ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය වෙනුවෙන් වන අරගලය ඉදිරියට ගෙන යා යුතු ය! - ලයනල් බෝපගේ

Wednesday, 15 July 2015 08:28

ආදරනීය මිතුරනි,

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය වෙනුවෙන් වන අරගලය ඉදිරියට ගෙන යා යුතු ය!

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට රාජ්‍ය බලය හා රාජ්‍ය සම්පත් යොදා ගන්නට හැකියාවක් නැතත්, දේශීය හා විදේශීය මූලයන්ගෙන් ලැබෙන සල්ලි විශාල වශයෙන් විසි කරමින් ඡන්ද ප්‍රචාරය කිරීමේ හැකියාව ඔහුට තිබේ. කලින් පැවති ආණ්ඩුව බලය අයුතු ලෙස භාවිතා කළ ආකාරය හා දූෂණයේ යෙදුණු ආකාරය කවුරුත් දනිති. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිවරණයේ අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීමත් සමග ශ්‍රීලනිපයේ කොටසක් ඔහුට සමීප වී ඇති අතර තවත් කොටසක් ඔහුගෙන් ඈත් වී තිබේ.

මහමැතිවරණය පැවැත්වෙන්නේ එය පිළිබඳ සොයා බැලීම සඳහා ස්වාධීන කොමිෂන් සභා පත් කර නැති සංදර්භයක ය. මැතිවරණ දූෂණයේ හුරුපුරුදු අය ඒවා භාවිතා කරන්නට පෙළඹෙන්නට ඉඩක් තිබේ. මහජන දේපල භාවිතා කරමින්, ඡන්දදායකයන්ට අල්ලස් දෙමින් නීති විරෝධී අන්දමින් මැතිවරණ ව්‍යාපාරය ගෙන යන්නට දරනු ලබන උත්සාහයන් පිළිබඳ වාර්තා දැනටමත් ලැබෙමින් තිබේ.

මැතිවරණ ව්‍යාපාරය

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා ඔහුගේ අනුගාමිකයන් උත්සාහ කරන්නේ රට අරාජික බව හා උතුරු නැගෙනහිර තත්වය පාලනයෙන් තොර බව කියමින් වර්ගවාදී අදහස් පතුරුවන්නට හා යුද මානසිකත්වයක් ඇති කරන්නටය. මෙම දේශපාලන සංදර්භය තුළ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය, රාජ්‍ය ආයතන හා පෞද්ගලික අංශය කෙසේ ක්‍රියාත්මක වන්නේ ද යන්න තවම පැහැදිලිව පුරෝකථනය කළ නො හැකි ය. කෙසේ වෙතත්, මුළු රටට ම ආමන්ත්‍රණය කිරීමේ හැකියාව තිබෙන්නේ රජයේ දේශපාලන වැඩසටහනට පමණි.

ප්‍රශ්න

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන සමය තුළ දූෂණයේ යෙදුණු, පහරදීම්, පැහැරගැනීම්, මිනීමැරුම්, අතුරුදහන් කිරීම්, ස්ත්‍රී දූෂණ, ළමා අපචාර වැනි අපරාධ කළ, මත්ද්‍රව්‍ය හා එතනෝල් ජාවාරම්වල යෙදුණු පුද්ගලයන්ට නාමයෝජනා ලැබී තිබේ. ඔවුන්ට එරෙහිව විමර්ශනය කිරීමට හා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට තරම් ප්‍රමාණවත් කාලයක් හෝ සම්පත් ආණ්ඩුවට තිබුණේ නැත. දූෂිත දේශපාලනඥයන්ට හා නිලධාරීන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට රජය අසමත් වූ බව ජනතාවගේ අදහසයි. මේ අතර නව රජයේ ඇතැම් මැති ඇමතීන්ට ද චෝදනා එල්ල වී තිබේ.

