ලංකාව මං පහරන්නන්ගේ දේශයක් කළේ කවුද?

Wednesday, 01 July 2015 09:37

ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය භේද නො කරන ලෙස ඩලස් අලහප්පෙරුම චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියගෙන් ඉල්ලීමක් කර තිබිණ. අතීතයේ ඩලස් අලහප්පෙරුම නමින් මාධ්‍ය වේදියෙකු ජීවත් විය. ඔහු එජාපයේ 17 අවුරුදු පාලනය මිනී කන්නන්ගේ දේශය ලෙස නම් කළ අයෙකි. කලක් මන්තී‍්‍ර ධුරයක් දැරූ ඔහු 2001 දී අමෙරිකාවට ගියේය. ඒ මිලින්ද මොරගොඩගේ උදව්වෙනි. එසේ අමෙරිකා යාමට බඩු බඳීන ඩලස්ගේ පින්තුරයක් පවා එකල මිලින්ද මොරගොඩ සිය ප‍්‍රචාරණයට යොදා ගත්තේය. ඩලස් නැවත දේශපාලනට එන්නේ මහින්ද සමග ය. ඒ ප‍්‍රභාකරන්ට අල්ලස් දී උතුරේ ඡන්ද නවත්වා ප‍්‍රජාතන්ත‍්‍රවාදයට බෝම්බ ගැසිම සමගය. පසුව ඩලස් මහින්දගේ ප‍්‍රවාහන ඇමති විය. රට හොල්ලා ගෙන්වූ දුම්රිය මැදිරි ගණුදෙනුවේ හුටපටයක් නිසා ඩලස් තරුණ කටයුතු ඇමති ලෙස මහින්ද විසින් ඩිමෝට් කළේය. නමට තරුණ කටයුතු ඇමතිවූ ඩලස් සිටියේ නාමල්ට සර් කියන තැනට වැටිලාය.

බැසිල්ලා ගෝඨලා තනියම කන හැටි ගැන තැන් තැන්වල කෙඳීරි ගගා සිටි ඩලස් දැන් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය බේරා ගැනීමේ ව්‍යාපාරයේ භාරකරු ලෙස කි‍්‍රයා කරයි. ඔහු ශී‍්‍රලනිපය බේරා ගැනීමට මේ සටන් කරන්නේ කාට එරෙහිවද කා වෙනුවෙන්ද චන්ද්‍රිකා බන්ඩාරනායකට එරෙහිවය. මහින්ද රාජපක්‍ෂ වෙනුවෙනි.

ජනවාරි 8 වෙනිදාත් ශී‍්‍රලනිපය තිබුණේ මහින්ද රාජපක්‍ෂ අතේය. ඔහු ජනවාරි 12 වෙනිදා නිමල් සිරිපාල සිල්වා අනුර පි‍්‍රයදර්ශන යාපා යන දෙදෙනා ලවා ප‍්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා කියෙව්වේ මෛති‍්‍රපාල සිරිසේන තවදුරටත් ශී‍්‍ර ලංකා කාරයෙක් නොවන බවය. මෛති‍්‍ර පක්‍ෂයෙන් නෙරපා හැර ඇති බවය. ඒ නිසා රටේ විධායක ජනාධිපති වුණත් මෛති‍්‍ර ආපසු ශී‍්‍රලනිපයට වැද්ද නොගන්නා බවය. ඒ ප‍්‍රකාශය කර සතියක් යන්ට පෙර මහින්ද රාජපක්‍ෂ ශී‍්‍රලනිපය හොර රහසේම මෛති‍්‍රට පවරා පස්සා දොරන් මැද මුලනට ගියේය.

