මහින්ද කුරුණෑගලින් ද?

Wednesday, 08 July 2015 13:40

මහින්ද පටන් ගත් බව කියයි. හම්බන්තොට භීෂණය මෙන්ම නිවිතිගල මිනී මැරුමද මහින්ද සූදානම් බව සහතික කරයි. මහියංගනයේ පහරදිම තවත් එකකි. ඒ කියන්නේ මහින්දගේ පැමිණීම ජන ජිවිතයට, නිදහස් මැතිවරණ කි‍්‍රයාවලියකට තර්ජනයක් බවය. මේ සියළු තක්කඩිකම් සිද්ධ වෙන්නේ යහපාලනය අතරය. යහපාලන ආණ්ඩුවෙන් මහින්දට ලැබෙන්නේ නාම යෝජනා පමණක් නොවේ. චණ්ඩිකම් කරන අවසරයද ලබාදී ඇත. රත්නපුරේ මෛති‍්‍රගේ රැස්වීමට වෙඩි තබා මිනිසෙකු ඝාතනය කළ නියෝජ්‍ය ඇමතියාට ඇප දී නාම යෝජනා පිරිනැමීමට යහපාලන ආණ්ඩුව කි‍්‍රයා කළ යුතුවේ. එසේ නොකර එජාපය වට්ටන්න නිදහස් සංධානයට හා ශී‍්‍රලනිප නායකයක් හයියක් නැත. මහින්ද පටන් ගත් බව කියා ඇත. හා වරෙන් කියා රනිල් වික‍්‍රමසිංහ අභියෝගය භාරගෙන ඇත. එහෙත් ගමේ යූඇන්පි කාරයා ඝාතනය කරමින් සිදුකරන ඡන්දයකටත් එජාපය සූදානම් විය යුතුව ඇත. ජනවාරියේ මහින්ද පරාද කළේ එක්සත් ජාතික පක්‍ෂය බව කවුරු කවුරුත් මතක තබා ගත්තාට දෝෂයක් නැත.

ජන මතයේ පොල්ලට ලොකු වළං නැති බව ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ දැන මුත්තන් තේරුම් ගෙන නැති පාටය. 2015 ජනවාරි 8 වෙනිදාත් සමස්ත ශී‍්‍රලනිපයම කල්පනා කළේ මහින්ද පරාද කරන්න බැරිය කියාය. මහින්දට එරෙහිව සටන් කරන හැම එකාම නිකමුන් කියා ය. එහෙත් මහින්ද පොරක් නොවන බව රටේ බහුතර ජනතාව ඔප්පු කර හමාරය. හිටපු විධායක ජනාධිපතිට අද අගමැති කමට තරඟ වදින්න සිද්ධ කළේ සිවිල් සංවිධාන ප්‍රමුඛව එක්සත් ජාතික පක්‍ෂ සහ සෙසු පක්ෂ විසිනි.

මහින්ද චින්තනය අනුව පින් පව් තේරුවේද මහින්ද විසිනි. මහින්ද චින්තනයට අනුව ජනතාවට පැවරී ඇත්තේ කතිරය ගසා ගෙදර යාම පමණය. ඡන්ද ගණන් කර තමන් කැමති මිනිසුන් පත් කිරීම මැතිවරණ කොමසාරිස් ලවා කරවන ලද්දේ මහින්ද චින්තනය විසිනි. එකී ප‍්‍රතිපල අනුව පාර්ලිමේන්තුවේ බහුතරයට අවශ්‍ය ඔලූ ගෙඩි සල්ලි වලට ගත්හ. එතැන් පටන් රටේ නීතිය ලෙස සැලකුණේ සම්මත නීතිය නොවේ. මේ විස්තර කළේ මැද මුලන පාලනයයි. දැන් එය අවසන්ය. මැදමුලන පාලනය තක්කඩින්ට හොරුන්ට සැපයකි. එහෙත් දියණීයන් සිටින මව්වරුන්ට අපලයකි.

