ජීවිත රඟමඩලෙන් සමුගත් ‘‘ලාංකික ෂයිලොක්’’

Tuesday, 16 June 2015 12:46

තමන් දායක වූ පළමු කලා නිර්මාණය නැරඹිමට, ප‍්‍රකාශනය කිරීමට හෝ ශ‍්‍රවණය කිරීමට නොහැකි වූ කලාකරුවෝ ලොව බොහෝ විසුවෝ ය. ලංකාවේ ද එවන් කලාකරුවෝ බහුල ය. ජනප‍්‍රිය තලයේ හිනිපෙත්තට ම නැගි එච්. ආර් ජෝතිපාල පළමුවෙන් ම ගායනා කළ ගීතය අදාළ චිත‍්‍රපටයේ අඩංගු නොවුණි. ඒ ආකාරයෙන් ම අද දින අලූයම අප අතරින් සමුගත් ප‍්‍රවීණ රංගවේදී ටෝනි රණසිංහ රඟපැ පළමු නිර්මාණය ද තිරගත නොවවුණි. ඒ සිරිසේන විමලවීර අධ්‍යක්ෂකනය කළ ‘‘පුංචි අම්මා’’ සිනමාපටය යි. ටෝනිට එම අවාසනාවන්ත ඉරණමට පුහුණපෑමට සිදුවන්නේ එම චිත‍්‍රපටය රූගත කරමින් සිටින කාලයේ දී ම සිරිසේන විමලවීර හදිසියේ අභාවප‍්‍රාප්ත වූ හෙයිනි.

තමන් දායකත්වය සැපයූ පළමු සිනමා නිර්මාණය පේ‍්‍රක්ෂකයන් හමුවේ ප‍්‍රදර්ශනය කිරීමට නොහැකි වුව ද ටෝනි රණසිංහ නම් වූ රංගවේදියා අවාසනාවන්ත නොවී ය. සිංහල සිනමා පේ‍්‍රක්ෂකයෝ ද අවාසනාවන්ත නොවූහ. මන්ද ටෝනි ඉන් අනතුරුව සිය රංගන දායකත්වය සැපයු බොහෝ සිනමා නිර්මාණ පේ‍්‍රක්ෂක හදවත් ඇද බැඳගත් බැවිනි.

1937 ජූනි මස 31 වන දින කොළඹ මෝදර දී උපත ලද ඔහු නම් ලද්දේ රණසිංහ ආරච්චිගේ ඇන්තනී සිල්වා නමිනි. මෝදර ශාන්ත ජෝන් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලද ඔහු වැඩිදුර අධයාපනය සඳහා මෝදර දයාල් ඉංග‍්‍රීසි විද්‍යාලයට ඇතුළත් විය. සරසවි වරම් ලබන්නට නොහැකි වුව ද ඔහු තමා ලද ඉංග‍්‍රීසි අධ්‍යාපනයේ ඵල ලබමින් ඉංග‍්‍රීසි ලඝු ලේඛකයකු වශයෙන් රාජ්‍ය සේවයට බැඳුණි.

කලාව කෙරෙහි විශේෂිත ඇල්මක් නොදැක්වුව ද ඔහු කුඩා අවදියේ සිට ම පොත්ගුල්ලකු ලෙස විරුදාවලි ලද්දේ ය. පසුකලෙක දක්ෂ නළුවකු, චිත‍්‍රපට තිර රචකයකු සහ වේදිකා නාට්‍ය පිටපත් රචකයකු සහ පරිවර්තකයකු ලෙස කිරුළු දරන්නේ ද මේ පොත් කියැවීමේ ප‍්‍රතිඵලයක් ලෙසිනි.

පාසල් සමයෙන් අනතරුව එළඹෙන තුරුණු වියේ දී ඔහු ‘‘පිච්චර් පිස්සෙක්’’ විය. සිංහල චිත‍්‍රපට පමණක් නොව වචන නොතේරුණ ද හින්දි චිත‍්‍රපට නැරඹීමේ නොතිත් ආශාවෙන් පෙළුණ ඔහු දිලීප් කුමාර් නම් වූ හින්දි නළුවාට බෙහෙවින් ප‍්‍රිය කළේ ය; ආදරය කළේ ය. කෙතරම් ආරේ කළේ ද යත් රංගනයෙන් නිල වශයෙන් සමු නොගත්ත ද විවේක ලද හැම මොහොතකම සිය කාලය, දැනුම සහ ශ‍්‍රමය කැපකරමින් ඒ අග්‍රගන්‍ය හින්දි නළුවාගේ ජීවිත කතාව ද සිංහල භාෂාවට පරිවර්තනය කළේ ය.

නළුවකු වශයෙන් ඔහු කෙතරම් දක්ෂතාවක් පෑවාද යත් සිය පළමු රංග කාර්යය උදෙසා 1964 වසරේ දී හොඳ ම නළුවාට හිමි අග‍්‍රාණ්ඩුකාර සම්මානයෙන් ද පිදුම් ලැබීය. ඒ 1963 වසරේ සිය පළමු රංගන දායකත්වය සැපයූ,ධර්මසිරි වික‍්‍රමරත්න අධ්‍යක්ෂණය කළ ‘‘රන් තෝඩු’’ වේදිකා නාට්‍ය සඳහා ය.

