2015 පාර්ලිමේන්තුවත් විකිණෙයිද?

Tuesday, 07 July 2015 14:49

එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කළ සියළුම හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රන්ට නාම යෝජනා දෙන බව සුසිල් පේ‍්‍රමජයන්ත් හා අනුර පි‍්‍රයදර්ශන යාපා මාධ්‍ය හමුවේ ප‍්‍රකාශ කළහ. ඒ අනුව දූෂීතයන්ට නාම යෝජනා දෙන බව ස්ථීරය. මෙය ඇසූ රටේ බොහෝ දෙනා කළබල වූහ. මහින්දට නාම යෝජනා දී අනෙක් හොරුන්ට දීම අසාධාරණ බව ජනවාරි පෙරැළියට මුල්වූවෝ කීහ. මහින්දට ඡන්දය දුන් බොහෝ අය කීවේ අපි කළ වැරැද්ද හදන්න සූදානම්ව සිටින විට මේ සිද්ධ වෙන්නේ කුමක්ද කියාය. දකුණු අධීවේගී මාර්ගය ඉතිරි කොටසේ වැඩ ආරම්භ කරමින්, මෛති‍්‍රපාල සිරිසේන මහතා කීවේ තමා දේශපාලන අඳ බාලයෙකු නොවන බවය. ජනවාරි පෙරළිය අතරමං නොකරන බවය. ඒ ඔහු ජනවාරි පෙරළිය කළ සිවිල් සමාජයට දුන් පණිවිඩයයි. මහින්දට ඡන්දය දුන් පනස් අට ලක්‍ෂයක් අතුරෙන් තමන් ජනවාරියේ කළ වැරැද්ද හදා ගැනීමට සූදානම් අයට පවත්නා තත්වය ගැන යමක් කියන්න කිසිවෙකු නැත.

සිවිල් සමාජ සංවිධාන විසින් මෙහෙයවන ලද ජනවාරි මැතිවරණ සටනට හය මසක් ගතවෙන්නේ ජූලි 8 වෙනිදාටය. ඊට පෙර මහින්ද ආපසු කෙළින් වන වැඩ පිළිවෙළට පාර සකසා ඇත. කවුරු මොනවා කීවත් ජනවාරි ජයග‍්‍රහණයේ සජීවි නායකයන් ඒ සටන පාවා දී නැත. ඒ වෙනුවෙන් කැපවී සිටිති. ඔවුන් කිසි විටෙක තම ජයග‍්‍රහණය කුඩු එතනෝල් කාරයන් ඉපැයූ මුදලට විකුණන්නේ නැත. ජූලි පළමුවෙනිදා මැද මුලන රැස්වීමට සුසිල් පේ‍්‍රම්ජයන්ත් ගියේ නැත. එහෙත් ඔහු විදේශයකට ගොස් ආපසු ආවේ මැද මුලනට ගියාට වඩා සතුටෙනි. පැමිණි වහා නිදිවරා කළ මෙහෙයුම රහසක් නොවේ. දැන් මහින්ද ‘මම සූදානම්‘ යයි රට පුරා පෝස්ටර් ගසා ඇත.

ශී‍්‍රලනිපය සහ සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රන් සියළු දෙනාටම නාම යෝජනා දෙනවා යනු දූෂිතයන්ට නාම යෝජනා දීමකි. සචින් වාස් ජනවාරි අග මාධ්‍යට කීවේ කුමක්ද? දූෂිතයන්ට, නාම යෝජනා නොදෙයි නම් සන්ධාන මන්ත‍්‍රී කණ්ඩායමෙන් 97 දෙනෙකුට ගෙදර යන්ට වෙන බවය. සචින් වාස් ගුණවර්ධන දන්නා පරිදි සන්ධානයේ දූෂීතයන් ගණන නිවැරදි විය හැකිය. හේතුව මහින්ද ෆයිල් මා ළඟ කීවේ මේ 97 දෙනාගේ කෙළි සෙල්ලම් විස්තර ළඟ තබාගෙනය. 2014 නොවැම්බර් මැද හරියේ මෛති‍්‍ර කීවේ තවත් 30 ගණනක් එන බවය. එහෙත් ආවේ නන්දිමිත‍්‍ර ඒකනායක පමණකි. එදා දූෂණ වංචා අඩංගු ලිපිගොනුවල පිටපත් මහින්ද මැති ඇමතීන්ගේ අඹුවන්ට බෙදා හැරියේය. ඒ වැඩේ කළේ සචින් වාස් ගුණවර්ධන සහ උදය ගම්මන්පිල විසිනි. ඒ අනුව දූෂීතයන් ගණන 97 හෝ ඊට වැඩි මිස අඩු නැත.

