ටෙලි නාට්‍ය අල්ලස

Wednesday, 08 July 2015 12:41

එකී නොකී රාජ්‍ය සම්පත් හොරා කෑ මහින්ද රාජපක්‍ෂ හොර කල්ලිය පසුගිය ජනවාරි 8 වැනිදාට ප‍්‍රථම වකවානුවේදී රාජ්‍ය නාලිකාවන්හි විකාශනය කරන ටෙලිනාට්‍ය සඳහා එක් ටෙලිනාට්‍ය කොටසකට රු. 50,000/= බැගින් ලබාගත්තේය. ඊට අමතරව ලිංගික අල්ලස් ලබාගත් බවද ටෙලි නාට්‍ය ක්ෂේත‍්‍රයේ බොහෝ දෙනා දනී. ඒ මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපති දැනුවත්වය. එක් කැබිනට් ඇමතිවරයෙකු හා ඔහුගේ සහෝදරයා මේ සඳහා ඍජුවම සම්බන්ධ බව සත්‍යම කරුණකි. එක් සුප‍්‍රසිද්ධ සිනමා ශිල්පිනියක මෙම අසාධාරණය මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයාට පවසා සිටිය අවස්ථාවේදී ‘‘ඔය යන විදියට ඔයාගෙ ටෙලියත් පෙන්න ගන්න’’ යැයි කියුවේ එය තමන්ද දන්න නිසාමය. මෙම දූෂිත ටෙලි අල්ලස් ගැනීම රාජපක්‍ෂ ජනපති ගේ ආශීර්වාදය ලැබී අති බවට එයම සාක්‍ෂියකි. ප‍්‍රබල කැබිනට් ඇමතිවරුන්ද මේ බව තම හිතෛශීන්ට දන්වා තිබූ බවද තවදුරටත් සඳහන් කරනු කැමැත්තෙමි. ටෙලි නාට්‍ය අල්ලස් ගැනීමේ කාරණය පමණක් නොව මෙම ප‍්‍රබල කැබිනට් ඇමතිවරයා තම මුදල් යොදවා කොටස් 100-150 දක්වා වූ ‘‘බඩවැල්’’ නම් වු ‘මෙගා’ යැයි කියන දහජරාව තමාගේ හිතවතෙකු වන ගණකාධිවරයෙකු මෙන්ම උපකාරක පන්ති පවත්වන ගුරුවරයෙකුගේ නමින් නිෂ්පාදනය කර දිගින් දිගටම ජාතික නාලිකාවෙන් හා පවුලේ නාලිකාවෙන් විකාශය කළේය. ගේ දොර, ඉඩකඩම්, රන් භාණ්ඩ උකස් කර නිෂ්පාදනය කළ නිෂ්පාදකවරුන්ගේ ටෙලි නාට්‍ය රාජ්‍ය නාලිකාවන්හි විකාශය සඳහා අනුමැතිය ලිඛිතව ලබාගත්ත ද, තම ටෙලිනාට්‍ය විකාශය කරවීමෙ ඉඩ හසර ලබා දුන්නේ නැත. තම අමාත්‍යාංශය හරහා නිල නොවන මට්ටමේ අනුමැතියක් හෙවත් කොටසකට රු. 50,000/= ක මුදල් අල්ලස් හෝ දෙයාකාර අල්ලස් ලබාදීම මඟින් පමණක් අවස්ථාව සලසා දීම නිල නොවන නීතියක් ලෙස පැවතුනි. අද වන විටද ජාතික නාලිකාවේ වසර 9-10 ක කාලයක් තුළ අනුමත වී ඇති ටෙලිනාට්‍ය විශාල ප‍්‍රමාණයක් තිබේ. නිෂ්පාදකවරු මහ මඟට වැටී ඇත. මෙම අසාධාරණයට ලක්වූ ටෙලිනාට්‍ය නිෂ්පාදකයින්ට නව ආණ්ඩුවේ පිළිසරණක් ද පෙනෙන තෙක් මානයක නැත.