ඒ මහින්ද චින්තන පාලන යුගයේ ස්තී‍්‍ර දූෂණ ප‍්‍රමාණය සියයට පන්සීයකින් ඉහළ ගිය නිසාය. ඒ අශිෂ්ඨ පාලනය නැවත රට අල්ලන සටන ආරම්භ කර ඇත. ඒ සඳහා දූෂීත ශී‍්‍රලනිපය නිදහස් සංධානය සමග මහින්දගේ නායකත්වයෙන් මැතිවරණයට ඉදිරිපත් වේ. පසුගිය දිනවල මහ මැතිවරණයට නාම යෝජනා සඳහා සුදුස්සන් තේරීමේ කි‍්‍රයාවලිය ඩාර්ලි පාරේ පැවැත්විණ. එහි පැමිණියේ රහතුන් වැඩි මග ගමන් කළ සුද්ධවන්තයන් නොවේ. පල් හොරුන්ය. තක්කඩින්ය. සමාජ දූෂකයන්ය. ඒ අතර සාරුව ලියනගේ සුනිල්ද විය. සාරුව ලියනගේ සුනිල් යනු පුරවැසියෙකු බව සැබෑය. එහෙත් සාරුව ලියනගේ සුනිල්ට එරෙහි නඩු ගණනාවකි. ඔහු ප‍්‍රසිද්ධ මහින්ද පාලනය යටතේ අකුරැස්ස ප‍්‍රදේශයේ නීතිය අතට ගත් පුරවැසියෙක් ලෙසය. ඔහු ඒ ප‍්‍රදේශයේ ප‍්‍රාදේශීය සභා සභාපති හැටියට ද කි‍්‍රයා කර ඇත. දැන් ඔහුට ඒ තනතුර නැත. දැරියන් සියයක් දූෂණය කොට පාටියක් දැම්මේ තංගල්ලේ එකාද අකුරැස්සේ එකාද යන්න හරියටම දන්නේ ගිරුවා පත්තුවේ මිනිසුන්ය. හේතුව නීතියක් නැති රටේ කෙළිකාරයා ඒ පළාතේ උපන් එකෙක් නිසා පමණක් නොවේ. ඒ කෙළිකාරයාම තමන් උපන් පළාතේ හැම අපරාධකාරයාටම ආරක්‍ෂාව සලසන නිසාය.

ජනවාරි 9 වෙනිදා පරාද වී මැදමුලනට ගිය පසුව අරූ මරලා හරි බලය ගත්තේ නැත්තේ ඇයි කියා ඇසුවේ ගමේ පන්සලේ හාමුදුරුවෝ නොවේ. වරෙන්තු පිට මැද මුලන ගෙදර සැඟවී සිටි වරන්තු කාරයෙකි. ඒ ප‍්‍රකාශය පසුව ලංකාවේ ප‍්‍රසිද්ධ ගායිකාවක් ගීතයක් ලෙස අභයාරාමයේදී ගායනා කළ බව රටම දනිති. මහින්ද ඉල්ලන පිරිස් බොහෝය. ඔවුන් භික්‍ෂුන් වුනත්, කලා කාරයන් වුනත්, ගුරුවරුන් වුනත් ඒ හැම කෙනාටම ලැබෙන්නේ සාරුව සුනිල්ලාට ලැබෙන සහතිකයමය. මහින්ද චින්තනය රටට කළ විනාසය එවැන්නකි.

ලෙනාඩ් වුල්ෆ් කී පරිදි වැඩිවිය පත් දැරියන් වතුර නාවා ගම්බාරගේ ගෙදරට පිටත් කරන සම්ප‍්‍රදාය තිබුණේ මහින්ද රාජපක්‍ෂගේ මුතුන් මිත්තන් ගම් පාලනය කළ යුගයේය. රුහුණේ ගිරුවා පත්තුවේ සංස්කෘතිය එහෙම එකකි. ගමේ චණ්ඩි ලවා මල්වරවූ දැරිය කෙළසා ගැනීම පොලොන්නරුවට ආඩම්බරයක් වුණේ නැත. මහනුවරට ආඩම්බරයක් වුණේ නැත. පුත්තලමට ආඩම්බරයක් වුණේ නැත. එහෙත් ගමේ චණ්ඩි ලවා මල්වරවූ තම දියණීය කිළිටි කරවා ගැනීම කුරුණෑගලට ආඩම්බරයක් බව ඔප්පු කරන්නට ටී.බී. ඒකනායක උත්සාහ කරයි.

පියමුණේ

Leave a comment

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

Connet With Us