දැන් ශී‍්‍රලනිපයට නව නායකත්වයක් ඇත. ඒ නායකයා කුඩු කාරයෙක් නොවේ. හොරෙක් නොවේ. දූෂීතයෙක් නොවේ. රටේ සාමාන්‍ය ජනතාව නැවත ශී‍්‍රලනිපය කෙරෙහි විශ්වාසය තබන්ට පටන් ගෙන ඇත. දැන් ශී‍්‍රලනිප නායකත්වය දරන්නේ සමස්ත විපක්‍ෂයම විශ්වාසය තැබූ විශිෂ්ඨ මිනිසෙකි. 1956 ටිකිරි බණ්ඩාල ද, තේමිස්ලාද, මුදියන්සේලාද වැනි සාමාන්‍ය පන්තියේ මිනිසුන් රාජ්‍ය පාලනයට කැඳවූ ශී‍්‍රලනිපය මේ වන විට වසර 64ක් විශිෂ්ඨ ඉතිහාසයකට හිමිකම් කියමින් ප‍්‍රභාමත් වේ. මව් වරුන් දෙදෙනෙකු විසින් දිගු කලක් මෙහෙයවූ ශී‍්‍රලනිපයෙ ගෙවුණ නව වසර සෝචනීය එකකි. මහින්ද කිසි විටෙක ශී‍්‍රලනිප ප‍්‍රතිපත්ති ගැන කතා කර නැත. ඔහු රටට ඉදිරිපත් කළේ මහින්ද චින්තනය මිස ශී‍්‍රලනිප ප‍්‍රතිපත්ති නොවේ.

වංචාව දූෂණය තක්කඩිකම ඉහවහ ගිය රාජපක්‍ෂ පාලනය මේ රටෙන් ඉල්ලන්නේ කුමක්ද? ජාතික ආරක්‍ෂාව පිණීස රට භාර දෙන ලෙසය. ඩලස්ලා මහින්ද ලවා රටට සපයන්ට යන ජාතික ආරක්‍ෂාව තුල රාජ්‍ය භාණ්ඩාගාරය හිස්වේ. මාධ්‍යවේදින් මැරුම් කති. ස්තී‍්‍රන් කුඩා දැරියන් දූෂණය වේ. අපරාධ කරුවන් ආරක්‍ෂා වේ. මහින්දගේ ජාතික ආරක්‍ෂාව සුරක්‍ෂිත නව අවුරුදු පාලනයේ මාර්ග සංවර්ධනය ගැන කතා කරයි. නව වරායන් ගැන කතා කරයි. නව ගුවන් තොටු ගැන කතා කරයි. තිස් අවුරුදු යුද්ධ ජයග‍්‍රහණය ගැන කතා කරයි. එහෙත් නැගෙන දූෂණ චෝදනා ගැන කතා නොකරයි.

මහින්ද ඩලස්ලා ලවා ශ‍්‍රීලනිපය දෙකඩ කරවිමක් ගැන කතා කරන්නේ චෝදනා යටපත් කොට රටේ අවධානය වෙනස් කරන්නටය. චන්ද්‍රිකාම කියන ආකාරයට දෙවරක් ජනාධිපතිකම කර ඇය විශ‍්‍රාම ගියාය. ඩලස් මතක් කර දෙන ආකාරයට ජේ.ආර්.ජයවර්ධනත් විශ‍්‍රාම ගත් බව ඉතිහාසයේ දැක්වේ. දෙවරක් ජනාධීපතිව සිටි මහින්ද විතරත් විශ‍්‍රාම නොයා පන්සල් ගානේ යන්නේ සිහිය විකල් වෙලාදැයි ඩලස්ලා සොයා බැලිය යුතුවේ. මහින්ද පත් කළ අගමැතියෙක් කුඩු කාරයෙක් බවට බෞද්ධ භික්‍ෂුන් චෝදනා කළ බව ඩලස් දන්නේහිද? ඩලස්ලා කී මිනි කන්නන්ගේ දේශය මහින්ද විසින් මං පහරන්නන්ගේ දේශය බවට පත් කළ බව ඩලස් දන්නේහිද?
පියමුනේ විසිනි.

(දිනමිණ පුවත්පතේ පළ වූ ලිපියකි.)

 

Leave a comment

Gossip

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභා රැස්වීමක් පසුගිය 27 වෙනිදා පැවැත්විලා තිබුණා. ඒ, හිටපු ජනාධිපති...

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

Connet With Us