එයට හේතුව තවමත් රාජපක්‍ෂ හිතවාදීන් විසින් එම ටෙලිනාට්‍ය පරණ ඒවා බව පැවසීමයි. එයට වගකිව යුත්තේ ටෙලිනාට්‍ය නිෂ්පාදකවරුන් නොව, ජාතික නාලිකාවේ රාජපක්‍ෂලාට කඩේ ගිය ඇතැම් නිලධාරින්ය. ‘‘ඉහළින් කිව්වා. මෙහෙන් ඒ හින්දා පෙන්නුවා’’ යයි අද නිදහසට කරුණු කියන නිලධාරින් මෙම ටෙලිනාට්‍ය රාතී‍්‍ර විකාශ කාලයක් තුළ විකාශය කර නිෂ්පාදකයින්ට සධාරණය ඉටුකරනවා මිස අනුග‍්‍රාහකයින් ඉදිරිපත් කළහොත් දහවල් විකාශ කාලයක් ලබා දී ඇඟ බේරා ගැනීමේ න්‍යායෙන් බැහැර විය යුතුව ඇත. ටෙලිනාට්‍ය පිටපත ද අනුමත කර, අවධානම අවම බව තහවුරු කොට නිෂ්පාදන කාර්ය නිමකර විකාශය සඳහා ජාතික නාලිකාවන්ට මුදල් ගෙවා විකාශය සඳහා අනුමැතිය ලබාගන්නේ නිෂ්පාදකයාට අනුමත ලිපිය බල බලා සතුටු වන්නට නොවේ. එසේම අනුමත ලිපියේ මෙය නෛතික ගිවිසුමක් නොවන බව සඳහන් කිරීම නීතියට අභියෝග කිරීමකි. ජාතික නාලිකාවේ නව සභාපති හා අධ්‍යක්‍ෂ ජනරාල් මෙම ටෙලිනාට්‍ය අසාධාරණය ගැන ඉතා කඩිනම් සුබවාදී තීරණයකට එළඹිය යුතුය. නව රජයේ ජනමාධ්‍ය අමාත්‍යවරයාට ද මෙම කාරණයේදී ටෙලිනාට්‍ය නිෂ්පාදකවරුන්ට සාධාරණය ඉටුකිරීමේ යුතුකමක්ද වගකීමක් ද ඇති බව වටහා ගත යුතුව ඇත. ඇතැම් නිලධාරින් මෙම ගොඩගැහී ඇති ටෙලිනාට්‍ය විකාශය කිරීමට ඇති ඉඩකඩ අහුරමින් ඉන්නා බවට ආරංචි වී ඇත. යම්කිසි ලෙසකින් නව බලධාරින් විසින් මෙම ටෙලිනාට්‍ය විකාශය කළහොත් එය නව ආණ්ඩුවට කීර්තිය ඇතිකර දෙන්නක් වන නිසා මෙම ටෙලිනාට්‍ය කුණු බක්කියට යවන තැනට තීන්දු තීරණ ගෙන ටෙලිනාට්‍ය නිෂ්පාදකයා වළපල්ලට යැවෙන දිනය වැඩි ඈතක නොවේ.

යහපාලනයේ කි‍්‍රයා පිළිවෙත නිසා එදා සිටි අල්ලස්කරුවන් රාජ්‍ය රූපවාහිනී නාලිකාවන්හි අකර්මණ්‍යවී ඇති බව අසන්නට ලැබේ. එය යහපාලනයේ හොඳ පූර්වාදර්ශයකි. මේ සඳහා ස්ථිර සාර කි‍්‍රයා පිළිවෙතක් ගොඩනැගිය යුතුය. නැතහොත් නැවත දූෂිත නිලධාරින් විසින් පරණ වැඩපිළිවෙල කි‍්‍රයාවට නංවා නව ආණ්ඩුව අපහසුතාවයට ලක්කොට ‘උනුත් එකයි-මුනුත් එකයි’ කියන තත්ත්වයට පත් කිරීමට ඉඩ කඩ ඇත. විනිවිද භාවයකින් යුතු ටෙලිනාට්‍ය අනුමත කිරීමේ හා විකාශය කිරීමේ ක‍්‍රමවේදයක් ස්ථිර ලෙස කි‍්‍රයාත්මක කිරීම අද ඇති අභියෝගයන්ට පිළියමකි.

මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිගේ පරාජයට හේතු වූ කරුණු කාරණා මොනවාදැයි සති අන්ත ජාතික පුවත්පතක මාධ්‍ය වේදියෙකු රාජපක්‍ෂ හිතවාදී හිටපු ජනපති ලලිත කලා කටයුතු උපදේශක සංගීතවේදී රෝහණ වීරසිංහගෙන් විමසා සිටි අවස්ථාවක දී‘‘අඩු තරමේ ටෙලිනාට්‍ය කරුවන්ගේ ප‍්‍රශ්න වලටවත් පිළියමක් කිරීමට මහින්ද රාජපක්‍ෂ අපොහොසත් වූ ’’ බව පැවසීය. මෙය රාජපක්‍ෂ දූෂිතයන් පිළිබඳව හොඳ සාක්‍ෂියක් නොවන්නේද?

යහපාලන පුරවැසියා

Leave a comment

Gossip

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us