ඔහු සිනමා නළුවකු වශයෙන් ප‍්‍රවිශ්ට වන්නේ ද සුළුපටු අධ්‍යක්ෂවරයකු යටතේ නොවේ. එනම්, හෙතෙම සිය පළමු සිනමා රංගනය පිළිබිඹු කරන්නේ ලෝකපූජිත සිනමා අධ්‍යක්ෂවරයකු වන ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ අධ්‍යක්ෂණයක් වූ ‘‘ගම්පෙරළිය’’ සිනමාපටයෙනි. ලෙස්ටර් ගේ ගම්පෙරළිය සිනමා නිර්මාණයට දායක වී දෙවසරක් ඉක්ම යාමට මත්තෙන් ටෝනි හොඳ ම සහය නළුවාට හිමි සම්මානයෙන් ද පිදුම් ලැබුවේ ය. ඒ සිංහල සිනමාවේ දැවැන්ත රංගවේදියා මෙන්ම කෘතහස්ත සිනමා අධ්‍යක්ෂකවරයකු වන ගාමිණී ෆොන්සේකා ගේ පළමු සිනමා අධ්‍යක්ෂණය වූ ‘‘පරසතු මල්’’ චිත‍්‍රපටයේ කළ රඟපෑම වෙනුවෙනි. අනතුරුව ඔහු ලෙස්ටර් ගේ තවත් විශිෂ්ට සිනමා නිර්මාණයකට දායකත්වය සැපයී ය. ඒ ‘‘දෙලොවක් අතර’’ සිනමා නිර්මාණය යි. එම චිත‍්‍රපටය ද සිනමා ක්ෂේත‍්‍රයේ බහුල වශයෙන් කතාබහට ලක් විය. ඉක්බිති ටෝනි රණසිංහ නම් වූ මේ රංගවේදියා 1969, 1976 සහ 1979 වසරවල දී ද හොඳම නළුවාට හිමි සම්මානයෙන් පිදුම්ලැබී ය.

ටෝනි දක්ෂ නළුවකු මතු නොව විශිෂ්ට ගනයේ සිනමා තිර රචකයකු ද විය. ඔහුගේ පළමු සිනමා තිර රචනය වූයේ ගාමිණි ෆොන්සේකාගේ කතාවකට අනුව රචනා කළ ‘‘කොටි වලිගය’’ චිත්‍රපට තිර රචනය යි. එම චිත‍්‍රපටය කලාත්මක තලයේ නිර්මාණයක් නොවුණ ද වාණිජමය පාර්ශවයෙන් ඉතා සාර්ථකත්වයක් අත්පත් කර ගත්තේ ය. අනතුරුව තවත් ප‍්‍රවීණ සිනමා අධ්‍යක්ෂකවරයකු වන ඩී. බී. නිහාල්සිංහ අධ්‍යක්ෂණය කළ ‘‘කෙළි මඬල’’සිනමාපටයේ තිර රචනය (මෙය සුමිත‍්‍රා රාහුබද්ධ ගේ නවකතාවක් ඇසුරේ ලියැවුණ තිර රචනයකි) ලිවීමේ භාග්‍යය ද උදා කරගත්තේ ය. ඉනික්බිති ඔහු සිය තිර රචනා දායකත්වය සපයන්නේ දෙස් විදෙස් සම්මානයෙන් පිදුම් ලැබූ,ප‍්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ‘‘පවුරු වළලූ’’ චිත‍්‍රපටයේ තිර රචනය ලිවීමෙනි. මෙහි ප්‍රධාන චරිතයට පණ පෙව්වේ ද ඔහු ම ය.

සිනමාවේ රංගනවේදියකු වූ ටෝනි පසුකලක දී ඉතා පහසුවෙන් ම යළි වේදිකාව ද අතැඹුලක් සේ ග‍්‍රහණය කර ගත්තේ ය. ඒ විලියම් ෂේක්ශ්පියර් ගේ ‘‘වැනිසියේ වෙළෙන්දා’’ නාට්‍යයේ ‘‘ෂයිලොක්’’ ගේ චරිතයට පණ පොවමිනි. අනතුරුව ෂේක්ෂ්පියර් ගේ ‘‘ජුලිස් සීසර්’’ නාට්‍යයට සිය රංගන දායකත්වය සපයන ටෝනි එහි සිංහල පිටපත ද කෘතියක් ලෙස ප‍්‍රකාශයට පත්කළේ ය.

සිනමාව, වේදිකාව සහ රූපවාහිනය යන ත්‍රෛ පාර්ශවය ම ජය ගත් මේ මහා රංගවේදියා පුරා හතළිස් වසරක් සිංහල පේ‍්‍රක්ෂක මනස නිවා සනසාලී ය. මීට දින කිහිපයකට ඉහත උදරයේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් රෝහල් ගත කළ ටෝනි රණසිංහ නම් වූ මේ දැවැන්ත රංගවේදියා ද අද අලුයම (2015-06-16) සැම ජිවියකුට ම උරුම වූ මරණය වැලඳ ගත්තේ ය. මේ ඔහු පිළිබඳ තබන පරිපූර්ණ සටහනක් නොව ඔහුගේ කලා ජිවිතයෙන් බිඳක් පමණි.

ජයසිරි අලවත්ත This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Last modified on Tuesday, 16 June 2015 12:51

Leave a comment

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us