ එක් කොටසක් උලුප්පමින් නිව්ස් එක උස්සා ගන්න හදන බව පැහැදිලියි.

ඇය එම පුද්ගලයා සමග ලිංගික ගණුදෙනුවක් සිදුකිරීම ඇයගේ පුද්ගලික කාරණයකි. ඇය තම කට උත්තරේදී ඔහු සමග ලිංගික ගනුදෙනුවක් කල බව ප්‍රකාශ කර තිබෙන නමුත් කිසිම කෙනෙකුට එම කාරණය මූලික කරගෙන ඇයව පතුරු ගැසීමට අයිතියක් නොමැත. මා දන්නා ආකාරයට ඇය විතරක් නොව ලංකාවේ කළා ක්‍ෂේත්‍රයේ ඉන්න බොහෝ දෙනෙක් මුදල් උපයන්න වෙනත් මාර්ගයන් තොරාගෙන තිබේ. මෙය ඇගේ ප්‍රශ්නයක් නොවන බව මාගේ මතයයි. ටික ටික ජනප්‍රිය වෙනකොට වියදම් කරන්න මුදල් හොයන්න ගොඩක් අය කරන්නෙ ඔ්ක තමයි. නමුත් එය ඔවුන්ගේ පුද්ගලික කාරණයකි. මෙම කාරණයේදී මාධ්‍ය තුල ආක්ෂාව අපයෝජනයට ලක්කරන උන්ගෙන් මට අහන්නට ඇත්තේ උන්ට හොදනම් උඹලට පුකද කියායි . මේ ආකාරයට ඇය ගැහැණියක් වීම මූලික කරගෙන ඇයට මාධ්‍ය සදාචාරයන් නොසලකමින් පහර දේ. මෙම පහරදීම ඇතුළත ඇත්තේ ලිංගික කුහකත්වය නොවෙයිද කියා මම අහන්න කැමතියි. ලැජ්ජාවට කාරණය වන්නේ ඇයට වැඩියෙන්ම පහරදෙන්නේ ඇයගේ ක්‍ෂේත්‍රයේම කාන්තාවන් වීමයි. දූපත් මානසිකත්වය හා ආසියාතික පසුගාමීත්වය තුරන් වෙනතාක් ආක්‍ෂලාට විතරක් නොව කොයි කාටත් ඔය හැන්දෙන්ම තමයි බෙදෙන්නෙ කියාත් මතක තියා ගැනීම වටී.

ආක්ෂා තුල ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඇය එසේ මුදල් වංචාවක් කරල නම් ඒකට අපි හැමෝම වගකියන්න අවශ්‍යය. මන්ද ඇය එසේ කරන්නේ සිස්ටම් එකේ පොරක් වීමටය. ඒ විදිහට ඇයට පොරක් වෙන්න බලකරන්නෙ මේක ඇතුලෙ හිරවෙලා ඉන්න අපමය. අපි එසේ ඇයට බල කරන්නෙ නැත්නම් ඇයට එසේ කිරීමට අවශ්‍ය තාවයක් නැහැ කියලයි විශ්වාස කරන්නේ. විවේචන සිදු කිරීමට ඔ්නම කෙනකුට අයිතිය තිබේ. නමුත් පිරිසකගේ මානසික විකෘතියට ඇයව ගොදුරක් වීමට ඉඩ දීමට අප සියළු දෙනාම එරෙහි විය යුතුය. මාධ්‍ය භාවිතාවේ ඇති සදාචාර සීමාවන්ගේ දිග පළලත් මේ වගේ කාරණාවලදී නොපෙනෙන බව කියන්නට බැහැ. මෙහි ඇති කුණු රසය නිසා තමන්ගේ ආයතනය මාකට් කරගන්න දගලනවා ඇරෙන්න වෙන දෙයක් පේනෙන්න නැති වීම සක්සුදස් සේ පැහැදිලිය. හැමදාමත් ඔවුන් කලේ මොකෙක් හෝ විකුණගෙන තමන්ගේ බඩ වියත රැකගැනීම පමණි. මම ඔවුන්ගෙන් මේසේ අසන්නටද කැමතිය. විල්පත්තුවට තිබුනු කැක්කුම යාලට නොතිබුනේ මන්ද? මහින්ද රාජපක්‍ෂ ඇතුලු රාජපක්‍ෂ පවුල විසින් මාධ්‍යවේදීන් අමු අමුවේ ඝාතනය කරද්දී, උතුරෙ සිවිල් වැසියන් බුරුතු පිටින් මරා දමද්දි නොතිබුනු කැක්කුම, ජනතා මුදල් බිලියන ගනනින් හොරා කද්දී නොතිබුනු කැක්කුමක් ආක්ෂා සුධාරිට චෝදනා එල්ල වෙද්දී මතුවන්නේ කෙසේද යන්නයි.

නිශාන්ත ප්‍රියදර්ශන

Last modified on Wednesday, 15 July 2015 12:28

Leave a comment

Gossip

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභා රැස්වීමක් පසුගිය 27 වෙනිදා පැවැත්විලා තිබුණා. ඒ, හිටපු ජනාධිපති...

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

Connet With Us