එසේ නම් සුසිල් පේ‍්‍රම් ජයන්ත්, අනුර පි‍්‍රයදර්ශන යාපා තමන් සමග සිටි ලොරි ලෝඩ් එකටම නාම යෝජනා දෙන්නේ කෙසේද? මෛති‍්‍ර මාතරදී කී පරිදි ජනවාරි ජයග‍්‍රහණය ආපසු හරවන්නේ ද නැත.
දූෂීතයන් හිරේ යන්නේද නැත. ඔවුන් මැතිවරණ සටනට එකතු වනු ඇත. එහෙත් 20 හෝ සම්මත වුනේද නැත. මේ සම්බන්ධව චිලි රටෙන් අපට උදාහරණ ගත හැකිය. චිලියේ සැල්වදෝර් අයියන්ඩේ කථාව දන්නෝ දනිති. දූෂණයට එරෙහිව කළ සටනක් ජයගත හැකිය. ඒ ජයග‍්‍රහණ ආරක්‍ෂා කර ගැනීම ඊට වඩා වෙහෙසකරය. හේතුව යටපත් කළ හෝ පරාජය කළ දූෂීත කල්ලි ඉපයූ ධනය කිසිවෙකුට කොල්ල කෑමට නොහැකිවූ නිසාය. මෛති‍්‍රපාල සිය මැතිවරණ සටනට ලැබුන මුදල් ආධාර රජරට වකුගඩු රෝග අරමුදලට පරිත්‍යාග කරවීය. එහෙත් වකුගඩු රෝගය දෙස හැරී නොබැලූ මහින්ද රාජපක්‍ෂ සිල් රෙදි අරක්කු සහ ලිත් බෙදා හැරියේය. ජනවාරි 8 වෙනි දා අනුරාධපුර බහුතර ජනතාව පෙනී සිටියේ මහින්ද වෙනුවෙනි. ජනවාරියේදී අනුරාධපුරයේ වඩා ආකර්ශණය දිනා ගත්තේ මානව හිතවාදි මෛති‍්‍ර නොවේ.

එහෙත් බහුතර ජනතාව නිවැරදි මිනිසා තෝරා ගත්හ. යහ පාලන ආණ්ඩුව පවත්වන මහා මැතිවරණයේදීඑ ජනතාව නැවත රනිල් අගමැති කරවීමට බලා සිටිති. ඒ මෛති‍්‍රගේ අගමැති වරයා රනිල් විය යුතු බවට ජනතාව ජනවාරියේ තීරණය කළ නිසාය. ජනවාරි ජයග‍්‍රහණ භාරය රනිල් මත පැටවී ඇත. සිල් රෙදි අරක මේක බෙදලාත් දිනන්න බැරිවූ මහින්දට රනිල් පරාද කළ නොහැකිය. මහින්ද 2005 දී ප‍්‍රභාකරන් හරහා රනිල් පරාද කළ ජාතියේ වැඩකට අත ගසා ඇත. පාර්ලිමේන්තුවෙන් පිරිසක් මිලදී ගෙන අගමැති වීම අරමුණ වේ. එවිට ජනවාරි ජයග‍්‍රහණය මෛති‍්‍රට ආරක්‍ෂා කරගත හැකි වේද?

19 දියාරු කළ, 20 පරාද කළ දූෂිතයන් පළමුව රනිල්ට අත තබා දෙවනුව හැට හතර ලක්‍ෂයේ ජනමතය වළ දමනු ඇත.

-පියමුණේ-

 

Leave a comment

Gossip

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us