තමන් ඇතැම් දේශපාලනඥයන්ගේ වංචා, දූෂණ පිළිබඳ ලිපිගොනු සැඟවූ බව හා ඔවුන් ආරක්ෂා කළ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රසිද්ධියේ පිළි ගනියි. ඔහු බලය අයුතු ලෙස භාවිතා කළ බවට එම ප්‍රකාශ ම සාක්ෂි වේ. හිටපු ජනාධිපතිවරයා සහ ඔහුගේ හිතවතුන් මෙම මහමැතිවරණයට තරග කරන්නේ රටට සේවය කිරීම සඳහා නොව අපරාධ විමර්ශනවලින් ආරක්ෂා වීම පිණිස ය යන කාරණය ඉතා පැහැදිලි ය. මැතිවරණය ජයගැනීමෙන් එකී විමර්ශන වළක්වා ගැනීමට සමත් වුවහොත් ඔවුන් ඉදිරියේදී පෙරටත් වඩා ආන්තික ලෙස දූෂණයේ නියැලෙනවා ඇත. බලය තමන්ගේ අතේ ම රඳවා ගැනීම හා දූෂණය පවත්වා ගැනීම පිණිස හිටපු ජනාධිපතිවරයා ගත් පියවර පසුගිය ජනාධිපතිවරණයේදී පුළුල් අවධානයට ලක් විය. අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණයේදී ද පෙරමුණට පැමිණ තිබෙන්නේ ඒ ප්‍රශ්න ම ය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ භාවිතාව කිසි සේත් ම යහපාලනයක් වන්නේ නැත. මෙම තත්වය තුළ, ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය හා නීතියේ ආධිපත්‍යය පිහිටුවීම හා පවත්වාගෙන යාම සඳහා වන අඛණ්ඩ අරගලයට දායක වීම අත්‍යවශ්‍ය ය.

ආයාචනය

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී පක්ෂ භේදයකින් තොරව, ජනතා අපේක්ෂාවන් නියෝජනය නො කරන, අයෝග්‍ය, දූෂිත පුද්ගලයන් නැවත තේරී පත්වීම වැළැක්වීමේ තීරණාත්මක වගකීමක් ශ්‍රී ලංකාවේ ඡන්දදායකයන්ට තිබේ. ජනවාරි 08දා පැවැති ජනාධිපතිවරණයේදී ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය වෙනුවෙන් අත්වැල් බැඳගත් දේශපාලන පක්ෂවලින්, සිවිල් සමාජයෙන් හා ජනතාවගෙන් මේ මොහොතේ අපි ඉල්ලා සිටින්නේ එකී අරමුණු ඉදිරියට ගෙන යාම සඳහා යළි එකතු වන ලෙසයි. කවුරුන් බලයට පත් වුණත්, මෙම පුළුල් දේශපාලන පෙරමුණ පැවතිය යුතු ය. සමාජ සාධාරණත්වය, ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍යය පවතින අලුත් සමාජයක් ගොඩනැගීමේ අරගලය ඉදිරියට ගෙන යා යුතු ය.

දූෂිතයන් හා අපරාධකරුවන් නැවත පාර්ලිමේන්තුවට පත් වීම වැළැක්වීම සඳහා හැකි සෑම පියවරක් ම ගන්නා ලෙස අපි ශ්‍රී ලංකාවේ ඡන්දදායකයන්ගෙන් අවධාරනයෙන් ඉල්ලා සිටිමු. අප විසින් පාර්ලිමේන්තු යැවිය යුතුව තිබෙන්නේ යහපාලන වටිනාකම් සමග බැඳී සිටින බවට විශ්වාසයක් තැබිය හැකි අපේක්ෂකයන් පමණි. එසේම, ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය වෙනුවෙන් කටයුතු කරන සියලු සමාජ හා දේශපාලනික බලවේග විසින් යහපත් සමාජයක් බිහිකිරීම සඳහා කරන මෙම අරගලය ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය සියලු කැපකිරීම් කරන්නට ඉදිරිපත් විය යුතු ව තිබේ.

ලයනල් බෝපගේ

11 ජූලි 2015 මෙල්බර්න් නුවර දී


--

Last modified on Wednesday, 15 July 2015 08:39

Leave a comment

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

Connet With Us